Chamith Chathurangana - Psychological Counsellor

Chamith Chathurangana - Psychological Counsellor

Share

Psychological Counsellor | මනෝ උපදේශක - Contact For Sessions | 071-1228668

19/07/2026

ජිවිතයේ වන සෑම සිද්ධියක්ම සුභ සිදුවිමක් 🤍✨️

Chamith Chathurangana - Psychological Counsellor

19/07/2026

"මානසික සරණාගතයකු ලෙස ජිවත්වෙන්න අවශ්‍යයනම්, ජිවිතයේ සතුට තමා තුලින් නොසොයා බාහිර මිනිසුන්ගෙන් සොයන්න පටන් ගන්න."

මිනිස්සු සබදතා Relationship පටන් ගන්නකොටම බොහෝ දෙනෙක්ට තමන්ව අමතක වෙනවා.
සිතුවිල්ලෙන් සිතුවිල්ල ආදරය කියන තත්වය ඇබ්බැහිවිමක් දක්වා යනවා.

ඉන් අනතුරුව සම්පුර්ණයෙන් ඒ මනුස්සයා Drive වෙන්නේ මෙහෙයවන්නේ මොළයට අනුව විනා යථාර්තයට අනුව නොවෙයි.

ඉන් පසුව අනිත් මනුස්සයාගේ Call එකක් Answer නොකරන තැන ඉදලා වචනයටත් මනස, බිය තරහව ,කලබලය,සැකය කියන හැගිම් සිතුවිලි නිතරම සිහියට එවනවා.

හිතවතුනි,මිනිස් හිත ඇතුලුව මේ ලොකේ සියල්ල Uncertainty වෙනස්විමට හසුවෙනවා.
අන්න එහෙම වෙනස් වෙන දේවල් මත ඔබේ සතුට පදනම් විම ඔබව මානසිකව දුර්වල සරණාගතයකු කරනවා.

මගේ යෝජනාව ඔබට,සබදතා කියන්නේ ජිවිතය පහසු රසවත් කරන දෙයක් මිසක් ජිවිතයම නොවෙයි.මිනිස්සු සබදතා වලට යොමු වෙන්නේ තමන්ගේ මනසෙන් දැනෙන පාලුව තනිකම වහගන්න පැලැස්තරය හැටියට.

ඔබට පුලුවන්නම් මුලින් ඔබ ඔබෙන් තෘප්තිමත් වෙලා කවුරු හිටියත් නැතත් හුදකලාව සමග සුවපහසු වෙන්න,ඉන් අනතුරුව සබදතාවයක් බොහො විට ඔබව අසරණ කරන දෙයක් වෙන්නෙ නැහැ.

තමන්ව අමතක කරලා තනිකමට බියේ සබදතා වලට යන්න එපා,තමන් සමග හුදකලාවට සුවපහසුනම් විතරක් සබදතාවයකට යන්න.

Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions [071-1228668 🤍✨️]

18/07/2026

"ඔබේ ඇතුලත සාමය සහ බාහිර දියුණුව
ඔබට සිදුවන දේ මත නොව ඔබ දක්වන ප්‍රතිචාරය මත තීරණය වේ."

හිතවතුනි,මනුස්සයකුගේ ජිවිතය ඇතුලේ ස්භාදහමේ රිද්මය ද්විත්වයකට හැසිරෙනවා.

ඔබ කරන දෙවල් සාර්තකව වෙනවා අසාර්ථක වෙනවා.ඔබ කැමති විදියට මිනිස්සු හැසිරෙනවා නරක විදියටත් හැසිරෙනවා.ගංවතුර එනවා නියගයන් එනවා.

ස්භාදහමට මේ සියල්ල වෙනස් විමක් පමණයි.නමුත් මිනිස් මනසට අකමැති විදියට සිතන දේවල් එලියේ වෙනකොට කලබල වෙන්න රීනාත්මක වෙන්න පුරුදු වු ස්භාවය එක්ක බොහොමයක් ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.

මනසේ රීනාත්මක හඩට හසුවෙලා රිනාත්මකව ප්‍රතිචාර දැක්විම මනසේ ඝොසාකාරි බව වැඩිකරනවා ඔබේ සාමය අහිමිවෙනවා.ඒ වගේම බාහිර පාඩු වැඩිකරනවා.

ඔබට වැසි ලබාදෙන කාලයේදි
කුඹුරු වගාවට යනවා වගේම නියං කාලයේදි
හේන් වගාවට යොමුවෙනවා වගේ ජිවිතය ඔබට අරන් එන සිදුවිමට හඩාවැලපෙනවා වෙනුවට කලහැකි දෙයක් තිබේනම් එය සුබවාදිව කරන්න.එය ඔබේ ජිවිතය සැනසිමෙන් ගෙවන රහසයි.

Chamith Chathurangana
මනෝ උපදේශක | Psychological Counsellor
For Sessions ( 071-1228668 Whatsapp )

17/07/2026

හැමෝවම බේරාගන්න ඔබේ ජීවිතය විනාශ කරන්න එපා.

ජිවිතයේ අපට මුණගැහෙන සමහර මිනිස්සු,
සැබෑවටම ඔබට ආදරය කරන්නේ නැහැ.

ඔවුන්ට අවශ්‍ය වෙන්නේ
ඔබේ කාලය.
ඔබේ ශක්තිය.
ඔබේ අවධානය.
ඔබේ සාමය.

ඔවුන්ගේ ජීවිතය අවුල් වූ විට ඔබව සොයනවා.
නමුත් ඔබ වැටුණු දවසේ... ඔවුන් අතුරුදන් වෙනවා.

හිතවතුනි මතක තබා ගන්න.

ඔබේ හදවත හොඳ වීම...
හැමෝටම ඔබේ ජීවිතයට ඇතුල් වීමට බලපත්‍රයක් නොවේ.

ජිවිතයට සීමාවන් (Boundaries) දමාගන්න එය අකාරුණික වීමක් නොවේ.
එය ස්වයං ගෞරවයේ සලකුණක්.

සමහර දොරවල් වහන එක...
අනුන්ට දඬුවමක් නොවේ.

ඔබේ මානසික නිදහස ආරක්ෂා කිරීමයි.

ඔබේ සාමය නිතරම කඩන කෙනෙක්,
ඔබේ වටිනාකම නිතරම අඩු කරන කෙනෙක්,
ඔබව නිතරම වරදකාරයෙක් කරන කෙනෙක්...

ඔවුන් වෙනස් වෙයි කියලා අවුරුදු ගණන් බලාගෙන ඉන්න එපා.

ඔබේ ජීවිතය බේරාගන්න.

සමහර වෙලාවට...
ජීවිතයේ හොඳම තීරණය,
නව කෙනෙක් හඳුනා ගැනීම නොවේ.

වැරදි කෙනෙක්ගෙන් නිහඬව ඈත් වීමයි.

ඔබේ සාමය ඔබේ වගකීමයි.
එය කිසිවෙකුටත් පූජා කරන්න එපා.

Chamith Chathurangana
Psychological Counselor | Life Coach
For Sessions ( 071-1228668 Whatsapp )

16/07/2026

"බාහිර මිනිසුන්,ලෝකය වැඩකරන්නේ ඔබ සිතනම අකාරයට නොවන බව පිළිගැනිම අවබෝධ කරගැනිම ඔබේ සාමයේ ආරම්භයයි."

මිනිස්සු ඔබ කැමති විදියටත් අකමැති විදියටත් වරින් වර හැසිරෙන්න පුලුවන්.ඔබ ලග ඉන්නත් පුලුවන් දාලා යන්නත් පුලුවන්.
ඉර පායනවා බහිනවා,අව්ව වැටෙනවා වැස්ස වහිනවා.ඔබ කරන දේවල් හරියනවා ,වරදිනවා.

බාහිර ස්භාදහමේ මේ රිද්මය වෙනස්විම උනාට ඔබට පාඩුවක් අහිමිවිමක් ලෙස දැකිම ඔබේ ආතතියට මුලයි.

තමාට වඩා බාහිර රිද්මය බලවත් බවත් එයට සමපාතව ජිවිතය දැකිම ඔබට සාමය අරන් එන බව තෙරුම් ගන්න.එය ජිවත්විමේ ආරම්භයයි.

Chamith Chathurangana - Psychological Counsellor
මනෝ උපදේශක - For Sessions (071-1228668 Whatsapp )

15/07/2026

"ගඟ කවදාවත් ගල් එක්ක සටන් කරන්නේ නැහැ."
ඒවා මඟ හැරලා ගලාගෙන යනවා.
ඒ නිසා තමයි...
ගඟ අවසානයේ මුහුදට යන්නේ.

ඔබත් හැම ප්‍රශ්නයක්ම ජයගන්න ඕන නැහැ.
සමහර ඒවා මඟහැර යන්න.
සමහර මිනිස්සුන්ව අතහරින්න.
සමහර සංවාද නිහඬව අවසන් කරන්න.

සාමය හැම සටනක්ම දිනන අයට නෙවෙයි.
අවශ්‍ය නැති සටන් තෝරා නොගන්න අයට ලැබෙන දෙයක්.

Chamith Chathurangana
Psychological Counsellor | මනෝ උපදේශක
For Sessions (071-1228668 Whatsapp )

14/07/2026

""නැහැ,බැහැ"" කියන එක
ඔබ ඔබටම කරන ආදරයේ භාෂාවයි."

ජිවිතයේ ඔබ මුහුණදෙන සෑම ඉල්ලීමකටම "ඔව්" කියන එක කරුණාව නොවේ හිතවතුනි,

සමහර වෙලාවට ඒක ඔබව ඔබෙන්ම ඈත් කරන පුරුද්දක්.

ඔබ හැමෝවම බේරාගන්න උත්සාහ කරන අතරේ...
ඔබව බේරාගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්.

ඒ නිසා සීමා තබන්න.
ඔබේ කාලය ආරක්ෂා කරන්න.
ඔබේ ශක්තිය ආරක්ෂා කරන්න.
ඔබේ මානසික සැනසීම ආරක්ෂා කරන්න.

ඔබට ගෞරව කරන මිනිස්සු...
ඔබේ සීමාවන්ටත් ගෞරව කරනවා.

ඔබේ සීමාවන්ට කෝප වෙන අය...
බොහෝ විට ඔබට නොව, ඔබෙන් ලැබුණු පහසුවට වාසින්ට ආදරය කළ අය.

ඔබ හැමෝටම ලබාදෙන ආදරයෙන් ටිකක් ඔබටත් ලබාදෙන්න.
එතනින් ඔබේ සුව වීම වර්ධනය ආරම්භ වෙනවා.

Chamith Chathurangana - Psychological Counsellor
මනෝ උපදේශක | For Sessions ( 071-1228668 Whatsapp )

13/07/2026

ගලායන ගගක වරක් ඔබ ස්පර්ශ කරන වතුර පොද නැවත ඔබට කිසිදිනක ස්පර්ශ කල නොහැක.

එසේම ජිවිතයේ මේ ගෙවෙන මොහොත ඔබට කිසිදු දිනක නැවත මුණ නොගැසෙනු ඇත.

ජිවිත ගංගාව මුහුදට එක්වන දිනක් අප දන්නේද නැත.

එබැවින් මියගිය අතීතයත් උදානොවුනු අනාගතයත් හැකි සෑම විටම අත් හරින්න.

අද දවසේ උපරිම සතුටෙන් නිදහසෙන් වැඩකරන්න ජිවත්වෙන්න.

Chamith Chathurangana
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions ( 071-1228668 Whatsapp )

13/07/2026

සියදිවි නසා ගැනීමේ සිතුවිලි ජය ගන්නේ කොහොමද?

සියදිවි නසා ගැනීම ගැන සිතන බොහෝ දෙනාට ඇත්තටම මැරෙන්න ඕනේ නිසා නෙවෙයි...
ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දරාගත නොහැකි මානසිකව පැමිණෙන සිතුවිලි එක්ක දැනෙන වේදනාවෙන් පලායාමටයි.

ඒ නිසා පළමුවෙන්ම මේ සත්‍යය මතක තබා ගන්න.

සිතුවිල්ලක් කියන්නේ සත්‍යයක් නොවෙයි.
එය පැමිණෙනවා.
එය තියෙනවා.
එය නැවත යනවා.

මඩවතුර අස්සේ පතුල දකින්න බෑ.ඔබ වදවෙන ඕනෑම තත්වයකට මානසිකව පිළිතුරු තියනවා,

ඊට කලියෙන් මෙහෙම කරන්න.
එම මොහොතේ ඔබට කළ හැකි දේවල් කිහිපයක්:

🌿 1. සිතුවිල්ල සමඟ සටන් කරන්න එපා.
"මට මේ වගේ සිතුවිල්ලක් ආවා" කියලා පිළිගන්න. එය ඔබ කවුද කියන එක තීරණය කරන්නේ නැහැ.

🌿 2. තනිවම මේ බර දරන්න එපා.
ඔබ විශ්වාස කරන කෙනෙකුට කතා කරන්න. සමහර විට ඇහුම්කන් දෙන එක් පුද්ගලයෙක් ජීවිතයක් වෙනස් කරනවා.

🌿 3. ඔබේ වේදනාව ලියන්න.
හිත ඇතුළේ තබාගන්නවාට වඩා, කඩදාසියක ලියන විට හැඟීම් ටිකක් පැහැදිලි වෙන්න පුළුවන්.

🌿 4. "මේ හැඟීම සදාකාලිකයි" කියන සිතුවිල්ල අභියෝගයට ලක් කරන්න.
ජීවිතයේ අමාරු කාලයන් ස්ථිර නොවේ. අද ඔබට පෙනෙන දේ, මාස කිහිපයකින් වෙනස් වෙලා තිබෙන්න පුළුවන්.

🌿 5. වෘත්තීය සහාය ලබාගන්න.
මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම දුර්වලකමක් නොවේ. එය සුව වීමේ ආරම්භයයි.

මතක තබා ගන්න...

ඔබේ වේදනාව ඔබේ අනාගතය තීරණය කරන්නේ නැහැ.

අද ඔබට පාර නොපෙනුණත්, ඒ කියන්නේ පාරක් නැහැ කියන එක නොවේ.

ඔබ වටිනා කෙනෙක්. ඔබේ ජීවිතය වටිනවා. ඔබේ කතාව තවම අවසන් නැහැ. ✨️🤍

Chamith Chathurangana - Psychological Counsellor
(071-1228668 whatsapp )

13/07/2026

"මිනිස් සබදතා පලුදු වෙන්න ලොකුම හේතුව ආදරය අඩුවිම නොවෙයි,අනිත් මනුස්සයාව පිළිගන්න නොහැකි විමයි."

අපි බොහෝ වෙලාවට දුක් වෙන්නේ මිනිස්සු අපි හිතන විදිහට හැසිරෙන්නේ නැති නිසයි.

අපි ආදරේ කරන තරමටම ඔවුනුත් ආදරේ කරයි කියලා හිතනවා.

අපි කැපවෙන තරමටම ඔවුනුත් කැපවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

නමුත් ජීවිතය අපිට කියා දෙන ලොකුම පාඩමක් තියෙනවා...

හැමෝම ඔබ වගේ නොවේ.

එක් එක් කෙනාගේ වචන, ක්‍රියා සහ තීරණ පාලනය කරන්නේ ඔවුන්ගේ දැනුවත්භාවය, අත්දැකීම්, බිය සහ වටිනාකම් මිස ඔබේ හොඳකම නොවේ.

ඒ නිසාම,
ඔබට හැමෝවම වෙනස් කරන්න බැහැ.
ඔබට හැමෝවම තේරුම් ගන්නත් බැහැ.
ඔබට හැමෝගෙන්ම සාධාරණයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

ඔබට පාලනය කළ හැක්කේ එකම දෙයයි... ඔබේ ප්‍රතිචාරය.

🌿 ඔබේ සීමාවන් (Boundaries).
🌿 ඔබේ සිතේ සාමය.
🌿 ඔබේ තීරණ.
🌿 ඔබේ ජීවිතයේ දිශාව.

"ඔබට අයිති නැති දේ පාලනය කරන්න උත්සාහ කරන තරමටම ඔබේ නිදහස නැති වෙනවා.

"සමහර විට අතහැරීම පරාජයක් නොවේ. එය ඔබේ හිත නිදහස් කරගැනීමයි."

ඔබව නැවත නැවතත් රිදවන මිනිසුන් පසුපස දුවන්න එපා.

ඔබේ වටිනාකම නොදකින අය ඉදිරියේ ඔබව ඔප්පු කරන්න උත්සාහ කරන්න එපා.

ඔබේ මානසික සැනසීම කැප කරලා කිසිවෙකුගේ පිළිගැනීම ලබාගන්න උත්සාහ කරන්න එපා.

සැබෑ ශක්තිය කියන්නේ කිසිදා නොරිදෙන එක නොවේ.

රිදුණත්...
වෛර නොවී,
කෝපයෙන් නොවී,
ජීවිතයේ පාඩම ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් වීමයි.

මිනිසුන්ව ඔවුන් සිටින ආකාරයෙන් පිළිගන්න.

අවශ්‍ය තැන ආදරය කරන්න.
අවශ්‍ය තැන සීමා තබන්න.
අවශ්‍ය තැන නිහඬව ඉවත් වෙන්න.

මතක තබා ගන්න...

ඔබේ මානසික සාමය ආරක්ෂා කරන එක ආත්මාර්ථකාමීකමක් නොවේ.

එය ඔබට ඔබ ගැන ඇති වගකීමයි. 🤍

Chamith Chathurangana - Psychological Counsellor
මනෝ උපදේශක / For Sessions ( 071-1228668 Whatsapp )

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo