FOCUS Badminton Academy

FOCUS Badminton Academy

Share

Join with as
Future of Badminton
🏆🏆🏆

08/01/2025

ක්‍රීඩාව තුලින් පුද්ගලයන් කොතරම් වෙනස් කරනවාද ?
ක්‍රීඩාව කෙරෙහි දරුවන් යොමු කල යුත්තේ ඇයි ?
යන ප්‍රශ්ණ වලට දිය යුතු නිවැරැදිම පිළිතුර ඇතුලත් වීඩියෝවක් 😍
ප්‍රතිවාදීන්ට ගරු කිරීම තුලින් ක්‍රීඩාවේ ජීව ගුණය කොතරම් ආරක්ෂා වෙනවාද ක්‍රීඩාව කොතරම් ලස්සන වෙනවාද
කුඩා ක්‍රීඩිකාවගේ 👧 ක්‍රියාව ලොකු පොඩි කාටත් ක්‍රීඩාවේ සුන්දරත්වය ගැන ලොකු පාඩමක් කියාදෙනවා ❤️

30/11/2024
22/09/2023

දරුවෙක්ට ඉවසිම, විනය, දරා ගැනීමේ හැකියාව පුරුදු කරන එකම ගුරුවරයා

ක්‍රීඩාවයි 🏸🏉🎾🏈⚽⚾🏏🏐🏑🥋🥊️⛳

19/09/2023

SRILANKA BADMINTON 🇱🇰

18/09/2023

❤❤ "වන්ස් අපෝන් අ ටයිම්" ❤❤

#බැඩ්මින්ටන්_කතාවක්_ සත්‍ය සිදුවිමක් ඇසුරෙන්

#තාත්තා කෙනෙක් තමන්ගෙ එකම පුතාව ඉස්කෝලෙන් පස්සෙ දිනපතා එක්කන් යනවලු බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් කරවන්න. පුතා සෙල්ලං කරනකම් මේ ආදරණීය තාත්තත් පැත්තකට වෙලා පැය ගානක් ඉන්නවලු.

පුතාගෙ සෙල්ලම හැබැයි හැමදාම ඕනෑවට එපාවටලු වෙන්නේ. කෝච් පවා මේ ගැන කනගාටුවෙන් තමයි ඉදලා තියෙන්නේ. කොයි වෙලේ හරි ඈතින් ඉන්න තාත්තට මේ තේරුමක් නැති ප්‍රැක්ටිස් කිරීම ගැන කියලා මේ ළමයව උනන්දු කරවන්න මේ කෝච්ට දැඩි උවමනාවක් තිබුනත් මේක කරන්න බැරුව යනවා. ළමයා හැමදාම තාත්තටත් බොරු කියනවා.

අද මැච් කීයක් දිනුවද පුතේ?
අද පහක් ගැහුව තාත්තෙ හතරක්ම දිනුං.
තාත්තට එච්චරයි ඕනේ වුනේ. නමුත් ඇත්ත කතාව නම් කෝච් කවදාවත් පුතාගෙ ක්‍රීඩා දක්ශතාවය දැක්කෙ නැති නිසා තරග දුන්නෙම නෑ. ළමය කලේ ප්‍රැක්ටිස් විතරයි. කෝච්ගේ හිත දිනා ගන්න හොදින් සෙල්ලම් කරන්න මේ ළමයට උවමනාවක් තිබුනෙත් නෑ. තාත්තගෙ වදේට ආව මිසක්.

ඔන්න ඔහොම කාලෙ ගෙවිල ගිහින් සති දෙක තුනක් පේන්න නොහිටි මේ දෙන්නා ගැන කෝච්ටත් හොයල බලන්න අමතක වුනා. නමුත් පස්සෙ දවසක මේ ළමයා විතරක් ප්‍රැක්ටිස් එන්න ගත්තා. තනියෙම. දැන් මේ කොල්ලා හොදට සෙල්ලං කරනවා. මහන්සි වෙනවා. හරි ක්‍රියාශීලී. කෝච්ට ලැබෙනවා ඔය අතරෙදි මැච් එකක්. නමුත් මේ ළමය අවිශ්වාස නිසා කෝච් මේ ළමයට තවම තැනක් දෙන්නේ නෑ. දැන් මේ ළමයා කෝච්ට අභියෝග කරනවා.

කෝච් ප්ලීස් මට මේ ගේම් එකට සෙල්ලං කරන්න ඕනෙ.
ඔයා පහුගිය කාලෙ එක මැච් එකක්වත් ගහන්නැතුව මං කොහොමද මේකට කෙලින්ම දාන්නේ පුතා?
මං දන්නවා මට පුලුවං. මං ගහනවා
හරි අපි බලමු කියල කෝච් රිස්ක් එක අරං ළමයව දානවා පෙයාර් එකට.

මැච් එක දවසෙත් කොල්ලා විතරයි එන්නේ. ගහනව හිතාගන්න බැරි වෙන්ඩ. කෝච් අසරණ වෙලා හිතාගන්න බැරුව කොල්ල දිහා බලං ඉන්නවා. ප්‍රැක්ටිස් එකේදිත් මෙච්චර සෙල්ලං නොකරපු එකා අද ටූනමන්ට් එකට මෙහෙම ඇගට සහ හිතට අරන් ප්ලේ කරන්නේ කාට පේන්ඩද කියල. තාත්තවත් හොයනවා. තාත්තා කෝඩ් එකේ අහලකවත් නෑ. කොහොමහරි කොල්ලා සහ පාර්ට්නර් ලැබුන මැච් සේරම දිනනවා. ටීම් එක ගනං ගත්තෙ නැති කොල්ලා තාත්ත එක්ක ආවනං මැච් එක විකුණනවා කියලා අනිත් කොල්ලො විහිලු කරද්දි කෝච් ඇහුවා වටිනාම ප්‍රස්නේ.
පුතා ඔයා කොහොමද එහෙම සෙල්ලං කලේ. වෙන කොහෙ හරි ට්‍රේන් වුනාද? තාත්තා බැඩ්මින්ටන් කෝච් කෙනෙක්ද? අද ඔට්ටුවක් දාලද ආවෙ? නැත්තං ගෑනු ළමයෙක්වත් ආවද අද?
කොල්ලගෙ ඇස් දෙකට කදුලු ආවා. මෙන්න මේකයි දීපු උත්තරේ.
කෝච් මං ප්‍රැක්ටිස් ආවේ ඇත්තටම මගේ තාත්තගෙ ආසාවට. එයාගෙ ආසාව රැකට් එකේ වේගෙං වදින ශට්ල් එකේ සද්දෙ අහන්න. එයා මගෙත් එක්ක අවුරුදු ගානක් ආවට එයා මං සෙල්ලං කරනව කවදාවත් දැක්කෙ නෑ. එයා ඇත්තටම අන්ධයි සර්. ඒ නිසා මං කවදාවත් සෙල්ලං කලේ නෑ.
නමුත් සති දෙකකට කලින් තාත්තා නැති වුනා. දැං මගෙත් එක්ක කවදාවත් තාත්ත එන්නෙ නෑ. හැබැයි මං දන්නවා දැං මගේ තාත්ත කොහෙ හරි ඉදං මගෙ දිහා බලං ඉන්නවා කියල. දැං තාත්තට මං ඇත්තටම සෙල්ලං කරල පෙන්නනවා. මට කප් එක අරං පෙන්නන්න ඕනෙ වුනා. ඒ නිසා මං සෙල්ලං කලා...

15/09/2023

Try to win your life with your hard work.
One day you'll have to tell everyone
a long story.

Coach
Isanka malinda
Bwf level 01
FBCA

#

03/09/2023

What an Proformance
❤️❤️❤️❤️
Viren Nettasinghe
next Olympian from
Sri Lanka Badminton 🏸 🇱🇰

31/08/2023

NCPBA ALL ISLAND OPEN BADMINTON CHAMPIONSHIP 2023

LEVEL 01 RANKING TOURNAMENT

UNDER 15 GIRLS DOUBLE
SELECTED TO BEST 8 (QUARTER FINALS)
ANURADHAPURA CENTRAL COLLEGE

# AKITHYA SILUNI
# DEWLI THISEMA

CONGRATULATIONS KIDS 🎊️

30/08/2023

Legend pics❤🙏
Who is your favorite❓comment below👇

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura Town