Crusaders Football Club

Crusaders Football Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crusaders Football Club, Sports Team, Kalutara.

05/01/2020

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ අප මව්බිම වෙනුවෙන් සිය දස්කම් දක්වමින් ශ්‍රී ලංකා නාමය බබලවන්නට උරදුන් තවත් පාපන්දු තරුවක් ගැන තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නටයි අපි මෙම ලිපියෙන් ඔබ හමුවන්නේ. වරක් ලාංකික පාපන්දු කණ්ඩායම මෙහෙයවීමටද වරම් ලද ප්‍රබල ආරක්ෂක පෙල ක්‍රීඩකයා, නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ හා දැන් කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වන අපගේ සුළු ආරාධනයෙන් තමන්ගේ වටිනා කාලයෙන් බිඳක් අප වෙනුවෙන් වැය කරමින් අප හා එක් වූ ඔහු නමින් ළහිරු තාරක.
-ඔබගේ සම්පූර්ණ නම?
එස් කේ ළහිරු තාරක සිල්වා.
-පාසල?
කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය.
-ඔබ ක්‍රීඩා කල ස්ථානය?
මැදපෙළ හා ආරක්ෂක පෙළ (Right Back) ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කලා.
-පාසල් කාලයේදි ඔබගේ දක්ෂතා?
සමස්ත ලංකා වයස අවු. 17න් පහළ හොඳම ක්‍රීඩකයා උනා.
-මුලින්ම ජාතික කණ්ඩායමකට සුදුසුකම් ලබන්නෙ කවදද?
2002 U 13 ජාතික කණ්ඩායමට තේරෙනවා. පසුව U 15,17,19,21 කණ්ඩායම් නියෝජනය කරනවා. 2008 ඉඳලා ප්‍රධාන ජාතික කණ්ඩායමට ක්‍රීඩා කලා.
-ඒ ඒ කණ්ඩායම් වලදී ඔබගේ දක්ෂතා හා කණ්ඩායම් දක්ෂතා ?
2009 නේපාලයේදි ආරාධිත තරගාවලියක අනුශූරතාවය. 2010 AFC අභියෝගතා කුසලාන තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබනවා. SAFF gold cup අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.
-ඔබ ක්‍රීඩා කල ක්‍රීඩා සමාජ මොනවද?
කලුතර Park SC, Don Bosco Sc, SL Navy, Rathnam SC, Super Sun SC දැන් Blue Stars SC
-ජාතික කණ්ඩායම සමග ඔබගේ මංගල තරගය ගැන මතක් කලොත්?
අපි දිනුම් ඒක. නේපාලයේ තිබුනෙ තරගය. කොහෙ එක්කද කියලනම් මතක නෑ. 2009 දි තමා මංගල තරගය සෙල්ලම් කලේ. ඊටපස්සෙ දිගටම ක්‍රීඩා කලා. 2012 SAFF වලදි මගේ දණහිස ආබාධයට ලක් උනා. නැවත අවුරුද්දකට විතර පසුව තමයි කණ්ඩායමට එක් උනේ
-දේශීය පිටියේ ඔබගේ දක්ෂතා ?
නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරද්දි ශූරයන්ගේ ශූරතා තරගාවලියේ පළමු ස්ථානය ලබාගත්තා.
-ඔබ ජාතික කණ්ඩායම මෙහෙයවනවා වරක?
ඔව් 2015 හෝ 16 වගේ. සීෂෙල්ස් වලදි. එක තරගයකට නායකත්වය දුන්නා.
-දේශීය පිටියේ කැමතිම ක්‍රීඩා සමාජය ?
කලුතර Blue Stars
-විදෙස් ක්‍රීඩා සමාජ වලින් කැමතිම ?
FC Barcelona
-කැමතිම හිටපු ජාතික ක්‍රීඩකයා ?
හැමොටම කැමතියි. චතුර මධුරංග, කසුන් ජයසූරිය, ඊබී චන්න, රවුමි අයියා, අලි අයියා.
-කැමතිම විදෙස් ක්‍රීඩකයා ?
Dani Alves
-මේ ජාතික කණ්ඩාමේ ප්‍රියතම ක්‍රීඩකයා ?
සුජාන් පෙරේරා. මගෙ පාසලේ.
-ක්‍රීඩාවෙන් සමුගත් පැරණි විදෙස් ක්‍රීඩකයන්ගෙන් ඔබ කැමතිම ක්‍රීඩකයා ?
Diego Maradona.
-දැන් මොකද කරන්නෙ?
කලුතර නගර සභාවේ වැඩ කරනවා නගරාධිපති අමීර් නසීර් මහතාට ස්තුතිවන්ත වෙන්න.
-දැන් ලංකාවෙ Football යන විදිය ගැන අදහස්?
හරිම කණගාටුයි. මේකත් කියන්න ඕන. හැම ජාතික ක්‍රීඩකයාගෙම වාරතාවක් පාපන්දු සම්මේලනයේ තියෙන්න ඕන. මේකෙ එහෙම නෑ. අපි ලියුමක් ගන්න ගියාම අහනව අපි ගිය tours මොනවද කියල.මේව සම්මේලනයේ අනිවාර්යයෙන් තියෙන්න ඕන හැම national player කෙනෙක්ගෙම profile එකක්. ඔයා Google search කරල බලන්න එක national player කෙනෙක්ගෙ profile එකක් upload කරල තියෙද කියල. නෑ.
-දැන් තියෙන කණ්ඩායම ගැන අදහස?
ක්‍රීඩකයෙක් වශයෙන් මට ක්‍රීඩකයන්ගෙ අඩුපාඩු. ඒත් ටීම් එක හොඳයි. තරුණ සෙට් එකක් ඉන්නවා. සීනියර් players 2,3ක් ආවනං හොඳයි.
-Football මිනිස්සු අතරට ගෙනියන්න මොනවද කරන්න ඕන?
ක්‍රීඩකයන්ට ගරු කරන්න ඕන. ජාතික ක්‍රීඩකයන්ට හිමි තැන දෙන්න ඕන. සමාජයේ කැපී පෙනෙන කෙනෙක් කරන්න ඕන.
-එහෙම කරන්න මොනවගේ පියවරද ගන්න ඕන? සම්මේලනය, මාධ්‍ය පැත්තෙන්? එයාලව promote කරන්න ඕන. වෙළඳ දැන්වීම් වලට ගන්න ඕන. මිනිස්සු දැනගන්න ඕන මෙයා ජාතික ක්‍රිඩකයෙක් කියල. මාලිංගට කරා වගේ පාපන්දුවෙන් සමුගන්න අපේ ක්‍රීඩකයන්ටත් farewell දෙන්න ඕන. හොඳ සමුගැනීමක් දෙන්න ඕන.
-අපේ පාපන්දු දියුණු කරන්න මොනවද කරන්න ඕන ?
Grassroots program කරන්න ඕන. ඇකඩමි සිස්ටම් එක කරන්න ඕන. U12 ඉදන් U 19 වෙනකම් හැම අවුරුද්දෙම තරගාවලි සංවිධානය කරන්න ඕන. අපේ ක්‍රීඩකයන්ව පුලුවන් තරම් විදේශීය ක්‍රීඩා සමාජ වලට යොමු කරන්න ඕන. හොඳ ක්‍රීඩකයන් තෝරල පොඩිකාලෙ ඉදන්ම, හොඳ පිටරට ඇකඩමි වලට යවන්න ඕන බාසිලෝනා වගේ.
-අලුත් සහ දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන නවක පරපුරට දෙන පණිවිඩය ?
අපේ football ආරක්ෂා කරන්න කියල තමයි.
-ඉදිරි බලාපොරොත්තු මොනවද?
එහෙම හිතල නෑ. පාපන්දු පුහුණුකරුවෙක් වෙන්න අදහසක් නම් තියෙනවා. මම දැනට මගේ පාසලේ පුහුණුකරුවෙක් වශයෙන් ක්‍රියා කරනවා.
-මේ ගමනේදි ඔබට සහය දුන් අය, දිරි ගන්වපු අය ඇති. ඒ අයව මතක් කලොත්? මගේ දෙමව්පියන්, පාසලේ ගුරුවරු, බැසිල් සර්, ඩිලාන් සර්. මගේ මිතුරන්
-ඔබ විවාහකද? එසේනම් කවදා හෝ ඔබේ දරුවෙකු පාපන්දුවට යොමු කෙරෙයිද? ඔව් විවාහකයි, දැනට බබාලා නෑ. කවද හරි මේ තත්වෙන් මිදිල football දියුණු උනොත්, ඒ අයගේත් කැමැත්ත ඇතුව දරුවන්වත් පාපන්දුවට යොමු කරන්න කැමතියි.
එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබේ වෙලාවෙන් සෑහෙන තරමක් අපි වෙනුවෙන් වෙන් කරලා මේ දැක්වූ සහයෝගය ට. මේ අදහස් ගොඩක් වටිනවා. අපිට කරන්න පුලුවන් උපරිම අපි කරනවා හා හඬක් නගනවා ලාංකීය පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන්.ඔබේත් අපගේත් අනාගත බලාපොරොත්තුව ලාංකීය පාපන්දුව ලෝකයට ගෙන යෑම. ඒ වෙනුවෙන් තමයි මේ හැමදේම. ඔබගේ ඉදිරි බලාපොරොත්තු ඉටුවේවා, දිවිය හිතනවාටත් වඩා සාර්ථක වේවා කියා SL Football Fans අපි සුවහසක් ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන් වෙනුවෙන් සුබපතනවා. Good Luck. ජයෙන් ජයම වේවා.

Football පිටුවෙන් උපුටාගැනීමකි.

21/11/2019

Crusader achieved milestones in Football Coaching.
Lahiru Tharaka

25/09/2017

Crusaders..!!

We have to do something for our Piyadasa Master & we should do it because he was the key to our success in football in Holy Cross College Kalutara.

Dear HCC football captains of each year please Collect money from your team and hand over them to Thiwanka Fernando on or before Wednesday.

The time has come to show our gratitude for our beloved Piyadasa Master.

God Bless you All...!!

24/09/2017

The root stem to all the Crusaders, Piyadasa Master has passed away. Rest in Peace

Joes v Bens to kick-off U18 Division I Championship 27/08/2017

Joes v Bens to kick-off U18 Division I Championship The 2017 U18 Division I Schools’ Football Championship organized by the Sri Lanka Schools’ Football Association will start with defending champions St.Joseph’s College taking on St.Benedict’s College on the 4th of September at the Sugathadasa Stadium.St. Joseph's ends 21 year drought from outs

26/08/2017

Congratulations to Mr. Dilan De Silva !

Appointed as the match Commissioner for the semifinals of the South East Asian games 2017.

Eleven countries took part in this tournament and he is conducting the semifinal match between Thailand vs Myanmar.

❤️💚 👏🏼 👏🏼 👏🏼

Photos 18/07/2017

Many more happy returns of the day Sujan Perera

කළුතර තරුව; නිර්මාල් උදාර 06/06/2017

Bonny Alias Nirmal Udara on Papare press meet on 05.06.2017.

කළුතර තරුව; නිර්මාල් උදාර ප්‍රතිවාදීන්ව පීඩනයට පත්කරන වේගයක් සහ මොහොමඩ් ඉසදීන්ව සිහි කැඳවන ගෝල ලබා ගැනීමේ හැකියාවක් සහිත තරුණ ප්‍රහාරකයෙක් කළුතර නගරයට හමු වී ඇත. ඔහු නමින් නිර්මාල් උදාර පෙරේරා නම් වේ.

02/06/2017

Hello Crusaders,

Practice session on this Sunday @3.30 P.M. in the college ground.

Head Coach- Piyadasa Master
Assistant Coach- Lesley Master
Goal Keeper Coach- Anil Master

Thanks,

Secretary,
Thiwanka Fernando

Photos 01/06/2017
Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kalutara