20/12/2024
We Love Cricket
Cricket නම් Cricket
20/12/2024
02/11/2024
Hong Kong Sixes 2024
අර්ධ අවසන් පූර්ව වටයේ තරගය නේපාලය පරදා පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දහවල් 11.30ට අර්ධ අවසන් පූර්ව වටයෙන් පිනට ජයක් ලැබු බංගලියන් සමග තරග වැදීමට නියමිතයි..
゚
09/10/2024
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරලමින් ආසියාවේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩා සමාජය පිහිටුවීමට සමත් වුයේ හොංකොං දේශයයි. ඒ 1851දී Hong Kong Cricket Club ලෙසිනි.
ක්‍රිකට් ඒ තරමටම ප්‍රසිද්ධ රටක් නොවුණත් 1992 ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩා රටාව හොකොං සික්සර්ස් ලොවට හදුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
මෙම තරගාවලිය මේ වන විට අදියර 19ක් පවත්වා ඇති අතර, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අවස්ථා 5 බැගින්ද, පාකිථානය අවස්ථා 4ක්ද, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව එක් අවස්ථාව බැගින් ශූරතාවය දිනාගන්නා ලදී.
▪️වසර 7ක දිගු නිහැඬියාවකින් පසු ඔන්න ආයෙමත් අපි ඉස්සර ආසාවෙන් බලපු Hong Kong Sixers තරගාවලිය එළැඹෙන නොවැම්බර් 1 වෙනිදායින් ආරම්භ වෙනවා.
▪️කණ්ඩායම් 12ක් දින 3ක් පුරා එකම කුසලානයක් වෙනුවෙන් තරගාවලිය පැවැත්වීමට සියල්ල සූදානම්.. තරගාවලිය ක්‍රීඩා කරන රටවල් කාණ්ඩ 4කට බෙදා අවසන්.. ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සහ ඕමානය සමගින් D කාණ්ඩයේ තරග වැදීමට නියමිතයි.
Teams
▪︎ Sri Lanka 🇱🇰
▪︎ India 🇮🇳
▪︎ Paksitan 🇵🇰
▪︎ Australia 🇦🇺
▪︎ New Zealand 🇳🇿
▪︎ South Africa 🇿🇦
▪︎ England 🏴
▪︎ Bangladesh 🇧🇩
▪︎ Hong Kong 🇭🇰
▪︎ Oman 🇴🇲
▪︎ UAE 🇦🇪
▪︎ Nepal 🇳🇵
04/10/2024
අදුරනවද බලන්න ඒ කාලේ කාර් එකක් පෙන්නුවොත් නෙලන මේ කොල්ලව ❤️🏏 #viralreelsシ #cricket #cars #carlover
27/09/2024
🚨 WORLD RECORD ALERT 🚨
ලෝක ටෙස්ට් වංශ කථාවේ පතාක යෝධයා ලෙස සැලකෙන සර්. ඩොන් බ්‍රැඩ්මන් හා සම වෙමින් ලොව දෙවනුව අඩුම ඉනිම් සංකයාවකින් ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීමට කමිදු මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් වුණේ නවසීලන්තය සමගින් දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීය. කමිදු ලකුණු 182ක් ලබා ලකුණු 1000 සීමාව පසු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා ශ්‍රී ලංකා ඉනිම අත් හිටවීමට තීරණය කලේය.
කමිදුට ඉහලින් ලකුණු 1000 සීමාව පසු කර ඇත්තේ, Herbert Sutcliffe (ENG) සහ Everton Weekes (WI) යන මහත්වරුන්ය. ඔවුන් දෙදෙනාටම ලකුණු 1000 සීමාව පසු කිරීමට වැයව ඇත්තේ ඉනිම් 12ක් පමණි.
ඉදිරියේදී තවත් ලෝක වාර්ථා බිද හෙලමින් ශ්‍රී ලංකා නාමය ඔසවා තැබීමට හැකි වේවා යන්න අපේ පැතුමයි..
VERY WELL DONE Kamindu Mendis 🇱🇰❤🏏
25/09/2024
හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් කාරණයක් වනුයේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ඉදිරියට යෑමට නම් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය නිසයි.
එමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දගපන්දු යවන්නාගේ භූමිකාව වර්ථමානයේ හොබවන ප්‍රභාත් ජයසූරිය (පප්පා) 1896 මාර්තු මස 2වනදා වාර්ථා වී ඇති ලෝකයෙන්ම ටෙස්ට් කඩුලු 100ක් වේගයෙන්ම ලබා ඇති වාර්ථාව සම කිරීමේ විශාල කඩ ඉම අභිබවායෑමට සැරසෙයි.
වේගයෙන්ම ටෙස්ට් කඩුළු 100ක් දවාගත් ක්‍රීඩකයා වන එංගලන්තය නියෝජනය කල Gregory Lohmaan තරග ඔහු ක්‍රීඩා කෙරු 16වන ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුළු 100ක් දවා ගන්නා ලදී. එම තරගය ඔහු ක්‍රීඩා කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්ස්බර්ග් ක්‍රීඩාංගණයේදීය.
මේ වන විට ටෙස්ට් තරග 15කදී ටෙස්ට් කඩුළු 88ක් දවා ගෙන සිටී. ඔහුට කඩුළු 100 දවා ගැනීමට අවශ්‍ය වන්නේ කඩුළු 12ක් පමණයි. ඔහු ක්‍රීඩා කල පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයෙන්ම කඩුළු 12ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් කඩුළු 12ක් ඉනිම් දෙකේදී දවා ගැනීම පහසු කාර්යක් නෙමෙයි. අපි සුභ පතනවා ඔහුට එම කඩ ඉම පහු කර ලොව වේගයෙන්ම ටෙස්ට් කඩුළු 100ක් දවා ගත් ක්‍රීඩකයා වීමට හැකි වේවයි කියලා..
Good Luck Prabath Jayasuriya & Team ❤️🇱🇰🏏
-We Love Cricket-
23/09/2024
Good Morning Everyone 😍🇱🇰🏏
අද තවත් ජයග්‍රාහී දවසක් වේවිද??
නවසීලන්ත ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.. තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වන මට්ටමක පවතින මුත්, වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තේ පවතී..
මේ වන විට සුපිරි පිතිකරණයක නිරත වෙන රචින් රවින්ද්‍ර ලකුණු 91 ලබා නොදැවී ක්‍රීඩා කිරීම යම්තාක් දුරකට ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වනු ඇත.
කෙසේ වෙතත් ටෙස්ට් ලෝක ශූරතාවයේ ඉදිරියට යෑමට මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම කරුණකි.
Good Luck Boys..
18/09/2024
𝐅𝐎𝐔𝐑𝐓𝐇 century & 𝐄𝐈𝐆𝐇𝐓𝐇 score of fifty or over in just 11 Test innings 🥶
🌟හතරවන ශතකය සමගින්
🚨 ඩොන් බ්‍රැඩ්මන්ඩ්ට පසුව ටෙස්ට් ඉනිම 10ක් අවසානයේ ඉහලම සාමනයක් පත්වා ගත් ක්‍රීඩකයා.
🚨ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 4ක් ලබා ගැනීමට අවම ඉනිම් ගණනක් වැය කල ක්‍රීඩකයා. (මයිකල් වැන්ඩොට් ඉනිම් 21)
🚨ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 10කදි වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා.
🇱🇰💪
17/09/2024
චන්දිමාල් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට තෝරා ගත්තේ රට වෙනුවෙන්, කණ්ඩායම ගැන හිතලා..
- සනත් ජයසූරිය -
2019න් පස්සේ චන්දිමාල් අංක 3 ස්ථානයට හෙට ක්‍රීඩා කරනු ඇති. තැනට උචිත විදිහට ක්‍රීඩා කරලා හොද ලකුණු ටිකක් ගහන්න අපි සුභ පතනවා.. ඒ වගේම අමතක කරන්න එපා චන්දි කියන්නේ පටන් ගත්තු කාලේ ඉදන් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු එකෙක්.. ❤️❤️🏏🏏🇱🇰
Dinesh Chandimal
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Colombo
17/12/2024