Results ලැබෙන්නේ Perfect Workout එකෙන් නෙවෙයි Consistency එකෙන්.
බොහෝ දෙනෙක් Gym එකට ඇවිත් සති 1ක් හෝ 2ක් ඇතුළත ලොකු වෙනසක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒත් Fitness කියන්නේ කෙටි කාලීන ගමනක් නෙවෙයි.
• සතියට 3-4 වතාවක් නිවැරදිව ව්‍යායාම කරන්න.
• ප්‍රමාණවත් Protein සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න.
• දිනකට පැය 7 හෝ 8ක් නිදාගන්න.
• වතුර ප්‍රමාණවත් ලෙස පානය කරන්න.
• ඉවසීමෙන් සහ අඛණ්ඩව පුහුණුවීම් වල යෙදෙන්න.
කුඩා දියුණුවක් වුණත් දිනපතා කරගෙන යන එක කිසිවක් නොකර ඉන්නවාට වඩා ගොඩක් හොඳයි කියලා මම හිතන්නේ.😎
Motivation එක තාවකාලිකයි. Discipline සහ Consistency තමයි ඔබව ඉලක්කයට අනිවාර්යයෙන්ම ගෙනියන්නේ.
ස්තුතියි!
CoachDP
www.coachdp.lk
---------------------------------------
COACH - DANUKA PIYUMAL
MSc (Sports Science) (AEU - Malaysia)
PgD (Sports & Exersice Science) (CSBM)(UK)
HND (Psychology & Counselling) (SITC)
Dip (Physical Fitness & Coaching) (CPD - UK)
Coach - Danuka Piyumal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Coach - Danuka Piyumal, Colombo.
General Secretary of JKF Goju Kai Kenbukan Association | Karate Instructor | Referee | School Sports Coach | Physical Fitness Trainer | Bodybuilding Coach | Sports Masseur | Nutrition Advisor | Psychology Counselor 🇱🇰
ක්‍රීඩාව අධ්‍යාපනයේ සතුරෙකු නොවේ එය ශක්තිමත් සහකරුවෙකි
දරුවාගේ එක දවසේ කාලසටහනට ක්‍රීඩාවත් එකතු කරන්න. විභාග සමයේදී පැය ගණන අඩු කරන්න නමුත් සම්පූර්ණයෙන්ම නවත්වන්න එපා.
අධ්‍යයන සාර්ථකත්වය සහ ක්‍රීඩාව අතර ධනාත්මක සම්බන්ධයක් ඇති බව ජාත්‍යන්තර පර්යේෂණ ගණනාවකින් තහවුරු වී තිබේ.
දරුවාගේ මානසික සෞඛ්‍යය ප්‍රමුඛ කරන්න විභාග ආතතියෙන් මිදීමට ක්‍රීඩාව හොඳම ඖෂධය බව තේරුම් ගන්න. දිනපතා පැය භාගයක්වත් සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.
ව්‍යායාම කිරීමෙන් ශරීරයේ ස්වභාවික සතුටු හෝමෝන (endorphins) මුදාහරින අතර එය ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය අඩු කරයි.
"සෙල්ලම් කිරීමෙන් වෙලාව නාස්ති වෙනවා" කියන වැරදි මතවාද අත්හරින්න.
ක්‍රීඩාව තුළින් මොළයේ රුධිර සංසරණය සහ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන බව තේරුම් ගෙන දරුවා දිරිමත් කරන්න.
ව්‍යායාම කිරීමෙන් මොළයේ hippocampus කොටස (මතකය හා ඉගෙනීම සඳහා වැදගත්) විශාල වන අතර එමගින් පාඩම් කරන දේ වේගයෙන් මතක තබා ගැනීමට සහ ගැටලු විසඳීමේ හැකියාව වැඩි කර ගැනීමට හැකි වේ.
ජීවිත කුසලතා පාසල් පොතෙන් ලැබෙන්නේ නැහැ.
ක්‍රීඩාවෙන් ලැබෙන කණ්ඩායම් වැඩ, නායකත්වය, කාල කළමනාකරණය, පරාජයෙන් ඉගෙනීම, නොපසුබට උත්සාහය වැනි කුසලතා දරුවාගේ අනාගත රැකියා ජීවිතයට ඉතා වැදගත් බව තේරුම් ගන්න.
ලොව ප්‍රමුඛ සමාගම් බොහොමයක් රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී අයදුම්කරුවන්ගේ ක්‍රීඩා පසුබිම ගැන විමසන්නේ මේ නිසාමයි.
සියල්ලම එක විටම නතර කිරීම ඉතා භයානක ප්‍රතිඵල ඇති කරයි.
ක්‍රීඩාව, සංගීතය, නිදහස් කාලය සියල්ල කපා දැමීමෙන් දරුවා පාඩම් යන්ත්‍රයක් බවට පත් විය හැකි බව තේරුම් ගන්න. එවන් දරුවන් විභාගයෙන් ඉහළින් සමත් වුවද ජීවිතයේ සැබෑ අභියෝගවලට මුහුණ දීමට අසමත් වෙති.
අධ්‍යයන පමණක් කරන දරුවන්ට සමාජගත වීමේ අපහසුතා අඩු ආත්ම විශ්වාසය තීරණ ගැනීමේ නොහැකියාව වැනි ගැටලු ඇති විය හැක.
උපක්‍රම ශීලී ක්‍රම භාවිත කරන්න “ඔයා මේ සතියේ පාඩම් හොඳින් කළොත් සෙනසුරාදා ක්‍රීඩා කරන්න වැඩි වෙලාවක් ලැබෙයි” වැනි ධනාත්මක ශක්තිමත් කිරීම් භාවිත කරන්න.
බලෙන් යමක් කරවීමට වඩා අභිප්‍රේරණයක් දීමෙන් දරුවාට පාඩම් කිරීමටත් ක්‍රීඩාවටත් දෙකටම වැඩි උනන්දුවක් දක්වනු ඇත.
ඔබේ දරුවාගේ අනාගතය විභාග ප්‍රතිඵල කිහිපයකින් පමණක් තීරණය නොවේ. ශාරීරිකව ශක්තිමත් මානසිකව සන්සුන් සමාජගත වීමේ හැකියාව ඇති දරුවෙකු ජීවිතයේ සියලු විභාග ජය ගනී. ක්‍රීඩාව දරුවාගෙන් උදුරා නොගන්න. වේලාව කළමනාකරණය කරන්න දරුවාට උගන්වන්න. එවිට ඔබේ දරුවා ප්‍රීතිමත් සාර්ථක පුද්ගලයෙක් වනු ඇත.
ස්තුතියි!
CoachDP
www.coachdp.lk
---------------------------------------
COACH - DANUKA PIYUMAL
MSc (Sports Science) (AEU - Malaysia) | PgD (Sports & Exersice Science) (CSBM)(UK) | HND (Psychology & Counselling) (SITC) | Dip (Physical Fitness & Coaching) (CPD - UK)
~ Secretary General of JKF Goju Kai Kenbukan Association - Sri Lanka.
~ Qualified Sports Coach (Ministry of Sports)
~ Qualified School Karate Instructor (Ministry of Education)
~ Qualified Sports Masseur (NVQ 04)
~ Certified Physical Fitness Trainer (SLF)
~ Certified Bodybuilding & Fitness Instructor (SLBBFF)
~ Certified Sports Nutrition Advisor (ISSS)
~ Certified First Aider (FAST - UK)
14/05/2026
Pain, injuries and muscle stiffness after intense training are no longer a problem for you!
Our treatment include :
* Sports Massage Therapy
* Cupping Treatment (Dry & Wet)
* Sports Injuries Prevention
* Kinesiology Taping
Benefits
* Stress Reduction and Relaxation.
* Helps Prevent Sports Injuries.
* Muscle Relaxation and Pain Relief.
* Improved Blood Circulation.
* Enhanced Joints Flexibility.
* Skin Benefits and Detoxification.
* Better Sleep and Insomnia Relief.
* Improved Posture and Postural Awareness.
* Immune System Support.
* Mental Wellness and Anxiety Reduction.
No matter what sport you play (🥋🏓🥊️🎾💪)
📩 DM to book your session today,
• Whatsapp : 076 208 8626
• Facebook : Coach - Danuka Piyumal
• Website : www.coachdp.lk
• Location : RC Fitness
Your well-being is our goal!
28/03/2026
🥋 Winners Karate Academy - Sri Lanka 🥋
🔥 නවක බදවා ගැනීම් දැන් ආරම්භයි! 🔥
ඔබේ දරුවාට ශාරීරික ශක්තිය, ආත්ම විශ්වාසය, ශික්ෂණය සහ නායකත්ව ගුණ වර්ධනය කර දීමට කැමතිද?
එසේ නම් අදම අප සමඟ එක්වන්න!
📌 වයස් සීමාව : අවුරුදු 5 සිට ඉහළ දරුවන්,
📌 ශාඛා:
📍 කඩවත
📍 ගම්පහ
📍 කොළඹ
✨ අපි ලබාදෙන දේවල්:
✔️ මූලික සිට උසස් මට්ටම දක්වා පුහුණුව
✔️ කරාතේ ශ්‍රේණි පරීක්ෂණ අවස්ථා
✔️ ශාරීරික යෝග්‍යතා පුහුණුව
✔️ ජාතික හා ජාත්‍යන්තර තරඟ සඳහා සූදානම් කිරීම
✔️ ශික්ෂණය, ආත්ම ආරක්ෂාව හා නායකත්ව වර්ධනය
📱 WhatsApp : 076 2088626
📞 අදම ලියාපදිංචි වන්න!
💥 Train Hard – Become a Champion! 💥
• Facebook : Coach - Danuka Piyumal
• Website : www.coachdp.lk
WSK Academy - Gampaha
02/03/2026
During a special training session held today on Poya Day at the Gampaha branch of Winners Karate Academy 🥋
💪🥋
01/03/2026
FIT_THERA ☘️
Random 📷
20/01/2026
😂
Click here to claim your Sponsored Listing.