Golden Dram

Golden Dram

Partager

Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Golden Dram, Democratic Republic of the.

10/10/2025

අයියෝ මේ මොකක්ද මේ වුනේ?! 🤯

කාටවත් හිතාගන්න බැරි වෙන්න ඉන්දියාවට ලේසියෙන් දිනන්න තිබ්බ මැච් එක සවුත් ඇෆ්රිකාව උදුරගත්තා! 😱

ක්‍රිකට් කියන්නේ ආගමක් වගේ අදහන ඉන්දියාවේ දහස් ගාණක් ඉන්න ක්‍රවුඩ් එකක් ඉස්සරහ, ලෝක කුසලානයකදී ලකුණු 252ක් චේස් කරලා දිනනවා කියන්නේ... ඒක ලේසි වැඩක් නෙවෙයි! 🙅‍♀️

එකපිට එකා දැවී යද්දීත්, කැප්ටන් Wolvaardt පන්දු 111කින් ලකුණු 70ක් ගහලා මැච් එකේ හුස්ම තියාගත්තා. 🏏 ඒත් එයා අවුට් වුනාම හිතුවේ ඉවරයි කියලා! 💔

හැබැයි ඊට පස්සේ ආපු Nadine de Klerk කියන තරුණිය කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. 🦸‍♀️ එයා පන්දු 54කදී නොදැවී සුපිරිම ලකුණු 84ක් ගහලා, කඩුලු රකින ඉන්දියන් කෙල්ල දාපු ඇක්ටින් ඔක්කොම අයින් කරලා, ටික වෙලාවකට ඉන්දියන් ක්‍රවුඩ් එක මීයට පිම්බාක් වගේ නිශ්ශබ්ද කළා! 🤫 හතරේ 8යි, හයේ 5යි ගහපු එයාගේ ඒ ඉනිම තමයි මැච් එක කනපිට පෙරළුවේ! 💫

Chloe Tryon (පන්දු 66කදී 48ක්) Wolvaardt සහ Klerk දෙන්නටම හොඳ සපෝට් එකක් දුන්නා. 👍

අන්තිමට ලකුණු 84ක් ගැහුවා විතරක් නෙවෙයි, පන්දුවෙන් කඩුලු දෙකකුත් ගත්ත Nadine de Klerk තමයි මේ ඓතිහාසික ජයග්‍රහණයේ වීරවරිය! 😍👏

මෙවර කාන්තා ලෝක කුසලානයේ තවත් සුපිරිම, අනපේක්ෂිතම මැච් එකක් එලෙස අවසන් වුනා. මේක තමයි ක්‍රිකට්! 🔥

ඔයාලා හිතුවද සවුත් ඇෆ්රිකාව දිනයි කියලා? කමෙන්ට් කරන්න! 👇

10/10/2025

ලොවම මවිත කළ විශිෂ්ට ජයග්‍රහණයක්! 🤩🇱🇰⚽
2027 AFC ආසියානු කුසලාන සුදුසුකම් තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය ඊයේ (09) කොළඹ තුරග තරග පිටියේ දී තරග වැදුණා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 138 වැනි ස්ථානයේ සිටි ටර්ක්මෙනිස්තානයට එරෙහිව 197 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගයේ ආරම්භයේ සිටම ඉහළ අභියෝගයක් එල්ල වුණා.
තරගයේ පළමු අර්ධය ගෝල රහිතව (0-0) නිමාවට පත් වුවත්, දෙවැනි අර්ධයේ 67 වැනි මිනිත්තුවේ දී Leon Perera විසින් වාර්තා කළ සුපිරි ගෝලයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණියා!
අනතුරුව තරගයේ නැවත ගෝල වාර්තා නොවූ අතර, අවසානයේ ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ලෙස ටර්ක්මෙනිස්තානයට එරෙහිව අති විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා. 🔥
ශ්‍රී ලංකාවේ පසු පෙළ ශක්තිය ඉහළ දමමින් ටර්ක්මෙනිස්තාන ක්‍රීඩකයින් පාලනය කළ Jason Thayaparan තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා. 🏆

07/10/2025

🚗 අභි­ෂේක්ගේ Car එක ඉන්දි­යා­වට 'No Entry'! 🚫 ලක්ෂ ගණනක තෑග්ග ඩුබායි වලටම සීමා වෙයි! 💔

ආසියානු කුස­ලා­නයේ වටි­නාම ක්‍රීඩ­කයා වූ අභි­ෂේක් ෂර්මාට ලැබුණු සුපිරිම තෑග්ග ගැන ආරංචියක්! 🤩

ඩුබායි වලදී ඔහු දිනාගත්ත, ඉන්දීය රුපි­යල් ලක්ෂ 25ක් (ලංකා රුපියල් ලක්ෂ 85ක්) වටිනා හවාල් H9 SUV එක දැන් ඉන්දි­යා­වට ගේන්න බැරිව හිරවෙලා! 😱 මේක ඇත්තටම දුක හිතෙන කතාවක්!
ඇයි මේ අවුල? 🤔
මේ මෝටර් රථයේ සුක්කා­නම තියෙන්නේ වම් පැත්තේ. 🚨 නමුත් ඉන්දි­යාවේ නීති­ව­ලට අනුව පාරේ ධාව­නය කරන්න පුළුවන් දකුණු පැත්තේ සුක්කා­නම තියෙන වාහ­න විතරයි! 🤯 මේ නිසා අභි­ෂේක්ට ඔහුගේ සුපිරි තෑග්ග නීති­ව­ලට අහුවෙලා.

දුබායි වගේ අරාබි රට­ව­ලත්, යුරෝ­පයේ බොහෝ රට­ව­ලත් වම් පැත්තේ සුක්කා­නම සාමා­න්‍ය වුණාට, ඉන්දි­යාවේ නීතිය වෙනස්. 😔
දැන් මොකද වෙන්නේ?
මේ මෝටර් රථයේ නිශ්පා­දකයා (Great Wall Motors සමා­ගම) කියන්නේ ලබන නොවැ­ම්බර් මාසේදී ඉන්දි­යා­වේදී නියෝ­ජිත සමා­ග­මක් පටන් ගන්න යන බවයි. 🤞
එත­කොට දකුණු පැත්තේ සුක්කා­නම සහිත Haval H9 SUV රථ ඉන්දි­යා­වට ගෙනෙයි. ඒ වෙලාවට අභි­ෂේක්ට අලුත් Car එකක් දෙන්න පුළුවන්කමක් තියෙනවාලු. 🥳

නමුත් සමා­ගම තාම නිල­ව­ශ­යෙන් කිසි­වක් කියලා නෑ. 🤫 බලමු!
අභි­ෂේක්ට මේ Car එකේ සතුට අත්වි­දින්න ලැබෙයිද කියලා?
ඔබේ අදහස මොකක්ද?
සමාගම අභි­ෂේක්ට දකුණු අත සුක්කා­නම තියෙන අලුත් Car එකක් දිය යුතුද? කමෙන්ට් කරන්න! 👇

#අභිෂේක්ෂර්මා #ක්‍රිකට්ඕපාදූප

27/09/2025

පැතුම් නිස්සංකගේ විශ්මිත වාර්තා! 🏏

ඉන්දියාව සමඟ පැවති තරගයෙන් පසුව පැතුම් නිස්සංක පිහිටවූ සුවිශේෂී වාර්තා කිහිපයක් මෙන්න:
• T20i ආසියානු කුසලාන තරගයක ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම, ලොව තුන්වැනියා.
• T20i ආසියානු කුසලාන තරගයකදී ශ්‍රී ලාංකිකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.
• ටෙස්ට් ශතකයක්, එක්දින ද්විත්ව ශතකයක්, සහ T20i ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා.
• ශ්‍රී ලංකාව වෙනුවෙන් T20i තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා.
• ශ්‍රී ලංකාව වෙනුවෙන් T20i ශතකයක් ලබාගත් 4 වැනි පිතිකරුවා.
• ජාත්‍යන්තර T20 තරගයකදී ලකුණු හඹා යන අවස්ථාවක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා.
• ඉන්දියාවට එරෙහිව T20i ශතකයක් ලබාගත් පළමු ආසියානු ක්‍රීඩකයා.
සුබ පැතුම් පැතුම්! ඔබේ දක්ෂතා ගැන මුළු රටම ආඩම්බර වෙනවා! ❤️



Pathum Nissanka

27/09/2025

ආසියානු කුසලාන 20යි 20: සුපිරි පන්දුවාරයෙන් අනතුරුව ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලබයි!😳
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ (Super 4) වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් තරගය ඉන්දියාව ජයගත්තේ සුපිරි පන්දුවාරයකින් (Super Over) අනතුරුවය.

ඩුබායිහිදී පැවති මෙම උණුසුම් තරගයේදී කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දීය ඉනිම - වාර්තාගත ලකුණු 202ක්
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ අභිෂේක් ශර්මා සහ ශුබ්මන් ගිල් විසිනි.

පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 4කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි නායක සූර්යකුමාර් යාදෙව් (ලකුණු 12) සමඟින් අභිෂේක් ශර්මා දෙවැනි කඩුල්ලට පන්දු 25කින් ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගූ අතර, අභිෂේක් ශර්මා පන්දු 31කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් රැස් කළේය.

සංජු සැම්සන් හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් රැස් කළේය.

තිලක් වර්මා නොදැවී ලකුණු 49ක් ද, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 21ක් ද රැස් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

ශ්‍රී ලංකා ඉනිම - පැතුම් නිස්සංකගෙන් විශිෂ්ට ශතකයක්
ලකුණු 203ක ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසිනි.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේය.

දෙවැනි කඩුල්ලට පැතුම් නිස්සංක සමඟින් එක් වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 53කින් ලකුණු 127ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවේය.

කුසල් ජනිත් පෙරේරා හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් රැස් කළේය.

නායක චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිම අඩාල විය.

නැවතත් ඉනිමට ජීවය ලබා දෙමින් පැතුම් නිස්සංක සමගින් එක් වූ දසුන් ශානක නොදැවී පන්දු 11කින් ලකුණු 22ක් (හතරේ 2ක්, හයේ 1ක්) රැස් කළේය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ශතකයක් (4 පහර 7ක් සහ 6 පහර 6ක් සමඟින්) රැස් කළේය.

මෙය ආසියානු කුසලාන 20යි 20 තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ තුන්වැනි ශතකය වන අතර, මෙවර තරගාවලියේ පළමු ශතකය ද වේ.

එමෙන්ම, ශ්‍රී ලංකා 20යි 20 තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කළ සිව්වන ශතකය ද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ඉන්දීය කණ්ඩායම හා සමානව ලකුණු 202ක් රැස් කිරීමත් සමඟ තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කිරීමට සිදු විය.

සුපිරි පන්දුවාරය
සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස් කළේ ලකුණු 2ක් පමණි.

එම ලකුණු 3ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවේදීම ජයග්‍රාහී ලකුණු 3 රැස් කරමින් තරගය ජය ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව තහවුරු කර ගත්තේය.

27/09/2025

අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට්: ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්!
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (26) පැවති යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.

තරගාවලිය 4-0ක් ලෙස පෙරමුණේ
මෙම ජයත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් කාන්තා යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මේ වන විට අවසන් වී ඇති සියලු තරග 4ම ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව සිටීම විශේෂත්වයක්.

තරගයේ තොරතුරු
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 9කට සීමා වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 83ක් ලබා ගත්තා. අනතුරුව ඕස්ට්‍රේලියානු ඉනිමට නැවත වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී ඔවුන් පන්දුවාර 6.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටි අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.

ශ්‍රී ලංකා ඉනිම කැපී පෙනුණු ක්‍රීඩිකාවන්:
සංජනා කාවින්දි – පන්දු 16ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක්

නායිකා මනුදි නානායක්කාර – පන්දු 8ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක්

ඕස්ට්‍රේලියානු පන්දු යැවීම:
Lucy Finn - ලකුණු 16කට කඩුලු 2ක්

කණ්ඩායම් වෙනස්කම්
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2ක් සහිතව තරග බිමට පිවිසුණේ රිශ්මි සංජනා සහ මිතාලි අයෝද්‍යා කැඳවමිනුයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවක නායිකාවක සමඟින් තරගයට පිවිසුණු අතර, නිමා වූ තරග ත්‍රිත්වයේ නායකත්වය දැරූ Samara Dulvin වෙනුවට Lucy Finn වෙත නායකත්වයේ වගකීම පැවරී තිබුණා. ඊට අමතරව Charli Mclennan, Ira Aery සහ Ava Drury වෙනුවට Indira Panelli, Aijay Willoughby, Ayaka Kato-Stafford සහ Chelsea Sonter කණ්ඩායමට එක් කර තිබුණා.

Vous voulez que votre entreprise soit Gym la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


Democratic Republic Of The
2430250