28/02/2026
දිනේවා ලංකා Dinewa lanka
ජයග්‍රහණයේ නාමයෙන්, හදවතේ ශක්තියෙන්!
28/02/2026
එකක් දිනුවම මෙ මනුස්සයව ආතල් එකට ගන්න මිනිස්සු ඇත්ත දැක්කේ නැ. මෙ මනුස්සය කියපු දේ. 100% ඇත්ත.💔
මැච් එකක් දිනුවම මේ මනුස්සයව ආතල් එකට ගන්න මිනිස්සු ඇත්ත දැක්කේ නෑ..
මේ මනුස්සය කියපු දේ. 100% ඇත්ත.💔
26/02/2026
ඒ 1991 වගේ ගොඩක් ඈත.උදේක අහම්බෙන් ටීවී එක දානවා..සිංගර් කලු සුදු එකක් ඒ..ඒ වෙලාවේ මැච් එකක්.මොකුත්ම දන්නේ නෑ ඒ තරගාවලිය ගැනවත් ඇත්තටම ..ඔහේ බලාගෙන ඉද්දී ඉංග්‍රීසි කමෙන්ට්‍රි ය ඇහෙනවා "ඩී සිල්වා,රණතුංග ", කියල ..එතකොට මතක් වෙන්නේ ගෑරුප්පුවෙන් සොසේජස් කන ඇඩ් එකේ ඉන්න කොන්ඩේ පොකුටු හාදයවයි,85 වගේ පිලියන්දල නෑදෑ ගෙදරක ගිහින් ඉද්දී පලවෙනි ටෙස්ට් මැච් එකද කොහෙද දිනන්න යන්නේ කියල එයාලා උජාරුවෙන් බලපු මැච් එකේ උන්න ටිකක් මහත හාදයවයි..ඔහොම බලාගෙන ඉද්දී පලවෙනි කණ්ඩායම බැට් කරල ඉවරයි..ඊ ලගට අපි..දැන් දැන් කුතුහලය වැඩි..සුදු ජාතික වේගවත්ම බෝලර්ස් වෙච්ච ඇලන් ඩොනල්ඩ් ඉස්සරහ එක පිට එක විකට් වැටීගෙන එද්දී කඩවසම් මිනිහෙක් විකට් එකේ..එයාට එක්වෙන්නේ අර කලින් කියපු මහත හාදයා..අවසානයේ මහානාම කියල විචාරකයන් කියපු කඩවසම් හාදයත් අවුට් වෙනවා ඒ ලකුණු 68ට..ඒත් බෝලේ වගේ මහත මේ අපූරු පුද්ගලයා නෙමෙයි තරගය අතාරින්නේ..ඔහුට කිසිම බෝලර් කෙනෙක් සතපහකටවත් වැදගත් වුනේ නම් නෑ ....
එදා රෑ...
මං තදින්ම අසනීප වෙනවා..
දොස්තරල ලග ඒ ලෙඩේට බෙහෙත් නෑ ..
"ක්‍රිකට් උණ"..
සිකුරාදා ලේක් හවුස් එක ගහපු "ක්‍රීඩා",මාසිකව නිකුත් වුන "ක්‍රිකට් ලොව"වගේම අදටත් නම් අමතක නොයෙක් ක්‍රීඩා පත්තර ,සගරා වලින් මගේ කාමරය පිරෙන්න එතරම් කාලයක් යන්නේ නෑ ..ගුවන් විදුලියේ හවස 5 ක්‍රීඩා වැඩසටහන ,රෑ 7 සිරසේ කැලුම් ශ්‍රීමාල්,සරත් ජයසිංහ කල ක්‍රීඩා වැඩසටහන ජීවිතයේ අනිවාර්යය අංගයක් වෙනවා..ක්‍රිකට් සගරා වලට ලිපි ලිවීම,ක්‍රීඩකයන්ට ලිපි ලිවීම ,වගේම තරග වලට පිලිතුරු යැවීමත් මේ අසනීපයේ උච්චතම අවස්ථාවන්..එහෙම කරල ඒ කාලේ හැටියට රුපියල් 500,250 වගේ ගොඩක් තෑගි දිනල තියනවා..ඒ අතරින් මතකයේ ගොඩක්ම තියෙන්නෙ ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ අතින් ලබාගත්තු ක්‍රිකට් කට්ටලය..ඒක මේ මෑතක් වෙනකල්ම මගේ ලග තිබුනා..
එක දවසක් අරවින්දගේ අත්සන එක්ක එයා මට ෆොටෝ එකක් එවල තිබුන දවසේ මං සම්පූර්ණයෙන් ම හිටියේ ගුවන්ගතවෙලා කීවොත් වැරදි නෑ ..ඒකත් එක්කම මට ආවේ,අදටත් ලංකා ඉතිහාසයේ දක්ෂතම කඩුලු රකින්නා වෙන මහේෂ් ගුණතිලක ඔහුගේ අතින්ම ලියල එවපු පිටු දෙකක ලියුමක්..අවුරුදු 10ට විතර කලින් කාවෝ බෝ වෙනවා කියල ඒ වටිනාම සමරු දෙක වගේම ඒ කාලේ මං ලෝකේ සියලුම ජ්‍යාත්‍යන්තර තරග වල ලකුණු එකතු කරල මගේ අතින් ම ලියාගෙන ආව පොත් ගිනිතියල දාන්න බිරින්දෑ කටයුතු නොකලනම් අදටත් ඒවා මං ලග..
94 වගේ තිබුන සිම්බාබ්වේ ටුවර් එක කිසිම චැනල් එකක දෙන්නේ නෑ .හැබැයි රෑට රේඩියෝ එකේ ලකුණු කියනවා..පහුවදා ඉස්කෝලේ ගේට්ටුව ලග මං එනකල් රැකල ඉන්න මං නිසාම අසනීප වුන පංති සගයෝ මගේ බෑග් එක පවා පංතියට උස්සගෙන යන්නේ මාව වෙහෙස නොකර ලකුණු අහගන්න..ඒ වගේමයි ඒ කාලේ එක්දින දිවා රාත්‍රී තරග මුලින් දවල් දෙකට පටන් අරගෙන් හවස හය වෙනකල් පෙන්වන ජාතික රූපවාහිනීය එයාලගේ වැඩසටහන් අවසන්වෙලා රෑ 10ට ආයේ පටන් ගන්නවා දෙවෙනි ඉණිමේ රෙකෝඩින් එක පෙන්නන්න..ප්‍රථිපලය දැනගත්තත් නැතත් ඒ වෙලාවට ටීවී එක ඉස්සරහ වාඩිවෙන්න නම් අමතක කරන්නේ නෑ ..මැච් එකක් යන වෙලාවට හදිසියේ කරන්ට් එක ගියොත් බුදු පහණට හදුන්කූරක් පත්තු කරල කරන්ට් එක ඉක්මනින් ගෙනල්ල දෙන්න කියල ඉල්ලපු සුන්දරම කාලෙකුත් මේ අස්සේ හැංගිලා තියනව..ඒ විතරක් නෙමෙයි ..ලංකාව බැට් කරද්දී මගේ ඉරියව් වෙනස් වුනොත් විකට් යයි කියල නොසෙල්වී මැච් බලන්න තරම් අසනීපය දරුණුම වෙලා තිබුනත් මතකයි...
ඔය අතරේ 94 දකුණු අප්‍රිකානු මැන්ඩෙලා කුසලාන තරගාවලිය එනවා..ඒක සජීවීව දෙන්නේ නෑ ..ඒත් රෙකෝඩින් දෙනවා ඒ කාලේ MTV එකේ..අපට කොහෙද අහුවෙන්නේ..ප්‍රථිපලය දන්නවා වුනත් රෙකෝඩින් බලන්න ඕන වුන නිසාම ගම්පහ ලොකු අම්මගේ ගෙදර සතියක් නතර වුන තරමටම ඒ අසනීපය උඩු දුවල තිබුනා..
එහෙම කාලය යද්දී ,95 නවසීලන්ත සංචාරෙත් එනවා ..මැච් පටන් ගන්නේ පාන්දර 3.30ට..එලාම් එක තියාගන සීතලේ ගැහි ගැහි ඇහැරල ,ඔලුවේ ඉදන් පොරවගෙන සෝෆාවට වෙලා මැච් එකේ පලවෙනි ටික හරි බලල ඉස්කෝලේ ගිය අතීතය වගේම ඒ අවුරුද්දේ දෙසැම්බර් වල පාන්දර 5ට නැගිටලා බලපු ඕස්ට්‍රේලියානු සංචාරයත් අදටත් හිතට ගේන්නේ අපූරු චමත්කාරයක්...
කාලය ගියේ ජය වගේම පරාජයන් අතරින් වුනත් නින්දාසහගත පරාජයන් නම් තිබුනේම නැති තරම්..පරාජයන් වුවත් ඇත්තටම ඒවා ගෞරවනීයයි..96 න් පස්සේ සම්පූර්ණයෙන් වගේ ජයග්‍රහණ විතරමයි..අදටත් මතකයේ තියන වේදනාත්මකම පාරාජයන් කීපයක් තියනව .නයිරෝබි වල අෆ්‍රිඩිගේ ඉණිම නිසා දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යාමට සිදුවෙලා අරවින්ද ප්‍රමුඛ පිරිස ඒක එලවල අවසාන ඕවරයේදී ගිලිහී ගිය හැටි,1995 සාජා වල කොදෙව්වන්ට පරාජය වුන හැටි,1992 ඕස්ට්‍රේලියාවට SSC වල ටෙස්ට් පරාජය ,අර්ජුනගේ අවසාන ටෙස්ට් තරගයට පෙර තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබපු සියුම් පරාජය..2003 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ පරාජය..2007 අවසන් තරගය පරාජය ඒ,පැඩෑන් වල ජයසූරිය වේගවත්ම අර්ධ ශතකය ලබපු තරග පරාජය මේ අතරින් ඉස්සරහින්ම තියනව ..ඒ තරග පැරදුන බව දැන දැනත් නිව්ස් දාලා බලාගෙන හිටියේ අනික් ටීම් එකේ වැරැද්දක් නිසාවත් අපට ජයග්‍රහණය දුන්නාදෝයි අහන්න වුවමනාවෙන්...
ඒ සේරටම දැන් අවුරුදු 35ක්...ඒ සේරටම අවුරුදු 25ක් වුනේ දැනට අවුරුදු 10ට කලින්...
එදායින් පස්සේ..
ඊයේ වෙනකලුත්..
බැන බැන හරි ක්‍රිකට් බලන්න හුරුවෙලා හිටි හැටි ඉවර කරලම දාන්න කාලේ ඇවිල්ල කියල දැන් හිතෙනවා ..පහල ඉන්න විශිෂ්ඨයා සහ ජේෂ්ඨයා වගේ ක්‍රිකට් ලේ වලට කාවැදිලා තිබුන ක්‍රීඩකයින් අද නැති කොට..ක්‍රිකට් වලට වඩා කරන්න උංට වැඩ තියන බව අපටත් දැනෙනකොට..
කොටින්ම..
"මුංට ක්‍රිකට් බෑ"
කියල සම්පූර්ණයෙන් තේරුම් යනකොට..
සමාජ මාධ්‍යන් වගේම ක්‍රීඩකයින් ප්‍රිය කරන LPL අනුගාමිකයන් ඔවුන්ගේ වැඩ බැරි ක්‍රීඩකයින් පුම්බනවා කියල සාක්ෂි තියනකොට..
ටීම් එකට එන්න හරි යන්න හරි පේජ් වලට ගානක් ගෙව්වහම ප්‍රමාණවත් බව ඇස් පනාපිටම පේනකොට...
කොටින්ම,අපි ආදරේ කල ක්‍රිකට් ඉවරෙටම ඉවරයි කියල දැනෙනකොට..
"ආදරණීය ක්‍රිකට් "
ඔබට ,
සුබගමන් !
🏏😣😩🏏
අවුරුදු ගානක් මේ වේදනාවන් එක්ක ජීවත් වීම දාරාගන අමරුයි දැන් මහන්සි...
11/12/2025
13 years old Oshini Gunawardhana becomes the World’s Number 1 U13 Women’s Chess Player.
Sri Lanka athletes 🤘