Chamith Chathurangana - Counsellor & Transformational Coach

Chamith Chathurangana - Counsellor & Transformational Coach

Share

| Transformational Life Coach | Psychological Counsellor |
Contact For Sessions | 071-1228668

19/05/2026

"මිනිස්සුන්ට ඔබව විතරක් තොරගන්න කියලා බලකරලා තෙරූමක් නැහැ"

මේ ලොකේ මනුස්සයෙක්ට දැනෙන විදිය ඒ ඒ මනුස්සයාට සාපෙක්ශකයි.
ඒ ඒ මනුස්සයාගේ විශ්වාසයන්,දේවල් තෙරුම් ගන්න විදිය,ජිව විද්‍යාත්මක දේවල් එක්ක මිනිස්සුන්ගේ තොරාගැනිම් විවිධ වෙනවා.

සමහර මිනිස්සු ඔයාට අකමැති වෙන එකෙන් ඔයා වෙනුවට වෙනත් මනුස්සයෙක්ට ලංවෙන එකෙන් කියන්නේ නැහැ ඔයා ඉතා නරක චරිතයක් මනුස්සයෙක් බව.සරලව ඔහුගේ මානසිකත්වයට ඔයාව නොගැලපීම පමණයි පවතින්නේ.

අපි කොච්චර බලපෑම කරත් මිනිසුන්ට අපි ගැන හොද චිත්‍ර ඒ මිනිස්සුන්ගේ මනසේ අදින්න බැහැ.මිනිස්සු කොහොමත් ඇදගන්නේ එයාලට සාපෙක්ශ චිත්‍රයම තමයි.
ඉතින් ඒ මානසික කණස්සල්ලෙන් අයින් වෙන එක බුද්ධිමත් වැඩක්.

මිනිස්සු බහුතරයක් ඔයාව ප්‍රතික්ශේප කරනවනම් සමහර විට ඔයාගේ හදාගන්න දෙයක් තියෙන්නත් පුලුවන්.ඒහෙම දෙයක් නැතිනම් ගැටලුවක් නැහැ.

අවසාන කතාව තමයි ඔබට ආදරය කරන්න වටින මනුස්සයෙක් වෙන්න.ඔබ සමග සුවපහසු වෙන මිනිස්සු සමග ඔයාගේ මේ ඇසිල්ලක් වගේ ජිවන චාරීකාව වින්දනය කරන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

18/05/2026

"බොහෝ දෙනෙක් ජිවිතයේ දැනෙන දුකෙන් පලායන්න හදන්නේ බාහිර ලෝකය වෙනස් කිරිමෙන්‍ ය.
නමුත් සැබෑ නිදහස ආරම්භ වන්නේ ඔබ ඔබගේ අභ්‍යන්තරය ලෝකය නිරික්ෂණය කිරිමට ඉගන ගන්නා මොහොතේදීය."

ඔබ ජිවිතයේ දුකින් තෙහෙට්ටුවෙන් ඉන්නේ ජිවිතය අමාරු නිසා නොව,ඔබේ මනස ඊයේ දවසේ දේවල් ගැන වදවිම අනාගතය ගැන බිය විම සමගින් වර්තමානය සමග සටන් කරන්නට ඔබව පොළබවා ගැනිම නිසාය.

හිතවතුනි,නෙලුම මඩට ක්‍රොධ කරන්නේ නැත,
නෙලුමේ වර්ධනය වෙනුවෙන් මඩ පාවිච්චි කරනවා ඇරෙන්න.

ඒ වගේම ඔබට ජිවිතයේ දැනෙන වේදනාව ඔබේ අවබෝධය කරගත හැකියි.
ඔබේ අසමත්විම් ඔබේ සවධානය විය හැකියි.
ඔබේ නිහඩතාවය ඔබේ ශක්තිය විය හැකියි.

සෑම හෑගිමක්ම හබායන්න එපා
සෑම සිතුවිල්ලක්ම හබායන්න එපා
අහසට එන යන වලාකුළු ලෙස ඔබේ මනස ඔබට එවන සිතුවිලි හැගිම් සිහියෙන් දකින්න.
බුද්ධිමත්ව බාහිරයට ප්‍රතිචාර දක්වන්න.

ඔබේ සාමය නිදහස ආරම්භ වන්නේ ඔබේ අවධානය බාහිරයෙන් ඔබේ අභ්‍යන්තරයට රැගෙන එන මොහොතෙදීයි.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

17/05/2026

"ඔබට ගල් ගහන බැනවදින රිද්දන මිනිස්සු තමයි ඇත්තටම ස්භාදහම ලෙස සත්‍යය වශයෙන් ඔබට ආදරය කරන මිනිස්සු."

ජිවිතයේ ඔබට මුණගැහෙන ඇතුලතින් ඔබව වේදනාවට පත් කරන පීඩනයට පත්කරන මිනිස්සු ඔබේ මානසික දුර්වලතාවන් නිවැරදි වෙන්න තවත් ශක්තිමත් වෙන්න පාර කියනවා.

ඔබව සුවපහසුව තබන්න බොලද වචන කියන හැසිරිම් කරන මිනිසුන්ගේන් ඔබේ ආත්මයේ ගැඹුර හයිය ඔබට ලැබෙන්නේ නෑ.ඒකේ ගැටලුවක් නැහැ හැබැයි වෙනසක් වෙන්නේ නෑ.

ඔබ අකමැති වචන හැසිරිම් වලින් ඔබ ලෝකයේ වෙනස්විම අවබෝධකරගන්නවා,ඔබේ මනසේ පවතින මමත්වය, බාහිරයෙන් සෑම විට හොදක් පමණක් සිදුවිය යුතුයි කියන බලාපොරොත්තු සහගත මෝඩ මානසිකත්වය තෙරුම් ගන්නවා.

ඒ දේවල් හරහා ජිවිතයේ තනියෙන් හයියට හිටගන්න මැදමාවතේ ශක්තිමත් මනුස්සයෙක් වෙන්න ඔබට අවබෝධය ලැබෙනවා.

ඉතින් ඔබට අගුණ දේවල් කරන මිනිස්සු ස්භාදහම ඔබට ඔබව අවබෝධ කරගන්න අනින ටොකු බව මතකතියාගන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

16/05/2026

"ජිවිතය බරයි එපාවෙලා වගේනම් ගෙවන දවසට විතරක් ජිවත් වෙලා බලන්න."

මිනිස්සු ජිවිතේ ඇතුලේ අනාගතේ තමන්ට කරන්න තියන දේවල් ගැන මුහුණ දෙන්න තියන දේවල් ගැන සෑමවිටම වදවෙමින් ජිවත් වෙනවා.

අනාගතේ සිදුවන දේ නිශ්චිතව කිසිවකුට කියන්න බැහැ වගේම ඒ දවස උදාවෙවිද කියන්නවත් බැහැ.
යම් සැලසුමක් හදාගන්න අනාගතයට කල්පනා කරාට ගැටලුවක් නැත.

නමුත් ඉන් ඉදිරියට ගෙවන දවසින් දවස නිදහසේ තියන වැඩත් එක්ක ගෙවන එක ඔලුවට නිදහස් වගේම සතුටින් ජිවත් වෙන්න උදව් වෙනවා.

ඉතින් තමන්ගේ ජිවිතයේ අවසන් දවස වගේ දවසට ජිවත් වෙන්න බලන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

15/05/2026

තමන්ගේ ජිවිතයේ තමන් පැමිණි දුර ගැන බොහෝ දෙනෙකු ඉන්නේ සතුටකින් සැනසිමකින් නෙමෙයි.
තමන්ට නොලැබුනු තමන් අපොහොසත් උන තැන් ගැන නිතර කතා කරමින් වදවෙමින් තමයි ජිවිතය අරන් යන්නේ.ඒ නිසාම ගෙවෙන මොහොතේ දීත් ඔවුන් ජිවිතයේ සතුටක් ස්පර්ශ නොකරන තරම්.

බොහෝ දෙනෙකු තමන් පරාජය වු අභියෝගයන් නිසා වෙනස් අකාරයකින් සිදුවු ජිවිතයේ උසස් වීම් තමන්ට සිදුවන අහිමිවිම් ඇතුලේ තමන්ට මුණගැසුනු දේවල් මේ ආදී වශයෙන් ජිවිතයේ ඇත්තටම සිදුවුන උසස් විම සහ ආත්මීය ගැබුර ලැබිම ගැන සිතන්නේ නැහැ.

මතක තියාගන්න ජිවිතයේ ඔබ ඉන්නේ ඔබට අයිති ගමනේ ඔබ ඉන්නම ඕන තැන.කිසිදු නරක නපුරු දෙයක් මේ විශ්විය රිද්මයත් එක්ක යන ගමනේ ඔබට සිදුවෙන්නේ නැහැ.ඔබට මුණගැසෙන සියලුම සිදුවිම් මිනිසුන් නොදැනුවත්වම ඔබේ ආත්මීය සංචාරයේ සහ පරිවර්තනයේ කොටස්මයි.

සමරන්න හැම මොහොතක්ම සමරන්න,ජිවත් වෙන්න.
කදුලු වැටෙන තැනත් සිනහවෙන්න,පරදින වරදින තැනත් සිනහවෙන්න,මේ සියල්ල ඔබේ පරිවර්තනයේ උසස් කරලිමේ විශ්විය ක්‍රියාවලියමයි.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

14/05/2026

"සමහර බල්බ නිවා දමනකොට තමයි ගොඩක් මිනිස්සු දැනගන්නේ තමන්ගේ ජිවිතය විශාල වශයෙන් ආලෝකමත් වෙලා තිබුනේ ඒ නිසාවෙන් කියලා"

සබදතාවක් ඇතුලේ පාර්ශව දෙකටම සැනසීම වර්ධනය ලැබෙන්න ඕන.
නමුත් එක පාර්ශවයක් නිසා දිගින් දිගටම අනෙකාගේ සාමය හැකියාවන් දුර්වල වෙනවනම්,
ඒ වේදනාවට ලක්වෙන කෙනාට අනෙක් කෙනාටත් කරන්න පුලුවන් හොදම ආදරය තමන්ව ප්‍රවේසම් කරගන්න එක.

තමන්ව ඇතුලතින් සැනසිමේ තියාගන්නේ නැතිව අපිට බාහිරයට කාවදාවත් ඒක දෙන්න බෑ හිතවතුනි,එහෙම නැති උනොත් අපි දෙන්නේ කණස්සල්ල කලකිරිම දුක.

තමන්ගේ ජිවිතයේ කාලය අඩුවෙන් ලබාදීම,තමන්ගේ සැනසිම දියුණුව වෙනුවෙන් වැඩිපුර අවධානය දිම ,සමහර විට දිර්ඝ කාලීනවම ඔබ තනිව ගමන් කිරිම.
මේ Option එහෙම වේදනාවට ලක්වෙන කෙනාට ගන්න වෙනවා.

ගොඩක් වෙලාවට සමහර බල්බ තාවකාලීව හරි නිවෙනකොට තමයි මිනිස්සු දැනගන්නේ තමන්ව අලෝකමත් වෙලා තිබුනේ ඒ අලෝකයෙන් කියලා,තමන්ට ලැබෙන අවධානය කාලය අඩුවෙනකොට සමහර මිනිස්සු වෙනස්වෙනවා සමහර මිනිස්සු එහෙමත් නැහැ.

ඉතින් ඔබට ලැබුනු කෙටි කාලින ජිවිතයේදි ඔබේ ආත්මය සුවපත්ව තබාගැනිම නිදහසේ ජිවත්විම ඔබේ ප්‍රථම රාජකාරීය කරගන්න.ආදරය කියන්නේ අමාරුවෙන් සබදතා ඇතුලේ දුක්විදිම නෙමෙයි,තම තමන්ගේ සාමය සොයා ගැනීම.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions | ( 071-1228668 Whatsapp ) 🤍✨️

13/05/2026

ජිවිතයේ ඔබට සිදුවන සමහර සිදුවිම් වලදී ඔබේ ජිවිතය තුල කඩා වැටුනා සේ දැනෙන්නට පුලුවන්,නැවත ගොඩනැගිමක් නැති බව දැනෙන්නට පුලුවන්.

මතක තියාගන්න ඔබව වැටෙන තැලෙන පීඩනයට පත්වන හැමතැනම තියෙන්නේ විශ්වයේ ආශිර්වාදයන්.ඔබේ ආත්මය අවදී කරගන්න, සැගවුන ශක්තිය මතුකරගන්න,නව මාර්ග සොයාගන්න ඒ සෑම තැනම විශ්වය ඔයාට පාර කියනවා.

මනස පසුගාමී නොකර ගෙන නිදහස් මනසින් බලන්න.
කලියෙන්ට වඩා හොද තැනක් මාර්ගයක් විශ්වය ඔයාට පෙන්වාවි.
ජිවිතය කියන්නේ සතුටම නෙමේ ජිවිතය හැදිලා තියෙන්නේ සතුට දුක වේදනාව මේ කියන සෑම දේකම එකතුවකින්

සතුටට විතරක් කැමතිවෙන්න එපා! එතකොට දුකයි.
සෑම දේම ජිවිතය කියලා පිලිගන්න.

ඔයාට සිදුවන සෑම දේකටම හේතුවක් තියනවා.
ඔයාටම අවේණික මාර්ගයක් තියනවා.
විශ්වය ඔයාට පාර කියනවා,විශ්වාස කරන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

12/05/2026

"ජිවිතයේ නිදහස අත්විදින්නේ තනිකම කියන දැනීම උත්තරීතර හුදකලාවට පෙරලගත්ත මිනිස්සු විතරයි."

ස්භාවිකවම මිනිස් මොළය තනිකමට බයයි,මිනිස්සු ජිවිතයෙන් ඉවත්වෙනකොට කවුරුත් ලග නැතිවෙනකොට මනුස්සයෙක්ගේ මොළය ඒ මනුස්සයාට භීතිය,අනාරක්ෂිත හැගීම් ඇතිකරනවා.

අන්න ඒ විදියට ඇතිවන හැගිම් සිතුවිලි වලට බයේ ගොඩක් මිනිස්සු තමන්ගේ ජිවිතයේ මිනිස්සු බලෙන් තියාගන්න වෙහෙස දරනවා,ඔවුන්ව අසීමිත විදියට සතුටු කරන්න බලනවා.
අවසානේ බාහිරයේ මිනිස්සු වෙනස්වෙනකොට අත්හැරදා යනකොට මානසිකව අසීමිතව විදවනවා.

හිතවතුනි,මනුස්ස ජිවිතයේ සෑබෑව තනිකම තමයි කොහොමත්.ඉපදීම මරණය තනියම.ජිවත්විමත් අනෙක් මිනිස්සු ඉන්නවා නේද කියල හිතාගෙන මනසින් තනියම යන ගමනක්.

අද ඉදලා තනිකම කියන හැගීම වෙනුවට හුදකලාව ආදේශ කරන්න,තමන්ගෙන් සතුටු වෙන්න සුවපහසු වෙන්න.යථාර්තය තෙරූම් අරන් ජිවත් වෙන්න,
එවිට බාහිරය තමන්ගේ තනියට ඉන්න ඕන කියන අසරණ හැගිමෙන් නිදහස දැනෙවි.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

12/05/2026

"විදවන්න අකමැතිනම් මුහුදක පිහිනන්නා නොවි ඔබත් මුහුදම වෙන්න"

මුහුදක රල සමග පිහිනන්න යන මනුස්සයා ඒ මුහුදු රල ප්‍රතික්ශේප කරන්න ගියොත් වැඩිපුර පොරබදන්න ගියොත් ඔහුට අපහසු බව විදවිම අත්විදින්න වෙනවා.

හැබයි ඒ යන රැලිත් එක්ක මුහුදු වතුරත් එක්ක එකාත්මික වෙලා ගියොත් ඔහුගේ වෙහෙස නැතිවෙනවා නිදහස් වෙනවා.

ජිවිතයත් ඔච්චරමයි හිතවතුනි,ජිවිතය ඇතුලේ ඔබ අමුතු මානසික ජිවිතයක් බාහිර ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න දගලන්න ගියොත් වෙහෙසයි දුකයි.

මතක තියාගන්න ඔබට ජිවිතය ගලායන රිද්මයට හරියට මුහුදක රැලි වගේ ඔබේ විවිද සිදුවිම් මුණගැහෙනවා.

අන්න ඒ සියල්ල හොද නරක කියලා අමුතුවෙන් මානසිකව වර්ග කරන්නේ නැතිව ඔබට වෙනදේ හොදම දේ බව සිතන්න.

දුක හෝ සතුට ඒ සියල්ල තවත් සිදුවිමක් එය බාරගන්න කල හැකි දෙයක් තිබෙනම් කරලා ජිවිතය සමග ඉදිරියට ශක්තිමත්ව ගලායන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For Sessions ( 071-1228668 Whatsapp )

11/05/2026

"අභියෝගයන් පැමිණිමේ ගැටලුවක් නැත.ගැටලුව වන්නේ අභියෝගයන් ගැටලුවක් ලෙස සීතිමයි."

ඔබේ ජිවිතයේ විවිධ අවස්ථා වල ඔබ මනසින් කැමති බලාපොරොත්තු නොවන අකාරයේ දේවල් බාහිර ලෝකයෙ සිද්ධ වෙන්න පුලුවන්.එවාට අපි සරලව අභියෝග ලෙස කියනවා.

ඒ එන අභියෝගයන්ට අනපෙක්ශිත අවස්ථාවන්ට යමක් කලහැකිනම් අපි එයට බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන අතර කිසිත් නොකල හැකිනම් අත්හැරදානවා.

නමුත් බොහොමයක් කරන්නේ අභියොගයන් අනපෙක්ශිත තත්ව උදාවුනාම එවා එහෙම වෙන්න බැහැ කියමින් අධිසංවේදි වෙමින් එය විශාල ගැටලුවක් කරගැනිමයි.එහි අවසාන ප්‍රතිපලය අභියෝග පරාජය විම ජිවිතයට විශාල පාඩු සිද්ධ විමයි.

ඉතින් ජිවිතයේ ඕනැම දෙයක් විය හැකි බවත් සංවෙදි විම අභියෝග ගැටලු කරන බවත් ජිවිතය කියන්නේ අභියෝගයන්ට පිලිතුරු සෙවිම බවත් තෙරුම් ගන්න,එය ඔබව නිදහසේ සතුටින් තබාවී.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo