11/11/2025
2025/11/05 වන දින පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමය මගින් ලංකාව පුරා විසිරි සිටින සියලුම පුහුණුකරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත් වු අතර එය අති සාර්ථක වැඩසටහනක් බවට පත්කල ජාතික ක්‍රීඩා විද්‍යායතනයට, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරමු.ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය හා පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමය අන්‍යයෝන්‍ය අවබෝධයෙන් යුතුව එකට අත්වැල් බැදගනිමින් අති සාර්ථක වැඩසටහනක් පැවැත්වීමට හැකිවීම නිසා පුහුණුකරුවන් විශාල සංඛ්‍යාවක් ද සහභාගීවීම නිසාවෙන් එදින අප සංවිධානය කල මෙම වැඩසටහන අතිශය සාර්ථකත්වයට පත්විය.
මේ තුලින්,
පුහුණුකරුවන්ගේ ධනාත්මක ආකල්ප වර්ධනය,
Water safety & CPR,
ක්‍රීඩා නීතිය,
යන කොටස් ආවරණය කල අතර ඒ සදහා සම්පත් දායකත්වය දැක් වූ, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂකතුමන් ගරු සජිත් ජයලාල් මහතා , ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ගරු ලේකම් P K එදිරිසිංහ මහතා, නීතිඥ සංගමයේ විධායක සභික නීතිඥ ලක්ෂාන් විජේවර්ධන මහතා යන කථිකාචාර්යවරුන්ට අපගේ විශේෂ ස්තූතිය පුදකරමී.
අප පුහුණුකරුවන්ගේ සංගමය හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට අපට සහයෝගය දැක්වු ජාතික ක්‍රීඩා විද්‍යායතනයට, එහි අධ්‍යක්ෂකතුමන්ට, රවින්ද්‍ර කුමාර මහතාට, සහ සහයෝගය දැක්වු අනිකුත් සේවක මහත්ම මහත්මීන්ට, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය ඇතුලූ එහි සභාපතිතුමන්, ලේකම් තුමන් ඇතුලු අසංක මහතා හා අප සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් මහතා, අනුදත්ත මහතා ඇතුලු නිලධාරී මණඩලයට, පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමයේ ගරු සභාපතිතුමන් ඇතුලූ නිලධාරී මණඩලයට මෙම වැඩසටහන වෙනුවෙන් දැක්වූ සහයෝගය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරමී.
මෙයට විශ්වාසී
ලහිරු වීරසෙකර,
ප්‍රධාන ලේකම්
පිහිනුම් පුහුණුරුවන්ගේ සංගමය.
16/09/2025
ජාතික සංගමය පුහුණුකරුවන් ගෙන්වා තර්ජනය කරයි...
2025.08.12 දින ජාතීක ජල ක්‍රීඩා සංගමය මගින් පිහිනුම් පුහුණුකරුවන් සදහා පැවැත්වූ සාකච්ඡාව පිලිබදව දැනුවත් කිරීම....
අප පුහුණුකරුවන් සියලු දෙනා පූර්ව දැනුවත් කිරීමකින් පසුව එම සාකච්ඡාව සඳහා පැමිණ සිටි අතර ඒ පැමිණ සිටි සියලු දෙනාටම අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුදකරමු. අපට අවශ්‍යතාවය තිබ්බේ කාලීන ප්‍රශ්න පිළිබඳව ජාතික සංගමය හැටියට ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි. එය පුහුණුකරුවන් වශයෙන් අප සියලු දෙනාගේම අයිතියක් වේ.
එහිදි අප ලබාගත් සාකච්ඡාව අපගේ ජයග්‍රහණයක් වූ අතර. පහත ගැටලු ජාතික සංගමයට අප ඉදිරිපත් කරන ලදි.
🎯 තරග විනිශ්චය සමබන්ධයෙන් තිබෙන ගැටලු.
🎯 දුර පලාත් වල ක්‍රීඩාව කිරීමේදී තිබෙන ගැටලු හා ඒවාට ඇති බලපෑම්.
🎯 Technical Committee එකට පුද්ගලයන් පත්කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් තිබෙන වැරදි, නුසුදුසු පුද්ගලයන් එහි සිටීම, එක කල්ලියක් පමණක් නිරන්තරයෙන් පත්වීම, එය නිවැරදි ක්‍රමවේදයට නොකිරීම නිසා සිදුවන වැරදි පෙන්වාදීම..
🎯 යම් පරිසාධන මට්ටමකට පැමිණෙන පිහිනුම් දරුවන් කොළඹ සමහර පාසල් මගින් ගැනීම නිසා එම මුල් පුහුණුකරුවන්ට හා ක්‍රීඩවට වන හානි.
🎯 ජාතික තරග පැවැත්වෙන අවස්ථාවලදී ජාතික සංගමයේ අනුග්‍රහය ඇතිව සමහර පුහුණුකරුවන් එහි අවසන් තරගවල ප්‍රතිඵල ලබාදීම සදහා යොමුකිරීම මගින් සිදුවන වැරදී...
🎯 ජාත්‍යන්තර තරග සදහා දරුවන් තේරීම් කිරීමේදී සිදුවන බලපෑම හා හානිය
යන කරුණු පිලිබදව අප පුහුණුකරුවන් ප්‍රශ්ණ කල අතර නමුත් ජාතික ජල ක්‍රීඩා සංගමය මගින් ඒ සියල්ල සදහා පිලිතුරු දීමට මෙම නිලධාරී මණඩලයට කිසිදු සම්බන්ධයක් නොමැති ජේෂ්ඨ පුහුණුකරුවෙකු යොදවා තිබු අතර එය අප සියලුදෙනා පිලිකුලෙන් යුතුව හෙලා දකින බව දැන්වීමට කැමැත්තෙමු.
මෙම ගැටලු වලට පිලිතුරු දීම වෙනුවට සිදුකලේ පුහුණුකරුවන්ට තර්ජනය කර එලියට දැමීමයි... එහිදි දැනුම්දුන් දෙය නම් technical committee එකට කිසිවෙකුට ඒමට නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය අයවලුන් පමණක් ගන්නා බවත්ය... ලංකාවේ පිහිනුම් පිලිබදව තීරණය කරන්නේ කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක් බවත් එයට කිසිවෙකුට අත දැමීමට නොහැකි හා ඔවුන්ට ඕනා විදිහට අනෙක් පුහුණුකරුවන් සිටියයුතු බවත්ය.... මෙහිදී පෙනීගිය කරුණ නම් සමහර පුහුණුකරුවන්ට පෞද්ගලික අමනාපකම් මත තර්ජනය කිරීමයි... එම ක්‍රියාත්මක වූ පුහුණුකරුවන් මර්ධනය කිරීමේ වැඩසටහන සියලු පුහුණුකරුවන් ඉතාමත් පිලිකුල සහගත ලෙස හෙලා දකින බව නැවතත් සිහිපත් කළයුතුය...
ජාතික සංගමයේ කාර්‍යභාරය පුහුණුකරුවන් මර්ධනය කිරීමද?, විවිධ පුද්ගලයන් යොදාගනිමින් පුහුණුකරුවන්ට තර්ජනය කිරීමද?...බලපෑම් කිරීමද?, පුහුණුකරුවන්ගේ කටවැසීම තුලින් ඔවුනට අවැසි කාර්‍යයන් බාධාවකින් තොරව සිදුකිරීමද...?
ගරු ක්‍රීඩා අමාත්‍යතුමා නව ක්‍රීඩා පනත තුලින් යෝජිත, විනිවිදභාවය, දූෂණය පිටුදැකීම, සමානාත්මතාවය නිවැරදි ව සිදුවෙයිද? ක්‍රීඩාවට සම්බන්ධ සියලු බලධාරීන්ගේ අවධානය පිනිසයි...
03/07/2023
Congratulations sir....
A good thing is to support another country as a lecturer in Sri Lanka. Really appreciate it. Now the name of Sri Lanka is heard all over the world. As a coach, as the secretary of the Coaches Association, I am sincerely happy and congratulate everyone from the bottom of my heart. Manoj sir, we will be with you as coaches for anything good, and lastly, we would like to say our best wishes again.
10/06/2023
ජාතික පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලිය 2023 අගොස්තු 23,24,25,26,27 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතයි.... මෙම දිනයන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න .....🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊🏊
14/10/2021
The Swimming Teacher's & Coaches Progressive Federation has successfully conducted a knowledge update Webinar for Swimming Coaches who have lost their livelihoods due to covid on the 3rd, 4th, and 5th of this month. The resource persons for this program were Veteran Coach Julian Bolling, Veteran Coach Ruwan Manawadu and Veteran Coach Manoj Abeysinghe. The program was conducted with the participation of more than 80 coaches from all over Sri Lanka and was the first event in Sri Lanka where veteran coach Manoj Abeysinghe participated in a program of swimming coaches. We proudly remind you that the credit belongs to our association. On behalf of the Association, we would like to express our special thanks to the staff, resource contributors, and coaches of the Association for their support.
thank you,
Lahiru Weerasekera
Chief Secretary
29/09/2021
කොවිඩ් හමුවේ ක්‍රීඩාව නතර වූ පිහිනුම් පුහුණුකරුවන් සදහා ලංකාවේ ප්‍රථම වතාවට පවත්වන online පුහුණු පාඨමාලාව.
සංවිධානය පිහිනුම් පුහුණුකරුවන් නගාසිටුවීමේ සංගමය
30/06/2021
Congratulations ............Matthew Abeysinghe.....
lanka 2020
29/04/2021
පිහිනුම් ක්‍රීඩාව අඩුම අවධානමක් සහිත ක්‍රීඩාවක් ලෙසට නම්කර ඇති නිසා සහ පිහිනුම් තටාක වලින් covid-19 රෝගීන් මෙතෙක් වාර්තා වී නොමැති නිසා පිහිනුම් තටාක වැසිමට අවශ්‍ය නොමැති බව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසීය.....
06/01/2021
ස්තුතියි ගරු අමාත්‍යතුමනි, තවත් ඉදිරියට මෙමෙ තත්වය පැවතිය හොත් ක්‍රීඩකයන්, පුහුණුවකරුවන් නොමැති ක්‍රීඩා අමාත්‍යාංශයක් අපිට ඉතුරු වේවි. ස්තුතියි ඔබ කරනා මෙහෙයට.............