Prince of Wales College Past Cricketers' Association

Prince of Wales College Past Cricketers' Association

Share

Prince of Wales College Past Crickerter's Association

Mr Hasantha Fernando - Preident
Mr Thiwanka Salgado - Secretary
Mr Suranga Pereara - Treasurer
Mr Suranga Wijenayake -Vice President
Mr Gokula De alwis - Vice President
Mr Ravi fernando - Vice President
Mr Upul Madawala - Assistant Secretary
Mr Lalith Weerasinghe - Assistant Tressurer
Mr Suranga Wellalage - Committee Member

13/06/2025
16/05/2024

Gypsies live in consert @
Ramadia hotel
July 14th 2024 😊
Organized by Prince of wales past crickerters assosiation 💕

02/06/2021

කුසල් මෙන්ඩිස් :)

24/03/2021

මෙවර තරඟවාරයේ පාසල් ක්‍රිකට් නියමුවන් - 1
දිනුර ප්‍රනාන්දු - වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව
මොරටුපුර රන් මහ සටනේ සාඩම්බර කොටස් කරුවන් වන වේල්ස් කුමර විද්‍යාලය පාසල් පිටියේ පෙරළිකාර කණ්ඩායමකි. පසුගිය තරඟාවලියේ මූලික වටයේදී "බී" කාණ්ඩයේ තරඟ වැදුණු වේල්ස් කුමරුවන් සිය කාණ්ඩයේ තුන්වන ස්ථානය හිමි කරගැනීමටද සමත් විය. සුපිරි 16 වටයේදී ප්‍රබල රාජකීයයන් පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටත් වේල්ස් කුමර විද්‍යාලයට හැකියාව ලැබුණි. නිමාවූ තරඟවාර කීපය තුළදී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට වේල්ස් කුමරුවන්ට හැකියාව නොලැබුණත් මෙවර එම ඉරණම වෙනස් කිරීමේ වගකීම හිමිවන්නේ දිනර ප්‍රනාන්දු හටයි.
2019 වසරේ වයස අවුරුදු 17න් පහළ වේල්ස් කුමර කණ්ඩායමේද නායකත්වය දැරූ දිනුර පසුගිය 19න් පහළ තරඟවාරයේදී පිත්තෙන් ලකුණු 427ක් රැස් කරගත් ක්‍රීඩකයෙකි. තරඟාවලියේදී අර්ධ ශතක දෙකකට උරුමකම් කීමට දිනුරට හැකියාව ලැබුණි. අගය කළ යුතු නායකත්ව ගුණාංග රාශියක් ඇති දිනුර 2019 වසරේදී වේල්ස් කුමර 17න් පහළ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය කරා මෙහෙයවීමටද සමත් වූ අතර මෙවර 19න් පහළ තරඟාවලියේදී පසුගිය වසර කීපයේ අත් වූ ඉරණම වෙනස් කිරීමට වේලස් කුමරුවන් මෙහෙයවන්නේ දිනුර ප්‍රනාන්දු විසින්.
කෝවිඩ් 19 වසංගතයෙන් අනතුරුව දීර්ඝ නිවාඩුවක් ලැබූ ක්‍රිකට් ක්‍රීඩාව යළි පණ ගසා එද්දී පාසල් ක්‍රිකට් සංගමය නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික අත්තිවාරම වන පාසල් ක්‍රිකට් නැවත ආරම්භ කරන්නේ සෞඛ්‍ය නීති රීති රැසකට යටත්වය. කවදත් ක්‍රියාත්මක වන දෙදින තරඟාවලි වනුවට මේ වසරේදී ක්‍රීඩා කරන්නේ පන්දුවාර 50 එක්දින තරඟ වීමත් විශේෂත්වයක්. එමෙන්ම මීට පෙර පළමු සහ දෙවන කාණ්ඩයන් ලෙස බෙදී තරඟ කෙරූ තරඟාවලියේ තරඟකාරීත්වය තවත් වැඩි කරමින් මෙවර පළමු සහ දෙවන කාණ්ඩ තවත් අනු කොටස් දෙකකට බෙදා තරඟාවලි 4ක් ලෙස කරවන්නටත් පාසල් ක්‍රිකට් සංගමය කටයුතු කොට ඇත.
නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟින් සහ පාසල් ක්‍රිකට් සමඟින් බැඳී සිටින Batsman.com අපගේ මේ සූදානම පාසල් ක්‍රිකට් කණ්ඩායම් ගොන්නේ රජවරුන්ගෙත් රජවරු සටන් වදින වයස අවුරුදු 19න් පහළ ප්‍රථම කාණ්ඩයේ, පළමු කොටසේ තරඟාවලියේ පාසල් නායකයින් ඔබට හඳුන්වාදීමටයි..!
පවන් රත්නායක - මහානාම විද්‍යාලය, කොළඹ
කොළඹ මහානාම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟවාර කීපයක සිට ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකට උරුමකම් කියන පාසල් කණ්ඩායමකි. නිමාවූ තරඟවාරයේ පළමු වටයේදී "සී" කාණ්ඩයේ ක්‍රීඩා කළ මහානාම විද්‍යාලය කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වූයේ කොළඹ නාලන්දාවට පමණක් දෙවෙනි වෙමින්. අර්ධ අවසන් පූර්ව වටයේදී "තරඟාවලියේ තියුණුම තරඟය" ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද මහානාම විද්‍යාලයට හැකියාව ලැබුණි. මෙවර මහානාමය ශූරතාවය කරා රැගෙන යෑමේ වගකීම හිමිව තිබෙන්නේ වත්මන් පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවකු වන පවන් රත්නායක හටයි. ඔහුගේ නායකත්වය යටතේ 2019 වයස අවුරුදු 17න් පහළ ශූරතාවය ජයග්‍රහණය කිරීමටද මහානාම විද්‍යාලයට හැකියාව ලැබුණි.
2019/20 පාසල් ක්‍රිකට් තරඟවාරයේ වැඩිම ලකුණුලාභියා වූ පවන් රත්නායක පසුගිය තරඟවාරයේ වැඩිම ශතකලාභියාද වන්නේ ශතක 6ක් රැස් කරගනිමින්. ඉණිම 20ක් තුළ ලකුණු 1227ක් රැස් කරගත් පවන් තරඟාවලියේ හොඳම ලකුණු සාමාන්‍යයටද උරුමකම් කියන්නේ 87.64ක් වැනි දැවන්ත ලකුණු රැස් කරගැනීමේ සාමාන්‍යයක් රඳවාගනිමින්. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමුපෙළ ක්‍රිකට් ශතකයක් රැස් කළ ලාබාලතම පිතිකරුවා වන්නේද පවන් රත්නායකයි. මෙවර තරඟාවලියේ කොළඹ මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයද දරන පවන් මෙවරත් කොළඹ මහානාම විද්‍යාලය, එක්දින ශූරතාවය කරා රැගෙන යෑමට සිය උපරිමය දායකත්වය සිය පාසලට ලබාදෙනු ඇත.
පවන් රත්නායකගේ දත්ත නැරඹීමට - Pavan Rathnayake
අම්ෂි දි සිල්වා - රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
තරඟවාර කීපයක් පුරාවටම ප්‍රබලතම ක්‍රීඩක ලැයිස්තුවකට උරුමකම් කීමට සහ 19න් පහළ ජාතික සංචිතයට වැඩි දායකත්වයක් ලබා දීමටද සමත් වූ පාසල් කණ්ඩායමකි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. නිමා වූ තරඟාවාරයේ මූලික වටයේදී "ඩී" කාණ්ඩයේ ක්‍රීඩා කළ රිච්මන්ඩ් කණ්ඩායම සිය ප්‍රබලතම ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ අඩුවක්ද සමඟින් ක්‍රීඩා කරමින් කාණ්ඩයේ තෙවන ස්ථානයේ රැඳී සිටියත් අර්ධ අවසන් පූර්ව වටයේදී "තරඟාවලියේ තියුණුම තරඟයේදී" කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පරාජයට පත්වෙමින් තරඟාවලියෙන් ඉවත්වීමට රිච්මන්ඩ් විද්‍යාලයට සිදු විය. කෙසේවෙතත් මෑත භාගයේ පාසල් එක්දින ක්‍රිකට් තරඟාවලි තුළ සාර්ථකම කණ්ඩායම වූ රිච්මන්ඩ් කණ්ඩායම සම්පූර්ණයෙන් පැවත්වූ අවසන් පන්දුවාර 50 තරඟාවලි තුනේම අවසාන මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමටත් දෙවතාවකදී ශූරතාවය දිනාගැනීමටත් සමත් වූහ. මෙවර තමන්ට හුරු සීමිත පන්දුවාර කිරුළ කරා රිච්මන්ඩ් විද්‍යාලය මෙහෙයවන්නේ වත්මන් පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතම වේග පන්දු යවන්නෙකු වන අම්ෂි දි සිල්වා විසිනි.
ජාතික කණ්ඩායමේ වගකීම් නිසාවෙන් පසුගිය තරඟවාරයේ බොහෝ තරඟ මග හැරුණත් ක්‍රීඩා කළ තරඟ 6 තුළ කඩුලු 13ක් දවාගැණීමට අම්ෂි සමත්වූයේ කඩුලු 5 බැගින් එක් අවස්තාවකදී දවාගනිමින්. එමෙන්ම ඔහු ක්‍රීඩා කළ අවසන් පන්දුවාර 50 පාසල් තරඟාවලිය වන 2018/19 තරඟාවලියේ දෙවන වැඩිම කඩුලුලාභියා වූයේත් අම්ෂියි. ඒ කඩුලු 17ක් දවාගත් කළණ පෙරේරාට එක් කඩුල්ලකින් පමණක් දෙවෙනි වෙමින්. එමෙන්ම මේ වන විට පැවත්වෙන වයස අවුරුදු 23න් පහළ තරඟාවලියේදී කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් කඩුලු 14ක් දවාගැනීමටද අම්ෂිට හැකියාව ලැබුණි. එළඹෙන පාසල් සීමිත පන්දුවාර තරඟාවලියේදීත් අම්ෂි, සිය වේග පන්දුවෙන් මෙන්ම නායකත්වයෙන්ද රිච්මන්ඩ් විද්‍යාලය ශූරතාවය කරා මෙහෙයවනු ඇත.
අම්ෂි දි සිල්වාගේ දත්ත නැරඹීමට - Amshi de Silva
රවින් දි සිල්වා - නාලන්දා විද්‍යාලය, කොළඹ
පසුගිය තරඟවාර කීපය තුළදී එක්වරම පිබිදීමකට ලක් වූ කණ්ඩායමක් වන නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම පසුගිය පාසල් තරඟාවලියේ එකම අපරාජිත ක්‍රිකට් කණ්ඩායමයි. නිමා වූ තරඟාවලියේ මූලික වටයේදී "සී" කාණ්ඩයේ තරඟ වැදි නාලන්දීයන් "සී" කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය ලබා ගැනීමටද සමත් වූහ. මොරටුව ශාන්ත සෙබස්තියන් පිළ සුපිරි 16 වටයේදී පරාජයට පත් කොට අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගත් නාලන්දා විද්‍යාලය කවදත් දක්ෂ පිතිකරණ ලැයිස්තුවකට උරුමකම් කී පාසල් කණ්ඩායමකි. මෙවර තරඟවාරයේදී කොළඹ නාලන්දා විද්‍යාලය ශූරතාවය කරා රැගෙන යැමේ වගකීම හිමි වන්නේ අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රවින් දි සිල්වාටයි.
පසුගිය පාසල් තරඟවාරය තුළදී තරඟ 13ට පමණක් ක්‍රීඩා කළ රවින් ලකුණු 611ක් රැස් කරගන්නේ එක් ශතකයකට සහ අර්ධ ශතක 4ට උරුමකම් කියමින්. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 40.73ක් ලෙසයි. එමෙන්ම පන්දුවෙන්ද සිය වගකීම අකුරටම ඉෂ්ට කළ රවින් කඩුලු 46ක් දවාගන්නේ කඩුලු 4 බැගින් සිව් වතාවකදී සහ කඩුලු 5 බැගින් තෙවතාවකදී දවාගනිමින්. පසුගිය ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී අති විශිෂ්ට ශතකයක්ද රැස් කරගත් එවකට උපනායක රවින් මෙවර නාලන්දා විද්‍යාලය, පාසල් කිරුළ කරා මෙහෙයවීමට සිය උපරිම දායකත්වය ලබා දෙනු ඇත.
රවින් දි සිල්වාගේ දත්ත නැරඹීමට - Raveen de Silva
ගිහාන් ඊබර්ට් - ශාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට
වසර කීපයක් පුරාවට වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩය සඳහා සුදුසුකම් සපුරාගැනීමට වෙර දැරූ කටුගස්තොට අන්තෝනිවරු 2018/19 තරඟවාරයේදී දෙවන කාණ්ඩයේ අනුශූරයින් වෙමින් පළමු කාණ්ඩයට උසස්වීම් ලබාගැනීමට සමත් වූහ. පළමු කාණ්ඩයට පා තැබූ පළමු තරඟවාරයේදීම තමන් මූලික වටයේ ක්‍රීඩා කළ "බී" කාණ්ඩයේ ප්‍රමුඛයන් බවට පත්වීමටද අන්තෝනිවරු සමත්වූහ. එමෙන්ම තරඟාවලියේ වැඩිම පූර්ණ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාවද වාර්තා කළ අන්තෝනි වරු අවසන් 16 වටයේදී කුරුණෑගල මලියදේව පිළ පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් සපුරාගැනීමටද සමත් වූහ. මෙවර තරඟවාරයේත් ප්‍රබල ක්‍රීඩක ලැයිස්තුවකට උරුමකම් කියන අන්තෝනි පිළ ශූරතාව කරා මෙහෙයවීමේ වගකීම හිමි වී තිබෙන්නේ ගිහාන් ඊබර්ට් හටයි.
දකුණතින් පන්දුවට පහරදෙන සහ දකුණත් පිට දඟ පන්දු යවන ගිහාන් පසුගිය තරඟවාරයේදී පිත්තෙන් ලකුණු 244ක් සහ පන්දුවෙන් කඩුලු 54ක් දවාගත් ක්‍රීඩකයෙකි. පන්දුවෙන් කඩුලු 54ක් දවාගත් ඊබර්ට් කඩුලු 4 බැගින් පස් වතාවකදී සහ කඩුලු 5 බැගින් දෙවතාවකදී දවාගැනීමටද සමත් වී ඇත. ඒ තරඟාවලියේ වැඩිම ලකුණු ලභීන් 25 අතරටද පිවිසෙමින්. එමෙන්ම සීමිත පන්දුවාර තරඟ සඳහා අන්තෝනි වරුන් සතු ප්‍රබලතම තුරුම්පුවක් වන ඊබර්ට් තමා ක්‍රීඩා කොට ඇති එකම පළමු කාණ්ඩයේ එක්දින තරඟයෙන්ම ලකුණු අතරට පිවිසෙන්නේ කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව ලකුණු 62ක් වාර්තා කරමින්. මෙවර තරඟවාරයේදී පළමු කාණ්ඩය ජයගැනීම සඳහා ගිහාන් ඊබර්ට්, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට උපරිම දායකත්වය ලබා දෙනු ඇත.
ගිහාන් ඊබර්ට්ගේ දත්ත නැරඹීමට - Gihan Ebert
අහන් වික්‍රමසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ
ආසියාවේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක සාඩම්බර කොටස්කරුවන් වන රාජාකීයයන්හට වයස අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩය තෙක් පසු බැසීමට පසුගිය තරඟවාරයකදී සිදු විණි. කෙසේවෙතත් 2018/19 තරඟවාරයේදී වයස අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ ද්විත්ව ශූරතාවයන් (දෙදින සහ එක්දින) දිනාගනිමින් පළමු කාණ්ඩයට සුදුසුකම් සපුරා ගැනීමට රාජකීයයන්ට හැකියාව ලැබුණි. ඉන් නොනැවතී 2019/20 තරඟවාරයේදී ඔවුන් මූලික වටයේ ක්‍රීඩා කළ "ඒ" කාණ්ඩයේ දෙවැන්නන් බවට පත්වීමටද රාජකීයයන්ට හැකියාව ලැබුණි. ඒ පාසල් ක්‍රිකට් කිරුළේ උරුමකරුවන් වන ශාන්ත ජෝසප් පිළට පමණක් දෙවෙනි වෙමින්. දෙවන කාණ්ඩයෙන් පළමු කාණ්ඩයට උසස්වීම් ලද රාජකීයයන් පළමු කාණ්ඩයේ ශූරතාව කරා මෙහෙයවීමේ වගකීම මෙවර පැවරී තිබෙන්නේ අහන් සන්චිත හටයි.
2019/20 තරඟවාරයේදී 19න් පහළ ජාතික කණ්ඩායමේ රාජකාරීන්ද සමඟින් පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ අහන් තමා ක්‍රීඩා කළ ඉණිම 8 තුළදී ලකුණු 425ක් රැස් කරගන්නේ සිය ලකුණු සාමාන්‍ය 60.71ක් ලෙස රඳවාගනිමින්. ක්‍රීඩා කළ ඉණිම 8 තුළ එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක්ද රැස් කිරීමට ඔහුට හැකි වී ඇත. එමෙන්ම අහන් 2019 අන්තර් පළාත් 19න් පහළ පන්දුවාර 50 තරඟාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියාද වන්නේ කමිල් මිශාරට පමණක් දෙවෙනි වෙමින්. තවද 2020 19න් පහළ ලෝක කුසලානයේද විශිෂ්ට දක්ෂතා දැක්වූ අහන් මෙවර සිය තාක්ෂණයෙන් අනූන පිතිකරණයෙන් සහ නායකත්වයෙන් රාජකීයයන් පාසල් කිරුළ කරා රැගෙන යෑමට උත්සාහ දරණු ඇත.
අහන් වික්‍රමසිංහගේ දත්ත නැරඹීමට - Ahan Sanchitha
සචිර රශ්මික - ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පසුගිය තරඟවාරයේදී විශිෂ්ට දක්ෂතා අතරට පිවිසි දඟ පන්දු යවන්නන්ට ප්‍රචලිත පාසල් කණ්ඩායමකි. පසුගිය තරඟවාරයේ වැඩිම කඩුලුලාභියා වූ සිනෙත් සිතාරත් ආදි ශාන්ත තෝමසුවෙකි. පසුගිය තරඟාවලියේ මූලික වටයේදී "ඩී" කාණ්ඩයේ ක්‍රීඩා කළ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය තම කාණ්ඩයේ දෙවැන්නන් බවට පත්වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පමනක් දෙවෙනි වෙමින්. සුපිරි 16 වටයේදී කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට එරෙහිව ශාන්ත තෝමස් පිළ තරඟ වැදුණු අතර එම තරඟය ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් දිනාගැනීමටත් තෝමසුවන් හට හැකියාව ලැබුණි. මෙවර ශාන්ත තෝමස් පිළ ශූරතාවය කරා රැගෙන යැමේ වගකීම හිමි වී තිබෙන්නේ පසුගිය තරඟවාරයේ දක්ෂතම දඟ පන්දු යවන්නෙකු වූ සචිර රශ්මික හටයි.
2019/20 පාසල් තරඟවාරයේ වැඩිම කඩුලුලාභීන් 10දෙනා අතර රැඳී සිටින සචිර තරඟ 16දී දවාගත් කඩුලු සංඛ්‍යාව 62කි. තරඟාවලියේ සිව්වන වැඩිම කඩුලුලාභී දකුණත් පිට දඟ පන්දු යවන්නාද වන රශ්මික කඩුලු 4 බැගින් තෙවතාවකදී සහ කඩුලු 5 බැගින් දෙවතාවකදී දවාගෙන ඇත. එළඹෙන එක්දින සීමිත පන්දුවාර තරඟාවලියේදී සිය අත්දැකීම් පරිපුන් නායකත්වයෙන් සහ සිය මායාකාර දකුණත් පිට දඟ පන්දුවද සමඟින් සචිර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සූදානම්!!!
සචිර රශ්මිකගේ දත්ත නැරඹීමට - Sachira Rashmika
සුකිත ප්‍රසන්න - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කවදත් ප්‍රවේගකාරී පිතිකරුවන්ට උරුමකම් කියූ පාසල් කණ්ඩායමකි. එමෙන්ම මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වැඩිම දායකත්වයක් සැපයූ කණ්ඩායමක්ද වන සෙබස්තියන් පිළ පසු ගිය තරඟවාරයේ මූලික වටයේදී "ඩී" කාණ්ඩයේ සිව්වන ස්ථානයට උරුමකම් කීමට සමත් විය. සුපිරි 16 වටයේදී සිය චාරිකාව නිම කිරීමට, ප්‍රබල නාලන්දීයන් හමුවේ සෙබස්තියන් පිළට සිදු වූවත් ලකුණු 800 සීමාව ඉක්මවූ පිතිකරුවන් දෙදෙනෙකු බිහි කිරීමට සෙබස්තියන් පිළට හැකියාව ලැබුණි. මෙවර තරඟවාරයේදී පසුගිය තරඟවාරයේ වැරදි නිවැරදි කරගනිමින් පාසල් කණ්ඩායම ඉදිරියට මෙහෙයවීමේ වගකීම හිමි වන්නේ සුකිත ප්‍රසන්නටයි.
නිමා වූ තරඟවාරයේ ලකුණු 807ක් රැස් කරගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර 12වන ස්ථානයට උරුමකම් කීවේ සුකිත ප්‍රසන්න විසිනි. අර්ධ ශතක 8ක් ඇතුළත්ව මෙම ලකුණු රැස්කරගත් සුකිත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයාද වන අතර නිමාවූ තරඟාවාරයේදී උඩපන්දු 25ක් සහ ස්ටම්ප් කිරීම් 4ක් සඳහා දායක වීමටත් සුකිතට හැකියාව ලැබුණි. එමෙන්ම තමන් නායකත්වය දැරූ ශාන්ත සෙබස්තියන් 17න් පහළ කණ්ඩායම 2019 වසරේදී 17න් පහළ අනුශූරතාවය කරා ගෙන යෑමට මෙන්ම අවසාන මහා තරඟයේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 67ක් රැස් කරගැනීමටද සුකිතට හැකි විය. 17න් පහළ තරඟාවලියේදී මෙන් පිත්තෙන් සහ සිය නායකත්වයෙන් ශාන්ත සෙබස්තියන් පිළ ශූරතාවය කරා රැගෙන යෑමට සුකිත මේ වනවිටත් සැලසුම් සකසනවා නිසැකයි!!!
සුකිත ප්‍රසන්නගේ දත්ත නැරඹීමට - Sukitha Prasanna
දිනුර ප්‍රනාන්දු - වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව
මොරටුපුර රන් මහ සටනේ සාඩම්බර කොටස් කරුවන් වන වේල්ස් කුමර විද්‍යාලය පාසල් පිටියේ පෙරළිකාර කණ්ඩායමකි. පසුගිය තරඟාවලියේ මූලික වටයේදී "බී" කාණ්ඩයේ තරඟ වැදුණු වේල්ස් කුමරුවන් සිය කාණ්ඩයේ තුන්වන ස්ථානය හිමි කරගැනීමටද සමත් විය. සුපිරි 16 වටයේදී ප්‍රබල රාජකීයයන් පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටත් වේල්ස් කුමර විද්‍යාලයට හැකියාව ලැබුණි. නිමාවූ තරඟවාර කීපය තුළදී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට වේල්ස් කුමරුවන්ට හැකියාව නොලැබුණත් මෙවර එම ඉරණම වෙනස් කිරීමේ වගකීම හිමිවන්නේ දිනර ප්‍රනාන්දු හටයි.
2019 වසරේ වයස අවුරුදු 17න් පහළ වේල්ස් කුමර කණ්ඩායමේද නායකත්වය දැරූ දිනුර පසුගිය 19න් පහළ තරඟවාරයේදී පිත්තෙන් ලකුණු 427ක් රැස් කරගත් ක්‍රීඩකයෙකි. තරඟාවලියේදී අර්ධ ශතක දෙකකට උරුමකම් කීමට දිනුරට හැකියාව ලැබුණි. අගය කළ යුතු නායකත්ව ගුණාංග රාශියක් ඇති දිනුර 2019 වසරේදී වේල්ස් කුමර 17න් පහළ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය කරා මෙහෙයවීමටද සමත් වූ අතර මෙවර 19න් පහළ තරඟාවලියේදී පසුගිය වසර කීපයේ අත් වූ ඉරණම වෙනස් කිරීමට වේලස් කුමරුවන් මෙහෙයවන්නේ දිනුර ප්‍රනාන්දු විසින්.
දිනුර ප්‍රනාන්දුගේ දත්ත නැරඹීමට - Dinura Fernando
සිහින සිතුමින - දි මැසනොඩ් විද්‍යාලය, කඳාන
කඳාන දි මැසනොඩ් විද්‍යාලය නවීනතම ක්‍රීඩා පිටියක් සහ පහසුකම් සමඟින් කෙමෙන් කෙමෙන් පළමු කාන්ඩයේ අණසක පැතිරවීම සඳහා වෙඅර දරණ කණ්ඩායමකි. නිමාවූ තරඟාවලියේ මූලික වටයේදී "ඒ" කාණ්ඩයේ තරඟ වැදුණු මැසනොඩ් වරු ඒ කාණ්ඩයේ තෙවැන්නන් බවට පත්වූහ. සුපිරි 16 වටයේදී තරඟාවලියේ අංක එකේ කණ්ඩායම වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පරාජයට පත් වීම මැසනොඩ් විද්‍යාලයට සිදු විය. කෙසේවෙතත් මෙවර පසුගිය වැරදිද සාදාගනිමින් ශූරතාවය මැසනොඩ් පිලට දිනා දීමේ සිහිනය සැබෑ කිරීමට සිදු වන්නේ සිහින සිතුමින මෙහෙයවන මැසනොඩ් කන්ඩායමටයි.
නිමා වූ තරඟාවරයේ සිය වේග පන්දුවෙන් කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉෂ්ට කළ සිහින සිය දකුණත් වේග පන්දුවෙන් දවාගත් කඩුලු සංඛ්‍යාව 37කි. ඔහු කඩුලු 5 බැගින් තෙවතාවක් දවා ගැනීමටද සමත් වූ ක්‍රීඩකයෙකි. ප්‍රබලතම ක්‍රීඩකයින් කීප දෙනෙකු අහිමිවූවත් පසු ගිය තරඟවාරයේ ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයින් මෙවරත් ක්‍රීඩා කරන බැවින් මැසනොඩ් ඉතිහාසය වෙනස් කිරීමට සිහින ප්‍රමුඛ මැසනොඩ් වරුන් වෙර දරණු ඇත!!!
සිහින සිතුමිනගේ දත්ත නැරඹීමට - Sihina Sithumina
එළඹෙන වයස අවුරුදු 19න් පහළ ප්‍රථම කාණ්ඩයේ පළමු කොටසේ පාසල් 18න් කණ්ඩායම් 9ක නායකයින් මෙම ලිපියෙන් ඔබට හඳුන්වා දුන් අතර අනෙක් පාසල් කණ්ඩායම් නමයේ නායකයින් පිළිබඳව තවත් ලිපියකින් ඔබව දැනුවත් කිරීමට අපි සූදානම්!!!

Photos 24/03/2021

Congratulations # Cambrians # U19 Inter-Schools Cricket Tournament 2021 # Limited Overs # Division One # Tier A # Prince of Wales' College Vs St. Thomas' College Mount Lavinia # 2021 encounter # Conducted by School Cricket Association (SLSCA) # Sponsored by DFCCA of Prince of Wales College OBA #

26/12/2020

1998 Lemonade Sixes Winning Team

18/06/2020

Dan Gap eka 100 i,, Pic eka click karala :O karanna,, Payai thiyenne thawa.. Pls

The thrilling judgement day is here and it's your responsibility to give the judgement. Here is the battle no 1 for the day.

Omesh Mendis from the bounds of Moratuwa. This youngster from Prince of Wales has been one of the highlights from POW in this season, his ability to bat under any condition makes him dangerous against any opposition. To see the statistics of the player please refer the link - https://bit.ly/3fCIZqG

Avishka Tharindu, this superlative batsman from St. Anthony's College, Wattala is one of the marquee players from this season and with a triple century into his name, Avishka certainly made a name for himself. To see the statistics of the player please refer the link - https://bit.ly/3dcL1MX

Rules and Regulations!!

Only the reactions in the specific photo will be counted.

Reactions are calculated from 10am to 10pm. After that reactions will not be counted.

You can mention your friends in the comment section.

Putting a like to our official page is "not compulsory" from this stage onwards due to the high competition among the players.

The vote counts will be updated hourly on our official batsman.com website.

Special thanks to our Partners,
Atmo Group - https://atmogroup.lk/
Dilango Racing - https://www.dilangoracing.com/
Fono - https://www.fono.lk/

Photos 15/06/2020

30 Mints More,, Pls Click the original Image and Put :O

Survivor Round - Battle No 01,

Omesh Mendis from Prince of Wales College, Moratuwa. Omesh is a dashing top-order batsman from the bounds of Moratuwa.
To see the statistics of the player please refer the link - https://bit.ly/37siMIP

Amshi de Silva from Richmond College, Galle. Amshi is a U19 national representative who earned his spot for his accurate fast bowling and has been on the charts from Southern Sri Lanka
To see the statistics of the player please refer the link - https://bit.ly/3d6hKDo

Rules and Regulations!!

Only the reactions in the specific photo will be counted.

Reactions are calculated from 10am to 10pm. After that reactions will not be counted.

You can mention your friends in the comment section.

Putting a like to our official page is "not compulsory" from this stage onwards due to the high competition among the players.

The vote counts will be updated hourly on our official batsman.com website.

Special thanks to our Partners,
Atmo Group - https://atmogroup.lk/
Dilango Racing - https://www.dilangoracing.com/
Fono - https://www.fono.lk/

14/06/2020

In 1952, our Big match played on the 27th & 28th March in Moratuwa. D.G. Abesinghe was the captain of Johnians and Don Premaratne was the Cambrian captain. Prince of Wales batted the whole of the first day and closed their 1st innings on the 2nd day at 1.30 p.m. with a total of 366 runs. A tame draw was a foregone conclusion. Johnians, though starting well, collected only 158 runs. The follow on came after tea. It was everybody’s opinion that Don Premaratne had blundered by the late declaration. At 5.45 p.m. our 9 wickets had fallen for 76 runs. It’s no doubt D.G. had the possibility to an appeal for the bad light. The last Johnian batsman walked out, the words of his captain ringing in his ears “Play up! Play up! And play the game”. That was the Johnian spirit; That was the D.G.Abesighe’s spirit; after that it was getting darker and an appeal had to be made for bad light. One more over was allowed. Benedict Fernando was the bowler. He bowled five balls each one of which beat the batsman. There was one more ball to bawled. As the bowler took a shorter run, there was tense silence everywhere. He stumped, the bails flew and the spectators shouted “Well bowled!” The Cambrians won, The Johnians played the game… That’s the gentlemen’s cricket.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Moratuwa
Colombo