06/07/2026
🤯 අඩේ... ඇමරිකාවේදී අපේ දස්සාගෙන් පිස්සුවක්! 🇱🇰🔥
අන්තිම පන්දු 4ට විකට් 4ක්!😱
එදා පිත්තෙන් තරගයේ වීරයා වුණු දස්සා, අද පන්දුවෙන් තරගය දිනවලා දෙනවා! ❤️
ඇමරිකාවේ Major League Cricket T20 තරගාවලියේ Seattle Orcas සහ Texas Super Kings අතර තරගයේදී Seattle Orcas වෙනුවෙන් ක්‍රීඩා කරන අපේ Dasun Shanaka සුපිරි bowling performance එකක් දානවා. 🔥
මුලින්ම පන්දුවට පහර දුන් Orcas කණ්ඩායම 121/9ක් රැස් කරනවා. එහිදී දස්සා පන්දු 14කින් ලකුණු 16ක් ලබාගන්නවා.
හැබැයි අද කතාව ලියවෙන්නේ පන්දුවෙන්... 👀
Texas Super Kings කණ්ඩායමට අවසන් over එකේ ජයග්‍රහණයට ලකුණු 15ක් අවශ්‍යයි. අවසන් over එක යවන්න එන්නේ දස්සා. ඒ වෙද්දී ඔහුගේ figures තිබුණේ overs 3කට ලකුණු 21යි.
🏏 1st ball – FOUR! 😬
🏏 2nd ball – Single.
➡️ දැන් ලකුණු 10ක් පන්දු 4කින්!
ඊට පස්සේ දස්සාගෙ මැජික් එක පටන් ගන්නවා... 🤯
💥 3rd ball – Ferreira Bowled!
💥 4th ball – Savage Caught!
💥 5th ball – Miline Caught!
💥 6th ball – Amshi Caught!
😱 අන්තිම පන්දු 4ට විකට් 4ක්!
දස්සාගේ අතිවිශිෂ්ට අවසන් over එකත් එක්ක Seattle Orcas කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරනවා. 🔥🇱🇰
🏆 Player of the Match – Dasun Shanaka