පුංචි අපිට චෙස් - Punchi Apita Chess

පුංචි අපිට චෙස් - Punchi Apita Chess

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පුංචි අපිට චෙස් - Punchi Apita Chess, Sports, 30/15, Poorna Lane, .

01/10/2021

හැම කෙනෙක්ගෙම දවස ලස්සන කරන
හැම කෙනෙකුගේම ජීවිතය ලස්සන කරන
අපේ මුළු ලෝකයම ලස්සන කරන
අපේ පුංචි දගකාරයන්ගේ දවස

පොඩිත්තනි ඔබට සතුටින් පිරි

ලෝක ළමා දිනයක්

"පුංචි අපිට චෙස්" පවුලේ අපි ආදරෙන් ....

“පුංචි අපිට චෙස්” Chess For Beginners Lesson #02 by FIDE Master Rajeendra Kalugampitiya 07/09/2021

“පුංචි අපිට චෙස්” වැඩසටහන් මාලාව විශේෂයෙන්ම නිර්මාණය වී ඇත්තේ මුල සිටම ඉතා සරලව චෙස් ක්‍රීඩාවේ මූලික කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම සඳහාය.
වයස් භේදයකින් තොරව මෙම වැඩසටහන් මාලාව අවසානයේ දී ඕනෑම නවක ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට චෙස් ක්‍රීඩාවේ මූලික දැනුම ඉතාමත් නිවැරදි ලෙස ග්‍රහණය කරගත හැකි වනු ඇත.

දෙවන වැඩසටහන තුලදී චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ගය පිළිබඳව සාකච්ඡා කෙරේ. තරගයක් ආරම්භ කිරීමේදී චෙස් පුවරුව මත ඉත්තන් තිබිය යුතු අකාරයද මෙම වැඩසටහන තුලදී සාකච්ඡා කෙරේ.
මෙම වැඩසටහනෙන් පසුව චෙස් පුවරුව මත ඉත්තන් නිසියාකාරව තැබීමටත්, චෙස් ඉත්තන්ගේ මූලික ඇදීම් පුහුණු කිරීමටත් උත්සාහ කරන්න. සැමවිටම ඉගෙන ගන්නා දැනුම භාවිතා කිරීමට උත්සාහ කිරීම හරහා දක්ෂ ක්‍රීඩකයෙකු වීමට හැකි බව සිහිතබාගන්න.

ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවය ඇතුළු ප්‍රධාන පෙළේ තරඟාවලි බොහෝමයක් ජයග්‍රහණය කර ඇති FIDE Master රජීන්ද්‍ර කලුගම්පිටිය ශ්‍රී ලංකාවේ ජාතික චෙස් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කටයුතු කොට ඇත. ආසියානු හා ලෝක මට්ටමේ ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයකගේ පුහුණුකරු ලෙස කටයුතු කොට ඇති ඔහු ශ්‍රී ලංකාව තුළ සිටින එකම FIDE Trainer තත්වය ලද චෙස් පුහුණුකරුද වෙයි. ශ්‍රී ලංකා ජාතික චෙස් සම්මේලනයේ උපසභාපති හා ජාතික චෙස් පුහුණුකරුවන් සඳහා වූ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.

අපේ Facebook ගිණුම: https://www.facebook.com/punchiapitac...

අපේ Instagram ගිණුම: https://www.instagram.com/punchiapita...

“පුංචි අපිට චෙස්” Chess For Beginners Lesson #02 by FIDE Master Rajeendra Kalugampitiya අපේ Facebook ගිණුම: https://www.facebook.com/punchiapitachessඅපේ Instagram ගිණුම: https://www.instagram.com/punchiapitachess/“පුංචි අපිට චෙස්” වැඩසටහන් මාලාව...

“පුංචි අපිට චෙස්” - Chess For Beginners - Lesson #01 24/08/2021

“පුංචි අපිට චෙස්” වැඩසටහන් මාලාව විශේෂයෙන්ම නිර්මාණය වී ඇත්තේ මුල සිටම ඉතා සරලව චෙස් ක්‍රීඩාවේ මූලික කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම සඳහාය.
වයස් භේදයකින් තොරව මෙම වැඩසටහන් මාලාව අවසානයේ දී ඕනෑම නවක ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට චෙස් ක්‍රීඩාවේ මූලික දැනුම ඉතාමත් නිවැරදි ලෙස ග්‍රහණය කරගත හැකි වනු ඇත.

පළමු වැඩසටහන තුළදී චෙස් පුවරුව පිළිබඳ මූලික කරුණු සාකච්ඡා කෙරේ. චෙස් ඉත්තන්ට මෙන්ම චෙස් පුවරුවේ ඇති සෑම කොටුවකටමද නමක් ඇති අතර මෙම චෙස් පුවරුව පිළිබඳ මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වේ.

ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවය ඇතුළු ප්‍රධාන පෙළේ තරඟාවලි බොහෝමයක් ජයග්‍රහණය කර ඇති FIDE Master රජීන්ද්‍ර කලුගම්පිටිය ශ්‍රී ලංකාවේ ජාතික චෙස් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කටයුතු කොට ඇත. ආසියානු හා ලෝක මට්ටමේ ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයකගේ පුහුණුකරු ලෙස කටයුතු කොට ඇති ඔහු ශ්‍රී ලංකාව තුළ සිටින එකම FIDE Trainer තත්වය ලද චෙස් පුහුණුකරුද වෙයි. ශ්‍රී ලංකා ජාතික චෙස් සම්මේලනයේ උපසභාපති හා ජාතික චෙස් පුහුණුකරුවන් සඳහා වූ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.

Youtube Channel: https://www.youtube.com/channel/UCwmiNpv523eDRZKidtCzckA
Instagram: https://www.instagram.com/punchiapitachess/

“පුංචි අපිට චෙස්” - Chess For Beginners - Lesson #01 “පුංචි අපිට චෙස්” වැඩසටහන් මාලාව විශේෂයෙන්ම නිර්මාණය වී ඇත්තේ මුල සිටම ඉතා සරලව චෙස් ක්‍රීඩාවේ මූලික කරුණු පිළි....

Want your business to be the top-listed Gym/sports Facility?

Website