Titans Vs United
Titans Sport Club Kandy
All who wished to be mentored in the game of cricket can be joined.
An upcoming cricket club commenced to boost up young and talented players and facilitate coaching, training sessions and opportunities to participate in tournaments.
17/04/2026
🏏🔥 𝐖𝐨𝐧 𝐢𝐧 𝐒𝐭𝐲𝐥𝐞 🔥🏏
💪 𝐀 𝐝𝐨𝐦𝐢𝐧𝐚𝐧𝐭 𝐭𝐞𝐚𝐦 𝐩𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞…
✨ 𝐀 𝐦𝐨𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫…
💯 Dilmika Dodanthenna 𝐬𝐦𝐚𝐬𝐡𝐞𝐬 𝐡𝐢𝐬 𝐦𝐚𝐢𝐝𝐞𝐧 𝐜𝐞𝐧𝐭𝐮𝐫𝐲! 🔥👑
🚀 𝐓𝐡𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐨𝐟 𝐠𝐫𝐞𝐚𝐭𝐧𝐞𝐬…
💙🔥
ගිය වසරේ අප කණ්ඩායම සහභාගී වූ 15 වන තරඟය ප්‍රබල UNITED ක්‍රීඩා සමාජය සමඟ සැප්තැම්බර් 6 වන දින සුන්දර වික්‍රමභාහු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. UNITED Cricket සමාජය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රභල ක්‍රිකට් සමාජයක් වන අතර ගම්පොළ ප්‍රදේශය මූලික කරගනිමින් තරඟාවලි හා තරඟවල නිරතවෙමින් ප්‍රභල ස්ථානයක රැඳී සිටින කණ්ඩායමකි.
අප කණ්ඩායම කාසිය වාසිය ජයග්රහණයෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබූ අතර, එම තීරණය සාර්ථක තීරණයක් බවට මනා ලෙස විදහා දැක්වූ අප ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 84ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
ආරම්භක පිතිකරු Dilmika Dodanthenna UNITED ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නන් හට සතර අතේ පහර දෙමින් ගිය වසරේ ලබාගත් පළවන ශතකය UNITED කණ්ඩායමට එරෙහිව මෙම තරඟයේදී ලබා ගන්නා ලදි.
තෙවන කඩුල්ල ලෙස Dilmika dodantenna දැවී යන විට පන්දු 85ක් තුළ ලකුණු 104ක් ලබා සිටියේය. එම ඉනිම 4 පහර 14කින් වර්ණවත් විය.
අප කණ්ඩායම් ලකුණු පුවරුව, නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 9කට ලකුණු 290ක් ලෙස සනිටුහන් විය. එම ඉලක්කයට යාමට අප කණ්ඩායමේ මැද පෙළ සාර්ථක ඉනිම් කිහිපයක්ම වාර්තා විය. Dineth theekshana 4 පහර 4ක් සහ 6 පහර 2ක් සමඟින් පන්දු 34කදී ලකුණු 43ක් වාර්තා කල අතර නායක Chaleen Sasanka Nawarathneනොදැවී පන්දු 21 කදී වේගවත් ලකුණු 35ක් වාර්තා කරන ලදි. එම ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 2කින් වර්ණවත් විය.
දිවා ආහාරයෙන් අනතුරුව ලකුණු 291 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පැමිණි UNITED කණ්ඩායමේ පිතිකරුවන් හට සාර්ථක වීමට අප පන්දු යවන්නන් කිසි විටකත් ඉඩ ලබා නොදුන්නේය.ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Thushara Namal පන්දුවාර 5කදී ලකුණු 35කට කඩුලු 3ක් ලබා ගන්නා ලදි. ඔහුට නොදෙවෙනි සහයෝගයක් ලබා දුන් Harendra Mahagedara පන්දුවාර 2යි පන්දු 2කදී ලකුණු 10කට කඩුලු 2ක් ලබාගන්නා ලදි.
Dilshan Dimuth, Malitha Etipola ,Asanka bandara, Dineth Theekshana අතර එක් කඩුල්ල බැගින් බෙදීගියේය. ඒ අනුව UNITED කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 183ක් පමණි.
ඒ අනුව අප කණ්ඩායමට ලකුණු 107ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකිවිය.මෙය ලකුණු 100ක් හෝ ඊට වැඩි පරතරයකින් අප කණ්ඩායම ජයග්‍රහණය කල සිව්වන තරඟයයි.
UNITED කණ්ඩායම වෙනුවෙන් Naleemdeen ලකුණු 36ක්ද Fahim ලකුණු 30ක්ද Farees ලකුණු 34ක් බැගින් ලබා ගන්නා ලදි.
මෙම තරඟය සංවිධානය කිරීමට සහයෝගට ලබාදුන් අප කණ්ඩායමේ Harendra B Mahagedara ට අපගේ ස්තූතිය පලකරන්නෙමු. තවත් තරඟ විස්තරයකින් ඉතා ඉක්මනින් හමුවෙමු.
13/04/2026
𝐀𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐲𝐞𝐚𝐫, 𝐚𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝐟𝐨𝐫 𝐨𝐮𝐫 𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐟𝐚𝐦𝐢𝐥𝐲 ❤️
✨ 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐰𝐞 𝐫𝐢𝐬𝐞
🏆 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐰𝐞 𝐰𝐢𝐧
🌸 𝐒𝐮𝐛𝐚 𝐀𝐥𝐮𝐭𝐡 𝐀𝐯𝐮𝐫𝐮𝐝𝐝𝐚𝐤 𝐖𝐞𝐰𝐚! 🎉✨
💪🔥
05/04/2026
From Titans nets to the spotlight…
Hard work turned into greatness.
Best Bowler of the Year – Imeth Rajapaksha.
Congratulations champion! 🏏⚡
Award ceremony held @ Kandy District cricket association office on 29.03.2026
25/03/2026
One match to them.
The rest to Titans.
Now we meet again. ⚔️
Titans Sport Club 🆚 Theldeniya Police Division
📲 Live scores on Stumps app
17/03/2026
24/25: Sensational.
2026: Titans rise.
6 battles. 6 victories.
Top performances.
The stage is ours 🎬⚡🏏💥
10/03/2026
Our Backyard. Our Fortress.
After a long time… we return to Matale.
The place we know best.
The place we defend with pride.
Matale – Titans Territory. 🏏🔥
One Dream. One Team.
07/03/2026
Elegance in play.
Power in victory.
Titans. More Than a Club. 🛡️🏏🔥
Titans කණ්ඩායම සහ තෙල්දෙණිය පොලිස් කණ්ඩායම අතර 3 වන තරඟය අගෝස්තු මස 30 වන දින අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මින් පෙර පැවති තරඟ සම සමව ජයගෙන තිබූ නිසා මෙම තරඟය ජයග්‍රහණය දෙපිලටම වාසිදායක තත්වයක් විය.සුපුරුදු පරිදි කාසිය වාසිය ජයගත් අප කණ්ඩායම අස්ගිරිය ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය.
එම තීරණය හොඳ තීරණයක් බව සනිටුහන් කරමින් අප කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අර්ධ ශතක සම්බන්ධතාවයක් පවත්වන ලදි.
අවාසනාවන්ත ලෙස අපගේ සුපිරි පිතිකරු Isura madubashana දුවද්දී දැවී යන විට පන්දු 34කදී ලකුණු 40ක් ලබා සිටියේය.ඉන් අනතුරුව කඩුල්ලේ එකතු වූ ජ්‍යෙෂ්ඨ පිතිකරු Thushara Namal කෙමෙන් කෙමෙන් අප ඉනිම ස්ථාවර කරන ලදි. අප කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් ඉතා විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරමින් ගිය තරඟයේදී සිදුවූ අඩුපාඩු මෙම තරඟයේදී නිවැරදි කරගන්නා ලදි.
අංක 3 පිතිකරන ස්ථානය තහවුරු කරගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල Thushara Namal පන්දු 65කදී ලකුණු 63ක් ලබා ගන්නා ලදි.
එම ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 2ක් අන්තර්ගත විය. ඉන් අනතුරුව කඩුල්ලේ එක්වූ යොවුන් වමත් හැඩකාර පිතිකරු Dineth Theekshana වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් තමන්ගේ අර්ධ ශතක මල්ලට තවත් අර්ධ ශතකයක් එක් කරගන්නා ලදි. ලකුණු 51ක් ලබා ගෙන සිටියදී ඔහු දැවී යන විට ඔහුගේ ඉනිම 4 පහර 5ක් සහ 6 පහර 3කින් වර්ණවත් විය.
ඉන් අනතුරුව තරඟය ට නැවතත් අවතීර්ණ වූ පොලිස් කණ්ඩායම ඉතා ඉක්මනින් අපගේ කඩුලු ලබාගනිමින් පීඩනය අප කණ්ඩායම වෙතට යොමු කරන ලදි. නමුත් අවසාන කඩුල්ලට එක්වූ Dilmika Dodantenna හා Malitha Etipola ලකුණු 48ක සම්බන්ධතාවයක් ගොඩනගමින් අප කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 300 දක්වා ඉහළ දැමීමට සමත් විය. එම සම්බන්ධතාවයට Dilmika dodantenna පන්දු 31 කින් ලකුණු 33ක්ද Malitha Etipola පන්දු 14කදී ලකුණු 14ක්ද ලබාගෙන දායකත්වය සැපයීය.
ඒ අනුව අප කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 317ක් ලබා ගන්නා ලදි.
දිවා ආහාරයෙන් අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ තෙල්දෙණිය පොලිස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අප කණ්ඩායම ඉඩ ලබා නොදුනි. ඔවුන් තෙල්දෙණිය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 100ක් ඇතුළත දවා ගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට තරඟය ඔසවා තබනලදි. නමුදු සටන ලෙහෙසියෙන් අත් නොහරින පොලිස් කණ්ඩායමේ Yapa Bandara සහ Wasantha 6 වෙනි කඩුල්ලට ලකුණු 77ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනගමින් අප කණ්ඩායමේ ජයග්‍රහණය පමා කරන ලදි. එනමුත් විගසින් ක්‍රියාත්මක වන අපගේ දඟ පන්දු බලෑණිය අනෙකුත් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් අප කණ්ඩායමට ලකුණු 113 ක විශිෂ්ට ජයග්‍රහණය ක් සඳහා ඉඩ ප්‍රස්තාව සකසා දෙන ලදි.
පොලිස් කණ්ඩායමේ ඉනිම සුනුවිසුනු කල අපගේ දඟයන් වන Thushara Namal තම පන්දුවාර 8 තුළ නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 37 කට කඩුලු 3ක් දවා ගන්නා ලදි. Isura madubashana පන්දුවාර 3යි එක් පන්දුවකදී ලකුණු 28කට කඩුලු 3ක් ද Sudath hapukotuwa පන්දුවාර 2කදී ලකුණු 13කට කඩුලු 2ක්ද ලබා ගන්නා ලදි.
ඒ අනුව තරඟාවලියේ තරඟ 3ක් ක්‍රීඩා කර ඉන් තරඟ 2ක් ජයගනිමින් තරඟාවලියේ ඉදිරියෙන් සිටිමින් අගෝස්තු 30 වන දිනය අප කණ්ඩායම ජයග්‍රාහී ලෙස නිමකරන ලදි.
මෙම තරඟය සංවිධානය කිරීමට අපට උපකාරී වූ පොලිස් කණ්ඩායමේ Godamunna මහතාට සහ අප කණ්ඩායමේ Harendra Mahagedara මහතාට අපගේ හර්දයාංගම ස්තූතිය මෙසේ පල කරන්නෙමු.
නැවත තවත් උද්වේගකර ක්‍රීඩා විස්තරයකින් ඉක්මනින් හමුවෙමු.
24/02/2026
It’s Game Day in Hatton. ❄️
Cool air. Calm hills.
Ice 🧊 vs Fire 🔥
Weather stays cool.
We bring the heat.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
, Ambatenna
Kandy
20136