Bhathiya Arthanayake

Bhathiya Arthanayake

Share

A Living YOGI, International Coaching Federation (ICF) Member, Award-Winning trainer, Author, and Mentor, Professional coach in transformative coaching

08/06/2026

ඔබට කවදාහරි හිතුණාද තව ටිකක් සල්ලි තිබ්බොත් මම සතුටින්. අලුත් වාහනයක් ගත්තොත් මම සතුටින්. මම අලුත් සම්බන්ධතාවක් පටන් ගත්තොත් මම සතුටින්? නමුත් ඇයි ඒ දේවල් ලැබුණාට පස්සේත් සතුට දිගටම නොතිබෙන්නේ?

මෙම වීඩියෝව තුළ International Coaching Federation Member, NLP Business practitioner, Life Coach භාතිය අර්ථනායක මේකට හේතු ඉතා කදිමට පැහැදිලි කරනවා.

✅ Pleasure සහ Happiness අතර වෙනස
✅ ඇයි මිනිස්සු temporary pleasure එක happiness කියලා වැරදියට හිතන්නේ?
✅ ඇයි money, success, luxury තිබුණත් සමහර මිනිස්සු unhappy වෙන්නේ?
✅ Happiness ඇත්තටම build කරන්නේ කොහොමද?

මේ වගේ කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය දෙන්න පලමු කමෙන්ටුවේ ඇති Link එකෙන් සම්පූර්ණ YouTube විඩියෝවට පිවිසෙන්න.

ඔබගේ අදහස Comment කරන්න, Video එක Share කරන්න, Like කරන්න.

- Team Coach Bhathiya

08/06/2026

ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදි අපිට ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ ගැටුම් තව කෙනෙක් නිසා හටගන්නවා යැයි සිතීමම එක්තරා ආකාරයක මුලාවක්. සැබවින් ම ඒවා හටගන්නේ ඔබගේ ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.

නුවණැත්තා හැමවිට ම සාධාරණ අදහස් හුවමාරුවක දී දායක වෙනවා. නමුත් හැමවිට ම අනවශ්‍ය ගැටුම් මඟහරිනවා. ඒ ඇයි? හැමවිට ම කෙනෙක් තමන් සමඟ ගැටුමකට එන්නේ ධනාත්මක අවසානයක් අපේක්ෂාවෙන් නොවෙන නිසා.

ඇතැමෙක්ට ඕනේ ඔබට රිදවන්න, ඔබ දුකට පත් කර සතුටු වෙන්න. ඔබගේ මුහුණේ ඉරියව් වෙනසින් පවා ඒ කෙනෙකුට පුලුවන් සතුටට පත්වෙන්න. ඔබට මේ සමාජ මාධ්‍යයේ දාන කමෙන්ට් එකකින්, රියැක්ෂන් එකකින් පවා ඔබගේ Emotions වෙනස් කරන්න. දවසේ වැඩ රාජකාරි සියල්ල පසෙකලා ඔවුන් සමඟ දාදු ක්‍රීඩාවට ඔබව කැඳවන්න.

අහුවෙන්න එපා. ඔවුන්‍ට වැඩ නොතිබ්බාට ඔබට වැඩ තිබෙනවා. ඒ නිසා ඔබ ක්‍රියාත්මක විය යුතු ම තැන්වල හැර ඔබගේ නියෝජනය දෙන්නට යාම, ඔබට - ඔබගේ චිත්තවේගවලට හානි කරනවා.

අදහස් දක්වන්න - නොගැටී ඉන්න. හරසුන් විවාද හා සංවාද ප්‍රතික්ෂේප කරන්න.

හේතුව, ඔබ එක්ක ගැටෙන්න තරම් ඇතැම් මිනිසුන් හෝ අවස්ථාවන් වටින්නේ නෑ. නමුත් ඔබගේ මානසික නිදහසට ඔබව වටිනවා.

සුබ දවසක්. සුබ සතියක් වේවා.

- Coach භාතිය අර්ථනායක

06/06/2026

“ස්ථීරම් සුඛම් ආසනම්" - ස්ථාවර පහසු ඉරියව්වෙන් හිදගන්න. පතාංජලී යෝග සූත්‍ර (2.48)

ඔබ කුමනාකාරයේ දෙයක් කලත්, ඔබගේ කායික සහ මානසික සමතුලිතතාව, පහසුවෙන් අසුන් ගැනීම වැදගත්. ජීවිතයට අදාල කලොත්, ඔබ කරන ඕනෑම දෙයක අපහසුව, අස්ථාවර භාවය ඔබ කරමින් ඉන්න දෙයින් ඔබව ඉවතට ගන්නවා.

යෝග කියන්නේ ආසන පමණක් නෙවෙයි. අෂ්ඨාංග යෝගාවල තුන්වැනි කොටස. නමුත් එය ඔබගේ ජිවිතයේ පහසුව සලසන සුවිශාල කොටසක් ඉටු කරනවා.

ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව අප මෙහෙයවන “OM BHAVIRA” එක්දින වැඩමුළුවේ දී ඔබගේ මේ ස්ථාවරභාවය, පහසුව ලගාකර ගැනීම සඳහා ක්‍රමානුකූල ගමනක් ඇරඹිමට ඔබට අවස්ථාවක් ලැබෙනවා.

🗓️ දිනය සහ වේලාව - 2026 ජූනි මස 28 උදාසන 08 සිට පස්වරු 3 දක්වා
📍ස්ථානය - Mandarina Hotel (Magnolia hall) – Colombo 03
💳 ආයෝජනය - Rs.17,500/=
Early bird offer – Rs.15,000/= (ජුනි 14 වැනිදාට පෙර ගෙවීම සඳහා පමණි)

යෝග කියන්නේ එක් දිනක සිඝ්‍රගාමි වැඩපිළිවෙලක් නොවෙයි.
එන්න - හුස්ම ගන්න - සුවපත් වෙන්න - වෙනස් වෙන්න කියන පියවර 4 ම දැන හඳුනා ගනිමින්, ඔබගේ පෞද්ගලික ජීවිතය, වෘත්තිය ජීවිතය ඉහළට ගන්නා අතරවාරයේ ඔබගේ අධ්‍යාත්මික ලෝකය ගොඩනැගිය හැකි බව අපි ඔබ එක්ක සාකච්ඡා කරනවා.
යෝගාසන - ප්‍රාණයාම - භාවනා සහ නාද චිකිත්සා වැඩපිළිවෙලට එකතු වෙන්නට අපේක්ෂා කරන මිතුරනි. ඉතුරු වී ඇත්තේ ආසන සීමිත සංඛ්‍යාවක් නිසා, ඔබගේ අසුන දැන්ම වෙන් කරගන්න.

0714321835 අංකයෙන් අප අමතන්න. Google Form ඒක පුරවන්න. OM BHAVIRA ලෙස සටහන් කර Whatsapp පණිවිඩයක් අපට එවන්න.

https://forms.gle/6rXtQaFez3DuAKru7 - මේ Google form එක පුරවන්න.

28 වැනිදා සැසියේ දී අප හමුවෙමු.

- Team OM Bhavira ❤️🌼🧘🏽‍♂️

06/06/2026

“ භාතිය. බොහෝ දෙනා හිතනවා Sound Ball එකකට ගහන එක තමයි Sound Healing කියලා. නෑ. ඒක පිටුපස ඉතාමත් ගැඹුරු දර්ශනයක් සහ විද්‍යාවක් තිබෙනවා. ඒ විද්‍යාව සහ දර්ශනය අනුව ජිවත් වෙමින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. හේතුව අපි වැඩකරන හැම කෙනෙකුගේ ම Emotional සහ Body Blockages සුවපත් කරන්න Sounds වලට පුළුවන්. මේ මහා සාගරයේ කිමිදෙමින් ගවේෂණය කරන්න.”

අදටත් මට කියවන්න පොත්පත් විශාල ප්‍රමාණයක් එවමින් මගේ Sound healing ගුරුවරයා යෝග් ශ්‍රී සිවානන්දා මේ පණිවිඩය මට සිහිපත් කරනවා.

මේ ජායාරූපය මගේ ජායාරූප ශිල්පියා දිනිදු අරගෙන තිබුණේ පසුගියදා ලංකාවේ කීර්තිමත් සමාගමක 160 ක පිරිසක් වෙනුවෙන් පැවැත්වුණ Environmental Healing Day එකකදි. තනිකරම පරිසරයත් එක්ක පුරා දිනක් රැදෙමින් මාත් එක්ක Sound Healing, Pranayama සහ Meditation අත්දැකීම තමන්ගේ සේවකයින්ට ලබාදෙන්න කටයුතු කලේ Darley Butler සමාගම.

මේ Capturing moment එක මම Sound Ball එකට Hit කරලා Vibrations එක Release කරන වෙලාවක ගත්ත ජායාරූපයක්. මම මේ අහන්නේ පිටුපසම ඉන්න අයට Sound and Vibration Feel වෙනවද කියලා. පිටුපසින් ‍මගේ කණ්ඩායමෙන් එන සංඥාව සහභාගී වෙන අය ගැඹුරු නිද්‍රාවකට වැටෙන්න තරම් ඒ Sounds සනීපයි කියන එක. මම මේ ප්‍රතිචාර දක්වන්නේ ඒකට.

වේගෙන් දුවන ලෝකෙක, මේ Sounds ඔබව එකතැන නතර කරලා නිදහස් වෙන්න අවස්ථාවක් දෙනවා.

That’s the beauty of Sound Healing!

05/06/2026

"විශ්වාස කරන්න. ඔබ ඇතුලු වන්නේ මිනිසුන් පිරි ශාලාවකට නොවේ. තමන් තුල ම අසීමිත ශක්තියක් උත්පාදනය කල හැකි ශක්ති බලාගාරයන් සමූහයක් සහිත පරිශ්‍රයකටයි."

මේක විශ්වාස කරමින්, අදහමින් අවුරුදු 16 ක් තිස්සේ මිනිසුන් අමතමින්, වෙනස් කරමින්, ප්‍රතිඵල උත්පාදනය සඳහා දායක වෙමින් සිටිනවා. මඟ තොට, යන එන තැන්වල, ඇතැම්විට කමෙන්ටුවකින් පවා ඒ අත අල්ලාගනිමින් ගොඩ නැඟුනු හෘදයාංගම කෘතඥතාව පලකරන මිනිසුන් හමුවෙනවා. තවත් වෙන මොනවාද?

ඉතින් අදත් එවැනි දවසක්. ප්‍රමුඛපෙල සමාගමක වාර්ෂික සැසිවාරයක ප්‍රධාන සැසිය මට පැවරී තිබෙනවා.

Citizens Development Business Finance PLC හි recovery කණ්ඩායම සමඟ අද මම මගේ පණිවිඩය බෙදා ගන්නවා.

ඔබට සුබ දවසක් වේවා. ❤️

05/06/2026

ඒක ඓතිහාසික විසිකිරීමක් රුමේෂ්.
මගේ එකම ප්‍රාර්ථනාව - මේ දක්ෂතාවයේ බර - ඒ සඳහා ඇති වෙහෙස කැපවීම රටක් විදියට මීට වඩා ශ්‍රී ලංකාවට දැනෙන්න කියලා. ❤️🙏 🇱🇰🥇

Photos from Bhathiya Arthanayake's post 03/06/2026

Asian Paints Causeway සමාගමේ අලෙවි බලකායේ ප්‍රධානීන් වෙනුවෙන් ඔවුන්ගේ Sales and Marketing Conference එකේ දී සුවිශේෂි සැසියක් මෙහෙයවන්නට අවස්ථාවක් ලැබුණා. ලෝකයම අර්බුදයට මුහුණ දෙන අවස්ථාවන්වල දී අලෙවිකරුවාගේ මනෝභාවය කෙසේ විය යුතුද සම්බන්ධයෙන් Corporate Trainer, International Coaching Federation Member භාතිය අර්ථනායක මෙම සැසිය මෙහෙයවූවා.

“අනාගත ලෝකයේ අලෙවිකරණයේ දී පමණක් නොව, ඕනෑම ක්ෂේත්‍රයක විධායකයින්ගේ අභියෝගය වන්නේ ඒ මොහොතේ පැන නගින්නා වූ වෙනස්කම්වලට අනුගත වෙමින්, තමන්ගේ දක්ෂතා පවත්වා ගැනීමයි. අර්බුද නොපවතින ලෝකයක දක්ෂතා දැක්වීමෙන් පමණක් විධායකයින්ට අනාගතයේ දී ආරක්ෂා විය නොහැකියි. අර්බුද හමුවේ පවා නොසැලෙන මානසිකත්වයෙන් කටයුතු කිරීමට හැකි පුද්ගලයා තමයි අනාගත ලෝකයේ දී ආරක්ෂා වන්නේ. හේතුව අපට හමුවන්නේ නිරතුරුව වෙනස් අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයක්.” Coach භාතිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සැසිය සම්බන්ධයෙන් ලැබුණු සියලු සාධනීය ප්‍රතිචාරයන්ට ස්තුතිවන්ත වෙන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. සමාගමේ Country Head වෛද්‍යලිංගම් කිරිදරන් මහතා ඇතුළු එම සමාගමේ නායකත්ව කණ්ඩායමට අප මෙහි සම්පත්දායකයින් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පල කරනවා. ඔබ සමාගමේ සියලු අලෙවි ඉලක්ක වෙත ලගාවීමට නව මූල්‍ය වර්ෂයේ දී හැකියාව ලැබේවායි ද ප්‍රාර්ථනා කර සිටිනවා.

Team Coach Bhathiya

03/06/2026

වැරදීම් - පරාජය වීම් ඇතුලේ අපි බොහෝවිට දකින්නේ සෘණාත්මක දේවල්. නමුත්, ඒ ඇතුලේ තියෙන අත්දැකීම් - ඉගෙනීම් කියන දේවල් භාවිත කරන කෙනෙකුට පරාජයන් කියන්නේ අවස්ථාවන් බවට පෙරලෙන දේවල්.

🔰 ඔබ දන්නවා - ක්‍රියාවලියට පෙර
🔰 ඔබ කරනවා - පුහුණු වෙනවා - ක්‍රියාවලිය අතරතුර
🔰 ඔබ අසාර්ථක වෙනවා - කරමින් - අඩුපාඩු හදුනා ගනිමින්

වඩාත් ම ඉහල ඉගෙනුමක් ඔබට එන්නේ එහෙම. ඔබගේ ඉගෙනුම බලගැන්වෙන ස්වභාවය පවා වෙනස්. අත්‍දැකීම කියන දේ දැනුමට වඩා හැමවිට ම බලවත් කියන්නේ ඒ නිසා.

ඉතින් වෙනස් වෙන්න. පහුගිය පරාජයන් පෙලගස්වා බලන්න - ඒවා මාව බලගන්වන්නේ කොහොමද කියලා.

සුබ දවසක් මිත්‍රවරුණි.

- Coach භාතිය අර්ථනායක

01/06/2026

ඔබ ජීවිතයේ වැඩි සන්සුන් බවක්, ආදරය, මනුෂ්‍ය සබඳතා තුළ සුවය සහ අභ්‍යන්තර නිදහසක් සොයන කෙනෙක්ද? එසේ නම් මෙත්තා භාවනාව (Love & Kindness Meditation) ඔබේ ජීවිතය ගැඹුරින් වෙනස් කළ හැකි අභ්‍යාසයක් වන්නට පුළුවන්.

මෙම වීඩියෝව තුළින් අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ මෛත්‍රී භාවනාවේ ගැඹුරු අර්ථය සහ එය ඔබේ ජීවිතයට ගෙන එන ප්‍රතිලාභ පිළිබඳ සරලව, නමුත් බලවත් ලෙස සාකච්ඡා කරනවා.

සම්පූර්ණ විඩියෝව සඳහා පලමු කමෙන්ටුවේ ඇති ලින්ක් එකෙන් අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න.

- Team Coach Bhathiya

Want your business to be the top-listed Gym/sports Facility in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Pipe Road, Koswaththa, Baththaramulla
Battaramulla
10120