Dhamma Vimansa ධම්ම විමංසා

Dhamma Vimansa ධම්ම විමංසා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhamma Vimansa ධම්ම විමංසා, 57 Carolina Crescent, Saint Thomas, ON.

අලුතින් වීඩියෝ නරඹන්න යූටියුබ් චැනලයට පිවිසෙන්න
https://www.youtube.com/................................................
අපගේ වට්සැප් අංකය
මෙතන ක්ලික් කරන්න
https://yt.openinapp.co/s1hld

උතුම් අරහත් ධජයට පඬු පෙවීම සහ එහි මහා ආනිශංස 🪷🙏මේ විශ්වයේ පවතින දුර්ලභම, පිංවන්තම සහ අතිපූජනීය වස්ත්‍රය කුමක්දැයි විමසුව...
09/26/2026

උතුම් අරහත් ධජයට පඬු පෙවීම සහ එහි මහා ආනිශංස 🪷🙏

මේ විශ්වයේ පවතින දුර්ලභම, පිංවන්තම සහ අතිපූජනීය වස්ත්‍රය කුමක්දැයි විමසුවහොත් ඊට ලැබෙන එකම පිළිතුර 'උතුම් බුද්ධ චීවරය හෙවත් අරහත් ධජයයි'.

පෙර තිස්ස බුදුරජාණන් වහන්සේගේ සමයේ ගසක වනා තිබූ පාංසුකූල චීවරයක් දැක, දඩයමේ යමින් සිටි වැද්දෙකු පවා දුන්න සහ කඩුව බිම තබා සැදැහැ සිතින් වැඳීමේ කුසලයෙන් අපමණ ආනිශංස ලබා, අප ගෞතම බුදු සසුනේදී මහරහත් බවට පත් වූ බව (පාංසුකූල සඤ්ඤක තෙරුන්ගේ කතාව) ධර්මයේ සඳහන් වේ.

එසේ නම්, නවදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස්හය දහසක (9180,50,36,000) උපසම්පදා සීලයේ පිහිටි මහා සංඝරත්නය උදෙසා විනයානුකූලව චීවරයක් සකසා පඬු පෙවීම කෙතරම් මහා පිනක්ද?

✨ පඬු පෙවීමේ මහා කුසල ආනිශංස:
බුද්ධ සම්ප්‍රදාය සුරැකීම: බුදුරජාණන් වහන්සේගේ පටන් අවිච්ඡින්නව පැවත එන චීවර සම්ප්‍රදාය හා විනය ආරක්ෂා වීම.

සෞඛ්‍යාරක්ෂාව: ස්වභාවික ඖෂධීය පඬු නිසා මැසි, මදුරු උවදුරු දුරු වී භික්ෂූන් වහන්සේලාගේ කය සහ සෞඛ්‍යය ආරක්ෂා වීම.

සසර ආනිශංස: සසර පුරා ඉතා වර්ණවත් රූප සම්පත්තියක්, උසස් කුල උපතක්, මනා වස්ත්‍රාභරණ සහ නිරෝගී සුවය ලැබීමට මෙන්ම ධ්‍යාන සමාපත්ති ලැබ නිවන් දැකීමට මේ පින හේතු වේ.

🌿 පඬු සහ ඩයි ගැසීම පිළිබඳ විනයානුකූල කරුණු:
ඩයි ගැසීම සහ පඬු පෙවීම යනු දෙකකි. චීවරයක් විනයානුකූල වීමට ඩයි නොගසා පඬු පමණක් ගැසිය හැකි වුවද, පඬු නොගසා ඩයි පමණක් ගැසීමේ සම්ප්‍රදායක් ශාසනයේ නැත.

අදටත් දැඩි විනයගරුක ආරණ්‍යවාසී මහා සංඝරත්නය සම්පූර්ණයෙන්ම ස්වභාවික පඬු පමණක් භාවිත කිරීමට නියම කරති.

සාමාන්‍ය ක්‍රමයේදී පළමුව කපු රෙද්දට විනයානුකූල වර්ණය (කහ, තැඹිලි, කළු නොවන ගුරු පැහැ මිශ්‍රණය) එන සේ ඩයි ගසා, පසුව පඬු පොවනු ලැබේ.

🪵 පඬු සකසා ගන්නා ආකාරය:
පොතු වර්ග: කොස්, මහෝගනී, කලහ, කළුනුග, කුඹුක්, කොහොඹ, වෙනිවැල්ගැට වැනි ස්වභාවික පොතු යොදා ගැනේ.

පොතු වියළීම: ගසට හානි නොවන සේ ගත් පොතු අඟලේ කැබලිවලට කපා, දින 3–4ක් අව්වේ දමා තෙත ගතිය ඉවත් වනතෙක් වේළා ගත යුතුය.

පඬු තැම්බීම:

පොතු දැමූ මුට්ටියකට පොතු මට්ටම මෙන් දෙගුණයක් ජලය දමා හොඳින් උතුරුවා ගත යුතුය.

ජලය පොතු මට්ටමට සිඳුණු පසු පෙරා වෙනත් භාජනයකට ගෙන, නැවත අලුතින් ජලය දමා තැම්බිය යුතුය.

මෙසේ 5 සිට 7 වරක් දක්වා තම්බා ගත් කහට වතුර සියල්ල එකතු කර, භාගයක් වන තෙක් මඳ ගින්නේ සිඳුවා ඝන පඬු යුෂ සකසා ගනී.

🪡 පඬු පොවන නිවැරදි ආකාරය:
සකසා ගත් චීවරය අඟල් 6ක පමණ පටියක් සේ නමා රෝල් කරගත යුතුය.

එක් කොනක සිට දිග හරිමින් පඬු ඔරුවේ ඇති නොදිය කළ පඬු යුෂයෙන් තෙත් කරමින්, අනෙක් කොනෙන් නැවත ඔතමින් ක්‍රමවත්ව මුළු සිවුරටම පඬු උරාගන්නා පරිදි පෙවිය යුතුය. (පඬු වලට නැවත අමතර ජලය නොදැමිය යුතුය).

අනතුරුව මඳ අව්වේ දමා හොඳින් වියළා ගත යුතුය.

ලඟ එන උතුම් කඨින චීවර මාසයේදී, නිවන් මඟ වඩනා මහා සංඝරත්නය උදෙසා සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත කුසල් සිතින් මේ උතුම් පින්කම නිවැරදිව සිදු කරගැනීමට සැමට ශක්තිය ලැබේවා!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සාදු! සාදු! සාදු! 🙏☸️

09/20/2026

කේන්තිය පාලනය

https://youtu.be/CW5I4L8KvlQ?si=AIpolRI64Pu6mpG3
09/20/2026

https://youtu.be/CW5I4L8KvlQ?si=AIpolRI64Pu6mpG3

අද අපේ ධර්ම විමංසා සාකච්ඡාවෙන් අපි කතා කරන්නේ දිනපතා අපේ ජීවිතයට බල...

ඉරිදා උදෑසන 7:00 AM  Youtube නාලිකාව - ධම්ම විමංසා Dhamma Vimansa
09/19/2026

ඉරිදා උදෑසන 7:00 AM Youtube නාලිකාව - ධම්ම විමංසා Dhamma Vimansa

09/16/2026

ජීවිතේ ගොඩදාන ලොකුම රහස!

09/15/2026

හොඳක් කරන්න ගියත් වල කපන හැටි! 🐍

09/14/2026

අපේ උන්ගේ ශ්‍රමදාන ඉවරවෙන්නේ මෙහෙමයි! 🍻

09/13/2026
09/13/2026

කැබලිත්ත ගිහින් ආවම ඔයාලත් මෙහෙමද? 😱

09/12/2026

මේ රහස් මන්ත්‍ර 5 හරියට රකින්න.. ඔයාටත් වරදින්නෙ නෑ Sure!

Address

57 Carolina Crescent
Saint Thomas, ON

Alerts

Be the first to know and let us send you an email when Dhamma Vimansa ධම්ම විමංසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share