13/10/2025
A masterclass legend with a legendary record breaker
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roar of the Lions, Sports, Nugegoda, Colombo.
13/10/2025
A masterclass legend with a legendary record breaker
18/09/2025
දුනිත් වෙල්ලාලගේ ගේ ආදරණීය පියාණන් දිවි සැරියට සමුදෙයි..! නිවන් සුව ලැබේවා..!!💔🥺
18/09/2025
Sri Lanka won the 3rd match in Asia Cup against Afghanistan and selected to the Super 4s
Congratulations Sri Lanka Cricket
18/09/2025
15/09/2025
Sri Lanka set the second victory against Hong Kong at the Asia Cup 2025, Congratulations Lions!!
14/09/2025
What a record-breaking spell by Nuwan Thushara Dushmantha Chameera
13/09/2025
What a victory by Sri Lankan and sealed their first match, Congratulations!!
13/09/2025
Congratulations Pathum Nissanka for achieving Fastest ODI & T20I 2000 records for Sri Lanka 😍🥳
13/09/2025
🐍🐍
13/09/2025
ඊයේ(12) පැවති එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජාත්‍යන්තර T20 තරඟයේදී වාර්තා රැසක් අලුතින් ලියවුණා. පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු දෙකක් දැවී 304 වැනි දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා කළා. එහිදී එංගලන්තය වෙනුවෙන් Phil Salt නොදැවී ලකුණු 141 සහ Jos Buttler ලකුණු 83 ලබා ගත්තා. දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 158 පමණයි. ලකුණු එකසිය 146කින් මෙම තරඟය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි උනා.
මෙම තරඟයේදී වාර්තා වුණු අලුත් වාර්තා සියල්ල පහලින් දක්වා ඇත.
🔴 එංගලන්තයේ වාර්තා කල ලකුණු 304/2 ජාත්‍යන්තර T20 තරගයකදී කණ්ඩායමක් ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙහි පළමුවෙනි ස්ථානය හොබවන්නේ ලකුණු 344/4 ක් Gambia කණ්ඩායමට එරෙහිව ලබාගත් සිම්බාබ්බේ කණ්ඩායමයි. තවද මෙය එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර T20 තරඟයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
🔴 මෙම 304/2 ලකුණු පුවරුව සියලුම T20 තරග වලදී ලබාගත් සිව්වැනි වැඩිම ලකුණු කුණු සංඛ්‍යාවයි. මෙහි ප්‍රථම ස්ථානය හොබවන්නේ Baroda කණ්ඩායම ලීග් තරගයකදී ලබාගත් 349/5 ලකුණු පුවරුවයි.
🔴 Phil Salt නොදැවී ලබා ගත් ලකුණු 141 එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. තවද මෙය ජාත්‍යන්තර T20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් හත් වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
🔴 එංගලන්ත කණ්ඩායම හතරේ සහ හයේ පහර මගින් ලකුණු 228 වාර්තා කළා. මෙය ජාත්‍යන්තර T20 තරගයකදී boundaries වලින් ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙහි ප්‍රථම ස්ථානය හොබවන්නේ සිම්බාබේ කණ්ඩායම ලබාගත් ලකුණු 282 යි.
🔴 එංගලන්ත කණ්ඩායම 4 පහර 30 ක් වාර්තා කළා. එය ජාත්‍යන්තර T20 තරගයකදී ලබාගත් සම වැඩිම 4 පහර සංඛ්‍යාවයි. තවත් කණ්ඩායම් දෙකක් 4 පහර 30 බැගින් වාර්තා කළ ඇත ඒ සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ලෝක කුසලාන තරගාවලියේ දී කෙන්යාව ට එරෙහිව මේ දස්කම දක්වා ඇත.
🔴 එංගලන්ත කණ්ඩායම එකතුවක් වශයෙන් 4 සහ 6 පහර 48 ක් වාර්තා කළා. එය ජාත්‍යන්තර T20 තරගයකදී කණ්ඩායමක් ලබාගත් දෙවැනි වැඩිම boundaries සංඛ්‍යාවයි. මෙහි පළමු ස්ථානය හොබවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ boundaries 57 ක් ලබා ගනිමින්.
🔴 එංගලන්ත කණ්ඩායම ලකුණු 146 කින් මෙම තරගය ජය ගනු ලැබුවා. එය ජාත්‍යන්තර T20 කණ්ඩායමක් පූර්ණ සාමාජික රටකට එරෙහිව ජය ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙහි ප්‍රථම ස්ථානය හොබවන්නේ නවසීලන්තයට එරෙහිව ලකුණු 168 කින් ජය ලබා ගත් ඉන්දියානු කණ්ඩායමයි. තවද මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු වලින් ලැබූ දරුණුතම පරාජයයි.
🔴 කණ්ඩායම් දෙකම ලකුණු 462 ක් ලබා ගැනීමට සමත් වූවා. මෙය ජාත්‍යන්තර T20 තරඟයකදී කණ්ඩායම් දෙකක් ලබාගත් 8වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
🔴 Phil Salt පන්දු 39 කින් ලබාගත් ශතකය එංගලන්ත පිතිකරුවෙකු ජාත්‍යන්තර T20 තරගයකදී ලබාගත් වේගවත්ම ශතකයයි.
🔴 දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තුන්දෙනෙකු විසින් ලකුණු 60 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එංගලන්ත පිතිකරුවන් වෙත ලබාදී තිබුණා. මේ එවැනි සිදුවීමක් වාර්තා වුනු ප්‍රථම T20 තරගයයි.
🔴 ලකුණු 250 වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට වැය වූයේ over 16.2 පමණි. එය ජාත්‍යන්තර T20 තරඟයකදී ලබාගත් සම වේගවත්ම ලකුණු 250 වේ. අනෙක් කණ්ඩායම වෙනුවේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
🔴 රබාඩා විසින් ලකුණු 70 ක් එංගලන්ත කණ්ඩායම් වෙත ලබා දී තිබුණා. එය දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් ජාත්‍යන්තර T20 තරගයකදී ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
13/09/2025
What a firework in the last night 💥💥💥 Phil Salt