Cricket with Travel

Cricket with Travel

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cricket with Travel, Sports, Gampaha.

29/05/2026

ලසිත් මාලිංග 2007 ලෝක කුසලාන තරගමාලාවේ දී

28/05/2026

මතකද ඒ ඉනිම..
ඉන්දියාව නැතිම කරලා දැම්මා...
ඉන්දීය කණ්ඩායමක් ලද දැවැන්තම පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ..

25/05/2026

ජොස් බට්ලර් ඉපදුනේ අද වගේ දවසක.... ඒ අදට වසර 12කට පෙර...

අවුරුදු 12ක් ආපස්සට යමුද මචන්... අද වගේ දවසක තමයි 2014 වර්ෂයේ එංගලන්තය - ශ්‍රී ලංකා සීතල යුද්දධය ආරම්භ වූ දිනය..

දිනය 2014 මැයි 25

ඒ යුද්ධය 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගය දක්වාම පැවතුන සීතලම සීතල යුද්ධයක් මචන්.. ඒ කාලේ අපේ ක්‍රිකට්වල ස්වරණවර්ණමය යුගය මචන්..

මතකද උඹලට 2014 කණ්ඩායමේ එංගලන්ත සංචාරය... ඒ සංචාරයේ එක්දින තරගාවලිය.. පළමු එක්දින තරගය එංගලන්තය දින්නා ලකුණු 81කින්....

දෙවන එක්දින තරගය පැවතුනේ අද වගේ දවසක.. ඒ 2014 මැයි 25. ඒ එක්දින තරගය එංගලන්තය පරාද වුනේ මහ කැත විදිහට මචන්.. ලකුණු 157කින් පරාද වුනා..

තරග සාරාංශය මෙන්න මෙහෙමයි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව 256/8 (50) පිලිතුරු ඉනිම එංගලන්තය ලකුණු 99කට සියල්ල දැවී ගියා...
විශිෂ්ඨ පන්දු යැවීම සචිත්‍ර⁣ සේනානායක පන්දුවාර 7.1 ලකුණු 13කට කඩුලු 4ක් බිඳ දමමින් සුද්දන්ට අම්මා මුත්තා සිහි කරා... ඒ තරගය එලෙස නිමයි

දෙවන එක්දින තරගයේ වාඩුව ගත් එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67කට සිල්ලම දවා ගනිමින් කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නවා තුන්වන එක්දින තරගයේ දී...

සිව්වන එක්දින තරගයෙන් ඒ වාඩුව යලි ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් විශිෂ්ඨ තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුනා. ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරත් සියලු ගෞරවය සහිත තරගයේ වීරයා සම්මානය ද ජොස් බට්ලර් හිමි කරගත්තා.. එදා බට්ලර් රැස් කරේ ඔහුගේ මංගල එක්දින ශතකයයි..

එදා බට්ලර් ලෝකයට පෙන්නුවා ඔහු අනාගතයේ හොඳ Attacking පිතිකරුවෙකු වෙන බවට.. මන්ද ඒ තරගයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ වැටුණ මොහොතක අවසන් පිතිකරුවන් සමඟ රැස් කල ශතකය.. නිසැක වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ ජයග්‍රහණය අවසන් පන්දුවාරය දක්වාම තීරණය රැගෙන ගිය පිතිකරුවා ඔහු...

ඒ වගේම එම තරගාවලියේ අවසාන එක්දින තරගයේ මන්කාඩ් කඩුල්ල ලෙස ඔහු දැවීගිය අතර එම තරගයේදීද විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගත් අතර එක්දින තරගාවලියද තරග 3/2 ක් ලෙස ජය ගන්නට සමත් වුනා..

ඔන්න සීතල යුද්ධය පටන්ගත්ත දවස මචන්... සචිත්‍ර⁣ සේනානායක අද ඉන්න තත්ත්වයට ඇද දැමුවේ ද ඔන්න ඔය එක්දින තරගය මචන්..

එම තරගාවලියේ ජොස් බට්ලර් කාගෙත් කතාබහට ලක් වුනා. ඇත්තටම ඒ කාලේ කොහෙවත් නැති කබ්බෙක් ෆෝම් කරා වගේ වැඩක් වුනේ...

. ඒ තරගාවලියේ දෙවන එක්දින තරගයේ ඔවුන් ලකුණු 99කට දැවී ගිය ලැජ්ජා සහගත පරාජය වූ තරගයේ සිටම ජොස් බට්ලර් කියන ක්‍රීඩකයා කැපී පෙනෙන්නට පටන්ගත්තා.. ඔහුගේ පිතිහරඹය සහ ඔහු කඩුලු රැකීමේ දී කඩුල්ල පිටුපස සිට ශ්‍රී ලංකා පිතිකරුවන්ව sledges කරා ...

ඒ තරගාවලියේ ජොස් බට්ලර් කියන ක්‍රීඩකයා ඉපදුනා කිව්වොත් හරියටම

අද 2024 මැයි 25 එංගලන්තයේ ජොස් බට්ලර් කියන විශිෂ්ඨ ක්‍රීඩකයා ඉපදිලා අවුරුදු 12ක්.. ඔහු අද එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරමින් කටයුතු කරනවා.. ඇත්තටම කිව්වොත් එංගලන්තයේ ක්‍රිකට්වල අදුරු කාල සීමාවක ඉපදී එංගලන්ත කණ්ඩායමට යලි පණ දෙන්නෙ ඔහුයි... වර්තමානයේ එංගලන්ත කණ්ඩායමේ සුදු පන්දුවේ විශිෂ්ඨම පිතිකරු වර්තමානයේ ඔහුයි.

ඔහු අද දින පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී විශිෂ්ඨ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුනා මේ පොස්ට් එක දැම්මේ ඒ මැච් එක බලද්දි අද දවසේ සිද්දිය මතක් වෙලා මේ Post එක උඩුගත කරේ...

- මහේෂ් ප්‍රබෝධ -

24/05/2026

සංගා මහේල සුසංයෝගය
2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ මහේලට සහ සංගාට එක් ඉනිමක ශතක වාර්තා කිරීමට ඉඩකඩ පහසුවෙන්ම උදා වෙලා තිබුනා කැනඩා කණ්ඩායමට එරෙහි තරගයේදී...

22/05/2026

මතකද එදා මැදපෙල කඩන් වැටෙද්දි එදගෙන ගිය පිතිකරුවන් දෙදෙනා..
Comment එකක් දාගෙන යමු කට්ටියම පිතිකරුවන් යුගලය



20/05/2026

මතකද ඉස්සර තාක්ෂයේ උපරිමය තිබ්බ යොවුන් පිතිකරුවෙක් හිටියා. ලහිරු තිරිමාන්න කියලා..

ඔහු මෑතකදී වැඩසටහනකට එක්වෙමින් මෙන්න මෙහෙම දෙයක් කියනවා.

"මම උදාහරණයක් විදිහට කිව්වොත් 2012 සිට 2015/ 14 අන්තිම වගේ වෙන කාලෙ මම හිතන්නේ ඒ කාලෙ තමයි ලංකාවෙ ක්‍රිකට් එකේ හැම පැත්තම හරි communication vice, coaching vice හැමදේම transparent. හැමදේම ක්‍රීඩකයත් දන්නවා coach ත් දන්නවා. ඒක සෑහෙන ලොකු දෙයක්. Results ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ ඒ කාලය තුල. World Cup එක දින්නා, Asia Cup එක දින්නා, England එක්ක Series එකක් දින්නා පළවෙනි වතාවට, t20 Series එක දින්නා. ඉතින් සෑහෙන ලොකු Results ආවා. හැබැයි මට හිතෙන්නෙ 2014 අන්තිම කාලෙන් පස්සෙ ඒ set up එක slowly, slowly මගහැරුනා. ඒක මාත් experience කරා. ඉතින් ඒක අවසනාවක්"

- ලහිරු තිරිමාන්න -

19/05/2026

කවුරුන් යාවිද?

පන්ජාබ්ද? රාජස්ථාන්ද?

17/05/2026

කුසල් මෙන්ඩිස් limited Overs format එකේ නායකත්වය හිමි වීමත් සමඟ එක්දින උප නායකත්වය දුනිත් වෙල්ලාලගෙට හිමිවීමට නියමිත බව වාර්තා වෙනවා...

16/05/2026

එදා සහ අද

16/05/2026

මතකද දවස

Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Gampaha