Sri Lanka Taekwon-Do Association

Sri Lanka Taekwon-Do Association Official page of the Sri Lanka Taekwon-Do Association (ITF Sri Lanka)
ITF Taekwon-Do National Governing Body

ITF Taekwon-Do Sri Lanka

Master Cyril Antony is the first Sri Lankan student of late General Choi Hong Hi and learnt Taekwon-Do in Canada in 1975 and introduced this unique Korean martial art to Sri Lanka in December 1976. Master Cyril Antony was very fortunate to learn Taekwon-Do directly from General Choi Hong Hi while staying in his residence. After establishing the SLTA Master Cyril Antony started the first training center in Kuliyapitiya and he also opened many other training centers in Wattala, Colombo, Dehiwala, Galle, Negombo, Wennappuwa, Pannala, Anuradhapura, Higurakgoda, Medirigiriya, Jayanthipura, Gampaha, Kirindiwela, Kegalle, Kandy, Matale, Ratnapura, Palmadulla, Kahawaththa, Balangoda, Bandarawela, Welimada, Badulla, Passara, Badalkumbura, Monaragala, Buttala and Wellawaya. Since Master Cyril Antony introduced this martial art to Sri Lanka the title "Master of Taekwondo in Sri Lanka" was awarded to Master Cyril Antony by the Sri Lanka Taekwondo Federation. TAEKWON-DO self-defense martial-art classes are conducted:

Tuesday / Friday 6.00pm- 7.30pm
Saturday / Sunday 4.00pm - 5.30pm
at No.2A, Devala Road, Hendala, Wattala. Thursday 5.30pm - 7.30pm at Nugegoda YMBA

Inquiries: Master Dr. Cyril Antony
Dr.Ac., Ph.D., M.D.(T.M.),
F.R.C.P.(M.A.), Ph.D.(M.A.)..
011-2933111
[email protected]
[email protected]

ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ සටන් කලාවේ පියා දේශමාන්‍ය වෛද්‍ය මාස්ටර් සිරිල් ඇන්ටනිගේ අඩසියවසක පුරෝගාමී මෙහෙවර.සටන් කලාවක් යනු...
16/09/2026

ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ සටන් කලාවේ පියා දේශමාන්‍ය වෛද්‍ය මාස්ටර් සිරිල් ඇන්ටනිගේ අඩසියවසක පුරෝගාමී මෙහෙවර.

සටන් කලාවක් යනු ශරීරයේ ශක්තිය, වේගය හා ශිල්පීය නිපුණත්වය පමණක් පිරික්සන විෂයක් නොවේ. එය මිනිසා තුළ විනය, ආත්ම විශ්වාසය, ඉවසීම, අධිෂ්ඨානය සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ මානසික ශක්තිය ද වර්ධනය කරන ජීවන ශික්ෂණයකි. එවන් සටන් කලාවක් ශ්‍රී ලංකාවේ භූමියට හඳුන්වා දී, එය පරම්පරා ගණනාවක් වෙත දායාද කරමින් අඩසියවසක් පුරා රැගෙන ආ ගමනක පුරෝගාමියා ලෙස දේශමාන්‍ය වෛද්‍ය මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ නාමය ලාංකේය සටන් කලා ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබා ඇත.
ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ සටන් කලාවේ “පියා” ලෙස විරුදාවලි ලබන ඔහුගේ මෙහෙවර එක් පුද්ගලයකුගේ පෞද්ගලික ජයග්‍රහණයක කතාවක් නොවේ. එය නව සටන් ශිල්පයක් මෙරටට හඳුන්වා දීමෙන් ඇරඹී, ශිෂ්‍ය පරපුරක් ගොඩනැඟීම, පුහුණු හා උපදේශන ක්‍රමවේද වර්ධනය කිරීම, ජාතික මට්ටමේ සංවිධාන බිහි කිරීම සහ අවසානයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ජාතික ක්‍රීඩා ව්‍යුහය තුළ ස්ථාපිත කිරීම දක්වා දිවෙන දීර්ඝ පුරෝගාමී ගමනකි.
ඔහුගේ ජීවිතයේ සුවිශේෂත්වය වන්නේ සටන් කලාවට පමණක් සීමා නොවූ පුළුල් දැනුම් ගවේෂණයකි. දේශීය වෛද්‍ය විද්‍යාව, පංචකර්ම, චීන කටු චිකිත්සාව, රේකී, Reflexology, සම්භාහන ශිල්පය සහ විවිධ විකල්ප ප්‍රතිකාර ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කළ ඔහු, ඒ ආශ්‍රිතව උසස් අධ්‍යාපනික සුදුසුකම් රැසක්ද ලබාගෙන ඇත. සටන් කලාව, චීන කටු චිකිත්සාව, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ දර්ශනවාදය යන විශයයන් සඳහා "දර්ශනශූරී (Ph.D.)" උපාධි හතරකින් පිදුම් ලබා ඇති අතර, ඔහුගේ දැනුම් ගවේෂණය සහ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන “Cyril Antony Therapeutic Massage System” නමින් නව සම්භාහන ක්‍රමවේදයක්ද නිර්මාණය කර තිබීම ඔහුගේ පර්යේෂණාත්මක හා නිර්මාණශීලී චින්තනයට තවත් සාක්ෂියකි.
එම නිසා සිරිල් ඇන්ටනි මහතාගේ චරිතය තුළ අපට හමුවන්නේ සටන් ශිල්පයේ ශාරීරික පරිපූර්ණත්වය පමණක් නොවේ. දැනුම සොයා යන මනසක්, අලුත් දෙයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් සහ තමන් උගත් දේ අන්‍යයන්ගේ යහපත සඳහා යොදා ගැනීමේ කැපවීමක්ද එහි අන්තර්ගතය.
ඔහුගේ අධිෂ්ඨානය සහ අභියෝග හමුවේ නොසැලෙන ස්වභාවය පිළිබිඹු කරන සුවිශේෂී සිදුවීමක් 1980 දශකයේ සිදු වූ නීතිමය අරගලයයි. ඔහුගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාව හමුවේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු, එම තීරණයට එරෙහිව අභියාචනා මාර්ගයේ ඉදිරියට ගිය ඔහු අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතීඥයෙකුගේ සහායෙන් තොරව තමා වෙනුවෙන් තමා ම පෙනී සිටියේය. 1986 මාර්තු 6 දින ලබා දුන් අවසන් තීන්දුවේදී ඔහුගේ අභියාචනය සලකා බලා, වසර හතක සේවා කාලයට අදාළ සේවා සමාප්ති දීමනා සහ වන්දි ගෙවීමට නියෝග කර තිබේ. මෙය ශ්‍රී ලාංකේය නීති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වී හමාරය. වෘත්තියෙන් නීතීඥයෙකු නොවුනද, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඔහු තුළ තිබූ ධෛර්යය හා අධිෂ්ඨානය මැනවින් පෙන්වන කදිම ජීවිත අත්දැකීමකි.
ටයිකොන්ඩෝ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කිරීමේදීද ඔහුගේ පුරෝගාමී මෙහෙවර කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව පිළිබඳ ජාතික සංගමය ලෙස "ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය" 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 29 වැනි වගන්තිය යටතේ 1984 මාර්තු 21 දින ලියාපදිංචි කර ඇති අතර එය 35 වන ජාතික ක්‍රීඩා සම්මේලනය ලෙස ලේඛනගත වී ඇත. ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වා දී කෙටි කාලයක් තුළ එය ජාතික තලයේ ක්‍රීඩාවක් බවට පත්කිරීමට හැකියාවක් ලැබීම යනු සිරිල් ඇන්ටනි මහතාගේ අපරිමිත කැපවීමේ ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට ටයිකොන්ඩෝ ක්‍රීඩාව නිල වශයෙන් එක් කර ගැනීමේ මෙම පුරෝගාමී ගමනේ සිරිල් ඇන්ටනි මහතා දැරූ භූමිකාව ඔහුගේ ජීවිත මෙහෙවරේ අතිශය වැදගත් පරිච්ඡේදයකි.
එතැනින්ද ඔහුගේ ආයතනික මෙහෙවර නිමා වූයේ නැත. “ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මාලනය” පිහිටුවීමට පුරෝගාමී වෙමින් එහි සමාරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන්, ටයිකොන්ඩෝ ක්‍රීඩාව පුද්ගලික පුහුණු ශාලාවක සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් සංවිධානාත්මක ජාතික ව්‍යුහයක් තුළ ස්ථාපිත කිරීමේ දැක්මද ඔහු විසින් ප්‍රකට කළේය.
ඔහුගේ සටන් කලා මෙහෙවර ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද විහිදිණි. ටයිකොන්ඩෝ සමඟ හප්කිඩෝ, කික්-බොක්සිං සහ මුවායි-තායි වැනි සටන් ශිල්පයන්හිද උපදේශකයකු, විනිසුරුවරයකු හා ජාත්‍යන්තර මට්ටමේ නියෝජිතයකු ලෙස ඔහු කටයුතු කර ඇත. විවිධ රටවල පැවති ජාත්‍යන්තර සමුළු හා තරග අවස්ථාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන්ද ඔහු මෙරට සටන් කලාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන ගියේය. ටයිකොන්ඩෝ පමණක් නොව, හප්කිඩෝ, කික්-බොක්සිං සහ මුවායි-තායි වැනි සටන් ශිල්පයන්ද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නියමුවා වන්නේද සිරිල් ඇන්ටනි මහතාය.
අවාසනාවකට මෙන් සටන් කලා ක්ෂේත්‍රයද බල ලෝභී, දූෂිත ගෝලීය දේශපාලන ග්‍රහණයේ ගොදුරක් බවට පත්වීම නිසා සිරිල් ඇන්ටනි මහතාගේ සටන් කලා දිවි ගමනට අතිශය අභියෝගාත්මක කාල පරිච්චේදයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් කිසිවකිනුදු නොසැලී, වඩාත් ශක්තිමත් ලෙස නොනැවතී ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව රැඳීසිටීම නිසා ජාත්‍යන්තර ටයිකොන්ඩෝ සම්මේලනය විසින් උත්තරීතර 7 වැනි ශ්‍රේණියේ කළු පටි තත්ත්වයට ඔහු උසස් කරනු ලැබීමද එම දිගු සටන් කලා ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි.
කෙසේ වෙතත්, සිරිල් ඇන්ටනි මහතාගේ උරුමය මැනිය යුත්තේ සහතික, පදක්කම් හෝ තනතුරු සංඛ්‍යාවෙන් පමණක් නොවේ. ඔහුගෙන් ශිල්පය හැදෑරූ ශිෂ්‍යයන් තුළ තැන්පත් වූ විනය, ගෞරවය, අධිෂ්ඨානය සහ අභියෝග ජයගැනීමේ ආත්ම ශක්තිය තුළය. ගුරුවරයකුගේ සැබෑ සාර්ථකත්වය ඔහුගේ නම කොතෙක් දුරට පැතිර ගියේද යන්නෙන් පමණක් නොව, ඔහුගෙන් පසුව ඉදිරියට යන පරම්පරාව කෙතරම් ශක්තිමත්ද යන්නෙන්ද මැනිය හැකිය.
අඩසියවසක් යනු කැලැන්ඩරයක සටහන් වන සංඛ්‍යාවක් පමණක් නොවේ. එය දහස් ගණනක පුහුණු පැය, කැපකිරීම්, අභියෝග, දුක, කඳුල, ජයග්‍රහණ සහ පරම්පරා ගණනාවක මතකයන් එකට බැඳුණු දීර්ඝ ගමනකි. එම ගමනේ සිරිල් ඇන්ටනි මහතා තැබූ පිය සටහන කිසිදා, කිසිවෙකුට මකා දැමිය නොහැක.
ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ අඩසියවසක කතාව කියවීම යනු එක් මිනිසකුගේ සටන් කලා ජීවිතය කියවීම පමණක් නොවේ. එය ශිල්පයක් රටකට හඳුන්වා දී, එය පරම්පරාවකට භාර දී, ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ස්ථානයක් හිමි කර දුන් පුරෝගාමී චින්තනයක කතාව කියවීමකි.
ඒ අර්ථයෙන් දේශමාන්‍ය වෛද්‍ය මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ නාමය ලාංකේය සටන් කලා ඉතිහාසයේ තවත් එක් නමක් නොවේ. එය අඩසියවසක් පුරා විහිදුණු, තවදුරටත් පරම්පරාවෙන් පරම්පරාවට දිස්වන “ලාංකේය පා පහරේ ස්වර්ණමය පිය සටහනකි.”

හරීන්ද්‍රනාත් ඛේමින්ද
ප්‍රධාන සංස්කාරක
විශ්වධරණී විශ්ව විද්‍යා මාසික සාර සංග්‍රහය

Highlights from the Inter-house Sports Meet Taekwon-Do tournament of All Nations International School.The athletes displ...
11/09/2026

Highlights from the Inter-house Sports Meet Taekwon-Do tournament of All Nations International School.
The athletes displayed great skills.
Congratulations to the winners💪🏆️ 👏👏👏

Congratulations BooSabum Vidushan!Achieving a 2nd class upper grade, Completeting BA (Hons) Marketing - UKYou have shown...
11/09/2026

Congratulations BooSabum Vidushan!
Achieving a 2nd class upper grade, Completeting BA (Hons) Marketing - UK

You have shown the well balanced life of a Martial Artist by academically qualifying and being elite in sports.
Congratulations👏👏👏👏👏

We would like to take this opportunity to thank all the umpires for officiating at the Inter-house Taekwon-Do tournament...
10/09/2026

We would like to take this opportunity to thank all the umpires for officiating at the Inter-house Taekwon-Do tournament of the All Nations International School.
You have taken your day off to voulnteer at this event. Because of your dedication we could conclude this event successfully.
Our Blackbelters and red belter
🔹Sahyun Cyril Antony
🔹Sabum Uditha Cyril Antony
🔹BooSabum Sanath Rohana
🔹BooSabum Chanupa Bandarage
🔹BooSabum Mahendra Karanduwawala
🔹BooSabum Taniya Mirsha
🔹BooSabum Aniruth Jerome
🔹BooSabum Hasal Pankaja
🔹Ms. Binuri De Silva.
Thank you verymuch🙏

Two of our Black Belters were awarded with the ITF Black Belt Certificates yesterday at the Sri Lanka Taekwon-Do Associa...
08/09/2026

Two of our Black Belters were awarded with the ITF Black Belt Certificates yesterday at the Sri Lanka Taekwon-Do Association HQ dojang⛩️
The certificates arrived from International Taekwon-Do Federation and was awarded by Master Cyril Antony, President of SLTA.
Congratulations to
BooSabum Vidushan Ravindran
BooSabum Disenth Dinujaya Shrimal
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

06/09/2026
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ ආදරණීය නැගණියක වන එස්. ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියගේ අභ...
31/08/2026

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ ආදරණීය නැගණියක වන එස්. ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමු.

දේහය අද (2026 අගෝස්තු 31) සවස 5.00 සිට මහින්ද මල්ශාලාවේදී අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2026 සැප්තැම්බර් මස 02 වන බදාදා දින සවස නායකකන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ.

ඇයගේ ආත්මයට මොක් සුව අත්වේවා!

Vidushan Ravindran in Blue sparring gear representing Sri Lanka 🇱🇰 at the Peral International Taekwon-Do Championship 20...
23/08/2026

Vidushan Ravindran in Blue sparring gear representing Sri Lanka 🇱🇰 at the Peral International Taekwon-Do Championship 2026, in Ipoh, Malaysia 🇲🇾
Photo credits: Wisely Chee

Address

No. 2, Devala Road
Hendala
11300

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Taekwon-Do Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Taekwon-Do Association:

Shortcuts

Share