02/05/2026
ගොක්කොළ ආශ්‍රිත නිර්මාණකරණය පිළිබඳ වැඩමුළුව - 2026.04.29 වන දින වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතන පරිශ්‍රයේ දී කථිකාචාර්ය වරුන්ගේ සහ ගුරු ශිෂ්‍ය හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කෙරුණි.
#වේනමුල්ල ゚ #ගොක්පත්
29/04/2026
වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේ මහෝපාධ්‍යාය ධුරන්දර, අග්ග මහා පණ්ඩිත, වැඩ බලන අනුනායක, අතිපූජනීය කහගොල්ලේ සෝමවංස නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක නව අධ්‍යයන වාරයට ආශිර්වාද ලබා ගැනීම සහ පුහුණුලාභී ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ආගමික කුසලතා සංවර්ධනය සඳහා එක් දින වැඩමුළුවක් 2026.04.27 වන දින ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම පරිශ්‍රයේ දී සිදු කෙරුණි.
゚
09/04/2026
වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේ 2024 - 2026 පුහුණුලාභී ශිෂ්‍ය හිමිවරු සඳහා ක්‍රියාත්මක සීමාවාසී ගුරු පුහුණු වැඩසටහන පිරිවෙන් අධ්‍යාපන අංශයේ පූර්ණ අනුමැතියෙන් 2026.04.20 දින සිට 2026.12.04 දින තෙක් ගාල්ල දිස්ත්‍රික් පිරිවෙන් ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.
උක්ත වැඩසටහන සම්බන්ධයෙන් පුහුණුලාභී ගුරු ශිෂ්‍ය හිමිවරු දැනුවත් කිරීමේ වැඩසටහන 2026.04.08 දින මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරිණි. මෙහි දී සීමාවාසී පුහුණුවේ පොදු අරමුණු, සුවිශේෂී අරමුණු මෙන් ම දිගුකාලීන අරමුණු හඳුනා ගැනීම ඇතුළු සමස්ථ වැඩසටහන් සැලැස්ම පැහැදිලි කිරීම මූලික අපේක්ෂාව විය.
මේ සඳහා ගුරු පුහුණු අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය රොටුඹ සිරිසෝභන මාහිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් හා අධීක්ෂණ කථිකාචාර්යවරුන් හා ශිෂ්‍ය හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් උක්ත වැඩසටහන පැවැත්විණි.
゚
28/02/2026
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් තුමන්ගේ (පාලන) උපදෙස් මත සමස්ත ආයතනික ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීම සඳහා පිරිවෙන් අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාහිමිපාණන් වහන්සේලා ඇතුළු පිරිවෙන් අධ්‍යාපන අංශයේ පරිපාලන නිළධාරීතුමිය හා සෙසු නිලධාරීන් 2026.02.25 දින පසු අභ්‍යාස ආයතනයට පැමිණීම.
#2028
28/02/2026
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය මගින් පාලනය වන වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේ 2026 - 2028 නවක ශිෂ්‍ය හිමිවරු නේවාසික කරගැනීම 2026.02.24 වන දින පිරිවෙන් අධ්‍යාපන අංශයේ උපදෙස් පරිදි මහෝපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේගේ වැඩම වීමෙන් සහ ආයතන අධ්‍යක්ෂ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරුණි.
17/01/2026
දසක දෙකක අභිමන් සැමරුම හා සියක් නමක් උදෙසා පරිවෙණාචාර්ය සේවා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය
2026 - 01 - 13 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වුණි.