28/10/2025
Kandy District Baseball Association
This is the Kandy District Official page to Promote Baseball & Nurture Elite Sportsmanship
28/10/2025
18/12/2023
Congratulations Kandy Baseball Club for winning Central Baseball League 🏆
01/12/2022
30/11/2022
මහනුවර දස්ත්‍රික් අන්තර් පාසල් අවුරැදු 16න් පහල බේස්බෝල් තරඟාවලිය 2022
මහනුවර දිස්ත්‍රික් බේස්බෝල් සංගමය මගින් සංවිධානය කරන ලද ඉහත තරඟාවලිය
2022 නොවැම්බර් මස 06, 07 සහ 15 යන දින වලදි රණබිම රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත් වූවා
එයට මහනුවර දිස්ත්‍රික්කයේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් 07 ක් සහභාගි වූවා.
01. රණබිම රාජකීය විදුහල
02. කිංස්වුඩ් විදුහල
03. ධර්මරාජ විදුහල
04. කිරිබත්කුඹුර ස්වර්ණජෝති
විදුහල
05. රාහුල විදුහල
06. ගුරැදෙනිය මහා විදුහල
07.ලුම්බිණි රාජකීය විදුහල
06 වන දින උදෑසන ප්‍රධාන අාරාධිතයා වන රණබිම රාජකීය විදුහලේ ගරැ විදුහල්පති රංජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සංගමයේ නිළධාරීන්ගේ සහ ඉහත සියලු පාසල්වල බේස්බෝල් භාර අාචාර්යවරැනගේ සහභාගීත්වයෙන්, සමාරම්භක උත්සවයෙන් පසු තරඟ අාරම්භ වූවා.
මෙම තරඟාවලිය පලමු වටයේදී පරාජිතයන්ටද නැවත තරඟාවලියට පැමිනිය හැකි (Double knock-out) ලෙස පැවැත්වූවා.
ස්වර්ණජෝති සහ කිංස්වුඩ් විදුහල් අතර තරඟයෙන් තරඟාවලිය අාරම්භ වූවා.
07වන දින වැසි තත්වය නිසා අවසන් තරඟ දෙක 15 වන දින පැවැත්වූවා.
07වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම සහ අාදි රණබිම රාජකීය කණ්ඩායම අතර ප්‍රදර්ශණ බේස්බෝල් තරඟයක් (Exhibition Match) පැවැත්වූවා.
15වන දින ප්‍රධාන අාරාධිතයා ලෙස මේජර් ජෙනරල්(විශ්‍රාමික) ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන්, රණබිම රාජකීය විදුහලේ විදුහල්පතිතුමන්, ධර්මරාජ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගමගෙදර මහත්මානන්, බේස්බෝල් භාර අාචාර්යවරැන් සහ සංගමයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් තරඟාවලියේ අවසන් උත්සවයෙන් පසු අවසන් පූර්ව තරඟය (ධර්මරාජ සහ ස්වර්ණජෝති විදුහල් අතර) සහ අවසන් මහා තරඟය (ධර්මරාජ සහ රණබිම රාජකීය විදුහල් අතර)
අවසන් මහා තරඟය ඉතා තියුනු මුහුනුවරක් ගත් අතර 10 - 09 ලෙස රණබිම රාජකීය විදුහල ජයග්‍රහණය කළා. ධර්මරාජ විදුහල දෙවන ස්ථානය හිමි කරගත් අතර ස්වර්ණජෝති විදුහල තෙවන තැනට පත්විය.
කුසලතා සම්මාන
Best Batter/Hitter - ධර්මරාජ
Best Pitcher - ධර්මරාජ
Best Catcher - ස්වර්ණජෝති
Best Fielder - රණබිම රාජකීය
Best Player of the Tournament - රණබිම රාජකීය
We the Kandy District Baseball Association warmly welcome you to join, like & follow this page
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20000