ARA UK

ARA UK

Share

ARA UK is one of the most popular Sports & Entertaining page, which is highly engage world Sports and the Live events ongoing United Kingdom.

Our mother company, ARA Care & Events Solutions UK LTD is registered company from the UK Company House.

14/05/2026

🏋ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලිමේ ශූරතා තරගාවලියේ චින්තන ගීතාල් සහ ඉන්දික දිසානායක අද තරග වැඳීමට නියමිතයි

14/05/2026

🏋සඳු ජයවර්ධන 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

13/05/2026

🏋️සුපුන් සෝමතිලක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි.

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලිමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වදිමින් සුපුන් සෝමතිලක 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා

එම ජයත් සමඟ සුපුන් සෝමතිලක මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උලෙළටද සුදුසුකම් ලැබුවා.

සුපුන් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 143ක් ඔසවනු ලැබූ අතර ඔහ එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රැම් 255ක්

13/05/2026

🏋️‍♀️රවීහාරි ගුණතිලක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කාන්තා කිලෝග්‍රැම් 48 බර පන්තියෙන් තරග කළ රවීහාරි ගුණතිලක 5වැනි ස්ථානය දිනා ගැනීමට අද සමත්වුණා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 89ක් ඔසවමින්.

ඇය තරගයේදී එස වූ සමස්ථ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක්.

13/05/2026

🚨ALERT
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් ඉදිරි සතියේ දිවයිනට

👉ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් ඉදිරි සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පැමිණෙන කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා, නව ක්‍රිකට් පරිවර්තන කමිටුව, හිටපු විධායක කමිටුව මෙන්ම ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ICC විසින් මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

12/05/2026

🎤🎼 එෂාන් මාලිංගගේ ගායන හැකියාව IPL තරගාවලියෙන් මතු වු හැටි

11/05/2026

🚨මුම්බායි පිල කලින්ම ඉවත් වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ඉවත් වීමට සිදුව තිබෙනවා.

11/05/2026

🚨BREAKING NEWS
ශ්‍රී ලංකාවේ ලකුණු 2ක් ICC කපා දමයි

👉ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වාර්ෂික යාවත්කාලීන කිරීම් සිදු කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව අද ප්‍රකාශයට පත් කළා.

එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉන්දියාව තවදුරටත් පෙරමුණ හිමි කර ගෙන ඇතත්, ඔවුන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 119 සිට 118 දක්වා පහතට වැටී තිබෙනවා.

නවසීලන්තය දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ලකුණු 111 ක්ව පැවැති සිය ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ නංවා ගනිමින්.

ලෝක ශූර ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

පළමු ස්ථාන 10 තුළ සිදුව ඇති එකම ස්ථාන වෙනස්කම වන්නේ මෙතෙක් පස්වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව සිව්වැනි ස්ථානය දක්වා පාකිස්තානය අභිබවා ඉදිරියට පැමිණීමයි.

ශ්‍රී ලංකාව තවදුරටත් 6 වැනි ස්ථානයේම රැදී සිටින අතර ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 98 සිට 96 දක්වා පහතට ඇද වැටී තිබීම විශේෂත්වයක්.

11/05/2026

🏏නවසිලන්ත - ශ්‍රී ලංකා කාන්තා A එක්දින ගැටුම හෙට දඹුල්ලේදී ඇරඹෙයි

නවසීලන්ත කාන්තා A කණ්ඩායමට එරෙහි එක්දින තරගාලියට ශ්‍රී ලංකා කාන්තා A සංචිතය නම් කර තිබෙනවා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන කුසලානය අද දඹුල්ලේදි එළිදැක්වුණා

10/05/2026

🚨කුසල් මෙන්ඩිස්ට නායකත්වය

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායම් දෙකෙහි නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි

09/05/2026

🏏අප්‍රේල් මස ICC ක්‍රීඩිකාව සදහා ඉමේශා දුලානි නිර්දේශ වෙයි.

Want your business to be the top-listed Gym/sports Facility in London?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Monks Avenue
London
UB33BT