දිය රකුසාට ඔබේ දරුවන් බිලි දෙන්න එපා. Life skill එකක් විදිහට ඔබේ දරුවට පිහිණුම් පුරුදු කර තබන්න.
Ampara Swimming Traning School
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ampara Swimming Traning School, Stadium, arena & sports venue, Ampara Urban Council Swimming Pool, Ampara.
19/04/2026
New Pre School Swimming Lessons! 🌊
Help your child build their water confidence with our Pre School age 3 to 5 swimming lessons at Ampara Swimming Training School. Perfect for little ones starting their swimming journey and Beginner swimmers who are ready to improve!👶🏊♀️
🌊 නව පෙර පාසල් පිහිනුම් පුහුණුවීම්! 🌊
අම්පාර පිහිනුම් පුහුණු පාසලේ අපගේ පෙර පාසල් වයස අවු. 2 සිට අවු. 5 දක්වා. පිහිනුම් පාඩම් සමඟ ඔබේ දරුවාට ජල විශ්වාසය ගොඩනඟා ගැනීමට උදව් කරන්න. පිහිනුම් ගමන ආරම්භ කරන කුඩා දරුවන්ට සහ දියුණු වීමට සූදානම් ආරම්භක පිහිනුම්කරුවන්ට විශේෂයි!👶🏊♀️
📅 Sundays at 9:30AM
📍 Ampara Swimming Training School, Urban Council Swimming Pool
📅 ඉරිදා දිනවල පෙ.ව. 9:30 ට
📍 අම්පාර පිහිනුම් පුහුණු පාසල, නගර සභා පිහිනුම් තටාකය
⚠️ Limited spaces available so book now!
⚠️ සීමිත ඉඩකඩ ඇති බැවින් දැන්ම වෙන්කරවා ගන්න!
📧 +94711121089 සඳහා අපට whatsapp කරන්න
Or click the link below නැතහොත් පහත සබැඳිය ක්ලික් කරන්න 🔗👇
https://forms.gle/E2CtKf4zSkF9m6FfA
19/04/2026
බොහෝ දෙනෙකු සිතන්නේ ජලය මතුපිටදී අප පහසුවෙන් පාවෙන බැවින්, ගැඹුරු ජලයට බැසීමත් එතරම් අපහසු නොවන බවයි. නමුත් සැබෑ අනතුර සැඟවී ඇත්තේ ජලය මතුපිට නොව, මීටර් කිහිපයක් ගැඹුරට යන විට අපේ ශරීරය තුළ සිදුවන භෞතික විද්‍යාත්මක වෙනස තුළයි. මතුපිටදී අපව ඉහළට ඔසවා තබන ජලයම, යම් ගැඹුරකට ගිය පසු අපව බලහත්කාරයෙන් පතුලට ඇද ගැනීමට පටන් ගනී. මෙය විද්‍යාත්මකව **"ඍණ උත්පලතාවය" (Negative Buoyancy)** ලෙස හඳුන්වනු ලබන අතර, සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය ඉතාමත් මාරාන්තික තත්ත්වයකි.
මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව ජලයේ පීඩනයයි. අපේ පෙනහළු තුළ විශාල වාතය ප්‍රමාණයක් අඩංගු වන අතර, එම වාතය අපට "බෝයාවක්" (Buoy) මෙන් ක්‍රියා කරමින් ජලය මතුපිට පාවීමට උදව් කරයි. නමුත් ඔබ ජලය යටට මීටර් 10 ක්, 20 ක් වැනි ගැඹුරකට යන විට, ජලයේ අධික බර නිසා ඇතිවන පීඩනය මගින් පෙනහළු ඇතුළේ ඇති වාතය සම්පීඩනය කර කුඩා කරයි. සරලවම කිවහොත්, හුළං පිරවූ රබර් බෝලයක් මිරිකා කුඩා කළ විට එය පතුලට ගිලී යනවා සේම, පීඩනය නිසා පෙනහළු හැකිලීමත් සමඟ ඔබේ සිරුරේ පාවීමේ හැකියාව නැති වී යයි. යම් නිශ්චිත ගැඹුරකින් පසු (Neutral Point), ජලය ඔබව ඉහළට තල්ලු කරනවා වෙනුවට වේගයෙන් පතුලට ඇද ගැනීමට පටන් ගනී.
මෙම අවස්ථාවට මුහුණ දෙන සාමාන්‍ය පුද්ගලයෙකු දැඩි බියට (Panic) පත්වීම ස්වභාවිකය. එවිට හදගැස්ම වේගවත් වී සිරුරේ ඇති ඔක්සිජන් ඉතා ඉක්මනින් වැය වන අතර, නැවත මතුපිටට ඒමට විශාල ශක්තියක් වැය කිරීමට සිදු වේ. ඍණ උත්පලතාවය නිසා ජලය ඔබව පතුලටම අදින බැවින්, සාමාන්‍යයෙන් පිහිනනවාට වඩා දෙගුණ තෙගුණ වෙහෙසක් දරා ඉහළට පිහිනීමට සිදු වේ. මේ අතරතුර හුස්ම හිරවීම හෝ සිරුරේ පාලනය ගිලිහී යාම නිසා ක්ෂණිකව මරණය පවා සිදුවිය හැකියි. එම නිසා, විධිමත් පුහුණුවක් හෝ ආරක්ෂක උපකරණ නොමැතිව කිසිවිටෙකත් ගැඹුරු ජලයට බැසීමෙන් වැළකී සිටිය යුතුය. මතුපිට පාවෙන සැහැල්ලු බව ගැඹුරේදී මාරාන්තික බරක් විය හැකි බව සැමවිටම මතක තබා ගන්න. (උපුටා ගැනිම face book)
22/03/2026
Introducing your new 50m freestyle world record holder.
20.88 to smash the 16-year-old mark in Shanghai.
22/03/2026
Shin Ohashi 🇯🇵 has done it again.
The Japanese swimmer improved his own World Junior Record in the Men’s 100m Breaststroke, clocking 58.67 at the 101 Japan Swim.
27/09/2024
සමස්ත ලංකා පිහිනුම් තරගාවලිය 2024/09/25, 26,27 දිනයන්හි කොළඹ සුගත දාස පිහිනුම් තටාකයේදී පවත්වන ලද පිහිනුම් තරගාවලියෙන් ඉසව් රාශියක් දිනා ගැනීමට අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් සහභාගි වූ ළමුන්ට හැකි විය.
ඒ අතරින් 20න් පහළ බාලිකා අංශයෙන් බී.ජි සඳුමිණි භාග්‍යා ක්‍රීඩකාව මීටර 50 නිදහස් ආර දෙවැනි ස්ථානයත් මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් ලබා ගැනීමට සමත් වුනා.
තවද වයස අවුරුදු 20 පහළ බාලිකා අංශයේ W.A. මිනුකි තෙහාරා වගආරච්ච ක්‍රීඩකාව විසින් මීටර් 100 ළය අර ඉසව්වෙන් තෙවන ස්ථානයත් මීටර් 200 ලය ආර ඉසව්වෙන් තෙවන ස්ථානයත් හිමිකරගන ලදී.
මෙම ළමුන් දෙදෙනා වසර ගණනාවක් සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලදී ජයග්‍රහණ හිමි කර දුන් අම්පාරේ ඉන්න පිහිනුම් ක්‍රීඩාවේ දක්ශතම ක්‍රීඩිකාවන් වේ.
එමෙන්ම පිහිනුම් තටාකය සහ අවශ්‍ය පහසුකම් සපයා දෙමින් මෙම ජයග්‍රහණය පසුපස යෝධ ශක්තියක් වී සිටි පාසලේ වර්තමාන විදුහල්පතිනි අයේශා කුලරත්න මෙනවියවත්, කණ්ඩායම් භාර ආචාර්ය සමන්ලතා ගුරුතුමියවත් ඉතා ගෞරවයෙන් මතක් කරමි.
එම ක්‍රීඩිකාවන් දෙදෙනාටත් දක්ෂතා අතරට පැමිණි අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් උණුසුම් සුභ පැතුම්.....!
මගේ උපන් දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කල සියලුම දෙනාටම බොහොමත් ස්තුතියි......🌹🌹😍😍
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Address
Ampara
32000
Opening Hours
| Monday | 06:00 - 20:30 |
| Tuesday | 06:00 - 20:30 |
| Wednesday | 06:00 - 20:30 |
| Thursday | 06:00 - 20:30 |
| Friday | 06:00 - 20:30 |
| Saturday | 06:00 - 20:30 |
| Sunday | 06:00 - 20:30 |