Cricket With Sanu

Cricket With Sanu

Share

🏏East or West cricket is the best🏆

Photos from Cricket With Sanu's post 30/04/2026

හරිම වෙලාව බලල ගේම් එක ෆිනිශ් කරපු අනුරයියා...❤️

ඇත්තටම ශම්මි කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් එක වෙලාගෙන හිටපු බහිරවයෙක් වගේ කෙනෙක්,

ශම්මිව එලවන්න ගොඩක් අය කලින් උත්සාහ කරත් අඩුම ප්‍රභලයි කියන රනිල්,ගෝඨා වගේ ජනාධිපතිවරුන්ගෙ කාලෙවත් ශම්මිට අතක් තියන්න බැරි උනා,

ගෝඨගෙ කාලෙ ශම්මිව එලවන්න හදපු රොශාන් රනසිංහට අන්තිමට ඇමතිකමත් දාලයි ගෙදර යන්න උනේ.

හැබැයි මේ ආණ්ඩුව චන්දෙ ඉල්ලද්දිම කිව්ව ක්‍රිකට් එක කොනක ඉදන් හදනව කියලා,

එහෙම කිව්වට පත්වෙලා අවුරුද්දක් යනකන්ම මේ අය ශම්මිව එලවන පාටක් නෑ කියලා ටොයි බයි ජනතාව වගේම ක්‍රිකට් වලට ආදර්‍රෙ කරපු අපිත් කියන්න ගත්තා.

හැබැයි දැන් මාසෙකට කලින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රෙස් එකක් තියලා කිව්වා ICC එක එක්ක මේ කාරනේ ගැන සාර්ථකව සාකච්චා කරා කියලා,

ඉතින් ඒ සාකච්ඡා කරා කිව්වත් හැමෝම හිතුවෙ ශම්මිව එලවන්න බැරි වෙයි,බලෙන් යැව්වොත් ක්‍රිකට් තහනම් වෙයි කියලා,

හැබැයි ඒ සාකච්ඡා අවසානෙදි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ශම්මිට කෙලින්ම ලියුමක් යවනව ඉල්ලා අස්වෙන්න කියලා,

එහෙම කියලා සතියකට පස්සෙ ශම්මි ඇතුලු මුලු ක්‍රිකට් විධායක කමිටුවම ඉල්ලා අස්වෙනවා.

කාලෙකට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්,ඒ නිසා තමන්ව එලෙව්වොත් ක්‍රිකට් තහනම් වෙනවාය වගේ බයිලා ශම්මි සිල්වා කිව්වා,ඔයාලා මතක ඇතිනෙ,

ඉතින් එහෙම කටින් බයකරන් ඉන්න හදපු මනුස්සයව තැනේ හැටියට ඇනේ ගහලා එලියට ඇදලා දාපු එකට එකෙන්ම රෙස්පෙක්ට් 🙌

ඒ වගේම දැන් ගොඩක් අය කියනවා දැන් පත් කරල ඉන්න අතුරු කමිටුවෙ සභාපති එරාන් වික්‍රමරත්න බෝන් අගේන්,ඒ නිසා මේක හරියන්නෑ වගේ ඒව,

හැබැයි මේක හරියන්නෑ කියල හිතනව නම් කවදාවත් සංගා,මහානාම,සිදත් වෙත්තමුනි වගේ අය මේ කමිටුවට එන්නෑ,

විශේෂයෙන්ම මෙච්චර කල් ක්‍රිකට් පරිපාලනේ දිහා හැරිලවත් නොබලපු සංගා ඉන්නවා කියන්නෙම ඉදිරිය සුභවාදී කියන බලාපොරොත්තු අපිට තියාගන්න පුලුවන්,

ඉතින් ක්‍රිකට් වලට ආදරේ කරන හැමෝටම කියන්න තියෙන්නෙ ශම්මි එලවනකන් ඉවසුව වගේ සාත්තර බලන්නැතුව ක්‍රිකට් එක ටිකෙන් ටික හැදෙනකන් ඉවසන් ඉන්න😉

Cricket With Sanu

Photos from Cricket With Sanu's post 29/04/2026

ශම්මිගෙන් හිස් වුන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට සුදුසුම කෙනා කවුද...?

රොශාන් මහානාම - ❤️
එරාන් වික්‍රමරත්න - 😂
අර්ජුන රනතුංග - 👍

රියැක්ට් කරන් යමු බලන්න🙌

Photos from Cricket With Sanu's post 09/04/2026

🚨 NEWS ALERT 🚨

🛑 | ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ගොනුකර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි පෙත්සම ලබන 23 වනදා දක්වා කල්තබා තිබෙනවා.

අදාළ දිනයේදී එම විරෝධතා ඉදිරිපත් කරන ලෙසටයි කොළඹ දිසා අධිකරණය විසින් අද (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇත්තේ.

අදාළ පෙත්සම හරහා නුවන් තුෂාර ඉල්ලා සිටින්නේ තමන්ට මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිළ අවසරය (NOC) ලබාදෙන ලෙසටයි.

Cricket With Sanu

Photos from Cricket With Sanu's post 08/04/2026

ඉන්දියාවෙන් හොයාගත්ත අලුත්ම Fast Bowling Bullet එක😳

පැයට කිලෝමීටර් 154ක වේගෙන් බෝල් කරන "අශෝක් ශර්මා"

අශෝක් කියන්නෙ 2002 ඉපදුන තාම අවුරුදු 24ක කොල්ලෙක්,

2026 IPL තරගාවලියෙ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරන අශෝක් 2026 IPL තරගාවලියෙ වේගවත්ම පන්දුව යවන්න සමත් වෙනවා,

ඒ පැයට කිලෝමීටර් 154ක වේගයෙන්,

වේගෙත් එක්ක ඔහේ බෝල් නොකර හොද ට්‍රේනින් එකක් දීලා හදලා ගත්තොත් කොල්ල අනිවාර්යයෙන්ම International cricket හොල්ලන බුලට් එකක් වෙයි.

ඉන්දියාවෙ උන් මේ වගේ වේගෙන් බෝල් කරන,හොද කන්ට්‍රෝල් එකක් තියෙන Fast bowlers ල හොයද්දි,
අපේ උන් මාලිංග 135ට දාන බෝලර්ස්ල හොයනකොට හිනා වුනා😉

ඉන්දියාවෙ අවුරුදු 24ක කොල්ලෙක් මෙහෙම Fast දානවා නම්,ඇයි අපේ ක්ලබ් ගහන අයට මෙහෙම බැරි...?

Cricket With Sanu

Photos from Cricket With Sanu's post 07/04/2026

ඇත්තටම කෝටි 25ක් දීලා ගන්න තරම් කැමරන් ග්‍රීන් කියන්නෙ වැඩ්ඩෙක්ද...?

මේ දවස්වල ග්‍රීන් කොල්ලා එක දිගට ෆේල් වෙන නිසා ගොඩක් අයට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි පොරව IPL ගත්ත මිල😉

2026 IPL ඔක්ශන් එකේදි IPL ඉතිහාසයේ ඉහලම මිලක් හිමිවුන විදේශීය ක්‍රීඩකයා විදියට වාර්තාවකුත් තියලා තමයි කැමරන් ග්‍රීන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එක්ක එකතුවෙන්නෙ.
ඒ ඉන්දීය රුපියල් කෝටි 25.20කට

හැබැයි 2026 IPL තරගාවලියේ මුල් තරග 3 නම් ග්‍රීන් කොල්ලට එච්චර සුභ උනේ නම් නෑ.

මොකද මේ තරග 3න් එක තරගෙකදිවත් ග්‍රීන්ට ලකුණු 20 සීමාවට වත් එන්න බැරි වෙනවා.

මේ දේවල් එක්ක ගොඩක් අය ප්‍රශ්න කරනව කැමරන් ග්‍රීන්ව කෝටි 25ක් දීල ගත්තෙ ඇයි කියලා.

ඇත්තටම ග්‍රීන්ව ගනිද්දි ග්‍රීන් කෝටි 25ක් වගේ මුදලකට ගන්න තරම් වටිනාකමක් තිබ්බ ක්‍රීඩකයෙක් තමයි.

මොකද තාම අවුරුදු 26යි වෙන්නෙ,

ඕල්‍ රවුන්ඩර් කෙනෙක්,

හොද ස්ට්‍රයිකර් කෙනෙක්,

ඒ වගේම IPL ඇවරේජ් එක 38ක් වගේම Sr එක 154ක් තියෙන Batsman කෙනෙක්.

ඒ වගේම ටීම් එකේ අයිකනික් ප්ලේයර් කෙනෙක් විදියට තියාගන්න පුලුවන් කෙනෙක්,
හරියට අපේ මාලිංග,පොලාඩ් මුම්බායි හිටිය වගේ,එතකොට DJ බ්‍රාවෝ චෙන්නයි හිටියා වගේ.

මේ හැමදේටම වඩා වැදගත් කාරනාව තමයි ග්‍රීන් ෆෝර්ම් එකට ආවම එක දිගට මැච් දෙක තුනකවත් ඒ ෆෝම් එක තියෙනව,

ඒ වගේම ගහනකොට ගහන්නෙත් එසේ මෙසේ ඉනින්ග්ස් නෙමෙයි,

කෙටියෙන්ම කියනව නම් ග්‍රීන් කියන්නෙ ෆෝර්ම් උනොත් මැච් විනර් කෙනෙක්.

මෙන්න මේ හේතු ටික නිසයි කැමරන් ග්‍රීන් කියන ක්‍රීඩකයා කෝටි 25කට ගියේ.

(මීට අමතරව ඉතින් හම සුදු වීම සහ රට ඕස්ට්‍රේලියාව වීමත් අමතර වාසි විදියට ගන්න පුලුවන්)

කොහොම උනත් ග්‍රීන් කොල්ලට ඉක්මනින් ෆෝම් එක හොයාගන්න පුලුවන් උනොත් හොදයි,

මොකද පොර international වලත් අන්තිම ටිකේ ලොකු ෆෝම් එකක හිටියෙ නෑ,

වැරදිලා හරි මේ IPL සීසන් එකම ෆේල් උනොත් මිනිහ අනිවාර්යයෙන්ම ඊලග IPL එකේදි ටීම් එකෙන් එලියට දාල තමයි ආයෙ ගත්තොත් ගන්නෙ😉

Cricket With Sanu - Follow

Photos from Cricket With Sanu's post 03/04/2026

ශම්මිව එලෙව්වොත් ශ්‍රී ලංකා ක්‍රිකට් හැදෙයිද...?

උත්තරේ තමයි නෑ කියන එක💔

ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දැනට ඉන්න සබාපති ශම්මි සිල්වා එලවන රැල්ලක් දැන් සෝශල් මීඩියා වලින් ක්‍රිකට් රසිකයො අතරෙ හැදිලා තියෙනවා.

ඒක ඉතාම හොද වැඩක්.
කාලයක් තිස්සෙ බලාගෙන හිටිය ඇති කියන එක ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලො කෙල්ලොන්ට තේරුම් ගිය එකම ලොකු දෙයක්.

හැබැයි ශම්මිව මේකෙන් එලවල විතරක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක හදන්න නම් වෙන්නෙ නෑ.

මොකද දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක තියෙන්නෙ තනිකරම ජේ ශා ගෙ පාලනයක් යටතේ.

ඉතින් මේකෙන් SLC එක ගලවගන්න නම් ශම්මිව එතනින් එලවන ගමන්,ශ්‍රී ලංකා රජයෙන් ගේන අතුරු කමිටුවකට SLC එක බාරදිය යුතුමයි.

පාකිස්තානයෙත් දැනට තියෙන්නෙ ඒ වගේ අතුරු කමිටුවක්.

SLC එකේ බලය ආණ්ඩුව ගත්තා කියන්නෙම ජනාධිපතිතුමාට,ක්‍රීඩා ඇමතිතුමාට ඕනම වෙලාවක ඒකෙ වෙන වංචා දූෂණ ගැන රිජුව මැදිහත් වෙන්න පුලුවන් කියන එක.

මේ හැමදේම කරත් වැඩක් නෑ ටීම් එකේ සෙල්ලම් කරන ක්‍රීඩකයොන්ව හරියට හැදුවෙ නැත්තම්.

අද වෙද්දි ලංකාවෙ ටීම් එකේ බහුතරයක් ක්‍රීඩකයො කිසිම විනයක් නැතුව,ඕනවට එපාවට සෙල්ලම් කරනව කියන එක ප්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි.

ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ක්‍රීඩකයින්වත් හරි මගපෙන්වීමක් දීලා හරියට හදල ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත නැගීටීමක් ආරම්භ වෙයි.

එහෙම නැතුව ශම්මියව එලවල ඔහේ බලන් හිටියොත් නම් මුරලිගෙ වචනයෙන්ම කියනව නම් "මගේ මතේ ඒක බෑම තමයි"

Cricket With Sanu - Follow

31/03/2026

හැමදාම කෙලින් කතාකරන වාස් හදිසියෙම SLC එකෙන් තියපු ෆිට්නස් ටෙස්ට් එක ගැන කට අරියි🫡

"පසුගිය වසර හතර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතා ප්‍රමිතීන් බොහෝ දුරට නොසලකා හැර තිබේ. මම බොහෝ වාරයක් සඳහන් කර ඇති පරිදි,ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතාවය අතිශයින් වැදගත් වන අතර, ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත.

නමුත් ඔබට එය වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර IPL වලට පෙර හදිසියේම දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කළ නොහැක.ක්‍රීඩකයෙකු දැන් මඟ හැරෙන්නේ විනයට වඩා දුර්වල සැලසුම් කිරීම් නිසයි."

කියන එක සුද්ද සිංහලෙන්ම කියල තියෙනවා ආයෙ🙌

Photos from Cricket With Sanu's post 25/03/2026

😍පැතුම් දිල්ලි ඕපනින් එකට....?

බෙන් ඩකට් මෙවර IPL තරගාවලියට සමුදීම නිල වශයෙන් තීරණය කර ඇත.🙌

ඒත් සමගින් මෙවර IPL තරගාවලියේ දිල්ලි කණ්ඩායමේ අත්දැකීම් බහුලම ආරම්භක පිතිකරු ලෙස පැතුම් නිස්සංක KL රාහුල් සමග ආරම්භක පිතිකරනයේ යෙදීමට නියමිතව ඇත.🏏

ගැම්මක් අල්ලමු කොල්ලෝ🙌

Cricket With Sanu

24/03/2026

කුසල් ජනිත් පෙරේරාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත.💔

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට මෙවර PSL තරගාවලිය සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරවම සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබාදී ඇත.

ඔහු හට ශාරීරීක යෝග්‍යතා පරීක්ෂණයක් නොපැවැත්වූයේ ඔහුව මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සලකා නොබලන නිසා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.

ඒත් සමගින් ශ්‍රී ලංකාවට සුවිශේෂ ජයග්‍රහණය කිහිපයකටම මග පෑදු විශිෂ්ට ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගෙ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය එලෙස නිල නොවන ලෙස නිමාවට පත්වී ඇත.🙂💔

ලංකාවට මීට වඩා වැඩක් ගන්න තිබුනු විශේෂයෙන්ම විස්සයි විස්ස ෆෝමැට් එකේ ලොකු පෙරලියක් කරන්න තිබුන බැටෙක් තමයි අකාලෙ ලංකාවට නැති උනේ කියන එක SLC එක හොදින් මතක තබාගත යුතුයි.

ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන SLC එක කියන එකත් අමතක නොකල යුතුයි😉

Anyway,Happy Retirement Champ🙌🏏

20/03/2026

මේපාර IPL teams වල ජර්සි සෙට් එක🫣

හොදම එක මොකක්ද....?

Cricket With Sanu - Follow

20/03/2026

රටේ ප්‍රශ්න එක්ක ශම්මිව අමතක කරන්නෙපා...🙌

මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක ක්‍රිකට් වලට ආදරේ කරන අයට ශම්මිව අමතක වෙලා නේද...?

ඇත්තටම ඔව්,ඒක එහෙම වෙලා තමයි.

මොකද තෙල් කේස්,යුද්ධ කේස් ඔක්කොම එක්ක ක්‍රිකට් මැච් එකක්වත් මේ දවස්වල නැති නිසා ශම්මිව එලවනවා කියල හිතන් හිටපු ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට නිකන්ම ශම්මිවයි උගෙ හොරු රැලයි අමතක වෙලාම ගිහින්.

ඒක එහෙම වෙන්න නොදී තියාගන්න එක ක්‍රිකට් වලට ආදරේ කරන අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.

රටේ තියෙන ප්‍රශ්න එක්ක පාරට බැහැල උද්ඝෝෂණ කරන්න බැරි උනත්,ආයෙ මුන්ව එලවනකන්ම සෝශල් මීඩියා වලින් මුන්ට විරුද්දව කතාකරන එක කවුරුත් නවත්තන්න එපා.

ඒ වගේම පුලුවන් තරම් රජයට මේ ගැන අවදානය දෙන්න කියලා සෝශල් මීඩියා වලින් පොඩි push එකක් පුලුවන් හැම වෙලාවෙම දෙන්නත් අමතක කරන්නෙපා😉

මොකද ආණ්ඩුවෙන් පවා ශම්මිව එලවන්න ICC එකත් එක්ක සාකච්ඡා කරන ගමන් ඉන්නව කියල ක්‍රීඩා ඇමතිතුමා ප්‍රෙස් එකක් තියලාම පහුගිය දවසක කිව්වා.

ඒ නිසා ප්‍රේක්ශකයො විදියට අපෙන් ප්‍රෙශර් එක්ක දෙන එක තමයි මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් ලොකුම දේ🙌

අමතක කරන්නෙපා රටේ ක්‍රිකට් ගොඩගන්න ලැබෙන මේ අවස්ථාව ආයෙ අතාරින්න එපා😉🏏

Want your business to be the top-listed Gym/sports Facility in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Ambalantota