23/07/2026
ආදරණීය සහෝදරයා සුමිත්...❤️එදා ඉදන් ගලයා කියන නමින් අපේ හදවත් අතර ලෙන්ගතු චරිතයක් උන උබේ ජීවිතේ සතුටුම දවස මචං අද...කොච්චර බැන්නත්, මොනා කිව්වත් ලස්සන උඹේ ඔය හිනාවෙන් ඒ හැමදේම පිළිගන්න කොට අපේ හිතේ ඒ සියල්ල අමතක වෙනවා මචං.. ඕනම ප්‍රශ්නයක් , පීඩනයක්, දරාගෙන හිනාවෙලා ඒ සියල්ලට උත්තර දෙන එකෙක් ඇත්තටම දැකලා නෑ මචං... උඹ යම් කිසි දුරස් වීමක් අපි හැමෝගෙන්ම වෙයි.. ඒකට ඇත්තටම දුකයි මචං.. ඒත් උඹ දැන් වෙනදට වඩා වගකීම් දරන්න ඕනි එකෙක්.. අපි හැමෝම ඉදියා වගෙම උඹට ඕනි දේකට ඉන්නවා මචං..ලස්සන ගමනක් පලයං.. උඹට , නංගිට සුභ පැතුම් ගලයා.........❤️❤️❤️❤️❤️
30/06/2026
දේවාලයගාව,ගනේගොඩ අප එක්සත් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබු ලියාරා සංගීතවත් වූ 2025 වසර සොදුරු ගායන ශිල්පියා රුක්මන් අසිත අප ගම් ප්‍රදේශයට මතක අමතක නොවන ඔහුගේ ගීත අප සැම රසවත් කරා... ප්‍රසංගයයට සම්බන්ධ කර ගන්න කතා කරපු වෙලේ ඉදන් බොහොම සුහදව සමීප වූ මේ සොදුරු කළා කරුවා එදා වෙලාවටත් කලින් ආවේ දුන්න පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරා කියන වචනෙට සදාරනයක් කරාමෙනි... සිය ෆැම්ලි එකම එක්ක ප්‍රසංගය සහභාගි වෙමින් අපෙන් ලද ඒ සංග්‍රහ කටයුතු,සුහදත්වය කිසි තැනෙකින් නොලැබුන බව කී විට දැනුන අභිමානය ක්‍රීඩා සමාජයට අති මහත්ය.. ඉන් නොනැවති සියළු දෙනාට අමතක නොවන ප්‍රාසංගික වින්දනයක් ලබා දෙමින් පසු දින කතා කරේ මල්ලි නියම කොල්ලො සෙට් එකක් , නියම ලස්සන වැඩක් කියන ඒ වචන පේලි ටිකෙන්..
රුක්මන් අයියෙ අද නොසිතු ලෙස ඔයා අපි හැමෝගෙන්ම යන්න ගිහින්.... ඒ මතක අපේ හදවත් වල සදා නොමැකෙන මතකයන් වෙයි...
නුඹට අජරාමර නිවන් සුව ලැබේවා ...!!!
01/06/2026
සපරගමු මහ සමන්දේවාලය සහ අප ගනේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරනු ලැබූ වෙසක් කළාපය අති සාර්ථක ලෙස නිමා විය....❤️❤️
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා භූමිය ලබා දුන් සපරගමු මහ සමන්දේවාලයේ ගරු බස්නායක නිළමෙ දුරන්දර සංඛ මාපිටිගම මැති තුමාටත්, එම කාර්ය මණ්ඩලයටත්, අපට කවදත් යෝධ ශක්තියක් උන සුජීවා සවුන්ඩ්ස් අධිපති කුමාර මහතාටත්, එම කාර්ය මණ්ඩලයටත් , ශබ්ද පරිපාලන තරිදු මල්ලිටත්, මෙමෙ වැඩ සටහන අපට නැවත බැලීමට අවස්ථාව සලසමින් ඡායාරූප සහ වීඩියෝ ගත කරදුන් අකිල මල්ලිටත් විශේෂ හදපිරි ස්තුතිය පුදකර සිටිමි....❤️❤️
විශේෂම කටයුත්ත වූ මෙමෙ වෙසක් කළාපය සාර්ථක කර ගැනීම සදහා දවස්, සති, මාස ගණන් වෙනුවෙන් නිදි වර්ජිතව මහන්සි වී කැපවුනු අප ක්‍රීඩා සමාජයේ සියළු සමාජිකයන්ට ස්තුතිය පුදකර සිටින අතර වැඩ සටහන මුල සිටම වෙහෙස සහන්සි වී කැප වුන අප ක්‍රීඩා සමාජය වැඩ සටහන් මෙහෙයුම් සමාජික
නළින්ද ධම්මික (චූටි අයියා), බණ්ඩාර අයියා,වසන්ත අයියා, රජිත අයියා, දිමුතු, නලින්ද කුමාරසිරි,දිනුක, අජිත් අයියා, හසිත මල්ලි, ඇතුළුව අවසාන තෙක් වෙහෙස මහන්සි වී සහයෝගය ලබාදුන් අනෙකුත් සියළු සමාජිකයන්ට ස්තුතිය පුදකර සිටිමි....❤️
එමෙන්ම අනුග්‍රහයක දායකත්වය ලබාදුන් සියළු දෙනාටත් , කූඩු ප්‍රදර්ශනය සදහා කූඩු නිර්මාණය කරපු සියළු කණ්ඩායම් වලටත්, දන්සැල් ලබාදුන් සියළු දෙනාටත්, ස්තුතිය පුදකර සිටිමි....
තවද මෙමෙ වෙසක් කළාපය හැඩ ගැන්වීමට පැමිණි නර්ථන කණ්ඩායම් වලටත් , බැති ගී කණ්ඩායම් වලටත්, නිවේදන කටයුතු කරදුන් අප ක්‍රීඩා සමාජයේ ක්‍රිශාන්ත මහතාටත්, විනිශ්චය සදහා පැමිණි ස්වාමීන් වහන්සෙ ඇතුළු මහත්ම, මහත්මීන්ටත්, ස්තුතිය පුදකර සිටිමි...
ගනේගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ අභිමානය, සහෝදරත්වය , එකමුතු කම විදහා දක්වමින් තවත් ඉදිරි සංවිධාන කටයුත්තකින් හමුවෙන් තෙක් සියළු දෙනාට සමන් දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි... ස්තුති..❤️❤
ගනේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය ....)
09/05/2026
වෙසක් කළාපයක් වෙනුවෙන් තොරණක් අවශ්‍ය කර තිබේ.
0712 325 241
07/05/2026
මැයි මස 20 දිනට ප්‍රථම ලියාපදිංචි වන කණ්ඩායම් සදහා පමණි..
06/05/2026
මැයි මස 30-31 දෙදිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදිනයට සමගාමීව පැවැත්වෙන ගනේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය හා සපරගමු මහා සමන් දේවාලය එක්ව සංවිධානය කරන
"මහා වෙසක් කලාපය" ☸️✨
දින දෙකක් පුරාවට සපරගමු මහා සමන් දේවාල භූමියේදි පැවැත්වේ.. 📌
මහා පහන් කූඩු තරගය 🪔
බැති ගී සරණිය 🎶
දිවයිනේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ වැඩමවීමෙන් පවත්වනු ලබන යුගාසන කවි බණ වැඩසටහන ☸️
දින දෙක පුරාවටම දන්සැල් ✨
මෙම මහඟු අවස්ථාව සමග එක්වීමට
පින් කැමති ඔබ සියලුදෙනාටම ආරාධනා..!! 🤍☸️✨
-ගනේගොඩ එක්සත් ක්‍රීඩා සමාජය- 🤝