01/05/2026
ඒ සෙලිබ්‍රෙශන් එක IPL - Indian Premier League එකෙත් බලා ගන්න පුළුවන් උනා එහෙනම් පට්ට පාරවල් ට්කක් ගැහුවේ
බලන් ඉන්න ආසයි නියමයි පැතුමා
This is a FB page based on sports news local and international.
01/05/2026
ඒ සෙලිබ්‍රෙශන් එක IPL - Indian Premier League එකෙත් බලා ගන්න පුළුවන් උනා එහෙනම් පට්ට පාරවල් ට්කක් ගැහුවේ
බලන් ඉන්න ආසයි නියමයි පැතුමා
01/05/2026
පැතුම් මංගල IPL අර්ධ ශතකයේ.50(23)
ඉනිම ලකුණු 62කට සීමාවෙයි
පන්දු 33 ලකුණු 62 | 6X3| 4X6
නියමයි පැතුමා.
29/04/2026
නිපුනි ලක් මව රනින් සරසයි...
චීනයේ සැන්යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිපුනි වාසනා අද සමත් වුණා
චීනයේ සැන්යා නුවර (පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් අත්කර දීමට මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා අද සමත් වුණා.
කාන්තා කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ මල්ලවපොර ඉසව්වට ඉදිරිපත් වූ ඇය, තරගාවලිය පුරා දක්ෂතා දක්වමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. රන් පදක්කම වෙනුවෙන් පැවති තීරණාත්මක අවසන් සටනේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කිරීමට නිපුනි සමත් වූයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබමින්.
මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වෙනවා
ක්‍රිකට් බෝඩ් එක භාර ගන්නවද?” ක්‍රිකට් සභාපති දුරය ගැන ඉරාන් පළමු වරට කතා කරයි
29/04/2026
දස්සට හම්බ වුණ පළවෙනි මැච් එකේ බෝල් කරන්න දුන්නෙත් නැහැ, බැට් කරන්න හම්බ වුණේත් නැහැ..💔🥲🏏
28/04/2026
ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කරයි!
28/04/2026
දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් මංගල තරඟයට
28/04/2026
ශම්මි සිල්වාගේ යුගය අවසන්! මෙතනින් පස්සේ?
ලෝක ප්‍රබලයන් අබිබවා ඒෂාන් මාලිංග IPL කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට
25/04/2026
තරග 8 කින් කඩුලු 14ක් බිඳ දැමූ ඒෂාන් මාලිංග IPL කඩුලු ලාභීන් අතර පෙරමුණට
අයි.පී.එල් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය යළිත් ලොවටම පසක් කරමින්, මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමි ගෞරවනීය (Purple Cap )දම් පාට කැප් එක තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ඊයේ රාත්රියේදී සමත් වුණා.
ඊයේ රාත්‍රියේ පැවති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරගයේදී ඒෂාන් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණියා.
එම තරගයේදී
පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා
ජයග්‍රහයී ලකුණු 229 ඉලක්කයක් හඹා ගිය
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 9ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා
මෙම තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ඒෂාන් මාලිංග සිය පන්දු වාර 4 තුළ දි ලකුණු 38 කට කඩුලු 2ක් බිඳ හෙළුවා
ඒ අනුව ඒෂාන් මාලිංග මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග 8 කදී කඩුලු 14ක් බිඳ හෙලමින්, වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.
එමෙන්ම අයි.පී.එල්. පිටියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙන
ගෞරවනීය Purple Cap දම් පාට කැප් එකද ඔහු ඔහුට හිමි වෙනවා.