CricIndu

CricIndu

Share

All About Cricket

22/04/2026

IPL 2026 තරගාවලියේ තරග 32ක් අවසානයේදී, අප්‍රේල් මස 23වෙනිදා උදෑසන වන විට ලකුණු සටහන.

22/04/2026

NSL 2026 සිව්දින තරගාවලියේ පළමු වටයේ අවසන් තරග දෙකට පෙර ලකුණු සටහන.

මේ වන විටත් දඹුල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඉදිරි තරඟ දෙකේ ප්‍රතිඵල අනුව දඹුලු කණ්ඩායම සමග අවසන් මහා තරගයට තේරී පත්වන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇත.

22/04/2026

🏏 ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවේ දැවැන්ත වෙනසක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මීළඟ තීරණාත්මක පියවර තැබීමට දැන් සියල්ල සූදානම්.

ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ පරිදි, අප්‍රේල් 30 වනදාට පෙර නව මුහුණුවරක් ක්‍රිකට් ආයතනයට එක්වන බව දැන් ස්ථීරයි. 🇱🇰🏆

මොනවා වෙයිද ඉදිරියට?

✌️වඩාත් විනිවිදභාවයකින් යුතු පරිපාලනයක්.

✌️ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා නව තීරණ.

✌️අප්‍රේල් 30 පෙර නිල ප්‍රකාශනය.

අපේ සිංහයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන්, නිවැරදි සහ දූරදර්ශී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමු! 🦁🏏

22/04/2026

හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Peter Siddle පිළිබඳ උණුසුම් පුවතක්! 🏏🚨

මෙම වසරේ 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 T20 Blast තරඟාවලියට ඔහුට සහභාගී වීමට අවසර නොලැබෙන බව වාර්තා වෙයි. ❌

ඒ සඳහා හේතුව ලෙස දැක්වෙන්නේ ඔහු මේ වසර මුලදී World Legends Pro League තරඟාවලියට සහභාගී වීමයි. ⚠️

මෙම තීරණය ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයට ලක්වී ඇති අතර, ක්‍රීඩකයින්ගේ ලීග් සහභාගීත්ව නීති පිළිබඳ නැවත සංවාදයක් ආරම්භ කර ඇත. 💬

👉 ඔබගේ අදහස මොනවද? මේ තීරණය සාධාරණද?

22/04/2026

Sri Lanka Cricket පැත්තේ යම්කිසි දෙයක් සිද්ධ වෙනවා කියලා ආරංචි ✌️

22/04/2026

🏏🔥 HBL PSL 11 තරගාවලියේ ආධිපත්‍යය දරන කුසල් මෙන්ඩිස්!

Kusal Mendis මේ වන විට (22-04) HBL PSL 11 හි වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ඉදිරියෙන්ම සිටිමින් සුපිරි දක්ෂතා දක්වනවා 💥

ඔහුගේ මේ දක්ශතා ඉදිරියටත් පවත්වාගෙන අවසානයේ ලකුණු කොච්චරක් ගහයිද කියලා බලමු 👀

👉 ඔබට හිතෙන්නේ කුසල් මේ වතාවේ කොච්චර ලකුණු ලබාගනීවිද?

Comment එකෙන් කියන්න!

22/04/2026

අභිෂෙක් ශර්මා IPL ඉතිහාසයේ 130+ ලකුණු දෙවරක් ලබාගත් පළමු පිතිකරු බවට පත්වෙයි 🔥

✔️ vs Punjab Kings – 141 (65) | 2025

✔️ vs Delhi Capitals – 135* (68) | 2026

💥 එකම ක්‍රීඩකයෙකුගෙන් මෙවැනි දැවැන්ත ඉනිම් දෙකක්!

🔥 IPL වේදිකාව දෙවනත් කරමින් Abhishek super form එකේ!

21/04/2026

BCCIයට අනුව, Test කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් ක්‍රීඩා කරන කණ්ඩායම් IPL තරගාවලියේ Playoffs වෙත ප්‍රවේශ වුවහොත්, ඉන්දියානු Test කණ්ඩායමේ එම ප්‍රධාන ක්‍රීඩකයන්ට විවේකයක් ලබාදීමට ඉඩ ඇත. 🇮🇳🏏

👉 Afghanistan සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය සහ පසුව ඇති ODI තරග අතර කාලය ඉතා කෙටි වීම මෙයට හේතුවක් ලෙස සඳහන් වේ.

👉 ක්‍රීඩකයන්ගේ ශාරීරික හා මානසික වැහැරීම (burnout) වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගන්නා බව වාර්තා වේ.

📌 ඉදිරි තරග සැලැස්මත් සමඟ, ක්‍රීඩක සුරක්ෂිතතාවට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමයි මෙහි අරමුණ වේ.

21/04/2026

🇱🇰 T20 නායකයාට අත්ව ඇති ඉරණම 🧐

21/04/2026

PBKS දිනන රහස 😮 PBKS Winning Secret 🧐

Photos from CricIndu's post 21/04/2026

2026/27 වසරේ සුදු පන්දු තරගාවලි සඳහා එංගලන්ත කණ්ඩායම තම නිල ජර්සි එළි දක්වා ඇත.

මෙයින් එක්දින තරගාවලි සඳහා සම්පූර්ණ ලා නිල් පැහැති ජර්සියත්, විස්සයි විස්ස තරඟාවලි සඳහා රතු සහ තද නිල් මිශ්‍ර ජර්සියත් භාවිතා කිරීමට තීරණය කොට ඇත.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo