මේඝනා රංගායතනය- බටුවන්දර

මේඝනා රංගායතනය- බටුවන්දර නටන්න බෙර වයන්න ඔබත් එකතුවෙන්න....

15/09/2026

"බෙර වාදකයා නිකම්ම බෙරේට තලන්නෙක්ද? හෙවනැල්ලක්ද..?
බෙර වාදකයෙක්නම් බෙරේට නටනවනම්..කියවන්න..👇

වාදනය කියන දේ හැමෝටම පිහිටන්නෙ නෑ..
මොකද..?🤔
ඒකට ඔක්කෝටම කලින් සංසාර පුරුද්දක් තියෙන්න ඕනා..
සමහර අද්විතීය වාදන ශිල්පීන් වාදනය කරන විදියට සහ ඒ ගැන අපිට ඇතිවෙන කුතුහලයෙන් අපිට ඒ දේ තේරෙනවා සහ කියවෙනවා.. නේද..? 😮
"මෙයා නම් ගිය ආත්මෙ බෙරකාරයෙක්ද කොහෙද..!"

අනික.. දරාගැනීම..😰
ගල්වෙච්ච හමකට ගුටි දිදී.. කරන අසීමිත..පුහුණුවීම්..කැපවීම..
තමන්ගෙ ආසාව වෙනුවෙන්..😖
අතේ කරගැට දමාගෙන👋
අතේ ලේ ගල්වෙලා තියෙනකොට..
අත් පැලිලා ලේ ගලනකොට..
මැණික් කටුව කොර වෙලා..
බෙරේ බරට කොන්ද නවාගන්න බැරිව..
ලේ එක්ක බඩදිය බානකොට..
බත් අනාගෙන කන්න බැරිව
ඇඟිලි ඉදිමිලා තියෙනකොටත් ඒත්...😞
☺හිනාවෙලා ආයෙ ආයෙම බෙර වාදනය කරන එක..
අසීමිත දරාගැනීමක්..😰😰😰

ආදරණීය නැට්ටුවන්ව අගේට කියවලා..
බරට රහට ගැම්මට..
"නැට්ටුව උඩින් එන්න වයල දෙන එක"
නටන්න නටන්න කොහොමහරි වයල දෙන එක..
ආදරණීය නර්තන ශිල්පියා වෙනුවෙන්
අත්නොහරින එක.. 🌝🫂
බෙරෙන් හරි මහබර පද හිසේ තියාගෙන..
සමහර වෙලාවට නර්තන ශිල්පීන්ව ඇදගෙන යන එක..

නිදිවරාගෙන ඇතිවෙන්න පැයගනන් බෙර ගහල ගහලා..
"අහසෙ සරුංගලයට රිසිසේ පාවෙන්න ඉඩ තියල ඉන්න
කාටත් නොපෙනන හුළඟවගේ..."
රජ කුලයෙන්..
බමුණු කුලෙන්..
වෙළඳ කුලෙන්.. බෙදිලා අවසානෙට..
ගොවි කුළයට දීපු මෙ පොල් මලත් අරන්..🌾
හරිම සතුටෙන් ආයෙමත් එන දවසත්.. වෙන් කරගෙන..
ගෙදර යන..
"හඳට කවි ලියනකොට.. ඉර දිහා නොබලනවා වගේ ආදරණීය පිරිසක්...❤️😇.."

ඉතින්...
අවසාන කාලේ..
බෙරපද කාගෙවත් කනට ඇහුනත් ගානක් නැති..
අතපය වැඩ නැති උනාම..
වයනපදේ ගැම්ම නැති උනාම..
නම අමතක වෙන(කරන)
අතපය වැඩ කරන්නෙ නැතිව..
ඇඳකට වෙලා අවසානෙ කාලෙ..
කාගෙන් හරි බැනුම් අහ අහ..
ඒ පිහිටෙන් ගතකරල..
රහසේම..
මෙපිං බලෙන්..
වාතලයට මුසුවෙන.. මුසු උනාට පස්සෙ..
අභිමානෙන් නම කියවන..
කැපකිරීම් වලින් ජීවිතේ පුරවගත්ත..
ඉතාම වටිනා.. පිරිසක්...
ඒ පිරිස නැතිව නර්තන ශිල්පියෙක් පරිපූර්ණ වෙන්නෙ නෑ..
ඒ පිරිස..
මහගස් දරාන ඉන්න මුල්..
මහ විල් රකින උල්පත්..
කෙත්වතු සාරකරන වැසි..
ඒ හුස්ම.. මුහුණ.. බෙරේ.. හඬ.. නැතිව..
නර්තන ශිල්පියෙක් තියා නර්තනය සම්බන්ධ කිසිම දෙයක්..
සම්පූර්ණ නෑ.. හරියට.. " ඉර නැති හඳ වගේ.."

අන්න ඒකයි..
"බෙරවාදකයාට නර්තන ශිල්පියාගේ හෙවනැල්ල" කියන්නේ..
-BATUU-

01/09/2026

උපන්දිනේ ටීචර්ගේ..

22/08/2026

ගුරුතුමා ❤️🙏

22/08/2026

අමරණීය හඬ..❤️ මේඝනා රංගායතනය- බටුවන්දර Rashmi Tharusha

19/08/2026

කවිය තෝරා වටිනා ත්‍යාගයක් දිනාගන්න..😁❤️😍 #

18/08/2026

Dancing time... මේඝනා රංගායතනය- බටුවන්දර

14/08/2026
11/08/2026

මේඝනා රංගායතනය- බටුවන්දර

08/08/2026

Address

Batuwandara Junction
Batuwandara
BATUWANDARA

Website

Alerts

Be the first to know and let us send you an email when මේඝනා රංගායතනය- බටුවන්දර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category