13/04/2026
ඔස්ට්‍රේලියාවත් පරාජය කරමින් 19 පහළ ක්‍රීඩිකාවෝ යළිත් දස්කම් දක්වති! 🏏🇱🇰
ශ්‍රී ලංකා කාන්තා U19 කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය ආධිපත්‍යය යළිත් වරක් තහවුරු කර තිබේ. ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුව, අද පැවැති තීරණාත්මක තරගයේදී ලොව ප්‍රබලතම කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියානු කාන්තා U19 කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට අපේ ක්‍රීඩිකාවන් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 91ක් පමණි. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉතා සැලසුම් සහගතව පන්දු යැවූ අතර, එහිදී ලිමන්සා තිලකරත්න ලකුණු 26කට කඩුලු 3ක් දවාගනිමින් ප්‍රතිවාදී ඉනිම අඩපණ කළාය. චමුදි ප්‍රබෝධාද කඩුලු 2ක් දවාගනිමින් ඇයට මනා සහයෝගයක් ලබා දුන්නාය.
ලකුණු 92ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 19.3කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්හ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රමුදි මෙත්සරා නොදැවී ලකුණු 21ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවාය.🏆🔥
08/04/2026
ශ්‍රී ලංකා කාන්තා U19 කණ්ඩායමට විශිෂ්ඨ ජයක් 🏆
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එංගලන්ත කාන්තා U19 කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 52ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අපේ සිංහ ධේනුවෝ සමත් වූහ.
කාන්තා U19 තුන්කොන් තරගාවලිය යටතේ ඉයන් හීලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද අතිවිශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලිමන්සා තිලකරත්න අගනා අර්ධ ශතකයක් (51) රැස් කළ අතර, ශෂිනි ගිම්හානි ලකුණු 39ක් ලබා ගනිමින් ලකුණු පුවරුව ශක්තිමත් කළාය. සියලුම ක්‍රීඩිකාවන් දැඩි කැපවීමකින් ක්‍රීඩා කරමින් ඕවර 42.4කදී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි. අසේනි තලගුණේ සහ චමුදි ප්‍රබෝධා කඩුලු 3 බැගින් දවා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 118කට සීමා කළහ.
07/04/2026
මේ ගැන මොකක්ද අදහස්? 👇
🏏 ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් තිබුණු තැනටම අපි අරන් එනවා. ඒක අපි නියත ලෙසම කරනවා.
- ක්‍රීඩා ඇමති සුනිල් කුමාර
මේ අතර බංග්ලාදේශ රජය විසින් අමිනුල් ඉස්ලාම්ගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (BCB) නව සභාපතිවරයා ලෙස තමීම් ඉක්බාල් පත් කර ඇත.
02/04/2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජාතික අධි සාධන මධ්‍යස්ථානයට (High Performance Center) නව ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනෙකු එක්වෙයි! 🏏
✅ රයන් වෑන් නීකර්ක් (Ryan van Niekerk): නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු, දැන් ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස.
✅ ජෝර්දාන් ග්‍රෙගරි (Jordan Gregory): ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස.
නෙදර්ලන්ත කණ්ඩායම ජාත්‍යන්තර තලයේ දැක්වූ දක්ෂතා පිටුපස සිටි මෙම අත්දැකීම් බහුල පුහුණුකරුවන් දෙපළ 2026 අප්‍රේල් 15 සිට සිය සේවය ආරම්භ කිරීමට නියමිතයි.
31/03/2026
ජාතික සුපිරි ලීග් සිව්දින තරගාවලිය සඳහා සංචිත නම් කර අවසන් 🏏
ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම රටාවෙන් එකිනෙකා සමඟ සටන් වැදීමට සූදානම්. අවසානයේ ජයග්‍රහණය කා සතු වේවිද? 🇱🇰🔥
30/03/2026
🏆🏆🏆
IPL 2026: මුම්බායි ඉන්දියන්ස් පිළට විශිෂ්ට ජයක්! 🏏🔥
ඊයේ රාත්‍රියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති උණුසුම් මුහුණුවරක් ගත් IPL තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් KKR කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 220ක් රැස් කළා. ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය MI කණ්ඩායම, පන්දුවාර 19යි එක් පන්දුවක් (19.1) තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළා.
තරගයේ විශේෂ අවස්ථා:
✅ KKR: 220/4 (පන්දුවාර 20)
✅ MI: 224/4 (පන්දුවාර 19.1)
✅ ජයග්‍රහණය: MI කඩුලු 6කින් (පන්දු 5ක් ඉතිරිව තිබියදී)
මුම්බායි ක්‍රීඩකයින්ගේ මෙම අතිවිශිෂ්ට පිතිකරණය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. 👇