16/02/2026
•වේවැල්පනාව සිරි සුදර්ශනාරාමයේ විහාරාධිපති ගරු බෝපේ ඉන්ද්රජෝති ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වේවැල්පනාව තරුණ කැල විසින් සංවිධානයකල අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබන්නන් වෙත තැඹිලි ලබාදීමේ දානය සහ ඖෂධ පරිත්යාග කිරීමේ සත්කාරය අද දින සාර්ථකව සිදුකරන ලදී.
•මෙහිදී සිසිර ගුණසේකර අනුස්මරණ ක්රිකට් තරගාවලියෙන් ඉතිරි වූ මුදලද සමග රු.167 500 ක වටිනාකමකින් යුත් අත්යාවශ්ය ඖෂධ අපේක්ෂා රෝහල වෙත පරිත්යාග කිරීම සහ තැඹිලි ගෙඩි 1900ක් පමණ නේවාසිකව ප්රතිකාර ලබන්නන් හට පරිත්යාග කිරීමට අපට හැකියාව ලැබුණි.
•මෙම කර්තව්යය සාර්ථක කරගැනීම සදහා තැඹිලි ලබාදීම , මුදල් පරිත්යාග කිරීම , ප්රවාහන පහසුකම් ලබාදීම හා ශ්රමය ඇතුලු අනෙකුත් පහසුකම් ලබාදීම සදහා විශාල පිරිසක් අප සමග එකතු විය .
• එලෙස මෙම කර්තව්යය සාර්ථක කරගැනීමට අප සමග එක්වූ ප්රදේශ වාසී ඔබ සියලු දෙනාත් පින්නවල, උග්ගල්ල පිටුම්පේ, දිද්දෙණිය ගම්වාසී සියලු දෙනා වෙතත් අපගේ ගෞරවනීය ස්තූතිය මෙලෙස පුදකර සිටිමු.
• යළි යළිත් මෙවන් සත්ක්රියාවන් වෙනුවෙන් ඇපකැප වීමට පින්සිත් පහල වේවා ! යැයි මෙත් සිත් පෙරදැරිව ප්රාර්ථනා කර සිටිමු ! 🙏🙏