St. Joseph's Girls' School PPA UK

St. Joseph's Girls' School PPA UK

Share

Past pupils' association UK branch of St. Joseph's Girls' School, Nugegoda.

Photos from St. Joseph's Girls' School PPA UK's post 20/03/2026
Photos from St. Joseph's Girls' School PPA UK's post 20/03/2026

අපේ පාසලේ 84වන සංවත්සර උත්සවය 2026 මාර්තු 19 දින පැවැත්විණි.අවුරුදු 83 ක්‌ St. joseph මුනිදුන්ගේ ඉදිරිපිට පැවැත් වූ පාසැල් දිනය ඊයේ දිනයේ පැවතුවූයේ කිසිම දිනක සිදු නෝව් ආකාරයට ය. එනම් Baskeball court එකෙදිය.
අපේ පාසලේ නාම සාන් තු වරයා වන ශාන්ත ජෝසප්ගේ මුනිදුන්න්ගේ පිළිරුව හා අල්තරය ට කුමක් විද. වසර 50 ක්‌ සපිරුණු 1992 වසරේ එවටකසිටි බිෂප් තුමන් වන ගරු නිකලස් මාකස් ෆර්නැන්ඩෝ හිමිපානන් විසින් ස්ථාපිත කරන ලද සමරු පාලකය ඉවත් කර පාසැල් බුමියේ පසෙකින් තැබීම කොච්චර විනාශකාරී සහා සාපරදි කාර්යයක්ද?
පාසැලේ පාර්ශවයන් පවසන්නේ පිළිමය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය නිසා ඉවත් කළ බවයි. නමුත් ඒ වෙනුවට වෙනත් කලා කෘතියක් තැබීමට එය ඉවත් කර ඇත.
දැනට එම පිළිමය පාසලේ කිසියම් පන්තියක සඟවා ඇත.පාසැලේ icon ඒක පාසල් භූමිය තුළ අකැමැත්තෙන් අතහැර දමා ඇත.
කතෝලික සංගමය සහ කතෝලික අධ්‍යාපන භාර ගුරුවරිය/ගුරුවරුන් මේ ගැන හඬ නැගන්නේ නැත්තේ ඇයි?
OGA (පැරණි ශිෂ්‍ය සංගමය) මේ ගැන නිශ්ශබ්දව සිටින්නේ ඇයි?
පාසල් සංවර්ධන සංගමය (SDS) මේ ගැන නොදැනුවත්ද?
SDS එක පාසලේ සදාචාර සහ වටිනාකම් වර්ධනය කළ යුතුයි, පාසලේ ඉතිහාසය මකා දැමීමට නොව.
මට හිතෙනවා දැන් කාලය ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින වර්තමාන හා පැරණි ශිෂ්‍යයන්, එසේම වර්තමාන හා පැරණි ගුරු මණ්ඩලය එකතු ව් මෙම ක්‍රියාව හෙලා දැක එයට නිසි පියවරක් ගත යුතු කාලයක් එළබ ඇති බවයි.

මෙම ක්‍රියාව නිසා පාසැලේ ගව්රවය සහා ස්වඉරි බාවයට මිල කෙල නොහැකි අගතියක් සිදුව් අත.

Photos from St. Joseph's Girls' School PPA UK's post 20/03/2026

Hello Friends
What do u think of our School's
84th year celebrations?
Which was held on the 19th of March 2026
What a crime it was to remove the 83-year-old statue of our Patron Saint St. JOSEPH’S and the plaque which stood before the statue vested by His Excellency the Bishop of Colombo DR Nicholas Marcus Fernando in the year 1992
Although the authorities concerned said that the statue has to be refurbished they removed it for another piece of art
The statue is removed and hidden in a classroom somewhere in the school. Whilst the plaque is lying unattended in the school premises.
Why is the Catholic Society and the teacher in charge of Catholic studies not raising her/their voice?
Why is the OGA keeping quiet over this issue
And is the School's Development Society unaware of this? The SDS should develop the School's ethics rather than trying to bury the History of our School.
I think it's time both present and past pupils living in SL and abroad and the staff both past and present get together to preserve our school from going down the rocks. It is so sad and astonishing to see the Mass being held on the Basketball Court rather than being conducted in front of the School.
Are the authorities concerned trying to ruin the School's Good Name?

Photos from St. Joseph's Girls' School PPA UK's post 01/03/2026

මගේ හිතවත් පාසල් මිතුරියන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සියලු හිතවත්යන් වෙත,
පාසලේ මීලග පැවැත්වීමට නියමිත AGM සම්බන්ධයෙන් මා විසින් පළ කළ අදහසකට OGA ලේකම් ලියෝනි චන්ද්‍රසේකර මහත්මිය විසින් පිළිතුරක් ලබා දී තිබුණි. එයට මා විසින් දක්වා තිබූ ප්‍රතිචාරය මකා දමා තිබෙන අතර, මා සහ මාගේ සමහර මිතුරියන් block කර ඇති බව ද දැක්කෙමි. ඒ හේතුවෙන් අපට අදාල පිටුවට පිවිසීමට ද නොහැකි වී ඇත. විවිධ අදහස් පළ කිරීමක් ප්‍රශ්නයක් ලෙස පෙනී යාම ගැන මම කණගාටු වේම්. ඒඊන් පෙනී යන්නේ මා පවසන්නට යන කාරණා ගැන ඔව්න් බියට පත් වූ බවය.
*මෑතකදී සිදුවූ තවත් කරුණක් ගැන ද මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරමි. පාසලේ ඉතාමත් පැරණි සහ වටිනා සංකේතයක් වූ Saint Joseph‘s පිළිරුව ඉවත් කර නව නිර්මාණයකට සැකසු පිළිරුවක් ස්ථාපනය කර ඇති බව දැනගන්නට ලැබුණි. දශක 70කට ආසන්න ඉතිහාසයක් ඇති, කිසිදු හානියක් නොවූ එම පිළිරුව මෙලෙස ඉවත් කිරීමට අවශ්‍යතාවය කුමක්ද යන්න ගැටළුවක් වේ.
මෙම පැරණි පිළිරුව පාසලේ Golden Jubilee (1942–1992) උත්සව අවස්ථාවේදී එවකට කොළඹ Rv. Dr. Nicholas Marcus Fernando Atcbishop of Colombo වහන්සේ විසින් ආශීර්වාද කර ස්ථාපිත කළ එකකි. එවන් ඉතිහාසමය හා ආගමික වටිනාකමක් ඇති සංකේතයක් කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඉවත් කිරීම පාසලේ ඉතිහාසය අගය නොකිරීමක් ලෙස හැඟේ. ඒ අවස්ථාවේදී පාසලේ OG එක නිහඩ වූයේ මන්ද මෙම ක්‍රියාව පාසලේ ලේකම් තුමිය කියන පරිදි OG එක උඩ බලාගෙන කෙල ගැසීමක් නොවේද.

නව පිළිරුව සඳහා වැය වූ මුදල ලක්ෂ 8කට ආසන්න බව දැනගන්නට ලැබේ. නමුත් එහි plaque එකේ නම සදහන් අනුගග්‍රාහකයා පරිත්‍යාග කෙර ඇත්තේ ඒම මුදලින් අඩකටත් අඩු මුදලක් බවයි ආරංචිය ඒ අනුව එක් පුද්ගලයෙකුගේ නම පමණක් සඳහන් වීමත්, පාසලේ විදුහල්පතිනිය හෝ ආධ්‍යාත්මික නායකයන්ගේ නාමයන් සඳහන් නොවීමත් කණගාටුවට කරුණකි. මෙය තවත් උඩ බලාගෙන කෙල ගැසීමක් නේද?

මෙය පාසලේ සමස්ත ප්‍රජාව දැනුවත් කර, සාකච්ඡා කර ගත යුතු කරුණක් නොවන්නේද?
මෙම තීරණය OGA අනුමැතියෙන් සිදු වූයේ නම්, පාසලේ ඉතිහාසය සහ වටිනාකම සලකා බලන ලදේද යන්න ගැනද අපට පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. දෙමාපියන්, ගුරුවරුන්, සිසුන් හෝ OGA සාමාජිකයින් පවා මේ පිළිබඳ පෙර දැනුවත් කිරීමක් නොතිබීම කණගාටුදායකය.
මාගේ අරමුණ කිසිවෙකුට විරුද්ධ වීම නොව, පාසලේ ඉතිහාසය, සංකේත සහ වටිනාකම් ආරක්ෂා කර ගැනීමයි. එයා පාසලේ OG එක සතු වගකීමක් ය. OG එක කෙලින් හිටියනම් අද මෙවැනි දෙයක් නොවන්නේයේ. එයයි කණගාටුව
පාසලේ කීර්තිමත් ශිෂ්‍යාවක් සහා පාසලට ආදරය කරන ශිෂ්‍යාවක් වශයෙන් මෙය මා හට ඉතා කණගාටු දායක කරනවකි.
“මේ නිසය මම පවසුවේ පාසලට හොඳ ,පනතියෙන පාසලේ ඉතිහාසය දන්න මුදලට යටත් වෙන්නේ නැති OG එකක් අවශ්‍යය බවය.
අනිත් දුක හිතෙන කරනවානම් ගලවා ඉවත් කළ පිළිරුව ටික දවසක් විදුහල්පතිනියගේ කාර්යාලය ඉදිරිපිට තබා පස්සේ දෙමාපියන් සහ සිසුන් වැඩි කතාබහට ලක්‌ වූ නිසා ඒක එතැනින් ඉවත් කර ආගම ගුරුවරියගේ කාමරයට ගෙන යාමය. ඔව්න් එයෙන් බලාපොරොත්තු වූයේ හැමෝටම මෙය දැන් අමතක වෙයි සිතා වෙන්නට අත. නමුත් පාසලට ඇතුල් වෙන විට පාසලේ prestige , dignity and pride ඒක ගිලිහි ගොස් ඇති බවත් සහා පාසැල හිස් බවක් පෙනේ.

ගරු ලේකම් තුමියනි මේවසෙරේ school day එකේ mass එක තියන්නේ කොහෙද, කොහොමද?
දැන් Leyoni කව්ද උඩ බලාගෙන කෙල ගැහුවේ.

ඔබ සැමට පහත චායාරුප වලින් මා පැවසු කරුණු මානවට පැහැදිලිවේ.

ඔබ සැමට ජේසු පිහිටයි

Want your business to be the top-listed Gym/sports Facility in London?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


London