25/08/2026
බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීමෙන් තිලිණගම දීප්ති ක්‍රීඩා සමාජය සංවිධාන කරනු ලබන ආධුනික වොලිබෝල් තරගාවලිය 2026.
දිනය - අගෝස්තු 30
වේලාව - උදෑසන 10 සිට
ස්ථානය - තිළිණගම දීප්ති ක්‍රිඩා සමාජ පිටියේදී
23/05/2026
🙏 සැදැහැ සිතින් දෙන දානය මහත්ඵල මහානිසංස වේ...✨🤍🥺
සිත් පුරා බුදු ගුණ සිහිපත් කරන, මෙත් සිසිලෙන් ලෝකයම නිවී සැනසෙන උතුම් වෙසක් මංගල්‍යය එළඹෙමින් පවතිනවා. ශ්‍රී ලාංකේය අපිට වෙසක් කියන්නේම තමන් සතු දෙයින් අනුන් සනසන, පරිත්‍යාගයේ සහ එකමුතුකමේ උතුම් ආගමික උත්සවයයි. 🧘
🌸 අන්න ඒ පින්බර අරමුණ පෙරදැරි කරගෙන, තිළිණගම අපේ ගම්වාසීන්ගේ දෑත්වල ශක්තියෙන් සහ හදවත්වල බැඳීමෙන්, මෙවරත් අපේ සාඩම්බර අතීතය අලුත් කරමින් **75 වන වරටත්** පවත්වනු ලබන **"මහා බත් දන්සල"** වෙසක් පොහෝ දිනට ලැස්ති කරලා තියෙන්නේ.🏮❤️
වසර 75ක් පුරාවට, පරම්පරා ගණනාවක ආශිර්වාදය මැද නොබිඳී ආපු මේ පින්කම, මෙවරත් ඉතාමත් පිරිසිදුව වගේම ආදරයෙන් පිළියෙල කරපු රසවත් ව්‍යංජන රැසක් සමඟින් **මීරිගම හාපිටිගම අධ්‍යාපන විද්‍යාපීඨය අසලදී** දිගහැරෙනවා. 🍛💛
වෙසක් සිරි නරඹන්න යන එන,🚗 මීරිගම හරහා ගමන් ගන්නා, දුරබැහැ සැදැහැවත් ඔබ සැමටම කුසගින්න නිවාගෙන සතුටින් යන්න එන්න කියලා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබේ පැමිණීම අපිට ලොකු සතුටක් වගේම ආශිර්වාදයක්! 🙌✨
📌 මතක තබා ගන්න:
🗓️ දිනය:÷ උතුම් වූ වෙසක් පොහෝ දින
⏰ වේලාව:÷ දහවල් 12.00 සිට
📍 ස්ථානය:÷මීරිගම හාපිටිගම අධ්‍යාපන විද්‍යාපීඨය අසල
{ https://maps.app.goo.gl/zF9CarQjV2AQ9btw5 }
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"(සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී.) 🙏☸️
ඔබේ පවුලේ ආදරණීයයන්, යාළු මිත්‍රාදීන් හැමෝමත් එක්කම ඇවිත් යන්න එන්න. මේ ලස්සන පින්බර පණිවිඩය අනෙක් අයටත් පේන්න Facebook එකේ **Share** කරලා උදව් වෙන්න. 🤝 උතුම් තෙරුවන් සරණයි...! 🌸🌟
21/05/2026
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වූ තිළිණගම ග්‍රාමයේ ඉපිද දීප්ති ක්‍රිඩා සමාජයේ ක්‍රීඩාවට අත්පොත් තැබූ දිල්කි චාරුකා ඔබට අපගේ සුභාසින්ශන ❤️
10/05/2026
Spin Rider නිර්මාතෘ සජින සිත්මල් මහතාගේ ආදරණීය පියානන්ගේ අභාවය පිළිබඳ දීප්ති ක්‍රීඩා සමාජයේ අපගේ සාතිශය සංවේගය
Spin Riders Club
22/03/2026
Late Post
ග්‍රාම සේවා කොට්ඨාස වොලිබෝල් තරග ශූරතාවය තිළිණගම දීප්ති ක්‍රිඩා සමාජය ❤️🫶
24/11/2025
2025 මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගි වී ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම නියොජනය කල H.M.ටෂිනි භාග්‍යා ප්‍රභාකුමාරි ක්‍රිඩිකාවට උපහාර දැක්වීම දීප්ති ක්‍රිඩා සමාජය විසින් දිප්ති ක්‍රීඩා පිටියේදී සිදු විය.
12/11/2025
දිප්ති ක්‍රීඩා සමාජයෙ නිර්මාතෘ තිළිණගමට වොලිබොල් ක්‍රිඩාවෙන් ගෞරවයක් අත්කරදුන් තිළිණගම වොලිබොල් පියානනි ඔබ තුමාට නීදුක් නීරොගිමත් සුබ ජන්ම දිනයක් වේවා චිරං ජයතු 🙏🙏 දිප්ති ක්‍රිඩා සමාජයේ සියලුම සාමාජිකයන්ගේ ආචාරය🙏🙏❤️❤️❤️තෙරැවන් සරනයි 🙏🙏❤️❤️🏐🏐💐💐❤️❤️