Shuttlers Badminton & Table Tennis Academy - Sri Lanka - Badulla

Shuttlers Badminton & Table Tennis Academy - Sri Lanka - Badulla

Share

SBA offers comprehensive training programs in both Badminton & Table Tennis for beginners, intermediate, and elite players.

The SBA is led by proffessional coaches with international credentials & promotes participation in local & international matches.

15/08/2026

🏸 ශිෂ්‍යත්ව විභාගය ඉවරයි! දැන් සෙල්ලම් කරන්න වෙලාවයි! 🎉

🎓 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන් කළාද?
දැන් Phone එකේ ඉන්න වේලාව අඩු කරලා Court Time වැඩි කරමු! 🏸

💪 සෞඛ්‍යය | 🧠 ආත්ම විශ්වාසය | 🤝 කණ්ඩායම් හැගීම

✨ Why Badminton & Table Tennis?
🏸 Fun & Fitness
❤️ Healthy Lifestyle
🤝 Teamwork & Confidence

🏟️ ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් සහ මේස පන්දු පිටි 2ක් සහිත බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය

🛡️ 24/7 CCTV ආරක්ෂාව

👨‍🏫👩‍🏫 පළපුරුදු පිරිමි හා කාන්තා පුහුණුකරුවන්

📍 හින්දගොඩ – Captain’s Garage පසුකර 100m
Map - https://maps.app.goo.gl/Q7ktqVdm9tc9D7fD8?g_st=ac

📞 077 23 23 444 – Head Coach Charith

🔥 EXAMS ARE OVER… LET’S PLAY BADMINTON! 🏸

03/08/2026

🏸 Congratulations, Risindi ! 🏆
----------------------------------------------------
Shuttlers Badminton Academy proudly congratulates Risindi Akithya on achieving an outstanding milestone in Sri Lankan Badminton.

🇱🇰 Sri Lanka Under-13 Girls Rankings
🥉 Singles – Rank No. 3
🥈 Doubles – Rank No. 2

Your journey continues to inspire the next generation of young shuttlers, proving that dreams become reality through commitment and perseverance.

The entire Shuttlers Badminton Academy family is incredibly proud of you and wishes you even greater success on the national and international stage. 🇱🇰🏸

01/08/2026

Learning Beyond Competition 🏸
-----------------------------------------------------
At Shuttlers Badminton Academy, our friendly matches bring together senior players and young athletes to create a valuable learning experience.

Playing alongside experienced seniors helps our youngsters improve their skills, build confidence, develop discipline, and understand true sportsmanship. The guidance, professionalism, and positive attitude shown by our senior players inspire the next generation in a friendly and respectful environment.

Together, we grow stronger—on and off the court. 💙🏸

31/07/2026

Every champion starts with a single step. 🏸❤️
---------------------------------------------------------------------------
He joined Shuttlers Badminton Academy at just 5 years old. Today, at 6 years old, his progress makes us proud every single day.

For young children, learning the right basics is everything. With patient coaching, hard work, and amazing support from his parents, he is building a strong foundation for a bright future.

At Shuttlers Badminton Academy, we don't just teach badminton—we help children grow with confidence, discipline, teamwork, and a love for sport.

Give your child the right start today.
📞 Call us: 077 23 23 344

www.sba.lk

Location 📍 https://maps.app.goo.gl/wRtxehEZRd2s1aaP8?g_st=ac

11/07/2026

වසර 25ක පුහුණුකරුවෙකු ලෙස මම ඉගෙන ගත් ලොකුම පාඩම.
-----------------------------------------------------------------------------
"ජීවිතයේ අපට අහිමි වන සෑම දෙයක්ම... අපව විනාශ කිරීමට නොව, අපව තවත් ශක්තිමත් කිරීමටත්, අපට අයිති දෙයක් ගොඩනැගීමටත් ලැබෙන අවස්ථාවක් විය හැකිය." ❤️

පුහුණුකරුවෙකු ලෙස මගේ ගමනට වසර 25ක් සම්පූර්ණයි.

මේ ගමන තුළ මට ලැබුණේ ජයග්‍රහණ පමණක් නොවේ...
අභියෝග, බලාපොරොත්තු කඩවීම්, අසාධාරණකම් සහ අහිමිවීම් ද බොහෝමයක් හමුවුණා.

සමහර අවස්ථාවල මටත් හිතුණා...

"දැන් ඇති... මේ ගමන නවත්වන්න."

නමුත් අද ආපසු හැරී බලන විට මට තේරෙනවා...

සමහර අහිමිවීම් ජීවිතය අපෙන් ගන්න දේවල් නොවෙයි. ඒවා අප තුළ සැඟවී ඇති ශක්තිය එළියට ගෙන එන අවස්ථායි.

කොළඹ ප්‍රධාන පෙළේ (Millennium IT, David Peiries, Dilmah, John Keels) පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සාර්ථකව කටයුතු කරමින් සිටියදී, මගේ උපන් නගරය වන බදුල්ලේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න තිබූ සිහිනය නිසා මම නැවත බදුල්ලට පැමිණියා.

නමුත් බදුල්ලේදී මම මුදල් ගෙවා පුහුණු කළ ගෘහස්ථ ක්‍රීඩාගාරය මට අහිමි වුණා.

ඒ මොහොතේ මගේ හිතට ආවේ එකම සිතුවිල්ලක්...

"අපරාදේ මම බදුල්ලට ආවේ..."

නමුත් අද මට තේරෙනවා...

ඒ අහිමිවීම තමයි මගේ ජීවිතයේ විශාලතම නිර්මාණයක ආරම්භය.

ඒ අභියෝගය නිසාම ඌව පළාතේ පළමු පෞද්ගලික ජාත්‍යන්තර ප්‍රමිතියේ Courts දෙකක් සහිත Shuttlers Badminton Academy - Badulla බිහි කරන්න මට හැකි වුණා.

අද ඒ ගමන හරහා බදුල්ලෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වෙමින් සිටිනවා.

අද මම නිහතමානීව සතුටු වෙනවා...

මම ඉපදුණ නගරයට කල්පවතින වෙනසක් කරන්න මට හැකි වුණා කියලා. ❤️

මගේ ජීවිතය වෙනස් කළ තවත් එක් මොහොතක් තිබුණා.

මා විදේශ රටක පුහුණුකරුවකු ලෙස කටුතු කල කාලයේදී බොහෝ දෙනෙක් මගෙන් ඈත් වුණා.

නමුත් මගේ බිරිඳ, පුතා, දියණිය සහ මගේ හොඳම මිතුරා නදිත් මගේ ළඟින්ම හිටියා. අප අසරණම වන කාලයේදී අපිට හොයාගන්න පුලුවන් වෙනවා අපිව අත්නොහැර ලගින්ම ඉන්නේ කව්ද කියලා.

ඒ කාලයේ වයස අවුරුදු 9ක් වූ මගේ දියණිය මට පවුලේ චිත්‍රයක් ඇඳලා දුන්නා.

එහි යටින් ඇය ලියා තිබුණේ...

"හැමෝම ඔයාව අතහැර ගියත් තාත්තා... මම ඔයාත් එක්ක ඉන්නවා" ❤️🥹

මගේ ඇස් වලට කදුලු එක් කල ඒ වචන කිහිපය මගේ ජීවිතයම වෙනස් කළා.

එදා මම තීරණය කළා...

"මම නැවත ගොඩනඟනවා."

අද මගේ ඇකඩමියේ අරමුණ ශූරයන් පමණක් බිහිකිරීම නොවේ.

විනය, ගෞරවය, නිහතමානිකම සහ ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් චරිත බිහිකිරීමයි.

මම මගේ ක්‍රීඩකයන්ට නිතරම කියන එකම පාඩම...

🏸 දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවීමේදී ඔබ දක්ෂනම් බොහෝ විට ඔබට බාධක රැසක් මුහුණ දීමට සිදුවේවි. එම බාධක වලට නොසැලී තමන්ගේ ගමන යන එක එක් පාඩමකි.

🏸 තරගයක් පැරදුණාද?
එය ඊළඟ ජයග්‍රහණයට මඟ පෙන්වන හොඳම ගුරුවරයා කරගන්න.

🏸 ඔබේ ජයග්‍රහණය කිසිවෙකු අගය කළේ නැද්ද?
එය ඔබව තවත් ශක්තිමත් කරන අත්දැකීමක් කරගන්න.

🏸 ඔබට සහයෝගය දෙන කෙනෙක් නැද්ද?
එය ඔබේම ශක්තිය හඳුනාගන්න ලැබෙන අවස්ථාවක් කරගන්න.

🏸 පීඩනය වැඩිද?
එය පීඩනය යටතේ සන්සුන්ව ජයගන්න ඉගෙන ගන්න අවස්ථාවක් කරගන්න.

ක්‍රීඩාව කියන්නේ පදක්කම් දිනා ගැනීම පමණක් නොවේ.

ක්‍රීඩාව කියන්නේ...
ජීවිතය උගන්වන විශාලතම පාසලයි. 🏸

ඒ නිසා ආදරණීය දෙමාපියන්ට මගේ කාරුණික ඉල්ලීමක්...

ඔබේ දරුවන්ට ජයග්‍රහණය සඳහා පමණක් පීඩනයක් දෙන්න එපා.

ඔවුන්ට අසාර්ථක වෙන්නත්...
වැටෙන්නත්...
නැවත නැගිටින්නත් අවස්ථාව දෙන්න.

මොකද ඒ අත්දැකීම් තුළින් තමයි හෙට දවසේ ශක්තිමත් මිනිසුන් බිහිවන්නේ.

ජයග්‍රහණය තාවකාලිකයි...
නමුත් ක්‍රීඩාවෙන් ගොඩනැගෙන චරිතය සදාකාලිකයි. ❤️🏸

චරිත්
ප්‍රධාන පුහුණුකරු
Shuttlers Badminton Academy – Badulla

09/07/2026

Congratulations Thosara on a remarkable achivement.
--------------------------------------------------------------------------
Huge congratulations to Thosara for securing Runner-up position at the Battle Field 2026 Badminton Championship in Kandy.

We wish you continued success in your upcoming tournaments.

04/07/2026

SBA Poson Ice Cream Dansala 2026
-------------------------------------------------------------
The Shuttlers Badminton Academy (SBA) family proudly came together to successfully organize our Poson Ice Cream Dansala, celebrating the spirit of generosity, kindness, and togetherness.

This meaningful event reflects the true strength of SBA not only as a sports academy, but as one united family built on respect, discipline, and service to the community.

We sincerely thank all SBA members and sponsors for their generous support and valuable contributions. Your kindness and commitment made this event a great success and brought happiness to many hearts.

A special appreciation goes to our players, parents, and well-wishers for their teamwork and dedication in making this event possible.

May the blessings of Poson bring peace, harmony, and prosperity to everyone.

One Family. One Spirit. One SBA. 🏸💙

29/06/2026

🍦 ෂට්ලර්ස් බැඩ්මින්ටන් ඇකඩමියේ අයිස්ක්‍රීම් දන්සැල 2026 🍦
--------------------------------------------------------------
ෂට්ලර්ස් බැඩ්මින්ටන් ඇකඩමිය මගින් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සැල 2026 ජූනි 29 වන දින පස්වරු 3.00 සිට, ෂට්ලර්ස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිරිපිටදී පැවැත්වේ.

මේ සදහා ඔබේ පවුලේ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

📅 දිනය: 2026 ජූනි 29
🕒 වේලාව: පස්වරු 3.00 සිට
📍 ස්ථානය: ෂට්ලර්ස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිරිපිට ( https://maps.app.goo.gl/hQwPK53nRhp89TTG7?g_st=ac )

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! 🙏

Want your business to be the top-listed Gym/sports Facility in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


No. 489/3, Passara Road, Hindagoda
Badulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 15:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 15:00 - 17:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 18:00