The Gossip Grid

The Gossip Grid

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Gossip Grid, Sports, colombo, Colombo.

25/03/2026

23/03/2026
18/03/2026

නොනිල මට්ටමෙන් තුන්වන ලෝක යුද්ධය ආරම්භවී අවසන්. ඉරානය මේ වෙනකොටත් ප්‍රකාශ කරලා අවසන් ගල්ෆ් කලාපයෙන් එක තෙල් බැරල් එකක් පිටට යන්න දෙන්නේ නෑ තෙල් බැරල් එක ඩොලර් 200ට යවනවා කියලා. ඩොලර් 200ය කෙසේ වෙතත් ඉතිහාසයේ වැඩිම තෙල් මිල වාර්තා වීමට නියමිතයි ඉදිරි දවස් කීපය ඇතුළත. මේ වෙනකොට ඇමරිකාව ඉරානයේ ප්‍රධානම තෙල් අපනයනය මධ්‍යස්ථාන වූ කාර්ග් දූපතට පහර දෙන්න පටන් අරගෙන ඉවරයි ඉරානය විසින් ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සහ ගබඩා කිරීමේ මධ්‍යස්ථාන වලට පහර දීමට එරෙහිව. ( මුලින් ඇමරිකාව කාර්ග් ප්‍රහාර ප්‍රතික්ෂේප කරත් මේ වෙනකොට ඒ ප්‍රහාර ප්‍රතික්ෂේප කරන්නේත් නෑ )

මොලේ මැරුණු නාකි මහල්ලන් තුන් දෙනෙක් විසින් ලෝකයම අර්බුදයට යවා අවසන්. ඉරානය හෝමුස් වහනකොට ට්‍රම්ප් කිව්වේ ඒක ලෝක ආර්ථිකයට දැනෙන්නේ නෑ , ලෝකයේ බලශක්තියට බලපාන්නේ නෑ හෝමුස් හරහා ගනුදෙනු වෙන්නේ ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් 20% කියලා. මොලේ මැරුනු ඇමරිකන් නාකි මහල්ලාට තේරුම් ගන්න බැහැ ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් 20% ඍජු අවශ්‍යතාවක් බිඳ වැටුණාට පස්සේ ලෝක ආර්ථිකයට වෙන්න පුළුවන් විනාශයේ ප්‍රමාණය.

මහා ලොකු ආර්ථික විද්‍යාත්මක තර්ක වලින් නැතුව හැමෝටම තේරෙන සරල අදහසකින් හිතුවොත් හෝමුස් හරහා නවතින 20% වුණු ලෝක බලශක්ති ඉල්ලුම නිසා ලෝක ආර්ථිකයෙන් 20% කඩාගෙන වැටෙනවා කියලා , ලෝක ආර්ථිකයෙන් 20% කියන්නේ ඩොලර් ට්‍රිලියන කීයක්ද ? මේ නාකි මහල්ලන්ට පුළුවන්ද මේ තරම් ලොකු විනාශයක් වෙනුවෙන් හානි පූර්ණය කරන්න?

ලංකාවත් පහුගිය කාර්තුවේ ලංකාවේ අපනයනය ඉතිහාසයේ වාර්තාවක් තියමින් ඩොලර් මිලියන 17300 ආදායමක් ඉපැයුවා , සංචාරක කර්මාන්තයේ ඉහළම ආදායම් උපයමින් ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම පැමිණීම වාර්තා කරා. විදේශ ශ්‍රමිකයන් විසින් එවන වැඩිම විදේශ මුදල් ප්‍රමාණය වාර්තා කරා. වර්තමාන Npp ආණ්ඩුව ඓතිහාසික ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගනිමින් හිටියේ අවුරුදු 38කට පස්සේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරගනිමින්.

ලෝක ආර්ථිකය විතරක් නෙමෙයි අඩාල වෙන්නේ ලංකාවේ ආර්ථිකයේත් අත්පත් කරගනිමින් හිටපු මේ දැවැන්ත ආර්ථික පිම්ම එක තැන නැවතීමට නියමිතයි. ලංකාවේ දැනට කරමින් පවතින සංවර්ධන වැඩ වලට අමතරව අලුතින් කිසිදු සංවර්ධන වැඩක් ආරම්භ කරන්න බැහැ. මේ අවස්ථාවේ අපි ලංකාවේ ඩොලර් සංචිතය රැකගන්න ඕනේ.

අපි දන්නවා මේ වෙනකොට රනිල් සජිත් නාමල් ජනාධිපති වෙනකල් බලාගෙන ඉන්න හැම එකාම රෑට නිදාගන්නේ පහුවදාට එලිවෙනකොට ලෝකයේ තියෙන අවසන් තෙල් ලිදත් විනාශ වෙලා ලංකාවේ තෙල් අන්තිම බිංදුවත් අවසන් වෙලා මිනිස්සු පාරට බැහැලා මේ ආණ්ඩුව එලෝලා උන්ගේ ඔලු ඇතුළේ ඉන්න එකෙක්ව ජනාධිපති වේවා කියලා හිතාගෙන.

අපිට උන්ගෙන් නෙමෙයි මේ රටේ බහුතරයක් වෙච්ච පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ගෝඨාභය රටට කෙලෝපු වෙලාවේත් අපි මේ රටේ පුරවැසි ප්‍රජාවෙන් ඉල්ලුවේ පුළුවන් තරම් අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න. අත්‍යාවශ්‍යම නොවන කිසිම ගමනක් තෙල් පුච්චගෙන යන්න එපා. හෝටලයකට ගිහිල්ලා බත් එකක් බෙදා ගන්නකොට සල්ලි දීලා කෑම ගන්නෙ කියලා දෙන්නෙක් විතර කන ප්‍රමාණය බෙදාගෙන කුණු කූඩෙට හලන්න එපා. සුපර් මාකට් එකේ හංදියේ කඩේ තියෙන තරම් බඩු ගෙනැල්ලා ගෙදර ගොඩගහලා තියාගන්න එපා.

2022 කාලේ අපිට කන්න නැති වුණේ තෙල් නැති වුණේ ගෑස් නැති වුණේ බෙහෙත් නැති වුණේ කරන්ට් නැති වුණේ පෝලිමේ ඉන්න වුණේ රනිල් රාජපක්ෂ කල්ලිය රටේ ආර්ථිකයට කෙලලා රටේ ඩොලර් නැති වෙච්ච නිසයි. දැන් රටේ කිසිම ඩොලර් ප්‍රශ්නයක් නෑ අපිට භාණ්ඩ ආනයනය කරන්න ඕනෑවටත් වැඩිය ඩොලර් තියෙනවා. කොච්චර ඩොලර් තිබ්බත් අපිට ඕනේ ඕනේ විදිහට බඩු ආනයනය කරන්න බැහැ.

ආණ්ඩුවත් දැන් ලැජ්ජාව පැත්තකින් තියලා පුරවැසියන් එක්ක මේ ප්‍රශ්නය බේරගන්න කතා කරන්න. පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් තරම් සකසුරුවම් වෙන්න කියලා. අපි කිසිම කෙනෙකුට යුද්ධයේ අවසානයක් කියන්න බැහැ වගේම යුද්ධය අවසන් වෙනකොට ලෝක ආර්ථිකයට වෙන්න පුළුවන් විනාශයේ ප්‍රමාණය කියන්නත් බැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ අපේ රටේ ආර්ථිකය විනාශ වෙන්න නොදී රැකගන්න කල හැකි සියලුම දේ කිරීම පමණයි.

12/03/2026

නුවන් සෙනවිරත්න හෙවත් බව්වා තමන්ගේ facebook පිටුවේ දැමූ චායාරෑපයක්.
අපට අගයක් නැතිඋනාට ඉන්දියාවට අගේ ඇති මිනිස්සු😪❤️

11/03/2026

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර 88.97 දක්වා පහත වැටී තිබෙනවා.

Colombotimes.lk

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Website

Address

Colombo
Colombo