Nutrition, Health & Wellness

Nutrition, Health & Wellness

Share

Quality Natural Nutrition, Beauty, Personnel care and Home care products. Let’s grow together toward a balanced and vibrant life!

Welcome to Nutrition, Health & Wellness— a community dedicated to sharing simple, natural ways to live healthier every day. Here you'll find tips on nutrition, wellness, healthy habits, food safety, meditation and inspiration from nature to support your mind, body, and spirit.

Photos from Nutrition, Health & Wellness's post 05/05/2023

රස ගුණ පිරි දිය බත් :

අද මගේ පලවෙනිම post එකෙන් කථා කරන්නේ රසවත් ගුණවත් කෑමක් ගැනයි.සමහර අය මේ ගැන දන්න වත් ඇති. ඒ තමයි රෑට ඉතුරුව න බත්වලින් හදන දියබත්.ඉස්සර මම පුංචි කාලේ අපේ අම්ම රෑට බත් ඉතුරැ වුණාම ඒකට වතුර ටිකක් දාල වහල තියෙන ව.උදේට රසට රතු ලූණු, කරපිංචා,අමුමිරිස්, වේලිචිච මිරිස් කෑලි, උම්බලකඩ, අබ ඇට ටිකකුත් දාල පොල් තෙල් ටික නටන කොට මේ සේරම තෙලට දාල, සුවද ගේ පුරාම පැතිර යන විට ,අර මම ඉස්සෙල්ලාම කියපු කලින් දවසේ ඉතුරැ වෙච්ච බත් ටික වතුරත් එක්ක ම මේ තෙල් මිශ්‍රනයට දාල, ගහෙන් කඩා ගත්ත පොල් ගෙඩිය කින් කිරි ටිකකුත් මිරිකල දාල පදමට ලුණුත් දාල මේ සේරම එකට මිශ්‍ර කර ල මේ බත් එක හරිම ගුණ යි කියල ආදරෙන් කන්න දුන්න මට අද වගේ මතකයි. අපි ඉතින් ඒකාලේ අම්ම හදල දෙන ඕන දෙයක් කනවනේ. ඉතින් ඒ අම්ම කියපු ගුණ තමයි අපේ ශරීරයට හිතකර ක්ෂුද්‍ර ඡීවීන් කොට්ඨාශයක් ( micro- organism species) වන ලැක්ටොබැසිලස් ( Lacto bacillus) , කියන බැක්ටීරියාව (Bacteria) මේ බත් රෑට වතුරෙ පෙගෙවිවාම සිද්ධවන පැසීමේ ( fermentation) දී සක්‍රීය වී ලැක්ටික් ඇසිඩි (Lactic Acid) කියන අමිල ය නිපදවීමයි. එම ලැක්ටික් ඇසිඩී බත් වල තියෙන සමහර පෝෂණය සංඝටක අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් විදියට ( bioavalability) පරිවර්තනය කර නව. මේ නිසා දිය බත් සාමාන්‍ය බත් වලට වඩා ෂෝෂණ ගුණයෙන් වැඩියි.ඒ පෝෂණ සංඝටක තමයි
ඛණිජ ලවණ ( Minerals) :
යකඩ (lron)
පොටෑසියමි (K)
කැල්සියමි(Ca)
මැග්නීසියම් (Mg)
සෙලෙනියමි (Se)

විටමින් ( Vitamins):
පිරිඩොක්සීන් ( Pyridoxine)- B6
සයනොකො බැලමීන්- (Cynocobalamin)- B12
විටමින් කේ - Vitamin K

පෝබයෝටික් ( Probiotic):
ඊට අමතරව මේ Lacto bacillus හෙවත් ලැක්ටික් ඇසිඩි කියන බැක්ටීරියාව ( Bacteria) Probiotic කියන හිතකර බැක්ටීරියා තත්ත්වය දිය බත් වලට ලබාදෙන ව. එතකොට අපි ඒ බත් කෑවා ම
*අපේ ඇගේ පුතිශක්තිය වැඩි කරල ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමෙ හැකිය ව අපිට ලබා දෙන ව.
*ආහාර දිරවීම පහසු කරනව.
*ඉතාම වැදගත් සාධකයක් වෙන අපෙ බඩවැල් වල සෞඛ්‍ය ය ( gut health) ආරක්‍ෂා කරනව.

ඒවගේම මේ බත් වල තවත් ගුණ ගොඩක් තියෙන ව.
* Gastritis වලට හොද බෙහෙතක්
* තන්තු බහුල නිසා මල් බද්ධ ය ( constipation) නැති කරනව.
* අපේ ඇග සිසිල් කරනව.

අපේ අම්ම අපිට දිය බත් හදල දීපු වගේ මමත් මගේ දරුවො දෙන්නට හදල දෙනව.ඒ දෙන්න හරිම ආසයි දීය බත් කන්න.
මේ පින්තුරේ දාල තියෙන්නේ මම අද උදේ කෑමට හදපු දීය බත් එක.
ඉතුරුවෙචිච බත් විසි කරන්නේ නැතුව අපිට ආර්ථික වාසියක් වගේම පෝෂණයත් නීරෝගී කමත් ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්.
ඔයාලත් හදල බලන්න.
කථාව දිග වුණාට සමාවෙන්න

11/25/2020
Want your business to be the top-listed Gym/sports Facility in Winnipeg?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Winnipeg, MB