01/10/2026
Selan Selan
Piyumi Lakshani Mnm Laky Pamodi Weerasinghe
එකම Workout එක කරන හැමෝටම එකම වේගයෙන් Results ලැබෙන්නේ නැත්තේ ඇයි?
එකම class එකේ, එකම workout එක කළත් එක් කෙනෙක්ට ඉක්මනින් වෙනසක් පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒ වෙනස දකින්න ටිකක් වැඩි කාලයක් යන්න පුළුවන්.
ඒකට එක එක හේතු තියෙනවා…
Metabolism rate /Hormonal differences/Stress/Health conditions/Sleep & recovry/Genetics
ඒත් මේ හැමදේම අතරින් මම විශේෂයෙන්ම දකින්නේ එක දෙයක් — FOOD HABITS. 🍽️
Workout එක විතරක් කරලා lifestyle එක වෙනස් නොකරනවා නම්, අපි බලාපොරොත්තු වෙන result එකට යන්න වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්.
❤️ අද කතා කරන්නෙ The 1st picture _ Anjaleeගේ journey එක… ගැන...
Anjalee කියන්නේ මගේ online class එකට එකතු වූ, දරුවන් තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්.
අපි ඇයගේ serious journey එක පටන් ගත්තේ June මාසයේදී .
එදා ඇගේ:
Weight – 105 kg
Waist – 53 inches
Hips – 55 inches තිබුනා.
Anjalee මම දෙන meal plan එක ඉතාම හොඳින් follow කරන කෙනෙක්.Workout නැති දවස්වලදී මම ඇයට දිනකට විනාඩි 45ක් පමණ සාමාන්ය වේගයෙන් ඇවිදින්න උපදෙස් දුන්නා.ඇය ඒ දේත් ඉතාම හොඳින් follow කළා. ❤️ඒ consistency එකේ ප්රතිඵලයක් විදිහට,
September 25 වන විට ඇය:
Weight – 95 kg
Waist – 48 inches
Hips – 51 inches දක්වා පැමිණ තිබුණා. 🔥
ඒ කියන්නේ ඇයගේ journey එකේ weight එකෙන් 10 kgක් අඩු වෙලා තිබුණා.
ඒත් මට මේ numbers වලට වඩා වටින්නේ ඇය ඒ වෙනස ලබාගත් ආකාරය.දරුවන් තුන්දෙනෙක් බලාගන්නවා,ගෙදර වැඩ කරනවා,පවුලේ වගකීම් කරනවා,ඒ හැමදේම අතරේ තමන් වෙනුවෙන්ත් දෙයක් කරන්න ඇය උත්සාහ කරනවා.ඒක තමයි මම ඇයගෙන් දකින ලොකුම victory එක. 🥰❤️
අපේ online class shedule වෙන්නෙ රෑ 9.00_10.00 වෙනකන්.ඒක අපි දෙන්නාටම boring time එකක්. Physical class එකක් වගේ atmosphere එකක් නෑ.ලොකු music එකක් නෑ.මගේ count එකට ඇය exercise ටික කරනවා.
ඒත් තමන්ගේ target එකට යන්න ඕන motivation එක ඇය තමන් ඇතුළෙන්ම හදාගෙන තියෙනවා.
ඒ විතරක් නෙමෙයි…ඇය මාවත් motivate කරනවා. ❤️
🏋️♀️ දැන් ඇයගේ next chapter එක…
Anjaleeගේ body එකේ විශාල වෙනසක් වෙන අතර, අපේ next focus එක muscle tone කිරීම සහ strength build කිරීම.ඒ නිසා මේ දවස්වල Anjaleeගේ හොඳම partner…DUMBBELLS. 🏋️♀️❤️
මේ හැමදේම එක්ක.
January පළමු සතිය වෙද්දී Anjaleeගේ next progress photo එක මේ page එකේම share කරන්න මම බලාපොරොත්තු වෙනවා.
අපි බලමු…ඊළඟ අවුරුද්දේ ආරම්භය වෙද්දී ඇය කොතැනට ගිහින් තියේවිද කියලා. ❤️🔥
අපි ජීවත් වෙන්න ඕනේ මැරෙනකන් ලස්සනට පේන්න විතරක් නෙමෙයි…
ලස්සනට, නිරෝගීව ජිවත් වෙලා ලස්සනට මැරිලා යන්න.
හිතලා බලන්න...දැන්වත් thinking pattern එක වෙනස් කර ගන්න...💪🫶
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
0776 277 950
゚viralシfypシ゚viralシ