Maheesh Theekshana Fan Club

Maheesh Theekshana Fan Club

Share

Welcome to Maheesh Theekshana's Official Fan page.

26/03/2026

රූසිරි මවන්න නැකත ළඟයි♥️♥️

01/03/2026

♥️

01/03/2026

අපිට තව එක තරගයක් ඉතුරුයි. අපි ඒක ඉහළ ජයග්‍රහණයකින් අවසන් කරනවා. ඒක අපේ හොඳම තරගය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.- නායක දසුන් ශානක දසුන් ශානක💙🇱🇰🏏

හොද දේ අගයන්න ඔනේ නිසා මෙික ලියන්නේ.

මැච් එකට කලින් දවසක ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ වචන ටික කියද්දිත් ඊට පස්සේ පාකිස්තානය ඇවිත් ලකුණු 212ක දැවැන්ත ටාගට් එකක් දෙද්දිත් ගොඩක් අය හිතුවේ අදත් අපි ලොකු පරතරයකින් පරාද වෙයි කියලා.

අන්තිම පන්දු 12ට ලකුණු 48ක් ඕන වෙද්දි ටීවී එක ඕෆ් කරපු අය ස්ටේඩියම් එකෙන් එළියට බැහැපු අය ඕන තරම් ඇති.

හැබැයි ඒ වෙද්දිත් පිච් එක මැද හිටපු නායකයා එක දෙයක් ඔළුවේ තියාගෙන හිටියා. ඒ තමයි තමන්ගේ රටේ මිනිස්සුන්ට එයා එදා දීපු පොරොන්දුව.

පීඩනය උපරිමයටම ගිය ඒ වෙලාවේ දස්සා ගේම අතට ගත්තා.

🔥 19 වෙනි ඕවරේට ලකුණු 18ක්!
🔥 20 වෙනි ඕවරේට ලකුණු 22ක්!

කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට අතෑරලා දාන්න තිබ්බ මැච් එකක් අන්තිම බෝලේ වෙනකන්ම ඇදගෙන ආවා.

පන්දු 31කින් නොදැවී ලකුණු 76ක්.

ලකුණු 5කින් මැච් එක පැරදුණා තමයි. අපි තරගාවලියෙන් අයින් වුණා තමයි. හැබැයි තමන්ගේ ප්‍රේක්ෂකයින්ට දුන්නු වචනේ වෙනුවෙන් තනි මිනිහෙක් විදිහට දසුන් අද කරපු ඒ යෝධ සටනට මුළු රටක්ම රෙස්පෙක්ට් කරන්න ඕනේ.💙🔥

ආදරෙයි♥️😍

28/02/2026

රියල් ක්‍රිකට් ෆෑන්ස් ශ්‍රී ලංකා 🙏❤️‍🔥

ආදරෙයි♥️😍

28/02/2026

🔴 හැම මාධ්‍යවේදීයෙකුම ඔවුන්⁣ගෙන් අසනු ලැබුවේ එක පොදු ප්‍රශ්නයකි.

"ඔබට හිතෙන විදිහට කවුද ක්‍රිකට් සභාපති තනතුරට සුදුසු?"

🗣️ මුත්තයියා මුරලිදරන්-: "රොෂාන් මහනාම"
🗣️ චමින්ද වාස්-: "රොෂාන් මහනාම අව්‍යාජ මනුස්සයෙක්. මේ ක්‍රිකට් එක හදනවා"
🗣️ හෂාන් තිලකරත්න-: "මට අනිත් අය ගැන සහතික දෙන්න බැ මම දන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මහේල ජයවර්ධන-: "මම කැමතියි රොෂාන් මහනාම සභාපති වෙනවා නම්"
🗣️ කුමාර් සංගක්කාර-: "දැනට සුදුසුම පුද්ගලයා ක්‍රිකට් වලට සම්බන්ධයක් නෑ. නමුත් ඔහු ආරාධනාවක් කළොතින් පිළිගනීවි ඒ රොෂාන් මහනාම"
🗣️ කුමාර් ධර්මසේන-: "මං හිතන්නේ සුදුසුම පුද්ගලයා මහානාම කතා දෙකක් නෑ"
🗣️ අරවින්ද ද සිල්වා-: "මගේ කැමැත්ත රොෂාන් මහනාම"
🗣️ රසල්ඩ් ආර්නල්ඩ්-: "ඉන්නේ එක්කෙනයි ඒ රොෂාන් මහානාම"
🗣️ මාවන් අතපත්තු-: "වෙන කවුද රොෂාන් මහානාම"
🗣️ අසංක ගුරුසිංහ-: "මං හිතන්නේ රොෂාන් මහානාම එය හොඳින් කළමනාකරණය කරාවී"
🗣️ උපුල් චන්දන-: "මං හිතන්නේ මහානාම"

ඉතින් තවත් කතා කුමකටද? මේ අන් කිසිවකු නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය සහ විනය රැකගත් ඒ අසහාය ක්‍රීඩක රොෂාන් මහනාමයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීමට නම්, මෙවන් යුග පුරුෂයෙකු කඩිනමින් ක්‍රිකට් සභාපති ධුරයට පත් කර ගැනීම කාලීන අවශ්‍යතාවකි!

ඔයාලා මොනාද හිතන්නේ

28/02/2026

💔ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලිය අදින් නිමාවෙද්දී, ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් සමුගන්නා සනත් ජයසූරිය මහතාට අපගේ උත්තමාචාරය. ක්‍රීඩකයෙකු ලෙසත්, පුහුණුකරුවෙකු ලෙසත් ඔබ රටට කළ සේවය සදා අමරණීයයි.

Good Bye Sanath! 🦁🇱🇰"

Maheesh Theekshana Fan Club
fans

Photos from Maheesh Theekshana Fan Club's post 28/02/2026

ඇයට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.....!

Maheesh Theekshana ගේ instagram පිටුවෙන් උපුටාගන්නා ලද්දකි....

27/02/2026

♥️😍

26/02/2026

1996 දී අපේ රට පලවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලාන වල පලෙවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති.

ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අව්රුදු 18 ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් උනා.

ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා.ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩවත් එක්ක ඉන්න ගෙඩක් අය ඇති ඒ නිසා මම වගේම ඒ අයත් ඊ ලග ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉදියි.

අත අරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි.

Lasith Malinga Legendගේ පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි....♥️

26/02/2026

දක්ෂයෙක් ♥️

ත්‍රිකුණාමලය තිස්ස මහා විද්‍යාලය අද ත්‍රිකුණාමලයේම අභය විද්‍යාලයට එරෙහිව ලකුණු 570ක් රැස් කරයි..

26/02/2026

♥️😍 Smart Phones නැති කාලේ...😍

26/10/2025

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය අවසානයේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 4 ක් , රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 3ක්

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo