Magammana youth/මාගම්මන යෞවන සමාජය

Magammana youth/මාගම්මන යෞවන සමාජය Official Facebook Fan Page of Magammana Youth Club
MAGAMMANA, HOMAGAMA.

06/02/2026

🎈රතු වරෙන්තුව 🧨

පෙබරවාරි 08 සිට ක්‍රීඩාංගණ හිස් කිරීමට ප්‍රේක්ෂකයන් සැරසෙයි: ක්‍රිකට් පරිපාලනයට සහ අසාර්ථකත්වයට එරෙහිව දැවැන්ත විරෝධයක්!"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් සහ පරිපාලනමය දුර්වලතාවලට එරෙහිව, ප්‍රේක්ෂක විරෝධය සංකේතවත් කරමින් එළඹෙන පෙබරවාරි 08 වනදා සිට ක්‍රීඩාංගණවලින් බැහැරව සිටීමේ "Ground එක හිස් කරමු" (Empty the Stadium) සමාජ මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ වී ඇත. මෙය හුදෙක් ක්‍රීඩකයන්ට එරෙහි වෛරී ප්‍රකාශයක් නොව, පවතින අසාර්ථක පද්ධතියට (System) එරෙහිව ගොඩනැගුණු සාධාරණ විරෝධයක් බව ප්‍රේක්ෂකයෝ අවධාරණය කරති. දක්ෂ ක්‍රීඩකයන් පසෙකලා අසාර්ථක ක්‍රීඩකයන්ට නැවත නැවතත් අවස්ථා ලබා දීම සහ වගකීමකින් තොර ක්‍රීඩා විලාසය පිළිබඳව දැඩි දෝෂදර්ශනයක් මෙහිදී එල්ල වී තිබේ.

මෙම විරෝධතාවය මගින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, සමාජ මාධ්‍ය හරහා කණ්ඩායමට ලබා දෙන අනවශ්‍ය ප්‍රසිද්ධිය නතර කරන ලෙසත්ය. ජය පරාජයට වඩා සටන්කාමී ක්‍රීඩා විලාසයක් නොමැති වීම සහ මූලික මට්ටමේ වැරදි නැවත නැවතත් සිදුවීම විවේචනයට ලක් කර ඇති අතර, තවදුරටත් රැවටීමට සූදානම් නැති බව බලධාරීන්ට පෙන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ජාතියක් ලෙස පවතින තත්ත්වය නිවැරදි කරගැනීම සඳහා එක්වන ලෙස ක්‍රිකට් ලෝලීන් අතර මෙම පණිවිඩය වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතී.

කට කියෝනකොට හිතුනා අව්ලක් ඇති කියලා 😅😅වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම..සචින් ලියපු මේ සටහන අනිවාර්යයෙන්ම කියවන්න.මේවා ඇත්ත...
24/12/2025

කට කියෝනකොට හිතුනා අව්ලක් ඇති කියලා 😅😅

වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම..

සචින් ලියපු මේ සටහන අනිවාර්යයෙන්ම කියවන්න.

මේවා ඇත්තද, බොරුද කියල ඕන කෙනෙක්ට හොයල බලන්න පුළුවන්.

************************

සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් මාගේ උණන්දුව තිබුණේ එහි ජාතික වැදගත්කමට පමණයි.

හුදෙකලා සිදුවීම සහ සම්මානයකට සැබෑ හිමිකරුවා කවුද වැනි ළදරු ප්‍රශ්න සාකච්ඡා කිරීම කාලය කා දැමීමක් විතරයි.

නමුත් මේ සිදුවීමෙන් හෙළි වූ ශ්‍රී ලංකාවේ සිදුවෙන තවත් ජාතික අපරාධයක් ගැන අප සාකච්ඡා කළ යුතුයි.

එනම් බලවත් තාත්තාලාගේ, විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පියවරුන්ගේ දරුවන්ට ක්‍රීඩාවකදි ලැබෙන විශේෂ වරප්‍රසාද සහ ඒ හේතුවෙන් අනෙක් ක්‍රීඩකයන්ට සිදුවන කැපිල්ල.

සචිත් පතිරණ. ක්‍රීඩා සමාජ මට්ටමටවත් පැමිණිය යුතු නැති ක්‍රීඩකයෙක්.

හැබැයි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඒ ඔහුගේ පියා ජානක පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පොරක් නිසා.

මධ්‍යම පළාතේ ක්‍රිකට් ලොක්කා ජානක. ඔහුට ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 9 ක් හිමියි. ඔහු ශම්මි - තිලංග පාර්ශවයේ බල කණුවක්.

දැන් සචිත්, ජාතික සංචිත වල පුහුණුකරුවෙක් වී මසකට මිලියන ගණනින් වැටුප් ලබනවා.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ගොඩ් ෆාදර්, ලුවී කරුණාරත්න ගේ දරුවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ විශේෂ වරප්‍රසාද හිමි වුණා.

ඔවුන්ගේ තරගයට සිටි ක්‍රීඩකයන් ගණනාවක් කපා දැමුණා.

දැන් මේ සිරිමාවෝ විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය, චනිත්මා සිනාලි.

ස්කොෂ් ජාතික පුහුණුකරු, චන්දන මහේෂ් ගේ දියණිය චනිත්මා.

චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.

නමුත් ඇය කොමන්වෙල්ත් තරගාවලියට සහභාගි වුණේ කොහොමද ?

එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්.

වසර තුනක් පුරා පිට පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය වූයේ ෆාතූම් ඉසදීන්.

වයස අවුරුදු 27 ක තරුණියක්.

ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය.

2022 ජූලි - අගෝස්තු එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරග සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය.

හැබැයි ස්කොෂ් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දන මහේෂ්, ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා.

නමුත් වෙනසක් සිදුවූයේ නැහැ.

සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීත්, අවසන් තරගයේ දී ෆාතූම් ඉසදීන්, ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා.

ඒ තරගයේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගය බලපු උදවිය කියනවා.

එහෙම පසුබිම පවා ෆාතූම් ඉසදීන් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.

ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆාතූම් ඉසදීන්.

නමුත් මොකක්ද වුණේ ?

පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා.

කවුද පුහුණුකරුවා ?

ඇයගේ පියා, ස්කොෂ් ජාතික පුහුණුකරු චන්දන මහේෂ්.

එතැනදී ඇති වූ සිත්තැවුල නිසා ජාතික ශූරිය ෆාතූම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර හිටියා.

ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා.

එය අතිශය සාධාරණයි.

චනිත්මා සහ ඇගේ පියා විසින් අසාධාරන ලෙස උදුරාගනු ලැබුවේ ඇයගේ අවස්ථාව.

මේ මුස්ලිම් තරුණියක්. ඔවුන් මෙවැනි ක්‍රීඩා වලට එන්නේ නොයෙක් බාධා මැද.

නමුත් ඒ සියලූම බාධා මැද ඇය ජාතික ශූරිය වුණා. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගත්තා.

ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ ක්‍රීඩිකාව

නමුත් අවසානයේ ස්කොෂ් ජාතික පුහුණුකරුවා, ඔහුගේ දුව තරගාවලියට අරන් ගියා.

අපි සාෆියා යමීක් ගැන කතා කරනවා. වාසනාවට සාෆියාට බලවත් පියෙකුගේ දුවෙක් සම්මුඛ වුණේ නැහැ.

එම නිසා අද ඇය ශූරියක්. අප සැවොම ඇයගේ නම දන්නවා.

නමුත් ෆාතූම් ඉසදීන් එතරම් වාසනාවන්ත වුණේ නැහැ.

ඔබ ඇයගේ නම දන්නේ නැහැ.

චනිත්මා පාසල් වේදිකාවේ ඇයට සිදු වූ අසාධාරණයක් ගැන කතා කළා.

එවැනි සිදුවීම් ගැන අපට උණන්දුවක් නැහැ.

නමුත් රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ජාතික නියෝජනය ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපිට තිබෙනවා.

චනිත්මා.

ඔබ අද ඔබේ පාසලේ සම්මානයකට උරණ වී, වේදිකාවේ කතා කළා.

හැබැයි ඔයා තාත්තාගේ බලයෙන් උදුර ගත්තු ෆාතූම් ඉසදීන්ගේ අවස්ථාව ගැන ඔයාට දුක හිතුනේ නැත්ද ?

ඔයාගේ තාත්තා ස්කොෂ් ජාතික සංගමයේ බලවත් චරිතයක්. ජාතික පුහුණුකරුවා.

ඔහුගේ බලයෙන්, වෙනත් තරුණියකගේ අවස්ථාව උදුරා ගනිද්දි ඔයාට ලැජ්ජා හිතුනේ නැත්ද ?

ඔයා කොමන්වෙල්ත් යද්දි, හිත රිදිලා, කලකිරිලා, ක්‍රීඩාවත් අතෑරපු ජාතික ශූරිය එහෙම නැත්නම් 'ඩීසර්විං චැම්පියන්' ගැන ඔයාට වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්ද ?

අදටත් ස්කොෂ් තරගාවලි වලදී ඔයාට විශේෂ විනිසුරු තීරණ ලැබිලා, ජය ගනිද්දී ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?

එදා ඒ විදියට වෙන ළමයෙක්ගේ අවස්ථාව හොරකම් කරගෙන කොමන්වෙල්ත් ගියපු, චනිත්මා තරගාවලියේ විශේෂ ජයග්‍රහණයක් නොලබා නැවත ලංකාවට ආවා.

සමහර විට ජාතික ශූරිය ෆාතූම් ඉසදීන්, ඒ තරගාවලියට සහභාගී වුණා නම් ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.

එහිදී පරාජය වුණේ චනිත්මාවත්, චන්දන මහේෂ්ගේ දුවවත් නෙවෙයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාව. නුසුදුසු ක්‍රීඩිකාවක්, තාත්තාගේ බලයෙන් ජාත්‍යන්තර තරගාවලියකට ගිහින් පැරදුණේ අපේ රට.

එය ජාතික අපරාධයක්.

ස්කොෂ් සඳහා ජාත්‍යන්තර තරගාවලි වල ශ්‍රී ලංකාවට නියෝජනයක් හිමිවන්නේ සැබෑ ලෙසම ජාතික ශූරයන්ට මිසෙක, ස්කොෂ් යනු චනිත්මාගේ පියාගේ බූදලයක් නොවෙයි.

(වර්තමානයේ යථාර්තය අනුව නම් එය චනිත්මාගේ පියාගේ බූදලයක්)

2022 ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට දක්ෂ ස්කොෂ් ශූරියක් අත්හැරුණා. ඒ ෆාතූම්.

ඉන්පසුව ඇය කවදාවත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ.

චනිත්මාලා අද කිරුළු පළදින්නේ, එවන් දක්ෂයන් ඔවුන් අතින්ම විනාශ කළ සුසාන භූමියක.

මේ ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ පමණක් සිදුවන අපරාධයක් නොවෙයි.

බොහෝ ක්‍රීඩාවන් වල පුහුණුකාර සහ බලවත් පියවරු තමන්ගේ දරුවන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන එනවා.

අනෙක් ක්‍රීඩකයන් කපා දමනවා.

විදෙස් සංචාර තමන්ගේ දරුවන්ට ලබා දෙනවා.

විවිධ තාක්ෂණික සහ විනිසුරු උපක්‍රම යොදවමින් සැබෑ දක්ෂයන් පරාජය කරනවා.

තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන එනවා.

තිත්ත යථාර්තය නම් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාත් එලෙස , පියා විසින් ඉදිරියට ගෙන ආ ක්‍රීඩිකාවක්.

මේ සියල්ල හෙළිවූයේ ඇය රටේ මාතෘකාවක් වූ නිසා.

එසේ නොවන්නට හෙට දිනයේත්, ස්කොෂ් ජාත්‍යන්තර තරගාවලි වල සැබෑ සුදුස්සන් සිටියදී චන්දන මහේෂ් සිය දියණියට අවස්ථාවන් ලබා දිය හැකියි.

කෙසේ වෙතත් සැබෑ ජාතික ශූරිය වී දැඩි අසාධාරණයන්ට මුහුණ දුන්, පසුව ක්‍රීඩාව සහ රට ගැන කළකිරුණු ෆාතූම් ඉසදීන්ගෙන්, මා ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් සමාව අයදිනවා.

2022 වසරේ දී ඔබ ගැන හඬ නැගීමට නොහැකි වූවාට අපට සමාවෙන්න.

එමෙන්ම චනිත්මාගේ ආන්දෝලනාත්මක කතාව නිසා, රටට සැඟව තිබූ මේ ජාතික අපරාධය හෙළිවීම ගැන මා චනිත්මාට ස්තූතිවන්ත වෙනවා.

මේ තමයි ශ්‍රී ලංකාවේ බොහෝ සැඟවුණු ක්‍රීඩා වල තිත්ත යථාර්තය.

දක්ෂයන්ට වඩා පවුලට සහ සබදතා වලට තැන ලැබෙන අපේ ක්‍රීඩාව.

- සචින් -

උපුටාගැනීමකි

27/10/2025
30/09/2025
සිංහලයට සතියෙන් අමතක වෙනවා කියලා රෝහිත් වුනත් දැනගන්න ඕන 🙂
26/02/2025

සිංහලයට සතියෙන් අමතක වෙනවා කියලා රෝහිත් වුනත් දැනගන්න ඕන 🙂

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේක...
07/02/2025

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙම දක්ෂතාව මෙම තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. එසේ ම මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණ

Address

Magammana
Homagama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Magammana youth/මාගම්මන යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category