Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

Ada Derana Sports - අද දෙරණ කෙළිබිම Bringing you all the latest sports news from around the world. Stay updated with scores, highlights, and stories across every game, every day.

05/10/2026

🛑 වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයේ ආදි සිසුවියන්ගේ සංගමය විසින් සංවිධාන කළ BATTLE OF QUEENS 2026 ආදී සිසුවියන්ගේ දැල්පන්දු තරගාවලිය ඊයේ පැවැත්වුණා.

තරගාවලිය පැවැත්වුණේ කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදියි.

🏏කොළඹ  ග්‍රෑන්ඩ්පාස්  ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය කලුඅග්ගල ජෝන් බොස්කො විද්‍යාලය පැවති  BATTLE OF YELLOWS මහා ක්‍රිකට් තර...
04/10/2026

🏏කොළඹ ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය

කලුඅග්ගල ජෝන් බොස්කො විද්‍යාලය පැවති BATTLE OF YELLOWS මහා ක්‍රිකට් තරගයේ ජය ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයට

04/10/2026

🏏පාකිස්තානයට එරෙහිව ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි

🚨එංගලන්තය සහ පාකිස්තානය සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.ආබාධ...
04/10/2026

🚨එංගලන්තය සහ පාකිස්තානය සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ආබාධයකට ලක්වී සිටින පැතුම් නිස්සංකත් තුන්කොන් තරගාවලියට නම්කර ඇති අතර අවිශ්ක ප්‍රනාන්දු, සහාන් ආරච්චිගේ සහ දසුන් ශානකවද එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

⚽️ ජස්වර් උමර්ට තවත් ජාත්‍යන්තර පාපන්දු නායකත්ව තනතුරු දෙකක්ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා, දකුණු ...
04/10/2026

⚽️ ජස්වර් උමර්ට තවත් ජාත්‍යන්තර පාපන්දු නායකත්ව තනතුරු දෙකක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා, දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්‍රය තුළ සිය ජාත්‍යන්තර වගකීම් තවදුරටත් පුළුල් කරමින් තවත් වැදගත් ජාත්‍යන්තර පාපන්දු නායකත්ව තනතුරු දෙකක් භාරගෙන ඇත.

ඒ අනුව, ජස්වර් උමර් මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස උසස් කර ඇති අතර, දකුණු ආසියානු පාපන්දු තරග කමිටුවේ සභාපතිවරයා ලෙසද පත් කර තිබෙනවා.

මෙම නව වගකීම්වලට අමතරව, ඔහු දැනට FIFA Grassroots & Amateur Football Committee හි සාමාජිකයෙකු ලෙසත්, AFC Development Committee හි සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි.

මෙම නව පත්වීම් මගින් ජස්වර් උමර් මහතා කලාපීය හා ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත්‍රය තුළ ඉටු කරන වගකීම් සහ ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඔහුගේ නායකත්වය යටතේ ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙකු පත් කිරීම, ජාත්‍යන්තර තරග අවස්ථා වැඩි කිරීම, ආයෝජන සහ අනුග්‍රාහකත්ව ලබා ගැනීම මෙන්ම පාපන්දු සංවර්ධන වැඩසටහන් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ FIFA ශ්‍රේණිගත කිරීමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 207 වන ස්ථානයේ සිට 186 වන ස්ථානය දක්වා ස්ථාන 21කින් ඉදිරියට පැමිණ ඇත.

ජස්වර් උමර් මහතා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව සඳහා අභිලාෂකාමී දැක්මක් ඉදිරිපත් කර ඇති අතර, විශේෂයෙන් දකුණු ආසියානු මට්ටමේ ශක්තිමත් තරගකාරී කණ්ඩායමක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව අවසන් වරට 1995දී දිනාගත් SAFF ශූරතාව නැවත දිනා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම පුළුල් වූ කලාපීය වගකීම් සමඟින්, ජස්වර් උමර් මහතාට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනයට පමණක් නොව, දකුණු ආසියාව පුරා පාපන්දු තරග සහ සංවර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමටද දායක වීමට නව අවස්ථාවක් උදා වී තිබෙනවා.

🛑කාන්තා මල්ලවපොර ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙන් ලෝකඩ පදක්කම් සටනට තරගවැදුණු නෙත්මි අහිංසාට කසක්ස්තාන ක්‍රිඩිකාව හමු...
03/10/2026

🛑කාන්තා මල්ලවපොර ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙන් ලෝකඩ පදක්කම් සටනට තරගවැදුණු නෙත්මි අහිංසාට කසක්ස්තාන ක්‍රිඩිකාව හමුවේ ලකුණු 13ට 1ක් ලෙස පරාජය වීමට සිදුවුණා.

ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ🥇රන් පදක්කම -  ඉන්දියාවට🥈රිදී පදක්කම - පාකිස්තානයට🥉ලෝකඩ පදක්කම - ශ්‍රී ලංකාව...
03/10/2026

ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ

🥇රන් පදක්කම - ඉන්දියාවට
🥈රිදී පදක්කම - පාකිස්තානයට
🥉ලෝකඩ පදක්කම - ශ්‍රී ලංකාවට

නෙත්මි අහිංසාට ජයක් RESULTS | 20th Asian Games Aichi-Nagoya 2026 🇱🇰Wrestling | Women’s 57kg - Repechage (Bout 231)Nethmi...
03/10/2026

නෙත්මි අහිංසාට ජයක්

RESULTS | 20th Asian Games Aichi-Nagoya 2026 🇱🇰

Wrestling | Women’s 57kg - Repechage (Bout 231)

Nethmi Ahinsa (Sri Lanka) vs. Liao Pei-ying (Chinese Taipei)

Sri Lanka Won
Result: 5-2 (Victory by Fall (5:0))

ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන...
03/10/2026

ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේදී බංග්ලාදේශය ලකුණු 63කින් පරාජය කරමින්.

Asian Games Men's Cricket Competition
3rd Place Play-off at Nisshin
Sri Lanka -165/9 (20)
Bangladesh - 102/10 (17.3)

Asian Games (Men)Sri Lanka - 165/9 (20)
03/10/2026

Asian Games (Men)
Sri Lanka - 165/9 (20)

Address

No. 320, T. B Jaya Mawatha
Colombo
320

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Sports - අද දෙරණ කෙළිබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Sports - අද දෙරණ කෙළිබිම:

Shortcuts

Share

Category