Sri Lanka Sports.com

Sri Lanka Sports.com

Share

Sri Lanka's first sports website www.srilankasports.com
Since 2000 "for a global following"

02/06/2026

"ලංකාව ලෝක කුසලානයක අවසන් පූවර් වටයට ගෙනියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව"

ICC කාන්තා T20 ලෝක කුසලාන 2026 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ජූනි 12 වැනිදා සත්කාරක එංගලන්තයට එරෙහිව පැවැත්වේ.
තරගාවලියට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු.



(🎥 -Sri Lanka Cricket)
Chamari Athapaththu

02/06/2026

New Spin Bowling coach for Indian Cricket Team

BCCI appoints former India cricketer Sairaj Bahutule as Team Indias spin bowling coach ahead of the Afghanistan Test and ODI series

02/06/2026

Mew look Lords

02/06/2026

එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීම ගොඩ ගන්න සාරා ටේලර් බරටම වැඩ

02/06/2026

ලෝක කුසලාන බලාපොරොත්තු සහිය එංගලන්තයට යන සිංහ ධේනුවන්ට සුබ පැතුම් එක් කරන්න- ඔබේ පැතුම් මෙහි සටහන් කරන්න

ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා අද පිටත් වුනා. කුසලානය ගෙන එන්නට ඔබේ සුබ පැතුම් සටහන මෙහි තබන්න

ආඩම්බරයෙන්, උද්‍යෝගයෙන් සහ අධිෂ්ඨානයෙන්.


Photos from Sri Lanka Sports.com's post 02/06/2026

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කෙරේ

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී විජේරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ පුහුණුකරුවන් එක්ව සිටියහ.

එම අවස්ථාවේ දී 2024 වසරේ ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය, පැරීසියේ පැවැති පැරාලිම්පික් තරගාවලිය, 2025 වසරේ දී ඉන්දියාවේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය, බහරේන් හි පැවැති තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලිය යන තරගවලිවල දී දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා මෙම මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරුණි.

2024 ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සඳහා රුපියල් මිලියන 8.5 ක මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරෙනු අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන 1.7ක මුදලක් පිරිනැමුණි.

2024 පැරිසියේ පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙකු සඳහා රුපියල් මිලියන 20ක ප්‍රදානයන් සිදු කෙරුණි. ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන 4ක මුදලක් ප්‍රදානය කෙරුණි.

එමෙන්ම 2025 වසරේ දී ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණු අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණි.

බහරේන් හි පැවැති 2025 තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සඳහා රුපියල් මිලියන 18.18 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණි. එමෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන තුනක මූල්‍ය ප්‍රදානයක් ලබාදුනි.
මෙම අවස්ථාවේදී ක්‍රීඩකයකු සඳහා හිමි වූ වැඩිම මුදල හිමි වූයේ කේ. ඒ සමිත දුලාන් ක්‍රීඩකයාට වන අතර ඔහු 2024 වසරේදී පැරීසියේ පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනාගත් රිදී පදක්කම වෙනුවෙන් රුපියල් ලක්ෂ 150ක මුදලක් පිරි නැමුණි.

2024 වසරේ දී බහරේන්හි පැවැති තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ජී.එල් ලහිරු අචින්ත ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ක්‍රීඩකයෙක් රටට ලබා දෙන කීර්තිය කිසිදු ලෙසකින් මුදලට සමාන කළ නොහැකි බවත්, ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් වූ තිළිණයක් ලෙස මෙම මුදල ලබා දෙන බවත්ය.
මෙම දීමනා ලබාදීම සම්බන්ධව අභියෝග රැසකට මුහුණ දුන් බවත්, විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු නිර්ණායකවලට අනුව මෙම තිළිණය ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා වෘත්තීමයභාවය ඇති කිරීම සඳහා වූ ක්‍රමවේදයන් සකස් කිරීම ආරම්භ කර ඇති බවත්, මෙවැනි දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඒ අනුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමෙන් පසු තිළිණ ප්‍රදානයන් කරනවා සේම, ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවත් , මෙම ප්‍රදානයන් ලබාදීම 2026 වසරේ දී මීට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"Mission Olympic 2028" වැඩසටහන එම ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් වෘත්තීමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩසටහනක් බවත්, එම වැඩසටහනට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී තිළිණ ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පුවත ඔබගේ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස ඉල්ලා සිටිමු. මෙම අවස්ථාවට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත. අපගේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තුතියි.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

02/06/2026

2026–2027 වසර සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ.

ක්‍රිකට් ආයතනය අද (02) නිවේදනයක් මගින් සඳහන් කර සිටියේ, මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන බවය.

ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් (Central Contract) ලෙස කොන්ත්‍රාත් කිහිපයක් යටතේ වර්ග කර ඇත.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ ඉදිරි අවශ්‍යතා වඩාත් ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා ඔවුන් මෙලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ මෙම වර්ගීකරණයන් සහ තේරීම් සිදු කිරීමේදී කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ බවය.

01/06/2026

ජාත්‍යන්තර ක්‍රිකට් කාර්තු රැස්වීම ට ශ්‍රී ලංකා ක්‍රිකට් ට ආරාධනා නැ

සති අන්තයේ අහමදාබාද්හි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කාර්තුමය රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නියෝජිතයෙකුට ආරාධනා කර නොතිබීම විශේෂයි.

එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පරිවර්තන කමිටුවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් සම්බාධක පැනවීමට කටයුතු නොකිරීම යම් සැනසීමකට කරුණක් බව පරිවර්තන කමිටු සාමාජිකයෙක් පැවසීය

01/06/2026

මංගල කාන්තා ශූරතා කුසලානය කල් යයි

2027 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මංගල කාන්තා ශූරතා කුසලානය ජූනි-ජූලි සිට 2027 පෙබරවාරි මාසය දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කල් දමා ඇත

01/06/2026

Sunil Gavaskar Says BCCI Should Have Postponed IPL Final

Former India cricketer Sunil Gavaskar believes that the Indian Premier League (IPL) 2026 final should have been postponed by a day to be a ‘little fair’ to the Gujarat Titans. He said that the franchise was short-handed because they had to travel between three venues in the playoffs due to no fault of their own.

Want your business to be the top-listed Gym/sports Facility in Coventry?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


51 Meadow Road
Coventry
CV64GW