07/10/2026
2011 අප්රේල් 2 වනදා මුම්බායි හි වාන්කඩේ ක්රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගය, ශ්රී ලාංකික ක්රිකට් ලෝලීන්ගේ හදවත්වල අදටත් අමතක නොහැකි මහත් වේදනාවක් සහ කණගාටුවක් ඉතිරි කළ ඓතිහාසික තරගයකි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහෙල ජයවර්ධන පන්දු 88 කදී නොදැවී ලකුණු 103 ක් රැස් කලා. ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් ලබාගත් කණ්ඩායම සාමාන්යයෙන් තරගය ජයග්රහණය කරන නමුදු, මහෙලගේ මෙම විශිෂ්ට ඉනිම අපතේ යාම ශ්රී ලාංකිකයන්ට දැඩි කණගාටුවක් ගෙන දුන්නා. ශ්රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 274 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ විරේන්ද්ර සේවාග් (ලකුණු 0) සහ සචින් තෙන්ඩුල්කාර් (ලකුණු 18) ඉතා ඉක්මනින් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. එම අවස්ථාවේදී මුළු වාන්කඩේ ක්රීඩාංගණයම නිහඬ වූ අතර, ශ්රී ලංකාවට දෙවන වරටත් ලෝක කුසලානය දිනාගැනීමේ සැබෑ බලාපොරොත්තුවක් මතුවිය.
කෙසේ වෙතත්, ගෞතම් ගම්භීර් (ලකුණු 97) සහ නායක MS දෝනි (නොදැවී 91) අතර ගොඩනැගුණු සම්බන්ධතාවය තරගයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කලා. තරගයේ අවසාන භාගයේදී ශ්රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ඔවුන් ඉතා පහසුවෙන් ලකුණු රැස් කරා.
ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් ක්රීඩා කළ අවසන් ජාත්යන්තර ක්රිකට් තරගය මෙය විය. ආබාධයක් සහිතව වුවද ඔහු මෙම තරගයට ක්රීඩා කළ අතර, ජාත්යන්තර ක්රිකට් දිවියෙන් සමුගන්නා අවස්ථාවේදී ඔහුට ලෝක කුසලාන කිරුළ ලබා දීමට නොහැකි වීම මුළු මහත් ජාතියටම මහත් කණගාටුවක් උනා.
නුවණ් කුලසේකරගේ පන්දුවකට MS දෝනි එල්ල කළ ප්රසිද්ධ හයේ පහරත් සමග ඉන්දියාව කඩුලු 6 කින් තරගය ජයග්රහණය කලා (ලකුණු 277/4).
අවසාන මොහොත දක්වා සටන් කළද, කුමාර් සංගක්කාර ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායමට ලෝක ශූරයන් වීමේ අභියස සිට අනුශූරයන් වීමට සිදු වීම ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ සංවේදීම මතකයන්ගෙන් එකකි. 🥺