20/05/2020
මරණය තෙක් තම සහෝදර සෙඹළුන් අත් නොහල කොමාන්ඩෝ විරුවා.. මේජර් ජයනාත් ගිනිමැලගේ (2වන කමාන්ඩෝ රෙජිමේන්තුව)
උතුර පළාත කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත් කල ජයසිකුරු මෙහෙයුමට කපිතාන් (එවකට) ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේ 53 සේනාංකය යටතේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ චාලි බලඝනයෙහි අණදෙන නිලධාරීවරයා ලෙසය.
1997 දෙසැම්බර් වන විට හමුදාව මාන්කුලම් දක්වා පැමිණ සිටියහ. 1997 දෙසැම්බර් මස 4 වනදා කපිතාන් ගිනිමැලගේගේ නායකත්වයෙන් දෙවන කමාන්ඩෝ චාලි බලඝනයට ත්‍රස්තවාදීන්ගේ මාන්කුලම් කාලතුවක්කු මධ්‍යස්ථානයකට පහර දී එය අත්පත් කර ගැණීමට ඉහළ නිලධාරීන්ගෙන් අණ ලැබුණි.
ඒ අනුව ඔවුන් සිය ක්රියාණ්විතය ඇරඹූ නමුත් වැඩි වේලාවක් යෑමට මත්තෙන් ඉලක්කය ත්‍රස්තවාදීන්ගේ උගුලක් වූ බව කපිතාන්වරයා ඇතුළු සෙඹළ පිරිසට අවබෝද විය. ඒ වන විටත් කොමාන්ඩෝ සෙඹළුන් ඇතුළු සෙසු බලඇණි වට කොට දැඩි තරස්ථ පරහාරයක් එල්ල වෙමින් පැවතුණි. සෙසු සෙබලුන්ට පසුබසින ලෙස නියෝග කල කපිතාන් ජයනාත් ගිනිමැලගේ වහාම කුඩා කන්ඩායමක් සමග ඉදිරියට ගොස් ප්‍රතිප්‍රහාර එල්ල කලේය. නමුත් ඒ වන විටත් ත්‍රස්තවාදී කාලතුවක්කු ප්‍රහාර වලින් සෙඹළු විශාල පිරිසකට දැඩි හානි සිදුවී තිබුණි.
ආධාරක කන්ඩායමක් එවන ලෙස කපිතාන් ගිනිමැලගේ විසින් ඉහළ නිලධාරීට දන්වන ලද මුත් කිසි ලෙසකින්වත් ආධාරක කන්ඩායම්වලට සටන් බිමට සමීප වන්නට හෝ හැකි වූයේ නැත. අවසානයේ තුවාල ලද සෙබලුන්ද අතහැර වහාම පසුබසින ලෙස මේජර් ගිනිමැලගේට අණ ලැබුණි.
එකම සෙබලෙකු හෝ පණ පිටින් සිටින තාක් තමන් ඔවුන් අතහැර කිසි ලෙසකින්වත් පසු නොබසින බව ඉහළ නිලධාරීන්ට දැන්වූ මෙම අභීත කොමාන්ඩෝ නිලධාරියා ස්වකීය සහෝදර සෙබලුන් සමග අවසන් හුස්ම පොද දක්වා සටන් කිරීමට අදිටන් කර ත්‍රස්තවාදීන්ට එරෙහිව බිහිසුණු සටනක නිරත වූයේ තරස්තවාදීන්ටද දැඩි හානි සිදු කරමිණි.
ඉහළ නිලධාරීන්ගෙන් ලැබුනු අණ අනුව ගොස් තම ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව සිය කැමැත්තෙන් අත්හල මෙම අති විශිෂ්ට කමාන්ඩෝ නිලධාරියා ස්වකීය සහෝදර සෙබලුන් අත් නොහැර ඔවුන් සමග අවසානය දක්වාම සටන් කල අතර අවසානයේදී සතුරන්ට යටත් නොවී සිය ගිණි අවියෙන්ම සිය හිසට වෙඩි තබා ගෙන රණබිමේදීම තම ජීවිතය මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් පුද කලේය.
මින් හරියටම වසර 21කට පෙර යුධ හමුදාවට දුක්බර දිනයක් වූ එම දිනය නිමා වන විට මේජර් ජයනාත් ගිනිමැලගේ ඇතුළු ලක් මවගේ වීර පුතුන් 180ක් මාන්කුලම් රණබිමේදී ඇයට අහිමි වී තිබුනි.
ස්වකීය ජීවිතාරක්ශාව පසෙක ලා සහෝදර සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් අතනොහැර නායකත්වය දෙමින් මියයන තෙක් ප්‍රදර්ශනය කල අසමසම රණ පෙලහර වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සන්ග්‍රාමික වීරත්වය උදෙසා පිරිනමන ඉහලම සම්මානය වන පරම වීර විභූශනයෙන් මේජර් ජයනාත් ගිනිමැලගේ පුදනු ලැබීය.
එම සම්මානයෙන් පුදනු ලැබූ පලමු කමාන්ඩෝ සෙබලා 1971 ජනවාරි 21 වන දින උපන් සිය දිවි මගේ 27 වන වසරේදී රට දැය වෙනුවෙන් දිවි පිදූ මේජර් ජයනාත් ගිනිමැලගේය. ඊට අමතරව ඔහු රණ ශූර පදක්කම, පුර්ණ භුමි පදක්කම, දේශපුත්‍ර සම්මානයද හිමි කර ගෙන තිබේ.
ලක් මෑණියන්ගේ පිනට පහළ වූ අභීත පුතුනුවනි.. සසර වසනා තුරා ඔබ ලක් මෑණියගේ පුතකුව ඉපදේවා..!!!
සසර අවසන ලක් මෑණියන් වෙනුවෙන් කල උත්තරීතර පිනෙන් අජරාමර නිවන්සුව ලැබේවා..!!!