Crick round

Crick round

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crick round, Cricket Ground, 5th canal, Anuradhapura.

21/02/2024

තහනම් වචනය හැ_නිබල්😒

පළමු තරඟ දෙක ජයග්‍රහනයකින් අවසන් කල බව ඇත්ත.
අද තරඟය පරාජය කළ බවත් ඇත්ත.
නමුත්, වැඩ පාඩු කරගෙන,හැමෝම අතෑරල දාපු ක්‍රිකට් ආපහු නැගිටිනකම් බලන් ඉන්න, ගොඩක් ක්‍රිකට් පිස්සොන්ට අද දවස හරිම සතුටු දවසක් බවට පත් වෙලා ඇති නිසකයෙන්ම.
ඒ අපේ කොල්ලොන්ගෙ performance නිසා.
හැබැයි තහනම් වචනය නිසා අපි සියල්ල කෝපයෙන් සහ දුකෙන්.
පෙරදීනම් 210ක ඉලක්කයක් හබා යනවනම් අපි 150ට විතර all out වෙන්න තියන සම්බාවිතාව ඉතා ඉහලයි.
ඒත් අද. ඒක වෙනස්ම එකක්. ඒකතමා quality එක.
පැතුම්ට සමහරවිට අද මග හරුනේ ඔහුගේ ප්‍රතම t20i ton එක වෙන්නත් පුලුවන්.
කමිදු අද සෙල්ලම් කරපු ඉනිම නිකන්ම ඉනිමක් නෙමේ.
ඒක අනික් ක්‍රීඩකයොන්ට සහ තේරිම් කමිටුවට ඇන්න ටොක්කක්.
"මාත් ඉන්නව, මටත් පුලුවන්" කියන එක තමා ඒ ළකුනු අතරෙ සැඟවී තිබ්බේ.
Player කෙනෙක් උනාම consistensy කියන එක තියෙන්නත් ඕන. ඒනිසා ඒක ඉක්මනටම අපේ කොල්ලො ඔක්කොම තේරුම් ගනී.
කලින් සටහනක දැක්වූ ලෙසම මේක අලුත් ආරම්බයක්.
ඉතින් ඒ අලුත් ආරම්බය දිගටම රැගෙන යාම ඔවුන්ගේ වගකීමක්.

ඉතින් මිලියන 22ක් අපි බලන් ඉන්නෙ බංගලින්ට ගහනකම්.
ඒ වාඩුවත් ගමු.
උන්ගෙ රටේදිම උන්ට ගහමු රිදෙන්නම.💪
World cup එකට ගැම්මෙන් යමු.
මාර්තු 4 එහෙනම් ආපහු සෙට් වෙමු බංගලි එක්ක🔥

©️Sahan Weerasinghe 💎

19/02/2024

මොකද්ද හොදම/ ආසම t20 ලීග් එක?

17/02/2024

ශ්‍රීලංකා ක්‍රිකට් නම් හාට් ඇටෑක් තමා 65610 වෙනි කතාංගය 🥱🥴

ඇත්තටම ක්‍රිකට් කීවම හාට් ඇටෑක්ද ඕන?🤔
Easy win එකක් එන දවසක තමා ඇත්තටම ක්‍රිකට් තියෙන්නෙ.
හැබයි ට්‍රැකවතුරේගම කියන විදිහට ආපු ජනකායට උපරිම වින්දනයක් නම් හම්බුනා.

ප්‍රතමයෙන්ම කියන්න ඕන පැතුම් කියන්නෙ ODI සහ TEST කියන format වල god කෙනෙක්.
ඒත් ඔහු t20i වල set batsmen කෙනෙක්ද කියන එක ප්‍රශ්නාර්තයක්. (දවසක stat එක්කම කියන්නම් හේතුව)
අනිත් කාරනේ තමා KJP, ඔහු අද international league T20 තරඟාවලියට සහබාගි වෙලා.
Form එකේ ඉන්න ඒවගේ player කෙනෙක් අපිට ලොකු impact එකක්.
Mathews overs දෙකක් දමා එක් කඩුල්ලක් බිඳදැමූ බව සත්‍යක්. නමුත් ඔහු නිසා ඇහිරෙන්නේ තවත් form එකේ, full fitness එකේ ඉන්න ක්‍රීඩකයෙක්ගේ අවස්තාවක් වෙන්න පුලුවන්. (අදත් අන්තිමේට ඔහු වෙනුවට අතිරේක් ක්‍රීඩකයෙක් ලෙස කමිදු ක්‍රීඩා කරේ)

වනිදු නායකත්වයේ වගකීම කරට ගෙන පිතිකරනයේදී කළ counter attack එක අතිවිශිෂ්ටයි.
ඔහුගේ ඒ වගකීම් සහිත ක්‍රීඩා විලාශය නිසා අනෙක් පිතිකරුවන්ගේ විලි වසාගැනීමට හැකි උනා.
මතීශ පතිරණ ගැන මේ මොහොතේ සතුටු වෙන්නෙ අපිට වඩා මහේන්ද්‍ර සිං දෝනි බව නොරහසක්.
අවසාන over එක හිර උන නිසා මන් බේරුනා මල්ලි - බිනුර 😌

පිතිකරණයෙන් වනිදු අපිව බේරුවා.
පන්දු යැවිමෙන් සහ තරඟයේ අවසානය වෙනස්ම ප්‍රතිපලයක් බවට පත් කරන්න man with the golden arm - මතීශට හැකි උනා.
එනයින් වසර දහයක දඹුලු පිටියේ ජයග්‍රාහී පිපාසය ඉන් නිමාවට පත්වනාවත් සමග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති කුළුඳුල් t20i තරඟය ශ්‍රී ලංකා පිළ ජයගන්නවා.
කෙසේ හෝ ජයග්‍රහනය ලබා ගැනීමයි වැදගත්.
එය එසේ උනත් ඊලග තරඟයේ මේ අඩුපාඩුත් හදාගෙන අපි හොඳට play කරමු.

අවසානයට මෙහෙම සටහනක් තියන්නම්.
Ibrahim is the worst enemy of Ibrahim

©️Sahan Weerasinghe 💎

17/02/2024

වසර 10කට පසු දඹුල්ලේ විජයග්‍රහනය වෙනුවෙන් 🚀

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තුළ ශ්‍රීලංකා කණ්ඩායම ලබාගත් අවසන් ජයග්‍රහනය වාර්තා වන්නේ 2014 වසරේදීයී. ඒ පකිස්තානයට එරෙහිවයි.
ඉතින් මොවුන් මේ සැරසෙන්නේ වසර 10කට පසු නැවතත් දඹුල්ල ශ්‍රීලංකා පිළෙහි ප්‍රබල බල කනුවක් බවට පත් කිරීමටයි.
ප්‍රබල මානසික මට්ටමක පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ playing XI එක මෙසේ සැකසෙන්නට නියමිතයි.

Pathum nissanka
Kusal Mendis
Kusal Jaith
Sadeera samarawikrama
Charith Asalanka
Anjelo Mathews
Dasun Shanaka
Wanindu Hsaranga
Maheesh Theekshana
Nuwan Thushara
Dilshan Madushanka

අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී තියන සුපුරුදු ප්‍රේක්ශක ජයඝෝශා මැද, වසර 10කට පසු ලැබෙන ඒ විජයග්‍රාහී ජයග්‍රහනය වෙනුවෙන් අපි අපේ කොල්ලොන්ට සුබ පතමු.💪😌

©️Sahan Weerasinghe 💎

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


5th Canal
Anuradhapura
50000