28/05/2024
The Group †SL Çricket†
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් මගින් සංවිධානය වූ විශාලතම ක්‍රිකට් ප්‍රේක්ෂක සමුහයේ නිල පිටුව
28/05/2024
12/07/2023
ශ්‍රී ලංකා කාන්තා කන්ඬායම පලමු වරට නවසීලන්ත කාන්තා කන්ඩායම වාර්තා කිහිපයක් පිහිටුවමින් විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් තරගයකින් පරාජයට පත් කරයි.
ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම විස්සයි විස්ස තරගයක ඕනාම කඩුල්ලක් සදහා පැවැත්වු වැඩිම සබදතාවය හා පලමු වරට කාන්තා කන්ඩායම විස්සයි විස්ස කඩුලු 10 ක ජයග්‍රහණයත් අද දිනයේ වාර්තා විය.
05/07/2023
අතට ගත් දේ කටට දාගන්න බැරි වෙන සිම්බාබ්වේ
සිම්බාබ්වේ ක්‍රිකට් කන්ඩායම සම්බන්ධයෙන් පසුගිය දින වල විශේෂ කතා බහට ලක් වුනා. විශේෂයෙන් ඔවුන් මේවන විට පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ පෙන්වූ දක්ශතා මෙයට ප්‍රධාන හේතුවක්. යම් පිරිසක් ආරම්භයේදී කියා සිටියේ ශ්‍රී ලංකා කන්ඩායමට පවා සිම්බාබ්වේ හා බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම් අතින් පරාජයට ලක්ව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවෙතයි යන්නයි, නමුත් මේ වන විට එම කන්ඩායම් දෙකම ඉවත් වී එලබෙන ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයේ තව තරගයක් ඉතිරිව තිබියදිත් සුදුසුකම් ලබා අවසානයි😉.
සිම්බාබ්වේ පිල පසු ගිය කාලයන්හී විශාල ගැටලු රාශියකට මුහුණපෑ කන්ඩායමකි, විශේෂයෙන් එරට ආර්ථික තත්වය මෙන්ම නිසි අනුග්‍රහකයෙක් නොමැති වීම හේතුවෙන් මොවුන්ගේ ක්‍රීඩාවට බාධා රාශියක් ඇතිවිය. එමෙන්ම බොහෝ ක්‍රීඩකයන් පිරිසක් රට අතහැර දමා වෙනත් රටවලට යෑමට ආරම්භ විය. විශේෂයෙන් මේ වසරේ ගැරි බැලන්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමද ඔවුන්ට විශාල අවාසියක් වූවාට සැකයක් නැත. නමුත් පසුගිය වසරේ ඔවුන් දැක්වු දක්ශතා හේතුවෙන් නැවතත් ඔවුන් පිලිබද කතාබහට ලක්විය. ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහි ලබා ගත් ජයග්‍රහණයත්, විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙන්වු දක්ශතාත් මේ අතර වැදගත් වූවා මෙන්ම සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ශතාද මෙයට හේතුව වද්දි, රාසා පසුගිය වසරේ ICC හොදම විස්සයි විස්ස කන්ඩායමට නම් කිරීම මෙන්ම , ඔහුට IPL කොන්ත්‍රාත්තුවක් ලැබිමද විශේෂ සිදුවීම් විය.
කෙසේ හෝ ඔවුන් කොපමණ දස්කම් දැක්වුවද අවසාන මොහොතේදී කලකිරීමක් පමණක් උරුම කරගන්නා අවාසනාවන්ත කණ්ඩායමක් වන බව මේ වන විටත් සිම්බාබ්වේ පෙන්වා දී අවසානය. මේ කතාව ආරම්භ වන්නේ 2018 පැවති 2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙදියි. මෙවර මෙන්ම එවරද තරගාවලිය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හිදියි. තම මව්බිමේ ක්‍රීඩාකරමින් පලමු වටයේදි ඔවුන් තමන්ගේ ඛාන්ඩයේ පෙරමුන ගන්නේ බොහෝ බලාපොරොත්තු තබා තිබු ඇෆ්ගනිස්තාන කන්ඩායම පවා පරාජය කරමිනි. නමුත් සුපර් සික්ස් වටයේ අවසාන තරගයේදි ඔවුන් එක්සත් ආරාබි එමීර් කන්ඩායමට ලකුණු 3 කින් පරාජය වීමත් සමගම ඔවුන්ට අවසන් කන්ඩායම් දෙක අතරට පිවිසිමට හැකියාව නොමැතිව තුන්වන ස්ථානයෙන් සැහීමට පත් වන්නට විය. එය එවකට එක්සත් අරාබි එමිර් රාජ්‍ය කන්ඩායම ටෙස්ට් ක්‍රීඩා කල රටකට එරෙහිව ලබා ගත් පලමු එක්දින ජයද විය. 2020 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සිම්බාබ්වේ කන්ඩායම ICC ය මගින් ඉවත් කල නිසා එහිදි තරගවැදීමට නොහැකි වූ අතර එම අවස්ථාව නයිජීරියාවට ලැබිය.
ඔවුන්ට පලමු වතාවට ICC ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සුදුකම් ලැබිමේ අවස්ථාවක් අවාසනාවන්ත ලෙස මගහැරි යන්නේ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙයි. ඔවුන් පලමු වටයේ ජය ලබා ලෝක කුසලානයට එලබි පසු පලමු තරගයට මුහුණ දෙන්නේ දකුණු අප්‍රිකාව සමගිනි. එම තරගය වර්ශාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වෙද්දි, ඔවුන් ඊලග තරගය ප්‍රබල පාකිස්තානයට එරෙහිව ජයගන්නා අතර ඒ වන විට ප්‍රසාද ලකුණු 3ක් ලබා ගෙන සිම්බාබ්වේ සිටියේ ප්‍රබල ස්ථානයකයි, මන්ද මීලගට ඔවුන්ට තිබු තරග 3 න් 2 ක් ජයගතහොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට හැකියාව ඇති නිසා මෙන්ම එම තරග 3 න් 2 ක්ම ඇත්තේ බංගලාදේශය හා නෙදර්ලන්තය සමග වීමයි. නමුත් ඔවුන්ගේ අවසනාවන්තභාවය පෙන්වමින් එම තරග දෙකම ඔවුන් කිසිවෙකු නොසිතු පරිදි පරජයට ලක්විය.
මෙවර 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු වටයේද ඔවුන් බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම ඇතුලු අනෙක් කන්ඩායම් පරාජයට පත් කරමින් සුපර්සික්ස් වටයට එන්නේ ප්‍රබල කන්ඩායමක් ලෙසයි. විශේෂයෙන්ම ඔවුන්ගේ ජේශ්ඨතම ක්‍රීඩකයන් වන නායක Ervine, Sean Williams , Raza යන ක්‍රීඩකයන්ගේ විශිෂ්ඨ දක්ශතා මෙන්ම තම රට තුල ක්‍රීඩා කරමින් සිම්බාබ්වේ ප්‍රේක්ෂකයන්ගේ දිරිගැන්වීම් හා සහය සමග ක්‍රීඩා කිරීමේ වාසියද ඔවුන් සමග විය. Williams පිතිකරණ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා මෙන්ම, තරගාවලියේ හොදම පිතිකරණ කන්ඩායම බවටත් සිම්බාබ්වේ පත්ව තිබුනි. මේ වටයට එලබීමේදි සිම්බාබ්වේ කන්ඩායම ලෝක කුසලානයට සුදුකම් ලැබිමේ සම්භාව්තාවය වැඩි වීම ගැන සැකයක් නොවිය. නමුත් ඕමානය සමග ජය ලබාගත්තත් නැවතත් අවසානයේ කලකිරීමක් පමණක් ඉතිරි කරමින් ශ්‍රී ලංකාවෙන් ලද දරුනු පරාජයෙන් පසුව ස්කොට්ලන්තය හමුවේද ලද පරාජයත් සමග ඔවුන්ගේ ලෝක කුසලානයට සහභාගි වීමේ සිහිනය දැන් ඉවතට විසි වී ගොසිනි. සැබවින්ම ඔවුන් අතට ගත්දේ කටට දමාගැනිමට නොහැකි වු අවාසනාවන්ත කන්ඩායමකි.
04/07/2023
චමරි අතපත්තු ලෝක එක්දින පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ මුල් තැනට.
ඔබට අපගේ සුභ පැතුම් ❤️ Chamari Athapaththu
කසුන් රාජිත වෙනුවට දිල්ෂාන් මධුසංඛ අද කණ්ඩායමට
ICC WC Qualifiers
Sri Lanka vs USA (Warmup Game)
Sri Lanka 392/5 (50)
ICC World Cup Qualifiers 2023 - Warm Up match
Ned 213 All out
Sri Lanka 140/3 after 21 overs
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo