Dream Squad

Dream Squad

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream Squad, Matale.

The use of outdoor activities and experiential learning are properly combined to stimulate participants’ interest in order soft skills such as communication, leadership, teamwork to be developed.

07/03/2026

🔴ඔයාත් ඔයාගේ විවාහයේ/ආදර සම්බන්ධතාවයේදි දුර්වල සන්නිවේදනය නිසා
පීඩා විඳිනවාද ?

ඔයාගේ විවාහයේ/ආදර සම්බන්ධතාවයේ සන්නිවේදන කුසලතාවය දුර්වල නිසා මේ දේවල්වලට ඔයාටත් මුහුණ දෙන්න වෙළා තියෙනවාද?

1️⃣ කතා කරන්න බය වුණාම හදවත වහගෙන ඉන්න පටන් ගන්නවා.

2️⃣ චිත්තවේගීය දුරස්ථභාවයක් ඇති වෙළා කායික සමීපභාවය හිස් වෙනවා.

3️⃣ වචන නිසා පුංචි රණ්ඩුවක් පවා යුද්ධයක් වෙනවා.

4️⃣ අවශ්‍යතා ගැන නොකියා ඉන්නකොට ඔයාගේ හිත වෙන තැනක් හොයනවා.

5️⃣ ආදරය බිඳ වැටෙන්නේ ප්‍රශ්න නැති නිසා නෙවෙයි.ගෞරවය නැති වීම නිසාවෙනි.

ඔයාටත් මේ දේවල් වෙළා තියෙනවා නම් ඔයා ඒ ගැන තවදුරටත් පසුතැවිලි වෙන්න අවශ්‍යය නෑ.ශ්‍රී ලංකාවෙ පළමු වරට විවාහයේ/ආදර සම්බන්ධතාවයේ සන්නිවේදන කුසලතාවය ගොඩනඟලා ආදරණීයව සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍යය විධිය මනෝවිද්‍යාත්මක ක්‍රමවේද මත පදනම් වෙච්ච අභ්‍යාස සහ ක්‍රියාකාරකම් සමඟ ගොඩනඟා ගන්න ශ්‍රීලංකාවෙ පවත්වන එකම වැඩමුළුවට සම්බන්ධ වෙන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා.

✅වැඩමුළුව පවත්වන දිනය : මාර්තු 29
✅වැඩමුළුව පවත්වන වේලාව : උදේ 8.00 - හවස 5.00 දක්වා
✅වැඩමුළුව පවත්වන ආකාරය : භෞතිකව පවත්වන වැඩමුළුවක්(Physical Workshop)

මෙම වැඩමුළුවට සම්බන්ධ වෙන සියළු දෙනාටම මෙම වැඩමුළුවට අදාලව දින 90 ක කාලයක් පුරාවට ඉලක්ක ගත කළ Action Plan එකක් සමඟින් මාසයකට වරක් එක් Online session එකක් මාස තුනක් පුරාවට පවත්වනු ලබනවා.

මාර්තු 15 වන දිනට පෙර Love Core : Core Connect වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන මුල් ජෝඩු 15 සඳහා Special Early Bird Offer එකක් යටතේ ලියාපදිංචි වෙන්න අවස්ථාව තියෙනවා.

ඔයාටත් ඔයාගේ විවාහය/ආදර සම්බන්ධතාවය ආදරණීයව ගොඩනඟා ගන්න අවශ්‍යය නම් වැඩමුළුව සමඟ ලියාපදිංචි වීමට 075 955 15 51 අංකයට Whatsapp පණිවිඩයක් "Love" ලෙස සඳහන් කර යොමු කරන්න.

වැඩමුළුවට අදාලව සියලු විස්තර දැනුවත් වීමට පහත Whatsapp Group එක සමඟ සම්බන්ධ වෙන්න👇
https://chat.whatsapp.com/HbKF1NcoZkSIihnhljFZ0G?mode=gi_t

07/03/2026

🧠💬 ඔයාත් හැමතිස්සෙම Overthinking කරළා ඔයාගේ Partner එක්ක රණ්ඩු වෙනවාද ?

ගොඩාක් දෙනා හිතන්නේ සම්බන්ධතාවයක overthinking කියන්නේ ඊර්ෂ්‍යාව, අවිශ්වාසය, හෝ කෙනෙක්ගේ ස්වභාවය නිසා එන දෙයක් කියලා.නමුත් සම්බන්ධතා මනෝවිද්‍යාව කියන්නේ වෙනත් ගැඹුරු සත්‍යයක් පැහැදිලි කරනවා.

ගොඩාක් වෙලාවට විවාහයේ overthinking ආරම්භ වෙන්නේ අපහසු, නොපැහැදිලි සන්නිවේදනයෙන් සහ හැඟීම්වල අපැහැදිලිතාවය නිසා.

ජෝඩු පැහැදිලිව කතා නොකරන කොට, හිත ඇතුළේ හිස් තැන් මතුවෙනවා.ඒ හිස් තැන් පුරවන්න අපේ මනස තමන්ම කතාවක් ගොඩනඟන්න පටන් ගන්නවා.

ඒත් මෙතන තියෙන සත්‍යය ටිකක් කණගාටුදායක දෙයක්.මිනිස් මනස සාමාන්‍යයෙන් හොඳටම පැහැදිලි කිරීමක් කරගන්නේ වෙන්න පුළුවන් නරක දේවල්වලට නැඹුරු වෙලා . 🌫️

ඒ නිසා,
“ඇයි අද ඔහු එතරම් නිහඬද?”
ආදරය අඩු වෙලාද?”
“මොකක් හරි වැරදි දෙයක් සිද්ධ වෙනවාද?”

කියන ප්‍රශ්න නිහතමානීව හිත ඇතුළේ වැඩිවෙන්න පටන් ගන්නවා.

සමහර වෙලාවට ප්‍රශ්නය ජෝඩු අතර ආදරය අඩුවීමක් නොවෙයි.ප්‍රශ්නය තියෙන්නේ කතා නොකරන හැඟීම්වල.

මොකද සම්බන්ධතාවයක් ආරක්ෂිතව තබාගන්නෙ හිත් කියවීමෙන් නෙවෙයි හෘදයාංගමව කතා කිරීමෙන්. ❤️

🧠 Why Poor Communication Creates Overthinking

මනුෂ්‍ය සම්බන්ධතා ගොඩාක් වෙලාවට රඳා පවතින්නේ චිත්තවේගීයව ආරක්ෂාව දැනෙන Signals මතය. ❤️

Attachment research වලට අනුව, ආදර සම්බන්ධතාවයකදී දෙන්නාම එකිනෙකාගේ ප්‍රධානම හැඟීම් සහය පද්ධතිය වෙලා ඉන්නවා.

ඒත් සන්නිවේදනය අස්ථාවර වෙලා හෝ චිත්තවේගීයව දුරස් වෙලා යන කොට, මනස ඇතුළේ ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා:

• “මම මොනවහරි වැරදි දෙයක් කිව්වාවත්ද?”
• “එයාට දැන් මම ගැන උනන්දුව අඩු වෙලාද?”
• “ඇයි අද එයා වෙනස් වෙලා වගේ හැසිරෙන්නේ?”
• “මට කියන්නේ නැති දෙයක් ඔහු/ඇය හංගගෙන ඉන්නවද?”

මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු නැතුව ඉන්නකොට,මනස තමන්ගෙම කතාවක් හදාගන්න පටන් ගන්නවා.

ඒත් ඒ කතා ගොඩාක් වෙලාවට ඇත්ත නොවෙයි. ඒවා සැකය සහ කනස්සල්ල වැඩි කරන සිතුවිලි.

“Overthinking ආරම්භ වෙන්නේ හිත තමන්ම හදාගන්න කතා වලින් නෙවෙයි. අපැහැදිලි හැඟීම්වල හිස් තැන් පුරවන්න උත්සාහ කරන නිසාවෙනි.” 🌫️

🔄 The Psychological Loop of Overthinking

දුර්වල සන්නිවේදනයක් (poor communication) ඇතිවුණාම මනස ඇතුළේ මේ වගේ මනෝ චක්‍රයක් ආරම්භ වෙනවා;

අපැහැදිලි පණිවිඩයක්

සැකය

නරක අර්ථකථන හෝ අනුමාන

Overthinking

චිත්තවේගීය මානසික පීඩනය

කාලය ගතවෙද්දී මේක නිසා ඇති වෙන්න පුළුවන්;

• අනවශ්‍ය වාද විවාද
• චිත්තවේගීය දුරස්ථභාවය
• අවිශ්වාසය වැඩි වෙනවා
• සම්බන්ධතාවයේ සමීපභාවය අඩු වෙනවා

ඇත්තටම ගැටලුව ගොඩාක් වෙලාවට සිදුවීමම නෙවෙයි.

ඇත්ත ගැටලුව වෙන්නේ
👉 ඒ සිදුවීම ගැන පැහැදිලි බවක් නොමැති වීමයි.

💬 How Communication Skills Reduce Overthinking

සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනයක් සම්බන්ධතාවයකට පුරෝකථනය කළ හැකි බවත් (predictability) සහ චිත්තවේගීය ආරක්ෂාවත් ඇති කරනවා. ❤️

සම්බන්ධතා පිළිබඳ පර්යේෂණ අනුව, විවෘතව සහ පැහැදිලිව කතා කරන ජෝඩු අතර චිත්තවේගීය විශ්වාසය (emotional trust) තවත් ශක්තිමත් වෙනවා.

පැහැදිලි සන්නිවේදනය නිසා හිතට අනුමාන කරමින් හිතන්න වෙන අවශ්‍යතාව අඩු වෙනවා.

ජෝඩු නිතරම මේ දේවල් ප්‍රකාශ කරන කොට:

❤️ සහතික කිරීම (reassurance)
👂 ඇත්තටම සවන් දීම (active listening)
🤝 චිත්තවේගීය පිළිගැනීම (emotional validation)

එතකොට මනසට “මේ සම්බන්ධතාවය ආරක්ෂිතයි” කියන Signal එක ලැබෙනවා.

ඒ ආරක්ෂිත හැඟීම ලැබෙන කොට,
සැකය සහ කනස්සල්ලෙන් පිරුණු සිතුවිලිත් ස්වභාවිකව අඩු වෙන්න පටන් ගන්නවා.

🧠 Emotional Reassurance Calms the Brain

Neuroscience අනුව පෙන්වන්නේ චිත්තවේගීය සහතික කිරීම (emotional reassurance) ඇතවෙන කොට cortisol වගේ මානසික ආතතියට සම්බන්ධ හෝමෝන අඩු වීමක් සිද්ධ වන බවය.

සම්බන්ධතාවයකදී පාර්ශවයක් මේ වගේ වචන කියන කොට:

• “ඔයාට දැනෙන හැඟීම මට තේරෙනවා.”
• “ඔයා මට වැදගත් කෙනෙක්.”
• “අපි මේ ප්‍රශ්නය එකට විසඳාගමු.”

එවිට ශරීරයේ Nervous System එක සන්සුන් වෙන්න පටන් ගන්නවා.

මනස භීතිකාවන් හෝ අනතුරු හොයමින් ඉන්න තත්ත්වය නවත්වනවා.

ඒ සමඟම,overthinking නිසා එන සිතුවිලිත් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා.

✨ 3 Communication Habits That Reduce Overthinking

1️⃣ Clarify Instead of Assuming

නිහඬතාවය නරක අර්ථයකින් හිතාගන්නවා වෙනුවට, සන්සුන්ව ප්‍රශ්නයක් අහන්න පුළුවන්;

“ඔයා අදහස් කළේ මොකක්ද කියලා මට තේරුම් ගන්න උදව් කරන්න පුළුවන්ද?”

පැහැදිලිව අහන ප්‍රශ්න වැරදි අනුමාන සහ සැක හටගන්න එක වළක්වනවා.

2️⃣ Practice Emotional Check-Ins

දිනපතා මිනිත්තු 10ක්වත් අරගෙන වගකීම් ගැන විතරක් නොවෙයි. හැඟීම් ගැනත් කතා කරන්න. ❤️

එහෙම කරනකොට සම්බන්ධතාවයේ චිත්තවේගීය අපැහැදිලිතාව හෝ සැකය ටිකෙන් ටික එකතු වෙලා යාම වළකිනවා.

3️⃣ Offer Reassurance Frequently

සරල සහතික කිරීමේ වචන කනස්සල්ල අඩු කරන්න පුළුවන්.

උදාහරණයක් විධියට :

❤️ “මම ඔයාව අගය කරනවා.”
🤝 “අපි එකම පැත්තේ ඉන්නේ.”
👂 “මම ඔයා වෙනුවෙන් මෙතන ඉන්නවා.”

මේ වචන සම්බන්ධතාවයේ චිත්තවේගීය ආරක්ෂාව සහ විශ්වාසය තව තවත් ශක්තිමත් කරන Signals .

විවාහ ජීවිතයේදි overthinking ගොඩාක් වෙලාවට හුදෙක් කල්පනාවෙන් පමණක් ඇතිවෙන දෙයක් නෙවෙයි.

ඒක ගොඩාක් වෙලාවට චිත්තවේගීය පැහැදිලි බවක් නොමැති අවස්ථාවල වැඩිවෙමින් යන දෙයක්.

සන්නිවේදනය වැඩිදියුණු වෙන කොට
සැකය සහ අපැහැදිලිතාව අඩු වෙන්න පටන් ගන්නවා.

සැකය අඩු වෙන කොට හිතත් සන්සුන් වෙන්න පටන් ගන්නවා.

overthinking අඩු කරන ඵලදායිම විසඳුම් වලින් තියෙන ඉතාම සරල දෙයක්;

👉 ඔයා ආදරය කරන පුද්ගලයාගෙන් “මාව තේරෙනවා” කියන හැඟීමත්, “ඔයා මට වැදගත්” කියන සහතිකයත් ලැබීම. 💞

ඔයාටත් ආදරණීයව විවාහ ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍යය නම් 076 627 56 69 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරළා සැසියකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.

ඒ වගේම ඔයාගේ විවාහයේ දුර්වල වෙච්ච සන්නිවේදනය ගොඩනඟන්න ශ්‍රීලංකාවෙ ප්‍රථම වරට Marriage Communication පිළිබඳව පවත්වන එකම භෞතික වැඩමුළුව වන Love Core : Core connect වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මාර්තු 15 ට ප්‍රථමව වැඩමුළුවට සම්බන්ධ වෙන ජෝඩු 15 සඳහා Special Early Bird Offer එකක් යටතේ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මේ අවස්ථාව තමන්ගෙ ආදර සම්බන්ධතාවය/විවාහය ආදරණීයව ගොඩනඟා ගන්න සැබැවින්ම අවශය පිරිසට පමණයි. වැඩමුළුව සමඟ සම්බන්ධ වීමට 075 955 15 51 අංකයට "Love" ලෙස සඳහන් කරළා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ඔෂාන් බමුණු ආරච්චි
Higher Diploma in Counseling Psychology

07/03/2026

💔 ඔයා කොයි විධියට කතා කළත් ඔයාගේ Husband පොඩ්ඩක්වත් ඔයාට ඇහුම්කන් දෙන්නේ නැද්ද ?

එක් හැන්දෑවක ඔයා ඔයාගේ හදවතේ තියෙන දේ කියලා බලන්න උත්සාහ කරනවා.

ඔයා ගොඩාක් සන්සුන්ව කතා කරනවා.
ඔයාගේ හිතට දැනෙන අසහනය පැහැදිලි කරනවා.දවස් කිහිපයක් පුරාවට ඔයාගේ හිතට බර වෙලා තිබුණ දේවල් ගැන විවෘතව කියන්න උත්සාහ කරනවා.

ඒත් ඔයාගේ Husband ටික වෙලාවක් ඔලුව හොල්ලලා අහගෙන ඉන්නවා.ඊට පස්සේ හදිසියේම වෙනත් මාතෘකාවකට කතාව මාරු කරනවා.

කතාව එතැනින්ම නතර වෙනවා.

ඔයාටත් කතා කරන එක නවත්තලා දාන්නට සිද්ධ වෙනවා.කියන්න දෙයක් නැති නිසා නෙවෙයි.

ඔයාගේ හිතට දැඩිව වැදුණු එක සිතුවිල්ලක් තියෙනවා;

💭 “ඔහු මගේ වචන අහගෙන හිටියා.
ඒත් ඔහුට මගේ හැඟීම් තේරුණේ නැහැ.”

විවාහ ජීවිතයේ මේ විධියට නිහඬව අසහනයට සහ අපහසුතාවයට පත් වෙන බොහෝ කාන්තාවන් හමුවෙනවා.

ඒ අය විවෘතව කතා කරන්න උත්සාහ කරනවා.
තමන්ට දැනෙන දේ පැහැදිලි කරන්නත් උත්සාහ කරනවා.

ඒත් ගොඩාක් වෙලාවට,කියපු වචන එක්ක තේරුම් ගැනීම නැතිවෙළා වගේ දැනෙන්න ගන්නවා.

කාලයත් එක්ක මේ තත්ත්වය එක් ගැඹුරු හැඟීමක් උත්පාදනය කරනවා.

ඊටපස්සෙ ඔයා ඔහු එක්ක ජීවත් වෙන කොට පවා තනි වෙනවා.

ආදරය තියෙන විවාහයක ඇතුළෙ වුණත්
හිත ඇතුළෙ නිහඬව ඇතිවෙන ගැඹුරු තනිකම අතිශයින්ම භයානකයි. 💔

🧠 What Psychology Reveals About This Problem

දශක ගණනාවක් පුරාවට සිද්ධ කරපු සම්බන්ධතා පර්යේෂණ අපට මේ දේ සිද්ධ වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න උදව් කරනවා.

ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයන් දහස් ගණනක් ජෝඩු අධ්‍යයනය කරලා සම්බන්ධතාවය කාලයත් සමඟ බිඳ වැටෙන්න හේතු වෙන
විනාශකාරී සන්නිවේදන රටා හතරක් හඳුනාගෙන තියෙනවා.

මෙම රටා හඳුන්වන්නේ “Four Horsemen of Communication” කියලා.

මේ චර්යා රටා හෙමින් හෙමින්
සම්බන්ධතාවයක තියෙන ආරක්ෂිත හැඟීම හා
හැඟීම් බෙදාගන්න පුළුවන් හැකියාව දුර්වල කරලා දානවා.

ඒක සිද්ධ වෙන්නේ එකපාර නෙවෙයි.
ඉතා හෙමින් සංවාදයන් තුළින්, කුඩා ප්‍රතිචාරවලින්,සවන් නොදීමෙන් , නොතේරෙන බවෙන්.

ඒ ගැන ඔහු කියන වැදගත් සත්‍යයක් තියෙනවා;

💬
“ජෝඩු අතර ඇතිවෙන වාද කීයක්ද කියන එක නෙවෙයි.විවාහයක් බිඳ වැටෙයිද කියලා තීරණය කරන්නේ.ඔවුන් වාද කරන්නේ කොහොමද කියන එකයි.”

විවාහ ජීවිතයේ ගැටලු හුඟාක් වෙලාවට
සිද්ධි වලින් නොවෙයි… කතා කරන විදිහෙන් හදෙනවා.

සම්බන්ධතා පිළිබඳ පර්යේෂණවලින් හඳුනාගෙන තියෙන විවාහයට හෙමින් හෙමින් හානි කරන සන්නිවේදන රටා 4ක් තියෙනවා.

⚠ Criticism (චරිතයට ප්‍රහාර කිරීම)
ගැටලුව ගැන කතා කරනවා වෙනුවට, සෘජුවම පුද්ගලයාටම වැරද්ද දානවා.
උදාහරණය:
“ඔයාට මගේ හැඟීම් ගැන කවදාවත්ම කිසිම වැදගත්කමක් නැහැ.”
මෙහෙම වචන ඇහෙද්දී, අනෙක් පුද්ගලයාට දැනෙන්නේ තමන්ට ප්‍රහාරයක් එල්ල වුණා වගේ.

⚠ Defensiveness (ආරක්ෂා වෙලා ප්‍රතිචාර දීම)
අනෙක් අය කියන දේ තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනුවට,
“ඒක මගේ වැරැද්ද නෙවෙයි” කියලා හේතු දාලා හෝ වරද අනිත් අයට මාරු කරන එක.

⚠ Contempt (අවමානය සහ අගෞරවය)
කටුක විහිළු, Mock කරනවා, හෙළා දමනවා හෝ අගෞරවයෙන් කතා කරනවා.
මේ චර්යා සම්බන්ධතාවයේ ගෞරවය සහ විශ්වාසය ඉතා වේගයෙන් බිඳ වැටෙනවා.

⚠ Stonewalling (නිහඬව වෙන්වී යාම)
කතාබහ අතරතුර නිහඬව ඉන්න එක, ප්‍රතිචාර නොදක්වන එක, හෝ කතාබහෙන්ම ඉවත් වෙනවා.ඒකෙන් අනෙක් පුද්ගලයාට දැනෙන්නේ
“මගේ කතාවට කිසිම වටිනාකමක් නැහැ” කියලා.

මේ වගේ හැසිරීම් සම්බන්ධතාවයක නිතර නිතර වෙන්න පටන් ගත්තොත්,කතා කරන එකත් අනාරක්ෂිත බවක් දැනෙන දෙයක් වෙනවා.

ඒ වෙලාවට බොහෝ කාන්තාවන්ගේ හිතට හෙමින් හෙමින් තමන්ව කඩාගෙන වැටුණා වගේ හැඟීමක් එනවා.

“මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”
“මාව තේරුම් ගන්නේ නැහැ.”
“මම මෙතන ඉන්නවා… ඒත් මාව දකින්න කවුරුත් නැහැ වගේ.”

එතනින් පටන් ගන්නවා විවාහයක ඇතුළේදිම ඇතිවෙන නිහඬ තනිකම දැනෙන්න.කෙනෙක් සමඟ ජීවත් වෙන කොට පවා හිත ඇතුළේ තනිවෙලා කියන ඒ හැඟීම දැනෙන්න පටන් ගන්නවා. 💔

🌱 Three Proven Strategies That Improve Communication

හොඳ ආරංචියක් තියෙනවා.සන්නිවේදන රටා වෙනස් කරගන්න පුළුවන්.සම්බන්ධතා මනෝවිද්‍යාව අනුව, කතා කරන විදිහ ටිකක් වෙනස් කළොත් විවාහයේ අවබෝධය සහ සමීපත්වය නැවත ගොඩනගා ගන්න පුළුවන්. 💞

❤️ 1. Start Conversations Gently

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා තියෙන ජෝඩු
තමන්ගේ ගැටලු වැරදි විධියට දාලා කතා කරන්නේ නෑ.තමන්ගෙ හැඟීම් පැහැදිලි කරමින් කියනවා.

උදාහරණය:

❌ “ඔයා කවදාවත්ම මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”
✅ “මේ ගැන අපි කතා නොකරන ඉන්න කොට මට ඇහුම්කන් දෙන්නේ නෑ වගේ දැනෙනවා.”

පර්යේෂණ අනුව කියන්නේ,සන්සුන්ව ආරම්භ කරන සංවාද ධනාත්මක අවසානයක් වෙන්න තියෙන හැකියාව වැඩියි කියලා. 💬💞

👂 2. Practice Active Listening

සවන් දීම කියන්නේ වචන විතරක් අහගෙන ඉන්න එක විතරක් නෙවෙයි.අනෙක් පුද්ගලයාගේ හැඟීම් තේරුම් ගැනීමත් අදාල වෙනවා.

මානවවාදී මනෝවිද්‍යාඥයන් කියන්නේ,
සහකම්පනයෙන් (empathy) ඇහුම්කන් දීම සම්බන්ධතාවයකට විශාල සුවයක් ගෙනෙනවා කියලා.

ඒක මේ විධියට පැහැදිලි කරනවා;

💬
“කෙනෙක් ඔයව විනිශ්චය නොකර ඇත්තටම අහගෙන ඉන්න කොට,ඒක හිතට පුදුම සැනසීමක් ගේනවා.”

ඔයාගේ ජීවන සහකාරියට/සහකරුවාට
“මාව ඇත්තටම අහගෙන ඉන්නනවා” කියලා දැනෙන වෙලාවට,චිත්තවේගීය සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. 💞

🤝 3. Validate Feelings Before Solving Problems

ගොඩාක් විවාහ ගැටලු වැඩි වෙන්නේ ජෝඩු හැඟීම් පිළිගන්න කලින්ම ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන නිසාවෙනි.

ඒ වෙනුවට සරල හැඟීම් පිළිගැනීමකින් (validation)සංවාදයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.

💬 “ඔයා ඒක නිසා කලබල වුණේ ඇයි කියලා මට තේරෙනවා.”

සම්බන්ධතා මනෝවිද්‍යාඥ
Sue Johnson මෙහෙම කියනවා;

💬
“ශක්තිමත්ම සම්බන්ධතා ගොඩනැගෙන්නේ
හැඟීම් වලට ප්‍රතිචාර දෙන හැකියාව මතය.”

ජීවන සහකාරියට/සහකරුවාට
“මගේ හැඟීම් තේරෙනවා, මාව අතහැරලා දාලා නැහැ” කියලා දැනෙන වෙලාවේදි සමීපත්වය, විශ්වාසය, සහ ආදරය තව තවත් ගැඹුරු වෙනවා. 💞

ගොඩාක් විවාහ බිඳ වැටෙන්නේ ආදරය නැතිවෙන නිසා නෙවෙයි.

ඒවා හෙමින් හෙමින් බිඳෙන්නේ කතා කරන එක ආරක්ෂිත දෙයක් වගේ නොදැනෙන නිසා.

ඔයාත් මේ අත්දැකීම්වලට මුහුණ දෙනවාද?

ඔයා කතා කරනවා…
ඔහු අහගෙන ඉන්නවා…

ඒතකොත හිතට එන්නේ එක සිතුවිල්ලක් විතරයි;

💭 “ඔහුට මගේ හිත තේරෙන්නේ නැහැ…”

මනෝවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව කියන්නේ,සම්බන්ධතාවයක හැඟීම් තේරුම් ගන්නා බව දැනෙන වෙලාවේදි මිනිස් මනස තුළ විශ්වාසය සහ සම්බන්ධතාවය වැඩි කරන Nervous System එකේ ප්‍රතිචාර සක්‍රීය වෙනවා.

ඒ නිසාම සම්බන්ධතාවයක
විශාල වෙනසක් ආරම්භ වෙන්නේ
ඉතා සරල දෙයකින්.

💬 ඇත්තටම සවන්දීම තමා සැබෑම විසඳුම.

විසඳුමක් දෙන්න නෙවෙයි ඇය/ඔහු බලාපොරොත්තු වෙන්නේ.ඔයා ආදරය කරන පුද්ගලයාගේ හිත තේරුම් ගන්න.

මොකද ගොඩාක් වෙලාවට හදවතට අවශ්‍යම දේ විසඳුමක් නෙවෙයි.

“මාව තේරෙනවා” කියලා දැනෙන ඒ ආරක්ෂිත හැඟීම විතරයි අවශ්‍යය වෙන්නේ. 💞

ඔයාටත් ආදරණීයව විවාහ ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍යය නම් 076 627 56 69 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරළා සැසියකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.

ඒ වගේම ඔයාගේ විවාහයේ දුර්වල වෙච්ච සන්නිවේදනය ගොඩනඟන්න ශ්‍රීලංකාවෙ ප්‍රථම වරට Marriage Communication පිළිබඳව පවත්වන එකම භෞතික වැඩමුළුව වන Love Core : Core connect වැඩමුළුව සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මාර්තු 15 ට ප්‍රථමව වැඩමුළුවට සම්බන්ධ වෙන ජෝඩු 15 සඳහා Special Early Bird Offer එකක් යටතේ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.මේ අවස්ථාව තමන්ගෙ ආදර සම්බන්ධතාවය/විවාහය ආදරණීයව ගොඩනඟා ගන්න සැබැවින්ම අවශය පිරිසට පමණයි. වැඩමුළුව සමඟ සම්බන්ධ වීමට 075 955 15 51 අංකයට "Love" ලෙස සඳහන් කරළා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

වැඩමුළුවට අදාලව සියලු විස්තර දැනුවත් වීමට පහත Whatsapp Group එක සමඟ සම්බන්ධ වෙන්න👇
https://chat.whatsapp.com/HbKF1NcoZkSIihnhljFZ0G?mode=gi_t

ඔෂාන් බමුණු ආරච්චි
Higher Diploma in Counseling Psychology

07/03/2026
22/08/2025

🧠✨ අත්දැකීම් සහ වයස අතර සම්බන්ධය පිළිබඳ පැහැදිලි කිරීම

බොහෝ විට අපේ සිතේ තියන අදහස – වයස වැඩි පුද්ගලයන්ට අත්දැකීම් වැඩි කියලා. නමුත්, අත්දැකීම් කියන්නේ වයසින් තීරණය වන දෙයක් නොවේ. වයස වැඩි වීමත් සමඟ ස්වයංක්‍රීයව අත්දැකීම් වැඩේනවා කියලා හිතන්නෙත් වැරදියි.

📚 අත්දැකීම් කියන්නේ මොකක්ද?

අත්දැකීම් කියන්නේ පුද්ගලයෙකු සතුව ඇති:

📖 දැනුම 🌱 ආකල්ප 🛠️ කුසලතා

මෙම තුනම එකට එකතු වෙලා ඇති එකතුවක්.
මේ නිසා පුද්ගලයෙක්ට හොඳ තීරණ ගන්න, 🗣️ උපදේශනයක් දීමට හෝ ක්‍රියාවක් හොඳින් කරන්න හැකි වෙනවා.

🤔 වයස වැඩි පුද්ගලයෙක්ගේ අත්දැකීම් සෑම විටම ප්‍රයෝජනවත්ද?

නැහැ. 🙅‍♂️
වයස වැඩි වුණත්, ඔහුගේ දැනුම 🧩, ආකල්ප ❤️, කුසලතා ⚙️ යාවත්කාලීන නොවී නම්, ඔහුගේ අත්දැකීම් අලුත් පරපුරට ප්‍රයෝජනවත් නොවිය හැක.

👨‍🏫 වයස 60ක් වූ ගුරුවරයෙක් නව තාක්ෂණය නොදැන සිටී නම්, ඔහුගේ උපදේශනය අලුත් තාක්ෂණය ඉගෙන ගන්නා සිසුන්ට ප්‍රයෝජනවත් නොවිය හැක.

👨‍💻 වයස 30ක් වූ තාක්ෂණවේදියා දැනුම, ආකල්ප සහ කුසලතා තියෙන්නෙ හොඳින් කියලා, ඔහුගේ අත්දැකීම් අලුත් වැඩකට හොඳ උපදේශනයක් විය හැක.

🧭 අපි කවුරුන්ගෙන් පුහුණුව හෝ උපදේශනය ලබා ගත යුතුද?

අපිට 🧠📚❤️ වයසට නොබැඳී, දැනුම, ආකල්ප සහ කුසලතා හොඳින් එකතු කරගෙන සිටින පුද්ගලයන්ගෙන් උපදේශනය හෝ පුහුණුව ලබා ගත යුතුය.
එවිට පමණක් අපට සත්‍ය අර්ථයෙන්ම ප්‍රයෝජනවත් අත්දැකීම් ලැබෙනවා.

✨ අත්දැකීම් වයසින් තීරණය නොවේ.
✨ අත්දැකීම් කියන්නේ දැනුම, ආකල්ප, කුසලතා එකතුවක්.
✨ වයස වැඩි වීම අත්දැකීම් ස්වයංක්‍රීයව වැඩෙන එකක් නොවේ.
✨ හොඳ උපදේශනයක් සඳහා, මෙම තුනම අංග හොඳින් ඇති පුද්ගලයන්ගෙන් උපදේශනය ලබා ගත යුතුය.

🌱💡 මේ මගින් අපිට තේරුම් ගන්න පුළුවන්:
වයසට නොබැඳී, ගුණාත්මක අත්දැකීම් සහ උපදේශනය ලබා ගැනීමේ වැදගත්කම! 🌟



සඳුන් ඩයස්
Life Coach

#මෝහනචිකිත්සක #මෘදුකුසලතා #පෞරුෂසංවර්ධන

22/08/2025

එක්තරා නම් ගමක තරුණයෙක් ජීවත් වුණා. ඔහුගේ ජීවිතය හරිම අභියෝගාත්මකයි. පවුලේ දුප්පත්කම, අධ්‍යාපනයේ අඩු පහසුකම්, සහ සමහර විට සමාජයේ විවේචනත් ඔහුට නිතරම බාධක වුණා.

එහෙත් ඔහුගේ හදවතේ තිබුණේ අසීමිත සිහිනක් – ඔහුට අධ්‍යාපනය හරහා සාර්ථක වෙලා, තම පවුලටත් සමාජයටත් ගරු කරන මනුෂ්‍යයෙක් වෙන්න.

අනෙක් අය කිව්වා:
“ඔයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.”
“ඔයාට ඒක කරන්න බැ.”

ඒවා ඔහුට බාධාවක් නොවී, ඇතුළත ගිනි කන්දක් වගේ දැල්වී ඔහු තව තවත් උත්සාහ කළා. දවසෙන් දවස අඩු ආරම්භයෙන් පටන් ගෙන, උදේ සිට රාත්‍රි යන තුරු ඉගෙන ගෙන අසමත් උවත් උත්සාහ ගත්තා, නමුත් ඔහුගේ ඇස් කිසිදා අරමුණෙන් නොඉවත ගියා.

වසර කිහිපයකට පසු, ඔහු තම සිහින සාර්ථක කළේය. උගත් අය අතරේ උසස් තනතුරක් දරන, ගමටත් පවුලටත් ආදර්ශ මිනිසෙක් බවට ඔහු පත්වුණා.

“ජයග්‍රහණය කියන්නේ බාධක නැතිව සාර්ථක වීම නොවෙයි.
බාධක මගහැර ගියත් නැතිව, ඒවා මතට නැගී ඉදිරියට යාමයි.”

22/08/2025

Like this page ❤️🥳👍✨️🥳

https://www.facebook.com/share/1afVzEzy8K/

Dream Squad Training Institute Dream Squad Training Institute a registered training institute dedicated to transforming lives through innovative learning.
We help individuals and organizations to unlock their true potential, build confidence, and achieve lasting success.🇱🇰

17/04/2025

Dream Squad Hutch Sri Lanka Unilever Rotary International Maliban Biscuits ICC - International Cricket Council Lions Clubs International Sri Lanka Navy J'pura Adventure Club Dialog Axiata International Airline & Aviation College - IAAC Sri Lanka Airtel Careers Sri Lanka Equest Institute of Higher Education Vendol Resort Leo Lions Club of Colombo Capital Commercial Bank of Ceylon PLC Sanduni Ruwanthika Cameron Coble Janashakthi Insurance Plc. Campus අපි ❤

Team Building & Corporate Games Training Program

"Unlock Your Leadership Potential – Master Soft Skills & Teamwork!"

What You’ll Gain:

🎯 Soft Skills & Leadership Workshop – Improve communication, confidence & strategic thinking

💡 Stress Management & Employee Engagement – Create a positive workplace culture

📌 1-Day Intensive Program | Physical Training
📢 Limited Seats – Register Now
📍 Location - Piliyandala
🪙 Course Fee - 5000/=Lkr

📞 Call/WhatsApp: +94 75 9 551 551
📩 Email: [email protected]

Want your business to be the top-listed Gym/sports Facility in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Matale