24/06/2024
Well done Brothers ❤️
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උදෙසා ප්‍රේක්ෂකයන්
24/06/2024
Well done Brothers ❤️
09/12/2023
කාලෙකින් අපි දිණුවා වගේ සතුටක්.. අපේ කොල්ලෝ තුන් දෙනෙක්.. තරගයේ වීරයා අසේල ගුණරත්න, තරගාවළියේ වීරයා තිසර පෙරේරා.. ❤️❤️❤️
16/11/2023
⚫️වාර්ථා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්ථා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!
_______________________________________________________________________
🔳තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
🔳තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.
🔳වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
🔳ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
🔳ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
🔳තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
🔳තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
🔳මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
🔳තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.
🔳තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
🔳තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.
🔳වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
🔳ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
🔳වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.
ලැජ්ජයි Sri Lanka Cricket
- Copied
මැච් පරදින් එක හරිනේ.. ක්‍රිකට් නෙමෙයිනේ ගහලා තියෙන්නේ ඇටබෝල ගහපුවම කොහේද ක්‍රිකට් ගහන්න වෙලාවක්... 😬😬
Worldcup 2023 විතරක් නෙමෙයි..
2025 Champions Trophy එකත් කෑවා නේද... ෂම්මිගේ පුද්ගලික ක්‍රිකට් ටීම් එක??? 🤬🤬
08/11/2023
කවුරු මොනවා කිව්වත් ලංකාව අවසන් හතරට එනවාමයි. ලසිත් මාලිංග.. ඒ අවසන් හතර....
හරියටම කිව්වා යකු.
07/11/2023
අපේ විකට් එකක් දෙකක් ගියොත් මැච් එක අතාරින උන් අතරේ Maxwell ගහපු ගේම පට්ට 201යි පන්දු 128යි.. ඒකටම හරියන්න අංක 09 පිතිකරුවා විදියට ආපු Cummins බෝල 68යි ලකුණු 12යි.. එක අවස්ථාවකදීල කුණු 97යි කඩුලු 7යි එතන ඉදලා පටන් ගත්ත එක 293/7 විදියට තරගය අවසන් කරනවා.. ආබාධයක් සහිතව ගහන්නේ. අපේ කයිය ගහන නළුවෝ ටික මේක බලන්න නැතුව ඇති. මොකද එයාලට ක්‍රිකට් වලට අමතරව තව වැඩ තියෙනවානේ.. ඒ අතින් ඔසී ප්‍රේක්ෂකයෝ වාසනාවන්තයි.. Glenn Maxwell you are Beauty. ❤️
මෙන්ඩා ආයෙත් සුපිරුදු රිද්මයට..
කැප්ටන් වෙන්න කලින් මැච් 2යි ලකුණු 198යි
කැප්ටන් උනාට පස්සේ මැච් 6යි ලකුණු 77යි..
ගහන්න යනකොට ඔටුන්න ගලවලා ගියානම් හොදයි.
කුසල් පෙරේරා වෙලේ හරි ක්‍රිකට් ගහලා පුරුදුවෙලා ආවනම් හරි...
03/11/2023
බෑනේ කරන්න... රෙදි ඉල්ලේ..