20/04/2024
Honorable President of Galle District Kabaddi Association Our congratulations from Galle District Kabaddi Association to Mr. Deshbandhu Idunil Jayasekara who has been newly elected as the Vice President of the Sri Lanka Kabaddi Federation for the years 2024-2028.
04/08/2022
ගාලු දිස්ත්‍රික් කබඩි සංගමය මගින් නුදුරු දිනයකදී කබඩි පුහුණු කදවුරක් පවත්වන අතර,ඒ පිලිබද කරුණු ඉදිරි දිනයන්හිදී අපගේ නිල facebook පිටුව මගින් දැනුවත් කරන අතර,ගාලු දිස්ත්‍රික්කයේ කබඩි ක්‍රීඩාවේ යෙදී සිටින සියලුම පාසල් සහ ක්‍රීඩාසමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු...සියලුම තොරතුරු ඉදිරියේදී දැනුම් දෙමු.
සභාපති,
ඉදුනිල් ජයසේකර
ගාලු දිස්ත්‍රික් කබඩි සංගමය.
21/02/2022
අද දින ශ්‍රි ලංකා කබඩි ඉතිහාසයේ පලමු කබඩි ලෙවල් 01 පාඨමාලාවට අදාළ පරීක්ෂණය සාර්ථකව නිම කිරීමට සහාය දුන් කොළඹ, ගාල්ල, මහනුවර , වවුනියාව, මඩකලපුව යන දිස්ත්‍රික්ක වල සභාපතිවරු , ලේකම්වරු ඇතුළු ශ්‍රි ලංකා කබඩි සංම්මේලනයේ සියලුම නිලධාරීන්ට ,මාගේ ගෞරවනීය ස්තුතිය.🙏🙏🙏
27/12/2021
ජනවාරි 8/9/10 තෙදින කොළඹ දී පැවැත්වීමට නියමිත ජාතික කබඩි ශූරතාවය සදහා, ගාලු දිස්ත්‍රික් කබඩි කණ්ඩායම තෝරා ගැනීම සදහා කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙට දින එනම් 28/12/2021 බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනයට පෙරවරු 9.00ට සහභාගි වනමෙන් සියළුම දෙනාට ආරාධනා කරමු...
*(ගාලු දිස්ත්‍රික් කබඩි සංගමය.*)
02/12/2021
එළඹෙන සති අන්තයේ (4,5)ගාලු දිස්ත්‍රික් කබඩි සංගමය විසින් කේ. බාස්කරන් මහතාගේ මූලිකත්වයෙන් පැවත්වීමට තිබූ කබඩි වැඩසටහන කරුණු කීපයක් නිසා තාවකාලිකව නවතා දමන ලදී. ජාතික සංච්තය බාර ප්‍රධාන පුහුණුකරු වැඩමුළුවක් සදහා කොළඹින් පිට යාම මේ (වසංගත )අවස්ථාවේ අදාළ බලධාරීන් එකඟ නොවීම , සහ ඉදිරියට රටේ තත්වය කෙසේ විසදෙන්නේ ද? යන්න සලකා බලා ලෙවල් 01 පාඨමාලාව සදහා වැඩි අවධානයක් යොමු කිරීම යනු අවශේෂ කාරනා සලකා බලා එය එසේ කල් දමන ලදී.
02/11/2021
ශ්‍රී ලාංකේය කබඩි ක්‍රීඩාවේ දියුණුව සහ අනාගතය වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටුකල එම්.ටී.ප්‍රනාන්දු ගුරු පියාණනි ඔබතුමන්ට නිවන් සුව ලැබේවා...🙏😭😭😭🕊️🏳️🏳️🏳️🏳️
ගාලු දිස්ත්‍රික් කබඩි සංගමයේ සාතිශය සංවේගය😭💔🏳️
03/10/2021
ශ්‍රීලංකා කබඩි සම්මේලනයේ අනුග්‍රාහකත්වයෙන් ගාලු දිස්ත්‍රික් කබඩි සංගමය මගින් පවත්වනු ලබන කබඩි වැඩමුළුව 😍🌹🏆️
16/09/2021
ගාලු කබඩි සංගමයට මෙලෙස මඩ ප්‍රහාර කිරීම මගින් අපගේ ගමන නවතාලිය නොහැකිය. අප සැලෙන්නේද නැත. මෙය හුදෙක් ගාලු දිස්ත්‍රික්කයේ කබඩි ක්‍රීඩාවේ දියුණුව පිණිස කරනු ලබන යහපත් ක්‍රියාවක් වන අතර වටපිටාවෙන් පැමිනෙන ගල්මුල් මගින් අපගේ කාර්යය නවතාලිය නොහැකි අතර අනුන්ගේ දේ සොයන්නට අනුන්ට මඩගසන්නට යොදන කාලය ඔබගේ ජීවිතයට අරුතක් ඇති යමක් කිරීමට යොදවන්නේ නම් කෙතරම් අගනේද???
13/08/2021
Stay safe and be think about your family always...
13/08/2021
ගාලු දිස්ත්‍රික් කබඩි සංගමයේ පුහුණුවීම් සැසි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනද රටේ පවතින කොවිඩ් 19 පැතිර යෑමේ අවදානමත් සමග දින නියමයකින් තොරව පුහුණුවීම් කල් දැමූ අතරම නැවත ආරම්භ වන දිනයන් අපගේ පිටුව හරහා දැනුවත් කරන්නෙමු
Although arrangements have been made to hold training sessions of the Galle District Kabaddi Association, we have postponed the training indefinitely due to the risk of the spread of Covid 19 in the country and we will inform the resumption dates through our page.