Srilankan Cricket News

Srilankan Cricket News

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilankan Cricket News, Sports, Sri Lanka Cricket, Colombo.

Welcome to Sri Lanka Cricket Official Facebook Fan Page: This page is Home to Global Fans of Sri Lanka Cricket: https://www.facebook.com/groups/256039646267965/

09/11/2023

ඇන්ජිලො මැතීවුස් අද තම අවසන් එක්දින ලොක කුසලාන තරගය ක්‍රිඩා කිරිමට නියම්තයි 🥺❤️

ආයෙත් මේ චරිතය ලොක කුසලානයක දකින්න වෙන්නෙ නැහැ 🥲

Good luck CHAMP Angelo Mathews ♥️🇱🇰

08/11/2023

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විනෝදාංශ පවා ඔහුගේ ක්‍රීඩා ජීවිතයට කොතරම් වැදගත් ද යන්නට ග්ලේන් මැක්ස්වෙල් හොඳ උදාහරණයක්.

ග්ලේන් මැක්ස්වෙල් ගේ විනෝදාංශය ගොල්ෆ් ක්‍රීඩා කිරීම. ඔහු දක්ෂ ගෝල්ෆ් ක්‍රීඩකයෙක්.

ගෝල්ෆ් ක්‍රීඩාවේදි පාද චලනයක් නැහැ. එහිදී බාහු බලය සහ යටි අතේ බලය වැඩි වශයෙන් යොදා ගැනෙනවා.

ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ අති විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් ට, ගෝල්ෆ් ක්‍රීඩාවේ අත්දැකීම් සහ හුරුව අනිවාර්යෙන්ම උපයෝගි වන්නට ඇති.

පාදයේ ආබාධයක් හේතුවෙන් තරගයේ අතරමැද දී මැක්සි ට පාද චලනයන් කිරීමට අපහසු වුණා.

කඩුලු අතර දුවගොස් ලකුණු ලබා ගැනීමේ අවස්තාව ද අහිමි වුණා.

ඔහුට ඉතිරි වූ එකම විකල්පය පාද චලනයන් නොමැතිව, එකම තැනක හිඳිමින් යටි අතේ බලයෙන් හයේ, හතරේ ලකුණු රැස් කිරීමයි.

ඔහු එය ඉතා සාර්ථකව කළා.

මැක්ස්වෙල් ගේ යටි අත ඉතාමත් ශක්තිමත්. ඔහුගේ බාහු බලය ඉතා වැඩියි.

ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ගෝල්ෆ් ක්‍රීඩාවෙන් ලැබෙනා පුහුණුවත් ඊට හේතු වෙන්නට ඇති.

පාද චලන නොමැතිව බාහු බලයෙන් පමණක් මැක්ස්වෙල් ඊයේ ලකුණු සියයක් (දෙවන සියය) රැස් කළා.

එය ලොව එදාමෙදා තුර එක්දින පිටියේ ක්‍රීඩකයෙකු රැස් කළ විශිෂ්ඨතම ඉනිමක්.

එම ඉනිමෙන් ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට නොතිබූ ජයග්‍රහණයක් ගෙන ආවා.

මේ තනි ක්‍රීඩකයාගේ සුපිරි ඉනිම ලෝක කුසලානය තුල නිසැකවම ඕස්ට්‍රේලියානුවන්ට නැවත පිබිදීමකට හේතු වන්නට ඇති.

ග්ලේන් මැක්ස්වෙල් ගේ විනෝදාංශය ඔහුගේ ක්‍රීඩාවටත්, කණ්ඩායමටත් යහපත් අන්දමින් බලපෑවේ එහෙමයි.

ග්ලේන් මැක්ස්වෙල්ට වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් විනෝදාංශ තියෙනවා.

එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වෘත්තීය මට්ටමේ වීඩියෝ ක්‍රීඩා (Video Games) කරන්නෙක්.

පබ් ජී (Pub G) ක්‍රීඩාවේ ලොව විශිෂ්ඨතම ක්‍රීඩකයන් අතර ඔහු සිටිනවා.

තවත් ක්‍රීඩකයෙකු ඩේටිං ඇප්ස් (Dating Apps) හරහා සුදු ජාතික තරුණියන් එකතු කරනවා.

තවත් ක්‍රීඩකයෙකුගේ විනෝදාංශය සමාජ ජාලා මාධ්‍ය.

මෙවැනි විනෝදාංශ රාශියක් ඔවුන්ට තියෙනවා.

මේවා ග්ලෙන් මැක්ස්වෙල් ගේ විනෝදාංශ වලින් වෙනස්.

මෙවැනි විනෝදාංශ ක්‍රිකට් ක්‍රීඩාවට හෝ පිටියට ගෙන එන ධනාත්මක බලපෑමක් නැහැ.

සැබැවින්ම ඔවුන්ගේ විනෝදාංශ ක්‍රීඩාවට අයහපත්, සෘණාත්මක බලපෑම් ගෙන එනවා පමණයි.

ඇෆ්ගනිස්තානය හමුවේ ඕස්ට්‍රේලියාව පරාජය වීමට තිබූ තරගයක් ජය ගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට පරාජය වූයේ ජයගත හැකිව තිබූ තරගයක්.

තරගය ශ්‍රී ලංකාවට අත හැරුණේ ගිලිහුනු උඩ පන්දු නිසා.

පහසු උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා පන්දු රකින්නන් අත්හැරියා.

කලක් ලොව හොදම පන්දු රකින්නන් වූත්, පන්දු රැකීමෙන් තරග පවා ජයගත් ශ්‍රී ලංකාව, මෙවර ලෝක කුසලානයේ වැඩිම උඩ පන්දු ගණනක් අතහැරි කණ්ඩායමයි.

සෑම උඩ පන්දු තුනෙන් එකක් ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරලා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීම පුහුණුවෙන්ම ප්‍රගුණ කළ යුතු හැකියාවක්.

අති දක්ෂ පන්දු රකින්නන් බිහි වෙන්නේම පුහුණුවෙන්.

පන්දු රැකීමේ සූත්‍රය සරලයි.

පුහුණුවේ පරිමාවට පන්දු රැකිමේ හැකියාව අනුලෝවම සමානුපාතිකයි.

අතීත ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමෙන් සෑම විටකම ඉහළින් සිටියා.

අතීත ක්‍රීඩකයන්ගේ කැපවීමත්, පුහුණුවට ඔවුන් යෙදූ කාලයත් එයට හේතු වුණා.

වරෙක ඕස්ට්‍රේලියානු චිවාරක ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකා කණ්ඩායමට කිව්වේ 'මේ කුඩා ශ්‍රී ලාංකිකයන් සෑම දෙයක්ම රැක ගන්නවා' (These little Sri Lankans catch everything) කියලයි.

ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු රැකිමෙන් එවැනි කීර්ති නාමයක් තිබුණා.

ඒ ගෞරවය අතරේ හැංගිලා තිබුණේ පුහුණුව, දහදිය සහ කැපවීම.

වර්තමාන ශ්‍රී ලංකාව ලෝකයේ දුර්වලම පන්දු රකින්නන් වෙන්නේ අහම්බයකින් නොවෙයි.

ඔවුන් පුහුණුව, දහදිය සහ කැපවීම නොහඳුනන නිසා.

පුහුණු වීමට වෙන් කර ඇති කාලයේ
කණ්ඩායමේ පිතිකරුවන් පිතිකරනයත්, පන්දු යවන්නන් පන්දු යැවීමත් පුහුණු වෙනවා.

ඒ අතරත් ඔවුන් විවේක ගන්නවා. සිංදු අහනවා.

පන්දු රැකීම වෙනම පුහුණු විය යුතු අංශයක් ලෙස ඔවුන් දකින්නේ නැහැ.

ඒ වෙනුවෙන් ඔවුන් කාලය වැය කිරීමට සුදානම් නැහැ.

ඔවුන් හිරු රශ්මියටත්, දහදියටත් එතරම් ප්‍රිය නැහැ.

රසිකයන් බලාපොරොත්තු වන ජයග්‍රාහී, ඉපැරණි ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ගොඩ නැගීම පහසු දෙයක් නොවෙයි.

ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩල ඉවත් කළා සේම, ක්‍රීඩකයන්ගේ අලස, විනෝදකාමී ආකල්පත් ඉවත් කළ යුතුයි.

උනන්දුව, කැපවීම සහ වෘත්තීමයභාවය ආදේශ කළ යුතුයි.

එවැන්නක් බාහිර බලපෑමකින් ගොඩ නැගීම කළ නොහැකියි. ඒවා තමන් තුලින්ම පැමිණිය යුතු ගුණාංගයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මුහුන දෙන බරපතල අර්බුධයේ, විසඳීමට අසීරුතම ගැටලුව එයයි.

- ඉරේෂාන් සිරිවර්ධන -
2023. 11. 08

08/11/2023

'Catches Win Matches' කියන්නේ නිකන් නෙවෙයි. අනික Mujeeb බාන්නේ එසේ මෙසේ catch එකක් නෙවෙයි අතටම ආපු එක. Maxi ගේ ඉණිමට වඩා පට්ටම respect එකක් තියෙන්නේ බෝල 68 ට Pat Cummins ගහපු ලකුණු 12. Cummins කියන්නේ වේගවත්ම IPL අර්ධ ශතකය තියන ක්‍රීඩකයෙක්. ඒත් අද එකම එක වතාවක් හැර, අනවශ්‍ය පහර වල කිසිම එකක් ගහන්න ගියේ නැහැ. Maxi ට ලස්සනට strike එක rotate කරලා දුන්නා. Maxi ඒ නිදහස තියාගෙන උගේ ගේම ගැහුවා ODI double century එකකුත් දාන ගමන්. මේ නිසාම සුපිරිම නායකයෙක් සහ සුපිරිම Power Hitter කෙනෙක්ගේ show එකක් බලන්න පුළුවන් වුනා. නියමයි ඕයි. කියන්න වචන නෑ! ❤🥹

- Copied -.

07/11/2023
07/11/2023

🛑 Rule එක ගැන කිසිම විවාදයක් නෑ. Rule එකට අනුව out නම් out ම තමයි. හැබැයි මෙතනදී මැතිව්ස්ට පැහැදිලිවම point එකක් තියෙනවා. 4th umpire කියනවා මැතිව්ස් එද්දිම විනාඩි 2 ඉවරයිලු. හැබැයි video එක බැලුවම පේනව විනාඩි 2 ට කලින් මැතිව්ස් ඇවිල්ලා.

🛑 මේක ක්‍රිකට් වල එක හැරවුම් ලක්ෂ්‍යක් වෙයි. ‼️
විනිසුරුගේ තීරණය අවසන් තීරණය වුණාට විනිසුරුවරුනුත් මනුෂ්‍යෝය. ඔවුන්ටත් වරදින්න පුලුවන්.
මේ වගේ decisions ගද්දි අනිවාර්යයෙන්ම තාක්ෂණික සහය ගන්න ඕනේ ඉස්සරහට. Tv umpire ට දෙන්න ඕනේ මේවගේ ඒවගේ decision එක ගන්න.
Timer එකක් තියෙන්න ඕනේ. කොහොමද නැත්නම් වෙලාව හොයන්නේ. Wicket එකක් ගියාම graphics වල timer එකක් යන්නෝනේ. විනිවිදභාවයක් තියෙනෝනේ.
කොහොමත් මේ wc එකේදී දුන්න ගොඩක් decisions ගැන ප්‍රශ්න තියෙන වෙලාවක මේක උඩට ඇවිල්ලත් තියෙනවා.

🛑 මෙතන journalist ල මැතිව්ස්ව කොරකරන්න හිතාගෙන ප්‍රශ්න අහනවා. එයාට ඒවට clear answers තිබ්බා.
ඇඹරුණේ නෑ.
Angelo Mathews මෙවෙලේ මේ කරන් යන දෙය ඇත්තට ඉස්සරහට ක්‍රිකට් වලට වටින දෙයක් වෙයි.
ඇන්ජිට වුණත් සමහරවිට මේවට ප්‍රශ්නයක් එන්න පුලුවන්. එයාගේ career එකේ අන්තිම කාලේ. ඒ නිසා එයාට නැති වෙන්න දෙයක් නෑ. ඒ හින්ඳ ප්‍රශ්නයක් නෑ එයාටත්.

🛑 අන්තිමට team එකම handshake නොකර ගිය එකටත් සාධාරණ හේතුවක් තියෙනව. කට උත්තර නැති වෙන්නම කියනවා. වල්පල් නෙවේ. Point එකටම.
Ground එක ඇතුලෙ වුන උද්වේගකර සිදුවීම් ප්‍රමාණය වැඩී කියලා මට ඒත් හිතෙනවා. හැබැයි ඒවත් මේ game එකේම කොටසක් වෙලා ඉවරයි.

❇️ මැච් එක පැරදිලා ඉවරයි.
මේක ඒකට නිදහසට කරුණක් නෙවෙයි.
ඒත් මේක ක්‍රිකට් පැත්තෙන් හිතුවම බැහැර කරන්න පුලුවන් දෙයකුත් නෙවේ.

- Prishon H Silva -

07/11/2023
07/11/2023

මුරලි කියන කතාව කෙටියෙන්.
මේ ඉන්නෙ හම්බන්තොට2017/ 2018 දිස්ත්‍රික් පුහුණුකරු මංජුල කරුණාරත්න.හුංගම විජයබාවෙන් දිල්ෂාන් මධුෂංක අරගෙන එනවා හම්බන්තොට ක්‍රීඩාංගණයේ පුහුණු දැළට.ඊට පස්සෙ තමයි චමින්ද වාස් ලගට අරගෙන එන්නෙ.අද ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභියා.හැබැයි මංජුල සර්ලා වගේ පුහුණුකරුවො ගැන කතා කරන්නෙ නෑ.චමින්ද වාස් වගේ කෙනෙක් ලග දිල්ශාන්ලා වගේ ක්‍රීඩකයෝ ඉගෙන ගන්න ඕන.අද වාසුත් නෑ.මුරලි කියන්නෙ ගම්වල ඉන්න ක්‍රීඩකයෝ හොයාගෙන යන්න ඕන කියලා.නවීඩ් නවාස් කියනවා fighting spirit එක හදන්න ඕන කියලා.ගමේ කොල්ලන්ගෙ සටන්කාමීත්වය දිල්ශාන් ඊයෙත් පෙන්නුවා.මෙතනින් එහාට හරි ඔය මාස්ටර් මයින්ඩ්ලා ගමට ආවොත් දිල්ශාන්ලා වගේ ක්‍රීඩකයෝ හොයාගන්න පුලුවන්.නැත්නම් හෙට දවස මීට වඩා අඳුරුයි.

06/11/2023

ඇන්ජි බෝල් කරලා ඔය පලිය ගමු
🤘🏻❤️🔥

06/11/2023

ඔවුන් එය හොද විදිහට දැකලා

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Sri Lanka Cricket
Colombo