Kite Sri Lanka Organization

  • Home
  • Kite Sri Lanka Organization
Call Website Contact the business

Kite Sri Lanka Organization It is the first ever attempt of creating a national club for kiting which eventually grown into a Kite Association & Event Management Firm.

The National Kite Association

"Since 2009, Kite Sri Lanka has represented Sri Lankan kite culture on the international stage while promoting safe, responsible, and environmentally friendly kite flying at home." Kite Sri Lanka is the most prominent Kite Association of the country which was established in 2008 at Negombo with a view of popularizing kite flying as a sport island wide. We brought the image of Sri Lanka to the international arena by actively participating in number of International Kite Festivals representing our heredity of kites wrapped up with creativity. Kite Sri Lanka Association is responsible for organizing the National Kite Festival & Competition, “Nil AhaseWasanthaya” falls in August each year. The event makes a platform for thousands of local and foreign kite lovers to enjoy kite flying by participating in number of kite related events and competitions. We organize kiting events for the Government and Corporate sectors, Societies and Personal needs. The recently concluded largest government involved Kite Festival was organized by Kite Sri Lanka Association collaboratively with the Ministry Social Integration in the presence of His Excellency President MahindaRajapaksha. We are unique and experts in organizing any kite relevant event within the country.

🪁💛 දරුවන්ගේ සිනහවෙන් වර්ණවත් වන  සරුංගල් අහසක්!දරුවන්ගේ සතුට, පවුල්වල එකමුතුකම සහ සරුංගල් කලාවේ සුන්දරත්වය එකට එක්වන Fam...
10/10/2026

🪁💛 දරුවන්ගේ සිනහවෙන් වර්ණවත් වන සරුංගල් අහසක්!

දරුවන්ගේ සතුට, පවුල්වල එකමුතුකම සහ සරුංගල් කලාවේ සුන්දරත්වය එකට එක්වන Family Kites Festival දෙහිව, නැදිමාල සිරිසේන දහනායක ක්‍රිඩාන්ගනයේ දී අද දින ආරම්භ වී තිබෙනවා. 🇱🇰🪁

සරුංගලයක් අහසට යවන සතුට විඳින දරුවන්ට, ඒ සතුට ආරක්ෂිතව අත්විඳීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමත් අප සියලු දෙනාගේ වගකීමක්.

දරුවන්ගේ සිහින අහසට පියාසර කරවමින්, ආදරය, සතුට සහ ආරක්ෂාව පිරි සුන්දර ළමා මතකයන් නිර්මාණය වන මෙවැනි අවස්ථා තවත් වැඩි වේවා! 💛

Kite Sri Lanka 🪁🇱🇰
Fly Safe • Protect Lives • Protect Nature

🪁 ලෝක ළමා දිනය වෙනුවෙන් සරුංගල් සැණකෙළියක්!ලෝක ළමා දිනයට සමගාමීව Community Hearts Foundation විසින් සංවිධානය කරන සරුංගල්...
06/10/2026

🪁 ලෝක ළමා දිනය වෙනුවෙන් සරුංගල් සැණකෙළියක්!

ලෝක ළමා දිනයට සමගාමීව Community Hearts Foundation විසින් සංවිධානය කරන සරුංගල් තරගය සහ විනෝද වැඩසටහනක්. 🪁❤️

මෙහි විනිශ්චය කටයුතු සඳහා Kite Sri Lanka සම්බන්ධ වේ. 🪁🇱🇰

දරුවන්ගේ නිර්මාණශීලීත්වය, විනෝදය සහ සරුංගල් කලාව එකට එක්වන සුන්දර දිනයක් වේවා! 🌈

KITE SRI LANKA 🇱🇰🪁

🪁💛 ළමා දිනයක් කියන්නේ සිනහවක් සමරන දවසක් විතරක් නොවේ…සෑම දරුවෙකුටමසිහින දකින්නත්,නිදහසේ සෙල්ලම් කරන්නත්,අලුත් දේවල් ඉගෙන...
01/10/2026

🪁💛 ළමා දිනයක් කියන්නේ සිනහවක් සමරන දවසක් විතරක් නොවේ…

සෑම දරුවෙකුටම
සිහින දකින්නත්,
නිදහසේ සෙල්ලම් කරන්නත්,
අලුත් දේවල් ඉගෙන ගන්නත්,
තමන්ගේම අහසක් සොයාගෙන ඉහළට පියාසර කරන්නත්
අයිතියක් තිබිය යුතුය. 🌈🪁

අද අපි දරුවන්ගේ සිහිනවලට ඉඩ දෙමු.
ඔවුන්ගේ සිනහව ආරක්ෂා කරමු.
ඔවුන්ට ආදරයෙන්, ආරක්ෂාවෙන් සහ නිදහසින් පිරුණු අනාගතයක් ගොඩනගමු. 💛

Let every child dream.
Let every child play.
Let every child fly.🪁✨

ලෝකයේ සෑම දරුවෙකුටම ආදරය, ආරක්ෂාව සහ සතුට පිරි
සුන්දර ළමා දිනයක් වේවා! 🌍💛

Kite Sri Lanka Organization 🪁🇱🇰
Fly Safe • Protect Lives • Protect Nature

🌍 WORLD TOURISM DAY 2026September 27🪁 Discover Sri Lanka. Feel the Culture. Fly the Sky.Tourism is more than visiting a ...
27/09/2026

🌍 WORLD TOURISM DAY 2026
September 27

🪁 Discover Sri Lanka. Feel the Culture. Fly the Sky.

Tourism is more than visiting a destination — it is about discovering stories, experiencing traditions, meeting people, and connecting with the culture of a place.

From our ancient heritage and vibrant traditions to our beaches, mountains, forests and endless blue skies, Sri Lanka offers a journey filled with experiences.

And flying a kite is one of those simple experiences that connects people with *our culture, our creativity and our sky.* 🪁

On this World Tourism Day, *Kite Sri Lanka* celebrates the beauty of Sri Lanka and the cultural spirit carried through the art of kite flying.

🇱🇰 Explore Sri Lanka.
❤️ Respect the Culture.
🪁 Support the Heritage.
🌤️ Fly the Sky.

Happy World Tourism Day 2026!

🪁 KITE FESTIVAL 2026 | NEGOMBONegombo Beach එකේ පැවැති Sri Lanka Scout Association – Negombo District Kite Festival 2026...
23/09/2026

🪁 KITE FESTIVAL 2026 | NEGOMBO

Negombo Beach එකේ පැවැති Sri Lanka Scout Association – Negombo District Kite Festival 2026 අවස්ථාවේ තවත් සුන්දර මතක කිහිපයක්. 🪁💙

Scouts සහ Cubs එක්ව ගත කළ සුන්දර දවසක මතකයන්… ❤️

Let the sky always have a place for kites. 🪁🌈

KITE SRI LANKA 🇱🇰🪁

19/09/2026

🪁මේ නිල් අහස අපෙයි....

🪁🇱🇰

🌍🪁 සරුංගල් ලෝකයේ ඉතිහාසයෙන්…  #01DUNFORD FLYING MACHINE 🇬🇧🪁සරුංගල් ලෝකයේ වෙනසක් ඇති කළ නිර්මාණයක්සරුංගලයක් කියන්නේ නූලකි...
17/09/2026

🌍🪁 සරුංගල් ලෝකයේ ඉතිහාසයෙන්… #01

DUNFORD FLYING MACHINE 🇬🇧🪁

සරුංගල් ලෝකයේ වෙනසක් ඇති කළ නිර්මාණයක්

සරුංගලයක් කියන්නේ නූලකින් අහසට යවන සරල සෙල්ලම් භාණ්ඩයක් විතරක් නෙවෙයි…

කාලයත් එක්ක සරුංගලය නිර්මාණශීලීත්වය, තාක්ෂණය සහ පියාසර කිරීම පිළිබඳ අත්හදා බැලීම් සඳහාත් යොදාගෙන තියෙනවා. 🪁✈️

ඒ ඉතිහාසයේ වැදගත් නිර්මාණයක් තමයි Dunford Flying Machine.

මෙය නිර්මාණය කළේ Don Dunford, Royal Air Force හි ඉංජිනේරු අංශයේ Squadron Leaderවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

Don Dunford 1960 දශකයේ සිට මෙම නිර්මාණය සංවර්ධනය කරමින් වසර 15කට ආසන්න කාලයක් අත්හදා බැලීම් සිදුකර තිබූ අතර, prototypes 90කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ බව historical records සඳහන් කරනවා.

1970දී මෙම නිර්මාණය සඳහා patent application එකක් ඉදිරිපත් කර තිබෙන අතර, 1970 දශකයේදී එය Dunford Flying Machine නමින් ප්‍රසිද්ධ වුණා.

විශේෂත්වය වුණේ මෙය two-line steerable / stunt kite එකක් වීමයි.

සරුංගලය පාලනය කිරීමට නූල් දෙකක් භාවිත කළ නිසා, සාමාන්‍ය සරුංගලයකට වඩා ඉතා නිවැරදිව හැරවීම් සහ විවිධ ගුවන් චලන සිදු කිරීමට හැකියාව තිබුණා.

Cochranes of Oxford සමඟ එක්ව පසුව මෙම සරුංගලය නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු වූ අතර, ඔවුන්ගේ historical records අනුව Dunford Flying Machine එක ලොව පළමු two-line stunt kite ලෙස සැලකෙනවා.

එදා නිර්මාණය වූ මේ අපූරු සරුංගලය, පසුව ලෝකයේ dual-line / stunt kite සංස්කෘතිය වර්ධනය වීමට වැදගත් පියවරක් බවට පත්වුණා. 🪁

සරුංගලයක නූල් දෙකක් එකතු කළාම…

අහසේ පියාසර කරන ආකාරයම වෙනස් වෙන්න පුළුවන්. ❤️

🌍🪁 FROM THE HISTORY OF KITES… #01

DUNFORD FLYING MACHINE 🇬🇧🪁

A design that helped change the world of stunt kites

A kite is not simply something attached to a string and flown in the sky.

Throughout history, kites have also been used for experimentation, creativity, technology and the exploration of flight. 🪁✈️

One remarkable design in that history is the **Dunford Flying Machine**.

It was developed by **Don Dunford**, a former Royal Air Force engineering officer who later became a Squadron Leader.

Don Dunford began developing the concept in the 1960s and spent around 15 years refining the design. Historical records state that he produced more than 90 prototypes during the development process.

A patent application for the Dunford Flying Machine was filed in 1970, and the design became known as the *Dunford Flying Machine* during the 1970s.

What made it special was its **two-line steerable / stunt kite** design.

Using two control lines allowed the kite to be steered with remarkable precision, making turns and aerial manoeuvres that were very different from those of a conventional single-line kite.

The design was later manufactured and distributed through *Cochranes of Oxford*, who describe the Dunford Flying Machine as the world's first two-line stunt kite.

This remarkable kite became an important part of the development of *dual-line and stunt kiting* around the world. 🪁

Two lines…

And a whole new way of flying. ❤️

KITE SRI LANKA 🇱🇰🪁
Exploring the history, culture and evolution of kites around the world.

16/09/2026

🦜🪁 මිනුවන්ගොඩ ඇන්ටික් චමින්ද ගේ මැ.කෝ…❤️

🪁🇱🇰

🪁 ලෝකයේ සරුංගල් | 02🇯🇵 ජපානයේ Rokkaku Dako — සරුංගල් සටනේ සටන්කරුවා 🪁⚔️ලෝකයේ එක එක රටවල සරුංගල්වල හැඩය, නිර්මාණය වගේම ඒව...
13/09/2026

🪁 ලෝකයේ සරුංගල් | 02

🇯🇵 ජපානයේ Rokkaku Dako — සරුංගල් සටනේ සටන්කරුවා 🪁⚔️

ලෝකයේ එක එක රටවල සරුංගල්වල හැඩය, නිර්මාණය වගේම ඒවා යොදාගන්න විදිහත් එකිනෙකට වෙනස්.

අද අපි යන්නේ ජපානයට. 🇯🇵

ජපානයේ සාම්ප්‍රදායික සරුංගල් අතරින් විශේෂ තැනක් ගන්න සරුංගලයක් තමයි Rokkaku Dako.

“Rokkaku” කියන්නේ ජපන් භාෂාවෙන් ෂඩාස්‍රාකාර හැඩය කියන අදහස. ඒ නිසා මේ සරුංගලය එහි සුවිශේෂී ෂඩාස්‍රාකාර හැඩයෙන් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

හැබැයි මේක නිකම් අහසේ පාවෙන්න හදපු සරුංගලයක් නෙවෙයි. 😎🪁

⚔️ මේක Fighting Kite එකක්!

Rokkaku Dako වලට තියෙන ලොකුම විශේෂත්වයක් තමයි සරුංගල් සටන් සඳහා ඒවා භාවිත කිරීම.

අහසේ සරුංගල් දෙකක් එකිනෙකට මුහුණ දෙනවා. සරුංගලය පාලනය කරන කෙනා සුළඟත්, සරුංගලයේ චලනයත් හොඳින් පාලනය කරමින් තමන්ගේ සරුංගලයෙන් ප්‍රතිවාදී සරුංගලය අස්ථාවර කරන්න උත්සාහ කරනවා.

ඒක බලන් ඉන්නකොට හරියට අහසේ සරුංගල් දෙකක් අතර සටනක් වගේ. 🪁⚔️

මෙතන වැදගත් වෙන්නේ සරුංගලය විතරක් නෙවෙයි.

🎯 පාලනය කරන කෙනාගේ දක්ෂතාවයත් තමයි මේ සටනේ විශාල කොටසක්.

සුළඟ වෙනස් වෙන හැටි තේරුම් ගන්න ඕනේ. සරුංගලයේ tension එක හරියට තියාගන්න ඕනේ. ඒ වගෙම ප්‍රතිවාදී සරුංගලයේ චලනය බලලා ඒකට අනුව තමන්ගේ සරුංගලය හසුරුවන්නත් ඕනේ.

ඒ නිසා Rokkaku Dako කියන්නේ සරුංගලයක් උඩුගත කරන එකට වඩා වැඩි දෙයක්. 🪁🔥

එක පැත්තකින් නිර්මාණශීලී කලාවක්...

අනිත් පැත්තෙන් දක්ෂතාවය, තරගය සහ සටනක්.

🇯🇵 ජපානයේ සරුංගල් සංස්කෘතිය

Rokkaku Dako ජපානයේ සාම්ප්‍රදායික සරුංගල් සංස්කෘතියේ වැදගත් කොටසක්. විශේෂයෙන් Niigata ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවල පැවැත්වෙන සරුංගල් උත්සව සමඟ මේ සරුංගල් සම්බන්ධ වී තිබෙනවා.

විශාල සරුංගල් උත්සවවලදී සාම්ප්‍රදායික සරුංගල් පියාඹන ආකාරයත්, සරුංගල් සටන් පැවැත්වෙන ආකාරයත් දැකගන්න පුළුවන්.

අදටත් මේ සම්ප්‍රදාය අලුත් පරම්පරාවට ගෙන යන එක තමයි මේ වගේ සරුංගල් සංස්කෘතීන්ගේ ලස්සනම පැත්ත.

🇱🇰 ජපානයෙන් ලෝකයට ගිය ආකෘතියක්, ශ්‍රී ලංකාවේ අපේම නිර්මාණයකට...

Rokkaku Dako ගැන කතා කරනකොට මට මතක් වෙන තවත් විශේෂ කතාවක් තියෙනවා.

මේ ආකෘතිය ආශ්‍රයෙන් **ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු** නිර්මාණ ඇසුරෙන් අපි සරුංගල් වර්ග කිහිපයක් නිර්මාණය කළා.

එකම මෝස්තරයක් නෙවෙයි. අපේ රටේ විවිධ වෙස් මුහුණු නිර්මාණ භාවිත කරමින් සරුංගල් 12 ක් පමණ නිර්මාණය කළා. 🇱🇰🪁

ඒ හැම සරුංගලයකම අපේ රටේ සංස්කෘතිය හඳුන්වාදෙන “ආයුබෝවන්” කියන සිංහල වචනයත් යොදා තිබුණා.

ඒ සරුංගල් අපේ රටේදී විතරක් නැවතිලා නෑ.

🇮🇹 ඉතාලිය 🇰🇷 කොරියාව 🇮🇳 ඉන්දියාව 🇸🇬 සිංගප්පූරුව 🇨🇵 ප්‍රංශයේ 🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලුව අප සහබාගි වු ජාත්‍යන්තර සරුංගල් උත්සව ගණනාවකටත් මේ සරුංගල් අපිත් එක්ක ගියා.

🇹🇷 ඒ අතරින් එක් අවස්ථාවක, මේ වෙස් මුහුණු සරුංගලයකින් එකක් **තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සරුංගල් කෞතුකාගාරයට** පරිත්‍යාග කරන්නත් අපිට අවස්ථාව ලැබුණා.

ඒ කියන්නේ අපේ වෙස් මුහුණක්, අපේ “ආයුබෝවන්” කියන සිංහල වචනයත් එක්ක, ශ්‍රී ලංකාවෙන් ගිහින් ලෝකයේ සරුංගල් උරුමය සුරකින ස්ථානයක මතකයක් විදිහට තියෙනවා. 🇱🇰❤️🇹🇷

sri lankan heritage to the world අපි අරන් ගියේ සරුංගලය හරහා ලොකයට

සරුංගලයක් අහසේ පියාඹලා අවසන් වෙන්නේ නෑ. සමහර සරුංගල් ඉතිහාසයේ නතර වෙනවා. 🪁❤️

අපි ලංකාවේ සරුංගලයක් අහසට යවනකොට දැනෙන ඒ සතුටම තමයි ලෝකයේ වෙන රටක කෙනෙක්ටත් දැනෙන්නේ.

රටවල් වෙනස් වුණත්,
අහස එකයි. 🌏🪁❤️

KITE SRI LANKA 🇱🇰
*ලෝකයේ සරුංගල් සංස්කෘතිය සොයා යන ගමන…*

11/09/2026

🪁 චීනයට නොදෙවෙනි අපේ නිර්මාණකරුවන්ගේ මකරු! 🇱🇰🔥

මකරුගේ හැඩයෙන් නිර්මාණය වන සරුංගල් චීන සරුංගල් කලාව තුළ දිගු ඉතිහාසයක් ඇති අපූරු නිර්මාණයක්. 🪁🇨🇳

හැබැයි අද මේ වගේ දැවැන්ත හා නිර්මාණශීලී මකර සරුංගල් නිර්මාණය කරන්නේ චීනයේ විතරක් නෙමෙයි… 🤭

අපේ ශ්‍රී ලාංකික නිර්මාණකරුවනුත් චීනයට නොදෙවෙනි විදිහට මේ වගේ අපූරු නිර්මාණ අහසට ගෙන යනවා. ❤️🪁

මේ තියෙන්නේ මිනුවන්ගොඩ, වීදියවත්තෙන් නිර්මාණය වූ දැවැන්ත මකර සරුංගලයක්. 🪁🔥

අහස එකයි…
නිර්මාණකරුවන්ගේ හැකියාවට සීමාවක් නැහැ.❤️🇱🇰

KITE SRI LANKA 🇱🇰🪁

#සරුංගල් #සරුංගල්කලාව

Address


11500

Alerts

Be the first to know and let us send you an email when Kite Sri Lanka Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kite Sri Lanka Organization:

Shortcuts

  • Want your business to be the top-listed gym/sports facility?

Share