ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන ආසාවක් තිබුණ බල්ජිත් සිංට ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ඔහු තරුණ කාලයේදීම කැනඩාවට සංක්‍රමණය වීමත් එක්ක.
නමුත් බල්ජිත් නොවරදවාම ක්‍රිකට් තරග නැරඹුවා. තමන්ගේ උපන් රට වුණ ඉන්දියාවට උපරිමයෙන් සහයෝගය දක්වන්නත් ඔහු අමතක කළේ නෑ.
2006 සැප්තැම්බර් 09 වෙනිදා කියන්නේ බල්ජිත්ගේ ජීවිතයේ සතුටුම දවස් වලින් එකක්. එදින ඔහුගේ බිරිඳ විසින් පිරිමි දරුවෙක්ට උපත ලබා දුන්නා. මේ දරුවාට නමක් තියන්න යද්දී බල්ජිත් එතනදිත් ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ මූලික අභිප්‍රාය බවට පත්කර ගත්තා.
ඒ වන විටත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් බවට පත් වෙමින් සිටි ප්‍රහාරත්මක පිතිකරණ රටාවක් සහ හොඳ දඟ පන්දු යැවීමේ හැකියාවක් තිබුණ යුව්රාජ් සිං කියන්නේ බල්ජිත්ගේ කැමතිම ක්‍රීඩකයෙක්.
මේ නිසාම ඔහුගේ අලුත උපන් පුතාව යුව්රාජ් සම්රා විදිහට නම් කරන්න බල්ජිත් කටයුතු කළා.
ඒ විතරක් නෙමෙයි තමන්ට කුඩා කාලයේ අහිමි වුණ සිහිනය වෙනුවෙන් තමන්ගේ පුතාට අවස්ථාවක් ලබා දෙන්නත් ඔහු සූදානම් වුණා. බල්ජිත් තමයි මුළින්ම යුව්රාජ්ට ක්‍රිකට් ක්‍රීඩාව ගැන උගන්වන්නේ. තමන්ගේ පුතා දක්ෂ විදිහට සහ කැමැත්තෙන් ක්‍රිකට් වලට යොමු වෙන බව දැක්ක බල්ජිත් තවදුරටත් ඒකට ශක්තිය ලබා දුන්නා.
දිනෙන් දින දක්ෂතා අතරට පිවිසි ඔහු කැනඩාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් බවට පත් වුණා. වයසට වඩා වැඩි ප්‍රමාණයකින් දක්ෂතා දැක්වීම නිසාම යුව්රාජ් ට ඉක්මනින් කැනඩා ජාතික කණ්ඩායමේත් දොරටු විවෘත වෙනවා.
2025 මාර්තු 09 වෙනිදා 18 හැවිරිදි යුව්රාජ් සම්රා කැනඩාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තා. ඊට දින 14 කට පසු ඔහු කැනඩාව වෙනුවෙන් පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළා.
ඉදිරි පෙළ පිතිකරුවෙක් විදිහට යුව්රාජ් සම්රා ක්‍රීඩා කළේ බොහොම වේගවත් සහ දක්ෂ විදිහට. 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සුදුසුකම් ලැබීමේ තරගයකදී ඔහු බහමාස් ට එරෙහිව පන්දු 15 කින් අර්ධ ශතකයක් ලබා ගත්තා.
ඒක තමයි කැනඩාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයක ලබාගත්ත වේගවත්ම අර්ධ ශතකය.
ඊළඟට යුව්රාජ් සිම්රා සහ කැනේඩියානුවන්ගේ අභියෝගය වුණේ 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය. එහි මූලික වටයේ එක තරගයකට කැනඩාව සහ නවසීලන්තය ක්‍රීඩා කළා.
ප්‍රභල නවසීලන්ත පන්දු යැවීමේ බලඇණියට එරෙහිව 19 හැවිරිදි යුව්රාජ් සිම්රා කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරන්න සමත් වුණා. අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් එක්ක යුව්රාජ් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ ශතකයක් ලැබූ ලාබාලතම පිතිකරුවා විදිහට ඉතිහාසගත වෙනවා.
ඒ සුළු මොහොතකට විතරයි. ඉන් අනතුරුව පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් ලැබූ ලාබාලතම පිතිකරුවා වීමේ වාර්තාවත් ඔහු තමන්ගේ නම ඉදිරියෙන් ලියාගත්තා.
පන්දු 65 කදී හතරේ පහර 11 ක් සහ චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගනය වටා එල්ල කරපු හයේ පහර 6 කින් වර්ණවත් වුණ යුව්රාජ් සිම්රාගේ නම ඉදිරියේ ලකුණු 110 ක් සටහන් වෙලා තිබුණා. එය දැනට 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉනිමක ක්‍රීඩකයෙක් ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාවද වනවා.
එදින යුව්රාජ්ටත් වඩා සතුටු වූ එක පුද්ගලයෙක් දකින්නට ලැබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ සිහිනය සැබෑ වෙනවා බලාගෙන හිටපු බල්ජිත් සිං.
පියෙක් විදිහට ඔහුගේ මුල්ම පුහුණුකරු වීමේ ඉඳලා ඔහුගේ අමරණීය ශතකය දක්වා සියලුම මතක බල්ජිත් එදා අත් වින්දා. අනිත් පැත්තෙන් තමන්ගේ තාත්තා තමන් දිහා බලන් ආඩම්බර වෙනවා තරම් සතුටක් කොල්ලෙක්ට තියෙනවද?
කැනඩාව වගේ රටක ක්‍රීඩා කරන නිසා යුව්රාජ් සිම්රාව අපිට එහෙම නිතර දෙවේලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඇතුළේ දකින්නට නොලැබේවි.
cric.update
Cricket
04/02/2026
2013.....
20/01/2026
2026 T20 WC Group...
Bihar has set a new world record for the highest team score in a men’s List A match, posting 574/6 in 50 overs. 🤯🔥
04/12/2025
🚨 RECORD ALERT 🚨
ඉන්දීයාව තුළදි ඉන්දියානු කණ්ඩයමටම එරෙහිව (ODI ) හබාගොස් ජයගත් ඉහළම සම ලකුණු සංඛ්‍යාව
*)359 - 🇿🇦 දකුණු අප්‍රිකාව (2025)*
*)359 - 🇦🇺 ඕස්ට්‍රේලියාව (2019)
*)337 - 🏴 එංගලන්තය (2021)
*)322 - 🇵🇰 පාකිස්තානය (2005)
*)319 - 🇵🇰 පාකිස්තානය (2007)
*)304 - 🇦🇺 ඕස්ට්‍රේලියාව (2013)
*)302 - 🇱🇰 ශ්‍රී ලංකාව (2009)
*)297 - 🇿🇦 දකුණු අප්‍රිකාව (2011)
*)293 - 🇵🇰 පාකිස්තානය (2004)
*)291 - 🏝️ කොදෙව්වන් (2002)
දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින පිටිය තුළ හඹාගොස් ජයගත් 3වන ඉහළම ලකුණු සංඛ්‍යාව (Match Year)
*)435 vs 🇦🇺 (2006)
*)372 vs 🇦🇺 (2016)
*)359 vs 🇮🇳 (2025)***
*)343 vs 🏴 (2023)
*)328 vs 🇦🇺 (2014)
*)319 vs 🏴 (2016)
*)305 vs 🏝️ (2004)
*)304 vs 🏝️ (2010)
Kjp වෙනුවට චරිත්
පවන් වෙනුවට මිලාන්
ජනිත් වෙනුවට වෙල්ලාලගේ
මාලිංග වෙනුවට නුවන් තෂාර
Team එකේ ඉන්න ඔනි.....
කුසල් ජනිත්
පවන් රත්නායක
ජනිත් ලියනගේ
එෂාන් මාලිංග
T20 කණ්ඩායමේ නොසිටියයුතු ක්‍රිඩකයින්......
29/11/2025
Ave 12
SR 101
මේ වගේ උන් T20 Debut කරන්න ලංකාවේ Cricket ගහන්න කවුරැත් නැත්ද....
23/11/2025
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Anuradapura
Anuradhapura
50000