V Fit

Directions

V Fit Certified Coach | 5+ Years Experience 🏋️‍♂️
Transform your body & habits — Online Coaching 💪
Custom Workout + Meal Plans 📋

📲 WhatsApp 👉 wa.me/94777694713

Chest Muscle Growth — මගේ Personal Ratings Exercise එකක් තෝරද්දී මම බලන වැදගත් දේවල් 3ක් තියෙනවා. 1️⃣ StretchWeight එක ප...
06/10/2026

Chest Muscle Growth — මගේ Personal Ratings

Exercise එකක් තෝරද්දී මම බලන වැදගත් දේවල් 3ක් තියෙනවා.

1️⃣ Stretch
Weight එක පහළට ගේනකොට muscle එකට හොඳ stretch එකක් දැනෙන්න ඕන.

2️⃣ Tension
Movement එක පුරාවටම target muscle එකට හොඳ tension එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන.

3️⃣ Progression
කාලයත් එක්ක reps වැඩි කරන්න හරි, weight එක වැඩි කරන්න හරි පුළුවන් වෙන්න ඕන.

මේ දේවල් 3 තියෙන exercise එකක්,මට නම් හොඳ exercise එකක්.

Workout කරලා මට තේරුණු දේවල් 🏋️
05/10/2026

Workout කරලා මට තේරුණු දේවල් 🏋️

04/10/2026

Protein කියන්නේ මොකක්ද?

අපි හැමෝම Protein ගැන අහලා තියෙනවා.
හැබැයි “Protein කියන්නේ ඇත්තටම මොකක්ද?” කියලා ඇහුවොත් සමහර අයට පැහැදිලි නෑ.

සරලව කිව්වොත්, Protein කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂකයක්.

Protein හැදිලා තියෙන්නේ amino acids කියන කුඩා කොටස් වලින්.

අපේ ශරීරයේ muscle, skin සහ වෙනත් tissues maintain කරන්න සහ repair කරන්න මේ amino acids අවශ්‍ය වෙනවා.

👨‍👩‍👧‍👦 Gym කරන අයට විතරද Protein ඕන?

නෑ. Protein අවශ්‍ය වෙන්නේ gym කරන අයට විතරක් නෙවෙයි. අපි හැමෝටම Protein අවශ්‍යයි.

Gym නොයන කෙනෙක්ටත් body එකේ tissues maintain කරන්න, repair කරන්න සහ සාමාන්‍ය ශරීර ක්‍රියාකාරකම් සඳහා protein අවශ්‍ය වෙනවා.

සාමාන්‍ය healthy adult කෙනෙක් සඳහා දවසකට body weight 1 kgකට protein 0.8 gක් පමණ general minimum recommendation එකක් ලෙස භාවිතා කරනවා.

උදාහරණයක්:

70 kg කෙනෙක් → 70 × 0.8 = 56 g protein/day

හැබැයි මේ ප්‍රමාණය හැමෝටම එකම විදිහට apply වෙන්නේ නෑ. Age, activity level, training සහ health status අනුව අවශ්‍යතාව වෙනස් වෙන්න පුළුවන්.

Gym කරන කෙනෙක්ට muscle build කිරීම හෝ maintain කිරීම අරමුණ නම්, protein intake එක ගැන තවත් වැඩි අවධානයක් දෙන්න වෙනවා.

💪 Gym කරන කෙනෙක්ට Protein ඇයි වැදගත්?

අපි weights train කරනකොට muscle එකට mechanical tension එකක් ලැබෙනවා.

ඒක muscle එකට “මේ වැඩේට adapt වෙන්න ඕන” කියන training signal එකක් වගේ.

ඊට පස්සේ body එක muscle එක repair කරලා training එකට adapt වෙන්න උත්සාහ කරනවා.

මේ process එකට අවශ්‍ය amino acids protein වලින් ලැබෙනවා.

ඒ නිසා gym එකේ training කරනවා වගේම, කෑමෙන් ප්‍රමාණවත් protein ලැබෙනවද කියන එකත් බලන්න ඕන.

🍗 Protein ගන්න පුළුවන් කොහෙන්ද?

අමුතුවෙන් complicated foods ඕන නෑ.

සාමාන්‍ය කෑම වලින්ම protein ගන්න පුළුවන්.

🥚 Eggs
🍗 Chicken
🐟 Fish
🥩 Meat
🥛 Milk / yoghurt
🫘 Dhal & beans
🌱 Soy / tofu

🤔 “Protein කෑවොත් muscle හැදෙනවද?”

Protein කෑවට විතරක් muscle හැදෙන්නේ නෑ.

Muscle එකට training stimulus එකක් දෙන්න ඕන.

ඒ වගේම ප්‍රමාණවත් protein සහ හොඳ recovery එකක් තියෙන්න ඕන.

🏋️ Training → Muscle එකට training signal එක
🍗 Protein → අවශ්‍ය amino acids
😴 Recovery → Body එකට adapt වෙන්න අවස්ථාව

ඒ නිසා Protein කියන්නේ muscle හදන magic food එකක් නෙවෙයි.

හැබැයි අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂකයක්.

විශේෂයෙන් muscle build කරන්න හෝ maintain කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට, adequate protein intake එක තවත් වැදගත්. 💪

DM for online coaching
📞 0777694713

03/10/2026

Single-Arm Row Machine

Back එක train කරනකොට මම කැමති exercise එකක්.
එක් පැත්තක් වෙන වෙනම train කරන්න පුළුවන් නිසා lat එකට focus කරන්නත්, movement එක control කරන්නත් ලේසියි.

Weight එක වැඩි කරන එකට වඩා full range of motion + controlled reps + progressive overload වලට focus කරන්න.

Train smart. Build strong. 💪

Gym එකේ progress එකක් ආවම ඒක post කරන්න ලැජ්ජා වෙන්න එපා මචං. සමහරු හැම weekend එකකම බීලා, party කරලා Chill එකේ ඉන්න එකත...
25/09/2026

Gym එකේ progress එකක් ආවම ඒක post කරන්න ලැජ්ජා වෙන්න එපා මචං.

සමහරු හැම weekend එකකම බීලා, party කරලා Chill එකේ ඉන්න එකත් post කරනවා.

එහෙනම් ඔයා gym එකේ මහන්සි වෙලා, කෑම control කරලා, discipline එකෙන් වැඩ කරලා හදාගත්ත progress එකක් post කළාම මොකද වෙන්නේ?

ඒ body එක හැදුවේ එක දවසකින් නෙවෙයි.

එපා වෙච්ච දවස් තිබුණා…
Workout කරන්න හිත නැති දවස් තිබුණා…
ඒත් කොහොම හරි ඔයා එක continue කරා

ඉතින් ඒ progress එක ගැන proud වෙන්න. 💪

අනිත් අය මොනවා හිතයිද කියලා හිත හිත ඉන්න එපා.

ඔයාගේ journey එක ඔයාට වැදගත් නම්, ඒක celebrate කරන්න.

Keep going. 🏋️‍♂️

19/09/2026

🚗 අපේ Body එකත් හරියට වාහනයක් වගේ… හැබැයි එක වෙනසක් තියෙනවා.
අපි අපේ වාහනයට හොඳම parts, හොඳ engine oil, හොඳ fuel දාලා පාවිච්චි කරන්න බලනවා නේද?

වාහනයේ පොඩි problem එකක් ආවත්,
“පස්සේ බලමු” කියලා ඉන්නේ නැහැ.
Service එකට දානවා, oil change කරනවා, tyres check කරනවා…

හැබැයි අපේ Body එක ගැන? 🤔

දවස පුරා energy ඕනේ.
Muscles repair වෙන්න ඕනේ.
Brain එක වැඩ කරන්න ඕනේ.
Bones, heart, immune system ඇතුළු ශරීරයේ හැම system එකක්ම වැඩ කරන්න ඕනේ.

ඒ හැමදේකටම අපි කන ආහාරයෙන් ලැබෙන nutrients අවශ්‍යයි.

🥩 Protein – muscle repair & maintenance සඳහා
🍚 Carbohydrates – ශරීරයට energy සඳහා
🥑 Healthy fats – cells සහ hormone functions සඳහා
🥦 Vegetables & fruits – vitamins, minerals & fibre සඳහා
💧 Water – hydration සහ normal body functions සඳහා

ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැමදාම “clean food” විතරක් කන්න ඕනේ කියන එක නෙවෙයි.

Pizza එකක් කෑවට, cake එකක් කෑවට body එක එකපාරටම change වෙන්නේ නැහැ.

වැදගත් වෙන්නේ ඔයාගේ overall eating pattern එක.

👉 වැඩිපුර nutrient-dense foods ගන්න
👉 ප්‍රමාණවත් protein ලබා ගන්න
👉 vegetables & fruits එකතු කරගන්න
👉 daily water intake එක complete කරගන්න
👉 dali අවශ්‍ය calories ටික ඇගට ලබාගන්න
👉 highly processed foods & sugary drinks කන එක අඩුකරන්න

අපි වාහනයට fuel දාන්නේ ඒක අපිව ගෙනියන නිසා.

අපේ Body එක?

අපි ජීවිතය ගත කරන්නේ මේ Body එක ඇතුළේ. ❤️

ඒ නිසා අද ඉඳන් කෑම කනකොට එක ප්‍රශ්නයක් අහන්න:

“මේක මගේ body එකට අවශ්‍ය දෙයක්ද, නැත්නම් මගේ බඩ පුරවන්න විතරක්ද?” 🤔

🚗 වාහනයක් maintain කරනවා වගේම…Body එකත් maintain කරන්න.

මේ නිසා තමයි මගේ Online Coaching එකෙන් ඔයාට උදව් කරන්නේ.

හොඳට කන්න ඕනේ කියලා දැනගෙන හිටියත්, තමන්ගේ goal එකට ගැළපෙන විදිහට මොනවාද කන්න ඕනේ, කොච්චර කන්න ඕනේ ද, workout එක කොහොමද කරන්න ඕනේ කියන එක ගොඩක් අයට කරන්න අමාරු දෙයක්

හැමෝටම එකම diet එකක්වත්, එකම workout plan එකක්වත් හරි යන්නේ නැහැ.

ඒ නිසා මගේ Online Coaching එකේදී ඔයාගේ goal, body measurements, lifestyle සහ activity level එක අනුව plan එක personalize කරලා guide කරනවා.

🥗 Personalized Nutrition Plan
🏋️ Goal-based Workout Plan
📊 Weekly Progress Tracking
🔄 Progress අනුව Plan Adjustments
💬 Ongoing Support & Guidance

මගේ අරමුණ plan එකක් දීලා නවතින එක නෙවෙයි.

ඔයාට කෑම, training සහ lifestyle එක long-term maintain කරගන්න පුළුවන් විදිහට guide කරන එකයි.

📩 ඔයාගේ fitness goal එකට ගැළපෙන Online Coaching ගැන වැඩි විස්තර දැනගන්න මට DM කරන්න.

Whatsapp - 0777694713

17/09/2026

🏋️‍♂️ Use it. Lift it. Rerack it.

Gym etiquette කියන්නේ rules follow කරන එක විතරක් නෙවෙයි. අනිත් අයගේ workout experience එකට respect කරන එකත්. 🤝

ඔයා weight එක use කරලා ඉවර වුණාම, ඒක ආපහු rack එකට දාන්න මතක තියාගන්න .

✅ Gym එක neat & safe තියාගන්න පුළුවන්
✅ අනිත් කෙනාට equipment හොයාගන්න ලේසි
✅ Trip hazards වගේ unnecessary risks අඩු වෙනවා
✅ හැමෝටම තමන්ගේ workout එක smoothly කරගන්න පුළුවන්

ඔයාට පස්සේ gym එක use කරන කෙනා ගැනත් හිතන්න.

Use it. Lift it. Rerack it.
Respect the next person. 💪

🏋️ “වයසට යනකොට Strength Training ඇයි අනිවාර්ය?”වයස වැඩි වෙනවා කියන්නේ muscle සහ strength අනිවාර්යයෙන්ම නැතිවෙනවා කියන එක...
16/09/2026

🏋️ “වයසට යනකොට Strength Training ඇයි අනිවාර්ය?”

වයස වැඩි වෙනවා කියන්නේ muscle සහ strength අනිවාර්යයෙන්ම නැතිවෙනවා කියන එක නෙවෙයි.
හැබැයි වයසත් සමඟ muscle mass සහ muscle strength අඩුවීමේ අවදානම වැඩියි. ඒ නිසා Strength Training කියන්නේ body shape එකට විතරක් කරන දෙයක් නෙවෙයි—වයසට යනකොට independent විදිහට ජීවත් වෙන්න උදව් කරන training එකක්.තමන්ගේ දේවල් තමන්ට කරගන්න පුලුවන් වෙන්න ඔනේ 💪

1. Muscle & Strength රැකගන්න

වයසත් සමඟ muscle mass අඩුවීම sarcopenia ලෙස හඳුන්වනවා. Strength අඩු වුණාම chair එකකින් නැගිටීම, stairs නැගීම, බඩු උස්සීම වගේ දෛනික වැඩත් අමාරු වෙන්න පුළුවන්.

👉 Regular resistance training මඟින් muscle strength සහ physical function වැඩිදියුණු කරගන්න පුළුවන්.

2. Bones වලටත් වැදගත්

Strength training වලදී muscles වලට resistance එකක් එනවා. ඒ mechanical loading එක bone health එකටත් positive stimulus එකක් ලබාදෙන්න පුළුවන්.

👉 ඒ නිසා වයස වැඩි වෙනකොට muscle විතරක් නෙවෙයි, bone health ගැනත් හිතන්න ඕන.

3. Balance & Fall Risk

වයසත් සමඟ strength, balance සහ physical function අඩු වුණොත් වැටීම් (falls) ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්.

Strength + balance training එක ඒ physical abilities maintain කිරීමට වැදගත්.

4. Metabolic Health

Muscle tissue එක ශරීරයේ glucose භාවිතයට වැදගත්. Resistance training එක regular physical activity එකක් ලෙස insulin sensitivity සහ glucose control වැඩිදියුණු කිරීමට උපකාරී වෙන්න පුළුවන්.

5. “වයසයි… දැන් Gym එක ඕන නෑ” කියන එකට වඩා!
ඇත්තටම වයස වැඩි වෙන තරමට strength training එකේ වටිනාකම වැඩි වෙනවා.

අරමුණ හැමදාම heavy weights lift කරන එක නෙවෙයි.

අරමුණ:
🏋️ Strength maintain කිරීම
💪 Muscle maintain කිරීම
🦴 Bone health support කිරීම
⚖️ Balance & function improve කිරීම
🚶 Daily activities පහසු කරගැනීම
❤️ Healthy ageing support කිරීම

සරලව කිව්වොත්…

“Gym එකේ body එක build කරන එක විතරක් නෙවෙයි.
වයසට ගියත් තමන්ගේ body එක තමන්ටම use කරන්න පුළුවන් තත්ත්වයේ තියාගන්න එකයි Strength Training වල ලොකුම වටිනාකම.”

වයස 40, 50, 60+ කියන්නේ strength training නවත්වන්න හේතුවක් නෙවෙයි.
ඔයාගේ fitness level එකට ගැළපෙන resistance, technique සහ progression එකක් එක්ක පටන් ගන්න.

DM for online coaching
0777694713

14/09/2026

Strong girls don’t skip leg day. 🦵🔥
Strength, consistency & confidence — that’s the goal!

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when V Fit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share